[FONT="]දැන් අපි පාරෙ වාහනේකින් යනකොට ඔය රෝඩ් රේජ් සීන් එකක් වුනොත්, හිතමු අනෙක් පාර්ශවයෙ උන් අපේ වාහනේ හරස් කරල බහැල අපිට ගහන්න ආවොත්, එහෙම වෙලාවක අපි ඌව යටකරොත් හරි අපි ඌව හැප්පුවොත් හරි ඒ වගේ වෙලාවටත් අපිටද වරද පැටවෙන්නෙ. ක්ශනික කෝපය හරි තමන්ගෙ ආරක්ශාවට එතනින් පලායන්න උත්සහ කරන වෙලාවෙදි එහෙම දෙයක් උනා කියල බේරෙන්න බැරිද? මේ වගේ වෙලාවක වෙච්ච දේ ඔප්පු කරන්න ඩැශ් කැම් විඩියො එකක් පිලිගන්නවද පොලිසියෙන. ඩැශ් කැම් එකක් නැති උනොත් ඒ වගේ වෙලාවක වෙච්ච දේ ඔප්පු කරන්නෙ විදියක් තියෙනවද?මේ වගේ දෙයක් උනාම අපිට හානියක් නැතුව නීතියෙනුත් අපිට වාසියක් වෙන විදියට වැඩේ හැඩ්ල් කරන්න සුදුසුම විදිය මොකද්ද?
[/FONT]
[FONT="] [/FONT]
[FONT="]ලග පාත ගෙදරක් එවුන් බීලා රැ එලිවෙනකන් කැගගහ සින්දු කියන වනන් ඒක නවත්තන්න ගන්න පුලුවන් ඇකශන් එක මොකද්ද. සද්ද බද්ද නවත්තන්න නීතියෙන් වෙලාවක් තියෙනවද ? එක දිගටම වෙන දෙයක් නන්, පොලිසියට කම්ප්ලේන් කරාට 119 ගත්තට්ට පොලිසියත් උන් එක්ක ශෙප් නන් හරි ජීප් එක ඇවිත් උන්ට කතා කරල ගියාට පස්සෙ ආයෙම බජව්ව පටන්ගන්න සීන් එකක් උනාම ඒ වගේ වෙලාවට කරන්න ඕන මොකද්ද? පොලිසියට කියල වැඩක් නැත්තන් එතනින් පස්සෙ ගන්න පුලුවන් පියවර මොනාද?[/FONT]