විශේෂ නිවේදනය- මහින්ද රාජපක්‍ෂ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    විශේෂ නිවේදනය- මහින්ද රාජපක්‍ෂ

    ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීන සමාකකට පැවරීම සම්බන්දයෙන් හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහත දැක්වෙයි.


    ශ්‍රී ලංකාව වෙන්දේසි කිරීම
    හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කරනු ලැබූ ආකාරය නිසා මුලු ජාතියම මහත් තිගැස්මකට ලක් වී ඇත. ලංකාව සතු වූ වැදගත්ම උපායමාර්ගික රාජ්‍ය දේපලක් පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුම අත්සන් කිරීමට පෙර එය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ආණ්ඩුවට යුතුකමක් තිබුණත්, එවැනි කිසිදේකට ඔවුන් ඉඩ හැරියේ නැත. වරායේ වටිනාකම තක්සේරු කලේ කවුදැයි කියා කවුරුත් දන්නේ නැත. මේ සම්බන්ධයෙන් තාක්‍ෂණික ඇගයීම පිළිබද වාර්තාවක් කිසිවෙකුත් දැක නැත.



    හම්බන්තොට වරාය සඳහා ලන්සු ඉදිරිපත් කළ දෙපාර්ශවය අතරින් අදාල සමාගම තෝරාගනු ලැබුවේ කුමන නිර්නායක මතදැයි කියාවත් ආණ්ඩුව ජනතාවට පැහැදිලි කර නැත. අපට ලැබී ඇති සියළුම තොරතුරු වලින් පෙනෙන්නේ, ලංකාවට වඩාත්ම වාසිදායක වූයේ අනෙක් ලන්සුව බවයි.


    රාජ්‍ය දේපල විකිණීමට මේ ඇති වී තිබෙන මහා උවමනාවට හේතුව වත්මන් ආණ්ඩුව මේ රටේ ඇතිකර තිබෙන ආර්ථික අර්බුදයයි. 2015 ජනවාරියේදී යහපාලකයෝ බොරු කියා ජනාධිපතිවරණය දිනාගත් පසු ඒ ක්‍රමයටම ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයත් ජය ගැනීමට නොහැකි නිසා ඔවුන් කලේ වෙනත් ආකාරයට ජනතාව මුලා කිරීමට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකර, ඉන්ධන, ගෑස් හා තෝරාගත් ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමයි.


    මේ නිසා ආණ්ඩුවේ වියදම් එක්වරම විශාල වශයෙන් ඉහල ගිය අතර ඊට සමගාමීව ආණ්ඩුවේ ආදායම් එක් වරම අඩුවිය. විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව 2014 දී දළ දේශීය නිශ්පාදිතයෙන් 5.7% ක් වූ අය වැය පරතය, 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත් වී එක් අවුරුද්දක් තුළ 10.5% දක්වා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබුණි.
    රජයේ සේවකයන්ගේ වැටුප් ඇතුළුව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමට මුදල් නොමැති නිසා ඔවුන් මහා පරිමානයෙන් ණය ලබා ගැනීමට පටන්ගත්තේය. අවුරුදු දෙකහමාරක කෙටි කාලයක් තුළ ඇමරිකානු ඩොලර් බිලියන 13.7 කට වැඩියෙන් මේ ආණ්ඩුව විදෙස් විනිමය ණය පමණක් ලබාගෙන තියෙනවා යැයි කීවොත් බොහෝ දෙනා එය විශ්වාස කිරීමටත් මැලිවෙනු ඇත. මේ සියළුම මුදල් වැයකොට තිබෙන්නේ පරිභොජනය සඳහාය. ඇමරිකානු ඩොලර් බිලියන 13.7 කින් නොරොච්චෝලේ බලාගාර 10ක්, නැතිනම් හම්බන්තොට වරායවල් 10 ක්, නැතිනම් දක්‍ෂිණ අධිවේගී මාර්ග 20ක් තැනීමට හැකි වුවත් ආණ්ඩුව මේ ලබාගත් විදෙස් ණය කන්දරාවෙන් අලුතෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත.:angry::angry::angry::angry::angry::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත මේ ණය ගෙවීම සඳහා 2016 දී වැට් බද්ද ඇතුලුව ආණ්ඩුවේ බදු ගනනාවක්ම වැඩි කරණ ලදී. මරණාසන්න රෝගීන් මත පවා බදු පැනවීමෙන් පසුව වත්, ඔවුන් ලබා ගත් ඩොලර් බිලියන 13.7 ක ණය ගෙවීමට ප්‍රමාණවත් මුදල් සොයා ගැනිමට නොහැකි වූ නිසා ‘බදු නොවන’ ආදායම් මාර්ග කොරෙහි ආණ්ඩුව අවධානය යොමුකර ඇත. රජය සතු දේපොල විකිණීමට පටන්ගෙන තිබෙන්නේ මේ සඳහාය. යහපාලන ආණ්ඩුවේ අයවැය යෝජනා වලින් පෙනෙන්නේ ඔවුන් කොළඹ හිල්ටන් හෝටලය වැනි විශේෂ උපායමාර්ගික වැදගත් කමක් නැති රජයට අයත් ආයනවල සිට උපායමාර්ගික වැදගත් කමක් ඇති නොරොච්චෝලේ බලාගාරය වැනි ආයතන දක්වා සියල්ල විකිණීමට සූදානම් වෙමින් සිටින බවය. හම්බන්තොට වරාය ආරම්භයක් පමණි. මීලඟට විකුණන්නේ මත්තල ගුවන් තොටුපල බව අගමැතිවරයා දැනටම පවසා ඇත. කොළඹ – කටුණායක අධිවේගී මාර්ගයත්, දක්‍ෂිණ අධිවේගී මාර්ගයත්, ජලාපවාහන මණ්ඩලයත්, විදුලිබල මණ්ඩලයත් පුද්ගලීකරණයට නැතිනම් විදේශීයකරණයට නියමිත ආයතන අතර වේ.


