Achcharu aanduwaka wipaka menna

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උතුරු කොරියාව ගැන හෙළා දැකීම: "ජනපති දැන සිටියේ නැහැ"


    උතුරු කොරියාව විසින් සිදු කරන ලද මිසයිල අත්හදාබැලීම් හෙළා දැක ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පිළිබඳ ජනාධිපතිවරයා නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

    අදාළ නිවේදනය මුල් කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව "මඩ ගැසීමක්" සිදුවන බව ඔහු කියා සිටියේ බදාදා (අගෝස්තු 02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

    "ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් උතුරු කොරියාව සිදු කරන එදිරිවාදී ක්‍රියාකාරකම් දැඩිව හෙළා දකින බව" යනුවෙන් සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කර තිබිණි.

    කැබිනට් මණ්ඩල රැස්වීමේදී, ජනාධිපතිවරයා අදාළ නිවේදනය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් විමසා සිටි බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.

    "එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

    BBC SINHALA

    Code:
    http://www.bbc.com/sinhala/sri-lanka-40808607?ocid=socialflow_facebook
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බුදු අම්මෝ බැරි වේලාවත් ඔය විදියට මොකෙක් හරි යුද ප්‍රකාශ කරානම්.සිරා දන්නෙත් නෑ අපිට ගහලා යනකං,

    😂😂
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    බුදු අම්මෝ බැරි වේලාවත් ඔය විදියට මොකෙක් හරි යුද ප්‍රකාශ කරානම්.සිරා දන්නෙත් නෑ අපිට ගහලා යනකං,

    😂😂

    :baffled::baffled:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හිටං කියන්න විදියට "පේස් බුක්, වෙබ් සයිඩ් " ද දන්නේ නැහැ මේකටත් වග කියන්න ඕනේ........
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මූගේ පත්තරේ එසැන පුවත් වගේ එවේලෙට ගහලා දුන්නා නම් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    පාරේ සරම උස්සගෙන කෑගහන චණ්ඩියට වඩා
    පඹයෙකුට මුවහ වෙලා ඉන්න ජනාධිපති භයානක වෙයි...
    (අලුත් පිරුළක්)
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Mama Danne Nahe........ Mata Mathaka Nahe....... Lankave Janapriyama Vachana 2k
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔය පොන්නයා මොනවාද බං දන්නෙ. ඔකගෙ ගෑණි බඩ වෙනවත් ඔකා දන්නෙ නෑහෑ. පත්තරෙ දාන්න කියහන්. මු වගෙ පොන්නෙයෙක් ලංකාවෙ ජනාධිපත් උනානෙ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය පොන්නයා මොනවාද බං දන්නෙ. ඔකගෙ ගෑණි බඩ වෙනවත් ඔකා දන්නෙ නෑහෑ. පත්තරෙ දාන්න කියහන්. මු වගෙ පොන්නෙයෙක් ලංකාවෙ ජනාධිපත් උනානෙ.
    :yes::yes::yes::rofl::rofl::rofl:
     

    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    නිකුත් කරපු ප්‍රකාශය ගැන කණගාටුව පලකරනව කිව්වනම් ඉව‍රනෙ.
    දැන් දන්නෙ නෑ කියපුවම චාටර් බන්
    මූට ඔච්චර මොලයක් නැද්ද බන්,
    දැන් බලාගෙන ගිහාම මේ රට නිකන් වේස මඩුව වගේනෙ
    නොදකින් ගොබ්බ පකය චාටර් ටෝක් දෙන්නෙ රටේ මිනිස්සුත් නිකන් නෝන්ඩ් වෙනව
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    "එතුමා විදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇහුවම, ඇමතිතුමා දන්නෙත් නැහැ, අගමැතිතුමා දන්නෙත් නැහැ. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිතුමා නියෝග කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

    avatar556137_10.gif