~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

    කලින් දාපු සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක මතක ඇති නේද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1802514

    මේ අගෝස්තු මාසෙ දවස් තුනේ දිග නිවාඩුවට හදිස්සියේ කොහෙ හරි යන්න ගෙදර උන්දැයි මමයි කතා කරගත්තා.. දැන් ගමන යන්න ඔක්කොම ලෑස්තියි..ඒත් යන තැනක් කන්ෆර්ම් නැහැ. අපිට යන්න කැමති තැන් දෙකක් තිබ්බා.. මාතර පැත්තේ ගිහින් තල්මස්සු බලල ඒ පැත්තෙ අනිත් ඒවා කවර් කරන් එන්න සහ මාතලේ රිවස්ටන්.. ඒත් හරියට තීරණයක් තිබ්බෙ නැහැ.. අන්තිමට සෙනසුරාදා උදේ කාසියක් උඩ දාලා තීරණය ගත්තා මාතලේ යන්න.. ඉතින් සුපුරුදු පරිදි අපේ බයික් එකේ මාතලේ යන්න පිටත් උනා ‍
    කොට්ටාවෙන් උදේ 9 ට විතර...




    අපේ ගමන් මාර්ගය උනේ කොට්ටාව - හබරකඩ - පනාගොඩ - හංවැල්ල - පූගොඩ පැත්තෙන් නුවර පාරට දාලා අඹේපුස්ස - කුරුණෑගල - මාතලේ රූට් එක.. ගූගල් දෙයියො කියන විදිහට කි.මී.163 යි. කාලය පැය 4යි විනාඩි 5යි.. ඉතින් අපි 9 ට පටන් අරගෙන හෙමින් හෙමින් මාතලේට යන්න පිටත් වුනා. කුරුණෑගල ටවුන් එකේ පට්ට ට්‍රැෆික් එකකට සෙට් වුනා.. ඉතින් ගොඩක් පරක්කු වුනා.. මේ කුරුණෑගල පහුකරල යන අතරමග කුරුණෑගලට කි.මී. 15 ක් විතර එහායින් තියෙන ලස්සන වැලමිටි වංගුවක්



    ඒ වැලමිටි වංගුව පහුකරල ටික දුරක් එද්දි ඈතින් පන්සලක පිහිටි බුදු පිළිමයක් පේන ආකාරය..












    හෙමින් හෙමින් ඇවිල්ලා කොහොම හරි දවල් 2 ට විතර මාතලේට ආවා..



    ඒත් දැන් අපිට එදා නවතින්න තැනක් තාම දන්නෙ නැහැ... ඉතින් බුකින් සයිට් එකෙන් ඒ වෙලාවෙම තැනක් සෙට් කරගෙන එදා සෙනසුරාදා හවස් වරුවෙ නැවතුනා..

    ඊට පස්සෙ ඉරිදා උදෙන්ම අපි රිවස්ටන් යන්න පිටත් වුනා...
    මාතලේ ඉදන් රිවස්ටන් වලට කි.මී. 30 ක් විතර තියෙනවා..ඒ පාර යන්නේ කයිකාවල, රත්තොට කියන නොදියුනු නගර දෙක පහුකරගෙන..රත්තොට පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙනවා. ඊට පස්සෙ රිවස්ටන් වලට ගිහින් එනකල් ෂෙඩ් එකක් සෙට් වෙන්නෙ නැහැ. ඉතින් පරිස්සමට පෙට්‍රල් පුරව ගන්න එක ඇගට ගුණයි..
    රත්තොට ටවුන් එක පහුකරල ටික දුරක් යද්දි මනස්කාන්ත දිය ඇල්ලක් අපිට මුණ ගැහෙනවා..
    ඒ බඹරකිරි ඇල්ල..බඹරකිරි උනාට ඒක එලකිරි ඇල්ල ආහ්.. පට්ට ලස්සනයි...



    එල්ලෙන පාලමක් උඩින් එහා පැත්තට ගිහින් ඇල්ල ගාවට යන්න පුලුවන්.. මේ තියෙන්නේ ඒ පාලම.