    මේ අකාරයට රජයට අයත් දේපල විකිණීම සාධාරණීකරනය කරනු පිණිස සිතාමතාම ඒවා පාඩු ලබන තැනට මේ ආණ්ඩුව වැඩ සලස්වන බවද පෙනේ. හම්බන්තොට වරායේ නැව් වලට තෙල් සැපයීමේ ව්‍යාපාරය ඔවුන් නවතා දැමුවේ මේ සඳහාය. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගිය මුලු ණය පියවීම සඳහා 2036 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1,761 ක් ගෙවිය යුතු වේ. ඒ, වරාය ඉදිකිරීමට ගිය ඩොලර් මිලියන 1,266 හා දශක තුනක් තිස්සේ එයට එකතුවන ඩොලර් මිලියන 495 ක පොළිය යන දෙකේම එකතුවයි. නමුත් එලෙස ගෙවීමට ඇති මුලු ඩොලර් මිලියන 1,761 න් ඩොලර් මිලියන 500ක්ම 2016 අවසාන වන විට ගෙවා තිබුණි. මේ ණය ගෙවනු ලැබුවේ වරාය අධිකාරියේ ලාභයෙන් වන නිසා එම ගෙවීම කිරීමේ අසීරුතාවයක් වත් බදු ගෙවන්නාට කිසිදු බරක්වත් තිබුණේ නැත. නමුත් මෙය පෞද්ගලීකරණය කිරීමෙන් පසු හම්බන්තොට වරාය ඉදිකිරීමට ගත් ණය, වරාය අධිකාරියෙන් මහා භාණ්ඩාගාරයට පැවරීම හේතුවෙන් මේ ණය ගෙවීමේ බර දැන් පැටවී ඇත්තේ ඍජුවම මහජනතාව මතය.


    කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය ඉදිකිරීම සඳහා ඉඩම මගේ ආණ්ඩුව විසින් ඍජුවම විකුණුවේ යැයි කීමෙන් හම්බන්තොට වරාය පුද්ගලීකරණය කිරීම සාධාරණීකරණය කිරිමට ආණ්ඩුව උත්සාහ කරන බවක් පෙනේ. හෝටලයක් ඉදිකිරීමට යන අක්කර කීපය කිසිසේත්ම පර්යන්ත 4ක් හා ජැටි 12ක් පමණක් නොව අක්කර 5,000 ක කර්මාන්ත කලාපයක්ද සහිත ප්‍රධාන වරායකට සමාන කල නොහැක. එමෙන්ම ෂැන්ග්‍රිලා ඉඩමට හම්බන්තොට වරාය මෙන් උපාමාර්ගික වැදගත් කමක්ද නැත. තවද, ෂැන්ග්‍රිලා ඉඩම ආණ්ඩුවේ සංවර්ධන සැලැස්මට අනුව හෝටලයක් සඳහා මිස වෙනත් ප්‍රයෝජනයකට ගත නොහැකි බවට කොන්දේසියක් ද විය. කොළඹ වරාය නගරයෙන්ද ඉඩමක් මගේ ආණ්ඩුවෙන් චීනයට ලබාදුන් බවද මේ ආණ්ඩුවෙන් කියයි.


    වරාය නගරය යනු, ලංකාවේ දැනට තියෙන ඉඩමක් නොව මහ මුහුද ගොඩ කර තනණ අලුත් ඉඩමකි. මෙතන අලුතින් ඉඩමක් නිර්මාණය කර ඉන් ඉතාමත්ම සුළු කොටසක් ඉදිකිරීම් ගාස්තු වශයෙන් අදාල සමාගමට ලබාදී මේ ව්‍යාපෘතිය සදහා ලංකාවට සත පහක්වත් ගෙවීමට සිදු නොවෙන ආකාරයට මගේ ආණ්ඩුව ගිවිසුමකට එළඹ තිබුණි. චීන සමාගමට ලැබෙන ඉඩමද ඔවුන්ට සංවර්ධනය කිරීමට සිදුවන්නේ ලංකාවේ නීතියට යටත්වය. එපමණක්ද නොව, වරාය නගරයේ ඉඩම් උපායමාර්ගික වටිනාකමක් ඇති ඉඩම් නොව තනිකරම වානිජ ඉඩම්ය. මගේ ආණ්ඩුව විදේශිකයන් හා විදේශීය සමාගම් ලංකාවේ ඉඩම් මිලදී ගැනීම සීමා කරමින් 2014 අංක 38 දරණ ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සම්මත කළ බවද, වත්මන් ආණ්ඩුව ඒ පනවා තිබූ සීමා කිරීම් 2017 අංක 3 දරණ සංශෝධන පනතකින් ඉවත් කළ බවද කවුරුත් මතක තබා ගත යුතුය. මගේ ආණ්ඩුව කලේ අලුත් දේවල් ඉදිකිරීමය. වත්මන් ආණ්ඩුව කරන්නේ, මගේ ආණ්ඩුවෙන් නිර්මාණය කළ දේවල් විකුණා ජීවත්වීමයි.


    හම්බන්තොට වරාය පෞද්ගලීකරණයෙන් ලැබෙන ඩොලර් බිලියන 1.12 ක මුදල එය ඉදිකිරීමට ගිය ණය ගෙවීමට භාවිතා නොකර ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයට පවරා ඇත. වත්මන් ආණ්ඩුවට ඩොලර් බිලියන 1.12 ක් යනු සුළු මුදලක් වන අතර මීට කලින් ඔවුන් ලබාගත් ඩොලර් බිලියන 13.7 මෙන්ම එයද ඉතා ඉක්මණින්ම වාශ්ප වී යනු ඇත.:angry::angry::angry::angry::angry: හම්බන්තොට වරාය පුද්ගලීකරණය කළ ආකාරය ගැන මහජන විරෝධය නැගී එත්ම, මගේ ආණ්ඩුවද මුලු හම්බන්තොට වරායම මේ ආකාරයට චීනයට පැවරීමට ගිවිසුම්ගතව සිටියා යැයි කියමින් යහපාලන ඇමතිවරුන් තමන් කළ නොහොබිනා ක්‍රියාව සාධාරණීකරනය කිරීමට තැත් කරමින් සිටින බව අපට පෙනේ. මොවුන් මේ කියන්නේ මහා මුසාවකි. මගේ ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැටියට පුද්ගලීකරණයට හා විදේශියකරණයට විරුද්ධ වූවා පමණක් නොව, කළින් ආණ්ඩු වලින් පුද්ගලීකරණය කර තිබුණු ඇතැම් ආයතන ආපසු රජයට පවරා ගත් බවද කවුරුත් දනී.
    වර්ථමානයේ සිදුවෙන ආකාරයට දිගටම වැඩකටයුතු කෙරුනොත්, මේ ආණ්ඩුව අවසන් වන විට ලංකාවේ කිසිදු ජාතික දේපලක් ඉතිරි වන්නේ නැත. මුලු ලංකාවම විදේශිය ගැනුම් කරුවන්ට විකුණා දැමීමට මේ ආණ්ඩුවට ඇති සැලසුමට එරෙහිව ජනතාව සෑම ගමකම, සෑම නගරයකම හා සෑම වැඩ පොලකම සංවිධානය විය යුතුය.


