13+රේප්_පවර්_වෙලා

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    13+රේප්_පවර්_වෙලා

    මගේ රේප් පවර් එක 13++ වෙලා , අද ඉඳන් කට්ටියටම සලකන්නේ 13+ ගානේ.

    කිරියට ඇවිත් අවුරුදු 8යි ..

    මට රේප් දුන්න , සහයෝගය දුන්න හැමෝටම ස්තුතියි .




    Energy-Drinks.jpg



    එනර්ජි ඩ්‍රින්ක්ස්වල එනර්ජි නැත ලෙඩරෝග පමණක් ඇත

    එනර්ජි ඩ්‍රින්ක්ස් නැතිනම් ශක්තිජනක පාන අද අප සමාජය ආක්‍රමණය කරමින් තිබෙන තවත්, එක්තරා වෙළෙඳ භාණ්ඩයකි. ප්‍රධාන නගරවල පමණක් නොව ගම්බද ප්‍රදේශවල පවා මේවා අලෙවියට තබා ඇති බව දක්නට ලැබේ. තරුණ පිරිස් මෙන්ම ළමා හා යෞවන පිරිමින්ද මෙකී ශක්තිජනක පාන නොහොත් එනර්ජි ඩ්‍රින්ක්ස් භාවිත කරන බව රහසක් නොවේ.

    “එනර්ජි ඩ්‍රින්ක්” යන යෙදුම නිසා මේවා පානය කිරීමෙන් ශරීරයට අමුතු ශක්තියක් ලැබෙතැයි මේවා පරිභෝජනය කරන බහුතරයක් දෙනාගේ විශ්වාසයයි. මේ විශ්වාසය අප රටට පමණක් සීමා වූවක් නොවේ. ලොවපුරා තත්ත්වය මෙයයි.

    මෙවැනි පාන වර්ග වෙළෙඳ‍පොළට පැමිණි මුල් කාලයේ පටන්ම ඒවායේ ගුණාගුණ පිළිබඳ බොහෝ විවාද ඇති විය.

    සාමාන්‍යයෙන් මේ පාන වර්ගවල අන්තර්ගත වන්නේ සීනි, කැෆේන් රසායනය, විටමින් වර්ග හා ශාකසාරයි. මේවා පිළිබඳ පර්යේෂණ කළ විද්වතුන් මෙම ශාක සාර “නියාමනයෙන් තොර” (Unregulated) යන විශේෂණයකින් හඳුන්වන බවද අපගේ විශේෂ අවධානයට යොමුවිය යුතුව තිබේ. Menshenlth වබේ අඩවියට හීතර් ලොඑබ් සැපයූ ලිපියක සඳහන් පරිදි ඇමෙරිකාවේ සුප්‍රකට “එනර්ජි ඩ්‍රින්ක්” නිෂ්පාදන සමාගමක නිෂ්පාදන සංවර්ධන කළමනාකරු වූ රූබි අමේගාගේ ප්‍රකාශයකින් හෙළි වී ඇත්තේ මේ පාන වර්ගවල අන්තර්ගතය තීරණය කිරීම මහමගදී හමුවන ඕනෑම පුද්ගලයකුට වුව කළ හැකි කාර්යයක් බවයි. ජනතාව ආකර්ෂණය කර ගැනීමේ වාණිජ උපක්‍රමවලින් එහා ගිය දැනුමක් ඊට අවශ්‍ය නැති බවද එහි සඳහන්ය.

    ඇමෙරිකාවේ සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි 2007 වසරේ කැෆේන් අධිමාත්‍ර ශරීරගත වූවන්ගෙන් 46 ක්ම වයස අවු. 19 ට අඩු යෞවන යෞවනියෝ ය. 30 – 50 අතර යෞවන යෞවනියන් හා තරුණ වැඩිහිටියන් ප්‍රමාණයක් “එනර්ජි ඩ්‍රින්ක්ස්” වලට ඇබ්බැහි ව සිටිති. මෙම සංඛ්‍යා‍ලේඛන දෙස අප අවධානය යොමු කළ යුත්තේ අපේ රටේද යෞවන හා තරුන පිරිස මෙකී පාන වර්ග කෙරෙහි ආකර්ෂණය තබමින් සිටින තත්ත්වයක් පෙනෙන්නට ඇති බැවිනි.


    4-10.jpg



    2014 වසරේ ඇමෙරිකාවේ රෝග පාලනය හා ආරක්ෂණ මධ්‍යස්ථානය ප්‍රසිද්ධ කළ අධ්‍යයන වාර්තාවකට අනුව මේ පාන වර්ග භාවිත කරන යෞවනයන්ගෙන් 20 ක් ඒවා ආරක්ෂාකාරී යැයි විශ්වාස කරන බව පැවසේ. 13 ක් පමණ මේවා ක්‍රීඩකයන් සඳහා නිෂ්පාදිත පාන යැයි සිතති. එහෙත් විද්වතුන් පෙන්වා දෙන්නේ ‘ක්‍රීඩා පාන’ (Sports Drinks) සහ එනර්ජි ඩ්‍රින්ක් අතර පැහැදිලි වෙනසක් ඇති බවයි.


    ඇතැම් උසස් “ක්‍රීඩා පාන” දැඩි කය වෙහෙසීමකින් පසු සිරුරට අවශ්‍ය ජලය සහ ශක්තිය යම් ප්‍රමාණයකින් ලබාදෙයි. එහෙත් එනර්ජි ඩ්‍රින්ක් නිසා සිරුරට ජලය ලැබෙනු වෙනුවට සිරුර විජලනය කරයි. ඊට අමතරව ඒවායේ ඉතා හානිකර සංඝටක ගණනාවක් අන්තර්ගත වෙයි.

    මේ පාන වර්ග භාවිත කරන්නන්ගේ විශ්වාසය ඒවා නිසා කායික හෝ මානසික ක්‍රියාකාරකම් වැඩිදියුණු වන බවයි. එහෙත් ලෝවා විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා මානව ‍පෝෂණය පිළිබඳ සහකාර මහාචාර්ය රූත් ලිච්ෆීල්ඩ් පෙන්වා දෙන්නේ එය වැරදි අවබෝධයක් බවයි.

    “සාමාන්‍යයෙන් එනර්ජි ඩ්‍රින්ක්වල තියෙන කැෆේන් සහ කැෆේන්වලින් සිරුරට දැනෙන බලපෑමට සමාන බලපෑමක් දැනෙන යම් යම් ශාකසාර මේ සියල්ල උත්තේජක විතරයි. උත්තේජකවලින් සිදුවන්නේ ස්නායු ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, හද ගැස්ම සහ රුධිර පීඩනය ඉහළ යැවීමයි.” වෛද්‍ය ලිච්ෆීල්ඩ් පවසයි.

    ‘එනර්ජි ඩ්‍රින්ක්ස්වලින් හෘදයවස්තුවට කෙරෙන මේ බලපෑම නිසා මේවා වැඩි වශයෙන් පානය කිරීම හෘදයාබාධ ඇති කරවීමට හේතුවක් විය හැකිය.

    වෛද්‍ය ලිච්ෆීල්ඩ් පෙන්වා දෙන පරිදි බොහෝ එනර්ජි ඩින්ක් වර්ගවල උත්තේජක ලෙස ක්‍රියා කරන ගුවර්නා එෆෙඩ්‍රා මානුඅං වැනි ශාකසාර ප්‍රමාණයක් තිබේ. වැඩි වශයෙන් තිබෙන්නේ කැෆේන් අධි ප්‍රමාණයකි.

    ‘එන්ර්ජි ඩ්‍රින්ක්ස්’ ශරීරයට අහිතකර බව අනාවරණය කෙරුණු අධ්‍යයන වාර්තා විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෑතකදී එනම් මේ වසරේ අප්‍රේල් මාසයේ 26 වැනිදා JAMA ජර්නලයේ පළවූ වාර්තාවකින්ද ‘එනර්ජි ඩ්‍රින්ක්ස්’ නිසා හෘදයාබාධ සෑදීමේ අවදානමක් ඇති බව අනාවරණය කර තිබුණි.


    3bac43ee7737e046848e39415b9c16d1.jpg



    2015 වසරේ ටෙක්සාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හා එකේ‍රාන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකගේ ඒකාබද්ධ පර්යේෂණයක් මගින් අපූරු කරුණක් අනාවරණය කර තිබුණි. එම පර්යේෂණයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ වෛද්‍ය ආර්. ලෙවන්ට් පවසා තිබුණු පරිදි බොහෝ පිමින් ‘පිරිමිකම වැඩි කරගැනීමේ අරමුණින්’එනර්ජි ඩ්‍රින්ක්ස්’ පානය කළද එය හිස් බලා‍පොරොත්තුවක් පමණි. පිරිමිකම වැඩි කිරීමේ කිසුද හැකියාවක් ‘එනර්ජි ඩ්‍රින්ක්ස්’වලට නැත.

    කරුණු එසේ නම් මේ පාන වර්ග සිරුරට හිතකර බවට මතයක් ප්‍රචාරය වී ඇත්තේ කෙසේද?

