හම්බන්තොට වරාය හා හෘදය සාක්ෂිය හා කැබිනට
මහින්ද සමරසිංහ ඇමැතිවරයා විසින් හම්බන්තොට වරාය හා තෙල් ටැංකි පිළිබඳවත් ආයෝජන කලාපය පිළිබඳවත් යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකාව ගෙන ආවේ ඉන් අනතුරුවය. ඔහු හොඳ විස්තරයක් කළේය. අවුරුදු 80 ක කාලයකට යටත්ව 70%-30% ක අනුපාතයක් සහිතව ඩොලර් බිලියන 1.1 කට මේ වරාය බදුදෙන යෝජනාව මහින්ද සමරසිංහ ඉදිරිපත් කළේය. හිටපු ඇමැති අර්ජුන ඇතුළු ඇමැතිවරු සියල්ලෝම මහත් අවධානයෙන් යුතුව මේ ගැන අසා සිටියේ වෙන්නේ මොනවාද කියා විමතියෙන් යුතුවය.
මෙහි ඉඩම් අයිතිය ගැනත් නිවැරදිව සඳහන් කරන්න ජනාධිපතිවරයා කීවේය.
මේක දෙන්නේ දේශීය සමාගමකට විදේශ රටකට නොවෙයි මලික් කීවේය.
මේ මොහොතේ විඡේදාස රාජපක්ෂ අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කරමින් කතා කළේ මේ ගිවිසුමට විරුද්ධත්වය ප්‍රකාශ කරමිනි.
මේක වැරදියි. මේ වගේ වරායක් චීනය වගේ අනාගත ලෝක බලවතෙකුට අපි වගේ පුංචි රටක් මේ තරම් විශාල කාලයකට බදුදෙන එක වරදක්. කලාපීය දේශපාලන ප්‍රශ්න මේකෙන් ඇතිවෙනවා විතරක් නොවෙයි අපිත් එක්ක අවට අපේ කලාපයේ රටවල් හා ලෝක බලවතුන් තරහ වෙනවා.
ඔයා මේ ඉදිරිපත් කරන්නේ විපක්ෂයට අවශ්‍ය කාරණා නේ. ඔයා කරන්න හදන්නේ විපක්ෂයට උඩ ගෙඩි දෙන එක. සරත් අමුණුගම කීවේය.
මම නම් දකින්නේ මේ වරාය යෝජනාව හම්බන්තොට පළාතට ආපු විශාල ආශීර්වාදයක් විදියටයි. මේ යෝජනාවේ අඩංගු කරුණු ජනතාව දන්නේ නෑ. ප්රතිලාභ දන්නේ නැහැ. අපි වියදම් කරල ඇඩ්වටයිස් කරලා මෙයින් ලැබෙන ප්රතිලාභ ගැන ජනතාවට කරුණු කිව යුතුයි. සජිත් ප්‍රේමදාස යෝජනා කළේය.
අපි මේ බදු දෙන්නේ අපේ අනාගත පරපුරට අයිති දේපළ. ඒකත් අවදානමක් දරාගෙන. මේ වගේ වරායක් අප්‍රිකානු රටක් චීනෙට පවරා දුන්නා. (අප්‍රිකානු රටේ නම හා තොරතුරුද කියයි) නමුත් වරායක් විදිහට ඒක දියුණු වුණේ නෑ. අන්තිමේ අද වන විට ඒක චීනයේ සෙබළු 10,000 ක් රඳවල තියෙන හමුදා මූලස්ථානයක් වෙලා. අපට මේ වගේ අත්දැකීම් තියෙද්දී රටක ජාතික ආර්ථික මර්මස්ථානයක් ගැන මේ වගේ සරල තීන්දු ගන්න බෑ. අනෙක් රටවලින් මානව හිමිකම් ප්‍රශ්න ඇති වෙන්නත් මේක හේතුවක් වෙනවා. විඡේදාස කීවේය.
මොන මනස්ගාතද..... අරෙහේ ඇමරිකා එක්සත් ජනපදයත් තමන්ගේ සමහර නගර සංවර්ධනය කරන්න චීනෙට කොන්ත්‍රාත් දෙනවා. මෙයාල මෙහේ චීනේ ගැන බයවෙලා වල්බූත හීන දකිනවා. රාජිත කීවේය.
මාත් ආර්ථික විද්‍යාව දන්නවා. අපි තිබෙන ගැටලු නිරාකරණය කරල තමයි චීනයට මේක පවරන්නේ. ටිකක් සාධාරණ විදියට හිතන්න. මහින්ද සමරසිංහ කීවේය.
නවීන විදියට හිතන්න. අර විරුද්ධ පක්ෂයේ කට්ටිය වගේ ගෝත්‍රික මානසිකත්වයකින් මේ දිහා බැලුවොත් හිතන්න බෑ. නූතන විදියට හිතන්නේ නැතිව රටක් සංවර්ධනය කරන්න බෑ. මංගල කීවේය.
අපි පසුගිය කාලේ රාජපක්ෂලා සොයන්න ණය ආපසු ගෙවන්න ඕන. මේ ව්‍යාපෘතිය පටන් ගත්තාම අපිට ඩොලර් බිලියන 1.1 ක් ලැබෙනවා. ඒක පදනම් කරගෙන තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ණය දීලත් තියෙන්නේ. සමහරුන්ට මේවා තේරෙන්නේ නැහැ. ආර්ථිකයේ විශාල ගැටලු තියනවා. මේවායින් ගොඩ එන මඟක් අපි හොයා ගන්න ඕන... රනිල් කීවේය.
මේ ආකාරයට මංගල, මලික්, මහින්ද, අමුණුගම, එස්. බී. ඇතුළු රජයේ ඇමැතිවරු බර ගණනක් වට කරගෙන විඡේදාස රාජපක්ෂ විවේචනය කරන්නට පටන් ගත්හ. එහෙත් විඡේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ කාරණා ඇත්ත බව පිළිගත් එකම එක කැබිනට් ඇමැතිවරයා වූයේ චම්පික රණවකය. එහෙත් ඔහුගේ අනාගත පුද්ගලික ඉලක්ක ගැන සිතමින් දෝ විරෝධතා නොදක්වා පනතට පක්ෂ වන්නට කල්පනා කරන්නට ඇත්තේ එය තම අනාගත දේශපාලන සෞඛ්‍යයට වඩාත් හිතකර කාරණයක් නිසා වන්නට ඇත.
අනතුරුව රජයට පවරාගත් බව කියන නෙවිල් ප්‍රනාන්දු රෝහලට අධ්යක්ෂ මණ්ඩල පත්කරන කටයුත්තද කැබිනට් මණ්ඩලයේ දී සිදු කෙරිණ. මේ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ගෙන එද්දී චම්පික කතා කළේය.
මේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන ජනතාව ඇතුලේ ලොකු විරෝධතා තියෙනවා. අපි පළමුව මහජන අදහස් විමසීමක් කරන්න ඕන.
මොන පිස්සුද... මීට කලින් මහජන අදහස් 4 පාරක් විමසලා තියෙනවා. මිනිස්සුන්ගේ අදහස මේ විරෝධතා දක්වන්නේ සුළු පිරිසක් බවයි. 80% ක් දෙනා කියන්නේ මේ කලබලකාරී ශිෂ්‍ය වෛද්‍ය එකමුතුව රටින් ප්‍රතික්ෂේප කළ යුතු බවයි. එස්. බී. විස්තර කළේය.
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩල රැස්වීම එතැනින් අවසන් විය. ඇමැතිවරු ජයග්‍රාහී විලාසයෙන් පිටව යන්නට හදද්දී ජනාධිපතිවරයා නැවත මේ ගැන කතා කර කීවේ මේ යෝජනාව කල් දමන්න බැරිද කියාය. අගමැති, රාජිත, එස්.බී., මහින්ද සමරසිංහ එක හඬින් ඊට විරෝධතා දක්වන්නට වූහ.
අන්තිමේ සියල්ලෝම විසිර ගියහ. වරාය චීනයට දීමේ ගමනේ ප්‍රබලයෝ පමණක් ජයග්‍රාහී ලීලාවෙන් වෙනම කල්ලියක් ලෙස පිටව ගියේ ලොකු සටනකින් ජයග්‍රහණය කළ හමුදා බල ඇණියක් විලාසයෙනි. සමහරු විඡේදාස රාජපක්ෂට පලු යන්නට බනින්නට පටන් ගෙන සිටියහ.
පැත්ත ගියත් ඇත්ත කතා කරන, නිතරම යුක්තිය සාධාරණ පැත්තේ සිටින මිනිස්සුන්ගේ හෘදය සාක්ෂිය කැබිනට් මණ්ඩලය තුළ නියෝජනය කරන එකම එක
මිනිසා ලෙස විඡේදාස රාජපක්ෂ ශෝකයකින් තොරව නික්ම ගියේ අසන්නට ලැබුණ යම් යම් අවලාද ගැනද තුට්ටුවකට මායිම් නොකරමිනි.
Divaina news paper