    මහින්ද රාජපක්‍ෂ
    ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති


    source
    Lankacnews
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    වහල්ලුන්ට හිතෙන හැටි...

    මේ විශේෂ නිවේදනය දැකලා,
    ශ්‍රී ලංකාව දෙදරයි
    ආණ්ඩුව පෙරලෙයි
    ඇමතිවරු ඉල්ලා අස්වෙයි
    මිනිස්සු පාරට බහී

    ඒත් ඇත්තටම

    මහින්ද රාජපක්‍ෂ
    බලය තියාගෙන ප්‍රථම වරට පැරදුන ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති

    කවුද ඕයි ගනන් ගන්නෙ ඔය වගේ මළමිනී වල සංදේශ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    ඇමරිකානු ඩොලර් බිලියන 13.7 කින් නොරොච්චෝලේ බලාගාර 10ක්, නැතිනම් හම්බන්තොට වරායවල් 10 ක්, නැතිනම් දක්‍ෂිණ අධිවේගී මාර්ග 20ක් තැනීමට හැකි වුවත් ආණ්ඩුව මේ ලබාගත් විදෙස් ණය කන්දරාවෙන් අලුතෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත

    mokadda mun me karanne?
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    ඇමරිකානු ඩොලර් බිලියන 13.7 කින් නොරොච්චෝලේ බලාගාර 10ක්, නැතිනම් හම්බන්තොට වරායවල් 10 ක්, නැතිනම් දක්‍ෂිණ අධිවේගී මාර්ග 20ක් තැනීමට හැකි වුවත් ආණ්ඩුව මේ ලබාගත් විදෙස් ණය කන්දරාවෙන් අලුතෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත

    mokadda mun me karanne?

    Ethakota Mahinda gaththa Naya gewalawath nadda? mun Naya Aran Okkoma Kaalada? 2014 ta Kalin gatta Naya Gewala Nadda? Gaththa Naya , Spend Karapu widiha Transparent widihata Balaganna Widihak Nadda Lankawe? Okkoma Public Accessable wenna ona.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අහස කළු වෙලා හුත්තෝ මෙහෙ
    ආහ් රෑ නෙ, ඒක වෙන්න ඇති :rofl:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    වහල්ලුන්ට හිතෙන හැටි...

    මේ විශේෂ නිවේදනය දැකලා,
    ශ්‍රී ලංකාව දෙදරයි
    ආණ්ඩුව පෙරලෙයි
    ඇමතිවරු ඉල්ලා අස්වෙයි
    මිනිස්සු පාරට බහී

    ඒත් ඇත්තටම

    මහින්ද රාජපක්‍ෂ
    බලය තියාගෙන ප්‍රථම වරට පැරදුන ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති

    කවුද ඕයි ගනන් ගන්නෙ ඔය වගේ මළමිනී වල සංදේශ

    සාටකයකින් බෙල්ල හිරකරගන පනඅදින නාකි හංස නකුටකුගේ හංස ගීතයක් වැනිය :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ruchira55

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇමති පොන්ස් - සෑර් භාන්ඩාගාරෙ හිස් වෙලා, අර්ථසාදකේට කෙලින්න ගිය එක හරි ගියෙ නැහැ නෙ
    මහින්ද පොන්ස් - මොනා කරන්නද, එහෙම නම් යමු චන්දෙකට