    මේ පාලම ගාව මරු බෝඩ් එකක් ගහල තියෙනවා.​



    මෙන්න ඒ දිය ඇල්ලෙ පින්තූර ටිකක්..​

















    මේ බඹරකිරි ඇල්ල ගාව ටික වෙලාවක් ඉදලා ආයිත් රිවස්ටන් යන්න පිටත් උනා.. රිවස්ටන් තියෙන්නෙ නකල්ස් කැලේ ඇතුලෙ. නකල්ස් සංරක්ෂණ වනාන්තරයක් ඒ යන පාර ටිකක් අබලන් තත්ත්වයේ තියෙන්නේ.. පාර පටුයි.. වංගු වැඩියි.. මීදුම වැඩියි, හැමවෙලාවෙම වැස්ස වගේ නිසා පාර තෙමිල ලිස්සනවා. ඉතින් අපි පරිස්සමින් රිවස්ටන් වලට ආවා...හැබැයි රිවස්ටන් කියල ලොකුවට කිව්වට රිවස්ටන් වල බලන්න දෙයක් නැහැ ලොකුවට.. රූපවාහිනි සම්ප්‍රේශණ ටවර් එකක් තියෙන තැනක්.. රිවස්ටන් වලට යන්න තියෙන පාරෙ ඉදන් කි.මී. 2 ක් විතර කැළෑව මැදින් යන්න තියෙනවා. දෙපැත්තෙ කැලෑව.. මැද අඩිපාරක්.. හැබැයි ඉතින් මීදුමෙන් වැහිච්ච අඩි පාරක්.. ටිකක් හරියට හෝටන් ප්ලේන්ස් වගේ... කූඩැල්ලො එහෙමත් ඉන්නවා. මැද හරියෙදි එක තැනක හුළං කපොල්ලක් මුන ගැහෙනවා.. එතනදි හුළග සැරයි.. ගහගෙන යන්න තරමට වගේ.. :baffled::baffled: අපි යන දවසේ උඩ රූපවාහිනි සම්ප්‍රේශණ ටවර් එක තියෙන වත්ත ඇතුලට යන්න අවසර දුන්නෙ නැහැ.. ඉතින් ආයිත් හැරිලා ආවා..​

































    ඊට පස්සේ අපි ඒ රිවස්ටන් වල ඉදන් ඒ පාරෙම කි.මී. 8 ක විතර දුරින් තියෙන පිටවල පතන සහ පුංචි ලෝකාන්තය බලන්න ගියා..

    180363-guid-board-pitawala-pathana-sri-lanka.jpg


    පිටවල පතන කියන්නේ තැනිතලා ප්‍රදේශයක්.. මෙතන හුළං කපොල්ලක් තියෙන නිසා සෑහෙන තද හුළගක් හමනවා..ඉතින් ලොකු ගස් නැහැ ඒ ඒරියා එකේ.. තියෙන පොඩි පොඩි පදුරුත් අර හුලග හමන පැත්තට බර වෙලා තියෙන්නෙ.













    ඉතින් ඒ පිටවල පතනෙ ටික දුරක් යද්දි (කිලෝමීටරයක් විතර) පුංචි ලෝකාන්තය මුණ ගැහෙනවා.. ඒ හරියෙනන් හුළග ගොඩක්ම වැඩියි.. ගහගෙන යන මට්ටමටම.. පුංචි ලෝකාන්තය කියන්නෙ ලෝකාන්තය වගේම තැනක්.. ලොකු හෙලක් තියෙන තැනක්.. එතන ලස්සන ගල් ටිකක් තියෙනවා. එතනට යන්න පුලුවන් ඒත් හුලග එක්ක යන එක අවදානම්.. පොඩ්ඩන් හරි එහා මෙහා උනොත් සොරිම තමයි..



















