මම උනත් එහෙම තමයි බන්.දොස්තර ලගේ සංගමේ මෑතකදී කරපු තරමක් කරේ අසාදාරණ, බලු වැඩනේ.ඕනේ සාදාරණ මනුස්සයෙකුට උන්ට විරුද්ධව අදහස් දක්වන්න හිතෙනවා.
ඕනෑම දෙයක අන්තගාමීකම මළජරාවක්...
යූනියන් ඇක්ෂන් නිසා හෝ යූනියන් ප්‍රතිරූපය නිසා හෝ කිසිම වෘත්තියක් හෑල්ලු කරන එක (අන්තගාමීව හෑල්ලු කරන එක )ඒ වෘත්තියේ නිවැරදිව නියැළෙන්නන්ට කරන මහා ලොකු අපරාධයක්.
ජනමාධ්‍ය වල දොස්තරලාගේ පොර ටෝක්, දේශපාලක අයගේ පොරටෝක්,පැත්තක ඉඳන් දෙන අයගේ පොර ටෝක් කොච්චර ගියත් රෝහල ඇතුලෙ (රජයේ රෝහලේ නොමිලේ සේවය දෙන වාට්ටුවේ )ලැබෙන ප්‍රතිකාර, සහයෝග, මනුස්සකම් මට නම් අමතක කරන්න බෑ සෑහෙන කාලයක් නැවතිලා බෙහෙත් ගත්තු නිසා..
මනෝ ලෝක වල මොන විදියේ චිත්‍ර මැව්වත් යූනියන් කට්ටිය මොන තර්ජන කලත් ඇත්ත සත්‍යය යතාවාදීව බෙහෙත් ගනිද්දී තේරෙනවා... ලෙඩ්ඩුන්ගේ පුදුමාකාර ක්‍රවුඩ් එකක් මැනේජ් කරන එකම ඇති වෛද්‍යවරු හෙදියන් ගේ ඉඳන් සුලු සේවකයා දක්වාම පින් රැස්කරගන්න.
ඕනම සේවයක් වෛරස් තියෙනවා. ඉන්නවා...
එකයි මම නම් කියන්නේ අන්තගාමී නොවී ප්රශ්නය දැකිය හැකිනම් පිළිතුර වැඩි ඈතක නැහැයි කියලා

.