    ඔන්න ඔහොමයි අවුරුදු 2ක් තිබිලත් චන්දයක් තිබ්බෙ :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,687
    113
    Ethakota Mahinda gaththa Naya gewalawath nadda? mun Naya Aran Okkoma Kaalada? 2014 ta Kalin gatta Naya Gewala Nadda? Gaththa Naya , Spend Karapu widiha Transparent widihata Balaganna Widihak Nadda Lankawe? Okkoma Public Accessable wenna ona. (2)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada
    Ethakota Mahinda gaththa Naya gewalawath nadda? mun Naya Aran Okkoma Kaalada? 2014 ta Kalin gatta Naya Gewala Nadda? Gaththa Naya , Spend Karapu widiha Transparent widihata Balaganna Widihak Nadda Lankawe? Okkoma Public Accessable wenna ona. (2)

    Ethakota Mahinda gaththa Naya gewalawath nadda? mun Naya Aran Okkoma Kaalada? 2014 ta Kalin gatta Naya Gewala Nadda? Gaththa Naya , Spend Karapu widiha Transparent widihata Balaganna Widihak Nadda Lankawe? Okkoma Public Accessable wenna ona.

    mun monawa koralada manda:sorry::eek:
    බැදුම්කර මගඩියත් මේකෙම පාර්ට් එකක්. දැන් ඉතිරිවෙලා තියෙන්න රටේ ආර්ථික වශයෙන් තීරණාත්මක දේවල් විකුණන එක.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    803dc0f3371960badb52558074ef21a4e36ec877db95c603ceb926fec70d4ebf.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,687
    113
    Ethakota Mahinda gaththa Naya gewalawath nadda? mun Naya Aran Okkoma Kaalada? 2014 ta Kalin gatta Naya Gewala Nadda? [SIZE="4"[B]]Gaththa Naya , Spend Karapu widiha Transparent widihata Balaganna Widihak Nadda Lankawe?[/B] Okkoma Public Accessable wenna ona. [/SIZE][/QUOTE]

    [SIZE="5"]නිකං ගූගල් කළාම මෙහෙම එකක් එනෝ නෙ :eek:[/SIZE]

    LqNoNGB.png
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙවුඅට මොනවද උනේ කියලත් ඔය එක්කම හොයමුද බිඟු පුතේ

    අපේ හමුදුරුවනේ!!!!! පලමුවත් මව්බිම! දෙවනුවත් මව්බිම !තෙවනුවත් මව්බිම!

    1.සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000ක භුමිය, රාජපක්ෂවරුන්
    අමෙරිකානු ඩොල් සමාගමට විකුණ ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය.මේ වන විට එකි භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී .

    2.තවද මෙම ඇමරිකානු සමාගමටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් ඔබ තුමන් සින්නක්කරව විකුනුවේය.

    3.එමෙන්ම පොර්ට් සිටියට අදාලව ගොල්ෆේස් භුමියෙන් අක්කර 600ක් 99 අවුරුදු බදු පදනම මත චිනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චිනයට ඔබ සින්නක්කරව ලබා දුන්නේ එකී භුමියට ඉහලින් කිසිදු ගුවන් යානයකට ගමන් කල නොහැකි පරිද්දෙනි.එම සින්නක්කර අක්කර 220 ක භුමිය නැවත ලබා ගත්තේ 2015 ජනාවාරි 08 න් පසුව බව, මෑත කාලීන සිදු විමක් නිසාවෙන් ඔබට හොදින් මතක ඇත්තේ යැයි මා විශ්වාස කරමි.

    4.ගොල්ෆේස් ක්‍රිඩංගනය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනගිල්ල හා හමුදා රෝහල පොලවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6ක් ඔබ තුමන් සින්නක්කරව ලබා දුන්නේ සියලු දේශප්‍ර්‍මී සලු පොරවාගෙනය.එමෙන්ම නව හමුදා මුලස්ථාන ගොඩනගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින්නෙ ඔබගේ අදුරදර්ශි ක්‍රියාවලියට පින්සිදු වන්නටය.

    5.නුපන් දරුවගේ පවා පියකු ලෙස හදුන්වා දුන් ඔබ තුමන් පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සාමගමට විකුනුවේ රජ්‍ය භාගය 10%ක් තබාගෙනය.

