හොරගොල්ල ජාතික උද්‍යානය (හොරගොල්ල වනාන්තරය)

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    2025-11-09 ඉරිදා :::: අද බයික් ටුවර් එකක් යන්න හිතුනා.. ඉතින් ගොඩාක්ම දුර නැති ගෙදර ඉදලා කි.මි 35 ක් විතර දුරකින් තියන ලංකාවේ කුඩාම වන උද්‍යානය වන "හොරගොල්ල ජාතික උද්යානය" බලන්න ගියා. මිට වසර ගනනාවකට කලිනුත් මෙහෙ ගිහින් තිබුනා බස් එකේ ගිහින්..(බස් එකේ යන විදිහ පහල දාන්නම්) ඉතින් උදේ 7.30 ට විතර ගෙදරින් , බයික් එකෙන් පිටවෙලා මාකොළ පාරෙන් ගිහින්, කඩවතට ඇවිත් නුවර පාරේ කිරිල්ලවල, ඉඹුල්ගොඩ, යක්කල, කලගෙඩිහේනත් පහු කරලා නිට්ටබුව හන්දියට යන්න කලින් ගූගල් මැප් එක බලන්. වමට තිබ්බ ගුරුවිද්යාල පාරට හැරුනා. එතැන් සිට මීටර 550 කින් දකුනට ඇති පින්නගොල්ල පාරට හැරුනා. එතන හොරගොල්ල වනාන්තර බෝඩ් එකකුත් තිබ්බා. එතැන ඉදලා කි.මි 1.4 ක් දුරට ගියාම හොරගොල්ල උද්යානයට යන කෙටි පාර දකුනු පැත්තේ තියනවා. ඒ පටු පාරේ වාහන යන්න බෑ. පාර දෙපැත්තේ තමයි වාහන නවත්වන්න තියෙන්නෙ.. පාරේ අනෙක් පැත්තේ ගෙදරක පාකින් ලෙස බෝඩ් එකක් තිබ්බා. ඒ ගෙදර මගෙ බයික් එක දාලා. උද්යානයට යන පටු පාරට ඇතුල් වෙලා දිගටම පයින් ගියා. ට්කට් කවුන්ටරය ලගට ගියා. මගෙ අය්ඩෙන්ටිටි කාඩ් එක ඉල්ල ගත්තා. රු.40+ වැට් රු.7 = රු.47/-. ගෙව්වා. ලදුපතක් හා බලපත්‍රයක් දුන්නා මගේ විස්තර ලියලා. ආපහු එලියට යද්දි අයිඩී එක ඉල්ල ගන්න කිව්වා. ඊට පස්සේ කොන්ක්‍රීට් පාරවල ඔස්සේ දිගටම කැලය පුරාම ගස් අතරින් ඇවිද්දා. මග ගිමන් හරින්න බංකුත් තැනින් තැන තියනවා. විවිධ ගස් වර්ග තියනවා. පුස් වැල් තියනවා. පහල කෙටි වීඩ්යෝ බලන්න.. කුඩා කෞතුකාගාරයක් තියනවා.... මෙසේ පැයක් විතර කැලය ඇතුලේ ඇවිදලා, ආපහු පිවිසුමට ඇවිත් ටිකට් කවුන්ටරේන් මගෙ අයි.ඩී එක අරන්, පාරට ආවා. බයික් එක නවතලා තිබ්බ ගෙදරට ගියා. ඔවුන් රු.100 ක මුදලක් අය කලා පාකින් ලෙස. ඊට පස්සේ ආපහු නුවර පාරට ඇවිත්, නිට්ටඹුව පැත්තට ගියා එතැන් සිට කි.මි 1.5 ක් විතර දුරින් තිබ්බ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය බලන්න. මම කලින් ගිහින් නෑ එහේ. ඉතින් පිවිසුම් ගේට්ටුව ලග බයික් එක නවත්වලා. ඇතුල් වෙලා සමාධිය ලගටම ගියා. වටේ ලස්සන පොකුනු කීපයක් තිබ්බා. ලස්සනයි. එක් පසෙකින් හොරගොල්ල වලව්වත් පේන්න තියනවා. ඉතින් මෙතනත් ටික වේලාවක් ගත කරලා. ආපහු එන්න පිටත් වුනා.
    .

    * හොරගොල්ල ජාතික උද්‍යානය විනාඩි 7 ක කෙටි වීඩියෝව බලන්න



    .

    * හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය විනාඩි 2 ක කෙටි වීඩියෝව බලන්න.



    .
    * බස් එකේ එනවනම්, නුවර පාරේ නිට්ටඹුව හරහා යන බස් එකක ඇවිත් නිට්ටබුව හංදියෙන් බැහැලා, වේයන්ගොඩ පාරට ඇවිත් රු.30 ක ට්කට් අරන් වේයන්ගොඩ යන බස් එකක ගිහින් පින්නගොල්ල හෝල්ට් එකෙන් බැහැලා මීටර් 800 ක විතර දුර පයින් හෝ 3වීල් එකක යන්න පුලුවන්.. (නිට්ටඹුව හංදියේ ඉදලම එතනට කි.මි 1.7 ‍යි දුර )
    .
    * ටිකට් : වැඩිහිටි : රු.40 + VAT | ළමා: රු.20 + VAT
    * ටිකට් : විදේශිකයන්ට : 5 USD / 3 USD
    .

    මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...
    * පසුගිය සියලුම සංචාරයන් Index >>
    දෘෂ්ටි කෝණයෙන් දකින සංචාරක වීඩියෝ බලන්න.. Point of View videos (POV) Solo Travel Videos
    .
    මේ උද්‍යානය ආරම්භ වෙලා තියෙන්නේ 1970. බණ්ඩාරනායක පවුලේ හොරගොල්ල වතුයායක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියනවා. 2004 වර්ෂයේදී හොරගොල්ල අභයභුමිය, ජාතික වන උද්‍යානයක් බවට පත්කරලා තියනවා. උද්‍යානය අක්කර 33 ක් විශාලයි. මෙහි හොර ගස්, කැකුණ, ගොඩපර, කිතුල්,.. ආදී ගස් වර්ග ගොඩක් හා හඳුන් දිවියා, දඬු ලේනා, කුරුළු විශේෂ, සමනුලුන්.. ආදී සතුන් බෝහමයක් දැකගන්න පුළුවන්.
    .
    .
    Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
    Horagolla National Park | Horagolla Forest
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය බලන්න. මම කලින් ගිහින් නෑ එහේ.
    ක්‍රෑහ් තුඃ කියලා කාරලා කෙල පාරක්වත් ගැහුවේ නැත්ද? ඒකට චූපාරක් වගේ දාගන්න පුලුවන් උනා නම් මරු. :dull:
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,922
    1,343
    113
    mama giya satiye giya oka balnda,
    leda vichca bakamunek hitiya
    tawa cuple hitiya tenin tena.
    maru spot eka hebey, ahala pahala unnata mama giye langadi.
    pathara size permit ekakuth denawa
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ඔය ගල් ගෙඩියක් දාල තියෙන්නෙ ඇයි බන්ඩයියාට කපපු ගල ද?
     
    • Haha
    Reactions: PASAN147

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    Uba koi kaale wageda yanna plan karanne?
    Mmmmmmm 🥶

    s-l400.jpg