    සමහර පාන වර්ගවල අන්තර්ගතයේ ‍පෝෂණ තොරතුරු වෙනුවට සඳහන් කරලා තියෙන්නේ එය අතිරේක ආහාරයක් බවයි. කිසියම් නිෂ්පාදනයක් අතිරේක ආහාරයක් වශයෙන් ‍ලේබල් ගසා හැඳින්වීම නිසා පාරිභෝගිකයන් නොමග යනවා. ඔවුන්ගේ හිතේ ඇඳෙන්නේ එය විටමින්, මාළු තෙල් වගේ ගුණදායක දෙයක් බවයි.

    අතිරේක ආහාර වර්ග ආහාර වගේ නිසි නියාමනයකට යටත් කෙරෙන්නේ නෑ. එම නිසා මේ පානයක අන්තර්ගත විය හැකි උත්තේජක ප්‍රමාණය පිළිබඳ සීමාවක් නෑ.” වෛද්‍ය ලිච්ෆීල්ඩ් මේවායේ අනතුරුදායක බව පෙන්වා දෙයි.

    විශ්‍ලේෂණාත්මක රසායනඥයකු වන නීල් තනේඩර් (Neil Thanedar) වරක් මෙබඳු පාන වර්ග 25 ක අන්තර්ගත සංඝටක පිළිබඳ අධ්‍යයනයක් කළේ ය. ඔහුගේ අධ්‍යයනයේ අරමුණ වූයේ එම පාන ඇසුරුම්වල සඳහන් අන්තර්ගත ද්‍රව්‍ය ලැයිස්තුව සහ පානයන්හි අන්තර්ගතය කෙතරම් දුරට ගැළපෙන්නේ දැයි පෙන්වීමයි.

    අන්තර්ගත කැෆේන් ප්‍රමාණය ගැන තිබුණ සඳහන 8 ක විතර ප්‍රමාණයකින් වෙනස්. ඒත් සමහර විටමින් වර්ගවල විශාල වෙනසක් ඇති බව අනාවරණය වුණා.”

    බොහෝ සමාගම් අන්තර්ගත කැෆේන් ප්‍රමාණය ගැන සඳහන් කර නැතැයිද ඔහු අනාවරණය කළේ ය.

    m_portfolio_4.jpg


    ‍ලේබල්වල සඳහන් විටමින් ප්‍රමාණයට වඩා 1 සිට 800 දක්වා ප්‍රතිශතයකින් වෙනස් යැයි තනේඩර් වැඩිදුරටත් අනාවරණය කරයි.

    තනේඩර් සහ සහායකයන්ගේ අධ්‍යයන වාර්තාවෙන් හෙළි වුණු කරුණු Consumer Reports සංවිධානයේම අනුබද්ධ Consumer Union මගින් පවත්වන ලද ඒ හා සමාන අධ්‍යනයක ප්‍රතිඵල සමග හොඳින් සැසඳුණි. මේ නිසාම ඇමෙරිකානු ‍ලේබල් පනතට එරට ආහාර හා ඖෂධ අධිකාරය යෝජනා කර තිබූ සංශෝධනවලට පක්ෂව ඉදිරිපත් වීමට ඛිධදඵභථඥප උදඪධද කටයුතු කළා ය.

    විටමින් අධික ලෙස ශරීරගත වීම අක්මාවට හානිකර තත්ත්වයකි. ‘එනර්ජි ඩ්‍රින්ක්ස්’ හානිකර වන්නේ ඒවායේ විටමින් අධික වීම නිසාම නොවේ. කැෆේන් සහ වෙනත් උත්තේජනවලට අමතරව ඒවායේ සෞඛ්‍යයට අහිතකර මට්ටමින් සීනි අන්තර්ගතය. ඇතැම් පාන වර්ගයක සීනි තේ හැඳි 15 ක් පමණ ඇතුළත්ය. සමහර පානයන්හි ඇස්පර්මේට් සහ වෙනත් කෘත්‍රිම සීනි වර්ග ඇතුළත්ය. (කෘත්‍රිම සීනිවල හානිකර බව පිළිබඳ අපි පසුගිය ඉරිදා රිවිදහරින් කරුණු ඉදිරිපත් කළෙමු)

    අධික සීනි පරිභෝජනය ගැන අප සමාජය දැනුවත්ය. එහෙත් අධික කැෆේන් පරිභෝජනය ගැන අප සමාජයට තවමත් නිසි දැනුමක් නැත.


    article-2277065-176FCF42000005DC-848_468x365.jpg


    කැෆේන් සහ ඊට සමාන උත්තේජක අධික ලෙස පරිභෝජනය හේතුවෙන් ස්නායු කම්පනය, නුරුස්නා බව, නින්ද නොයෑම, හදගැස්ම අධික වීම, අධි රුධිර පීඩනය, අක්ෂි දුර්වලතා, කම්මැලිකම, බඩගිනි අඩුවීම හා වැඩිවීම, පිපාසය, සාංකාව, ව්‍යාකූලබව, මස්පිඬු වෙවුලීම, ඕකාරය, බඩේ කැක්කුම හා පාචනය, ආශ්වාස ප්‍රශ්වාස දුබලතා, කට ගඳගැසීම, සමේ රෝග, මුඛයේ වියළබව වැනි සෞඛ්‍ය ගැටලුගණනාවක් ඇති විය හැකි බව විද්වත්හු පෙන්වා දෙති.

    සාමාන්‍ය පිළිගැනීමට අනුව තේ මිලි ලීටර් 237 ක අඩංගු කැෆේන් ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 25-48 අතර වේ. ඒ ඒ තේ වර්ගය අනුව මේ මට්ටම මි. ග්‍රෑම් 2-48 අතර විවිධ අගයක් ගනී. ‘එනර්ජි ඩ්‍රින්ක්ස්’වල මිලි ලීටර් 237ක කැෆේන් මට්ටම මි.ග්‍රෑම්. 27-164 අතර වේ. බොහෝ එනර්ජි ජි්‍රන්ක් විශේෂයන්හි එක් බඳුනක කැෆේන් මි. ග්‍රෑ. 140-170ත් අතර ප්‍රමාණයක් ඇතැයි වාර්තා වේ.

    ‘එනර්ජි ඩ්‍රින්ක්ස්’ ජනප්‍රිය කරවීම සඳහා ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව ඇති ශාක සාර වැනි දෑ අන්තර්ගත කිරීම නිෂ්පාදකයන්ගේ උප්පරවැට්ටියකි. මෙසේ එක් කරනු ලබන එක් ද්‍රව්‍යයක් වන්නේ ‘ටෝරින්’ය. ස්වාභාවික ටෝරින් රුධිර සංස්සරණ පද්ධතියට, ස්නායු පද්ධතියට හා ප්‍රතිශක්තිකරණ පද්ධතියට හිතකරය. සිරුරට අවශ්‍ය ටෝරින් සිරුරෙහි ස්වභාවිකවම නිෂ්පාදනය වේ. සමබල ආහාරයක් ගැනීම අවශ්‍ය තරම් ටෝරින් නිෂ්පාදනයට ප්‍රමාණවත්ය. ටෝරින් පළමු වරට සොයාගන්නා ලද්දේ ගවයින්ගේ පිත්තාශයෙනි. එහෙත් දැන් ටෝරින් නිපදවෙනුයේ කම්හල්වල ටොන් ගණනින්ය. ටෝරින් හා ගවයා අතර පෙරකී සම්බන්ධතාව නිසා ඇතැම් ‘එනර්ජි ඩ්‍රින්ක්ස්’ වර්ගයක ගව ‍ලේ, ගව ශුක්‍රානු ආදිය ඇතැයි ආදි විකාර කතාද අන්තර්ජාලය වැනි මාධ්‍යවල පැතිරේ. මේවායේ කිසිදු සත්‍යයක් නැත. ‘එනර්ජි ඩ්‍රින්ක්ස්’වල ඇත්තේ කෘත්‍රිම ටෝරින් සුළු ප්‍රමාණයකි. කෘත්‍රිම ටෝරින්වල ගුණාගුණ තවමත් නිශ්චිත නැතිවුවත් ඒවායින් ස්වභාවික ටෝරින්වලින් ලැබෙන ගුණ නොලැබෙන බව විද්වත්හු අනුමාන කරති.

    561267f30b011dd8df4313023a5a5640--monster-energy.jpg


    ‘එන්ර්ජි ඩ්‍රින්ක්ස්’වල අන්තර්ගත සෝඩියම් අධිමාත්‍රා නිසාද සෞඛ්‍ය ගැටලු මතුවන බව විද්වත් මතයයි.

    නොදැනුවත්කම නිසා හෝ ප්‍රචාරණයට හසුවීම නිසා හෝ මේ පාන භාවිත කරන්නන් මේ වස විස තම ශරීරයට ඇතුළු කරගෙන අනාගත රෝගියකු වීමේ අවදානමෙන් මිදීමට ඉටාගත යුතුය. තම දරුවන් මේ ව්‍යසනයෙන් මුදා ගැනීම දෙමාපියන්ගේ බරපතළ වගකීමකි. හෘදයාබාධ, අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන්නන්, යෞවනයන්, ගර්භණී සහ කිරිදෙන මව්වරුන් මේවායින් ඈත්වීමට විශේෂයෙන් අදිටන් කරගත යුතුය.