    6.තමන් රටේ පාලකයා නොව භාරකාරයා ලෙස පැවසුවත් ඔබගෙ පාලන කාලය තුල ඔබගෙ සැලසුම වි තිබුනෙ කල්පිටිය දුපත් 14ම විකිණිමය.නමුත් ඔබගේ පාලනය බිද වැටිමට පෙර ඔබට ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි.එකක් ඔබ ඉන්දියානු සමාගමටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය.

    7. 2014.09.16 දින ඔබතුමන් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකව තුලින් නොරොච්චොලේ,කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා ආවාසි සහගත බදු දිමට දැරු උත්සාහය ඔබ තුමන්ට අමතක නම් එම ගිවිසුම නිතිපති දෙපර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශිලනය කරන මෙන් ඔබ තුමන් ගෙන් මා ඉමහත් සෙනහසින් යුතුව ඉල්ලා සිටිමි.

    8.1995 වර්ශයේ පෙට්‍රොලියම් හි වැඩිම ලාභ ලැබු ලිහිස්සි තෙල් ඇමරිකාවේ කැල්ටෙක්ස් සමාගමට අවුරුදු 15 කාලයකට බදු දුන්නද එකි බදු කාලය අවසන්ව 2010 වර්ශයේ අපට නැවතත් එකි ලිහිස්සි තෙල් බෙදා හැරිම් ලැබුනද ඔබ එකි ගිවිසුම නැවතත් දිර්ඝ කලේ ඔබට සැබවින්ම දේශප්‍ර්‍මීයෙකු විමේ අවස්තාව මග හැර ගනිමිනි.

    9.යුනෙසකෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කල ශ්‍රි පාද අඩවියෙහි නාල්ලතන්නියෙ සිට ඉදිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අදිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍ය වරයා වශයෙන් 2013.03.05 දින නිකුත් කල කැබිනට් පත්‍රිකාව ඔබ තුමන්ට මතකද ?




    උපුටා ගැනීමකි ..සත්‍ය අසත්‍ය නොදනී :eek::eek::eek::cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උනුත් හොරු මුනුත් හොරු මද්යස්ත මිනිස්සුන් සිහිතබා ගත යුත්තේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,687
    113
    උනුත් හොරු මුනුත් හොරු මද්යස්ත මිනිස්සුන් සිහිතබා ගත යුත්තේ

    අර යකා හොරා කෑවා කීවත් 2005-2015 වෙද්දී රටේ ධනාත්මක වෙනසක් වුණා නේ. මේ ආණ්ඩුව කියන්නෙ "මහින්දගේ ණය ගෙවන හින්ද මොකුත් කරන්න බෑ" කියල නෙ ඒත් ණය අඩු වෙලා නෙමෙයි වැඩි වෙලා නේ මේ කියන්නෙ ඇත්ත නම්?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    අර යකා හොරා කෑවා කීවත් 2005-2015 වෙද්දී රටේ ධනාත්මක වෙනසක් වුණා නේ. මේ ආණ්ඩුව කියන්නෙ "මහින්දගේ ණය ගෙවන හින්ද මොකුත් කරන්න බෑ" කියල නෙ ඒත් ණය අඩු වෙලා නෙමෙයි වැඩි වෙලා නේ මේ කියන්නෙ ඇත්ත නම්?

    ණය හංගන්න පුළුවන් බන්. මහින්ද කරේ ඒක. හැංගුවයි කියලා නොගෙවා ඉන්න බෑ. ගෙවන්න ඕනේ
     
    • Like
    Reactions: Anatha sinhalu

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අර යකා හොරා කෑවා කීවත් 2005-2015 වෙද්දී රටේ ධනාත්මක වෙනසක් වුණා නේ. මේ ආණ්ඩුව කියන්නෙ "මහින්දගේ ණය ගෙවන හින්ද මොකුත් කරන්න බෑ" කියල නෙ ඒත් ණය අඩු වෙලා නෙමෙයි වැඩි වෙලා නේ මේ කියන්නෙ ඇත්ත නම්?

    කොහොම මොකා උනත් හොරු හොරුමයි ..අපිට ආදරේටද උකුන් එකෙක් වත් හොරකම් කරන්නේ ....ඕකුන් ඔක්කොම කෙලින්ම අපායට එහෙදි අඩු වැඩි විදිහට දඩුවම් හම්බෙයි ( එහෙම අපායක් තිබ්බොත් )