    ඉතින් ඊට පස්සේ අපි ආපහු මාතලේ නගරෙට ආවා සෙම්බුවත්ත බලන්න යන්න..
    මාතලේ ඉදන් සෙම්බුවත්තට යන්න කි.මී.20 ක් විතර යන්න තියෙනවා.. ඇල්කඩුව හරියට වගේ වෙනකල් පාර මුල ටික හොදට තිබ්බට ඊට පස්සේ තනිකර මඩජෝරු පාරක් සෙට් වෙන්නෙ.. අගල් 6 ක් විතර මඩින් පිරිලා.. ඒ මඩ පාරවල් වල වාහන වල රෝද ගිය පාරවල් හැදිලා. ඉතින් බයික් එකේ යද්දි බයික් එකේ රෝද ඒ හැදිච්ච පාරවල් වලට ලෙස්සල යනවා.. බ්රේක් ගහන්නම බැහැ ලිස්සල වැටෙනවා. ඉතින් බොහෝම අමාරුවෙන් කල්පනාවෙන් බ්රේක් නොකර ඒ කි.මී. 8 ක් විතර බයෙන් ගියා. මෙතන පහල ටිකට් කවුන්ටරයක් තියෙනවා.. එක්කෙනක්ට රු. 200 යි.. පට්ට පාඩුයි..​





    ඊට පස්සෙ ටික දුරක් යද්දි පොඩි කෘතිම දිය ඇල්ලක් වගේ එකක් සෙට් වෙනවා පහළ







    ඊට පස්සේ එතනින් උඩට නැග්ගම සෙම්බුවත්ත වැව මුණගැහෙනවා..
















    එතන ඉතින් ඇවිදල කරල, ඕනිනන් බෝට්ටු පැදල එන්න තියෙන්නෙ..එච්චරයි.. වැඩි දෙයක් නැහැ..
    ඒ වෙද්දි වෙලාව 5 ට විතර නිසා අපි වැඩිය ඇවිදින්න නොගිහින් ආපහු එන්න පටන් ගත්තා..

    මඩ පාරෙ ගිය අපි..







    ඊට පස්සෙ ඉතින් අපි එදා හවස 6 ට විතර මාතලෙන් කොළඹ එන්න ආවා.. මෙහෙට එද්දි රැ 10 විතර උනා.. කොහොම හරි මුළු ටුවර් එකම කි.මී. 475 ක් විතර ගිහින්.. දවස් දෙකයි. බයික් එකට පෙට්රල් 1500 යි. හැබැයි ඒ ටුවර් එක එච්චර ගතියක් නැහැ.. රිවස්ටන් සහ සෙම්බුවත්ත එච්චර කියන තරම් ලොකු දෙයක් ඇති තැන් දෙකක් නෙමෙයි..

    ඉතින් ආයිත් දවසක ලංකාවෙ වෙනම සුන්දර ස්ථානයක තොරතුරු සමගින් මුණ ගැහෙමු..


    කලින් දාපු චාරිකා ත්‍රෙඩ්

    කොළඹ අවට යන්න තැනක්.~ බැද්දගාන තෙත්බිම් උද්‍යානය http://www.elakiri.com/forum/showthread.php?t=1760399[/URL]

    සිරීපාද වන්දනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1784265

    සුන්දර දුන්හිද
    http://www.elakiri.com/forum/showthread.php?t=1673852

    යනවනම් මෙන්න පොට් එකක්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1157975

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථාන
    http://www.elakiri.com/forum/showthread.php?t=1804874

    සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එකක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1802514
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරුණ කපල් එකක් වගේ කුමාර මාම හාමිනේ එක්ක ට්‍රිප් යනවා දැක්කම ඉරිසියාවේ බෑ :P

    සංචාරයේ සුන්දරත්වේ අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි :love: +10
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තරුණ කපල් එකක් වගේ කුමාර මාම හාමිනේ එක්ක ට්‍රිප් යනවා දැක්කම ඉරිසියාවේ බෑ :P

    සංචාරයේ සුන්දරත්වේ අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි :love: +10

    තරුණ අපිට ඉරිසියා කරන්න එපා බොල.. :baffled::baffled::baffled: