ධර්ම විජයෙන් ලොවම ජයගත් අශෝක අධිරාජයා
ධර්ම විජයෙන් ලොවම ජයගත් අශෝක අධිරාජයා
ලෝක ඉතිහාසයේ නම් සඳහන් වන අධිරාජයන් අතුරෙන් අශෝක අධිරාජයාට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. දිග් විජයෙන් ජයග්‍රහණයේ හිණිපෙත්තටම නැගුණු පසු, දිග් විජය සදහටම අතහැර ධර්ම විජයෙන් ලොවම ජයගත් අධිරාජයෙකු ගැන අසන්නට ලැබුවා නම් ඒ අශෝක අධිරාජයා ගැන පමණකි. හෙතෙම දක්ෂ රණශූරයෙකි. ශ්‍රේෂ්ඨ පාලකයෙක.¨ ධාර්මික ගතිපැවතුම් ඇති සමාජ සේවකයකි. මේ සියලු ගුණාංග එක් පුද්ගලයෙකු තුළ පිහිටීම ආශ්චර්යවත් සිද්ධියකි. 'ලෝක ඉතිහාසයෙහි සඳහන් වන අධිරාජයන්ගේ නම් අතුරෙන් අශෝකගේ නම තරුවක් සේ බැබළෙයි' යනුවෙන්, අශෝක අධිරාජයා ගැන එච්. ජී. වෙල්ස් නම් ඉතිහාසඥයා පවසා ඇත්තේ එනිසා විය යුතුය.
අශෝක අධිරාජයා මෞර්ය වංශිකයෙකි. උතුරු ඉන්දියාවේ බලයට පත් වූ මෞර්ය රාජවංශයේ ආරම්භක පාලකයා වූයේ චන්ද්‍රගුප්ත මෞර්ය (ක්‍රි. පූ. 324 - 300) රජතුමාය. මගධ රාජ්‍යයේ අවසාන පාලකයා වූයේ නන්ද පරම්පරාවයි. මේ පරම්පරාවේ 9 වෙනි නන්ද රජු (ධනනන්ද රජු) ඝාතනය කළ චාණක්‍ය ඇමතියා චන්ද්‍රගුප්තව බලයට පත් කළේය. ඔහු මෞර්ය රාජ්‍යය පිහිටුවා පාටලීපුත්ර නගරයේ රජ වූ අතර තම අධිරාජ්‍යය විශාල කරගැනීම ස`දහා දිග් විජයෙහි යෙදුණ නරපතියෙක් විය. චන්ද්‍රගුප්ත රජුගේ පුත් බින්දුසාර රජු යටතේත්, බින්දුසාර රජුගේ පුත් අශෝක රජු යටතේත් මෞර්ය අධිරාජ්‍යය ව්‍යාප්ත වූ බව පෙනේ.
බින්දුසාර රජුට මෙහෙසියෝ දහසය දෙනෙක් වූහ. එම දහසය දෙනාට පුත්‍රයෝ එකසිය එක් දෙනෙක් වූහ. මේ සියලු පුත්‍රයින් අතරින් අශෝක ඉතා බුද්ධිමත්, දක්ෂ, විචක්ෂණ කුමාරයෙක් විය. (අශෝකගේ බාල සහෝදරයා තිස්ස නම් විය.) නමුත් අශෝක අගබිසවගේ පුත්‍රයෙක් නොවීය. (අශෝකගේ මෑණියන් වූයේ ධර්මා නම් බිසවයි.) එනිසා බින්දුසාර රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වය හිමිවන්නේ අගබිසවගේ පුත්රයෙකුටය. නමුත් අශෝකගේ ශූරවීරකම් බින්දුසාර රජු දැන නොසිටියා නොවේ.
අශෝක අධිරාජයා ගැන ජනප්‍රවාද කතා ද ඇත. සුසීම නම් ඔහුගේ වැඩිමහලූ සොහොයුරාගේ පාලනයට විරුද්ධව තක්ෂිලාවේ පැන නැගුණු කැරැල්ලක් මැඩපැවැත්වීමට අශෝක එහි යෑවූ බව ජනප්රවාදයේ එයි. ඔහු තක්ෂිලාවේ උප රාජපදවිය දරූ බවක් ද කියෑවේ. (ඇතැම් අයගේ මතය වී ඇත්තේ සුසීම හා අශෝක එක මවකගේ කුසින් උපන් සහෝදරයන් බවයි.)
බින්දුසාර රජ පාටලීපුත්රයේ රජකම් කරද්දී උදේනි නුවර පාලනය කිරීමට පත්කරන ලද්දේ අශෝකය. අශෝක කුඩා කල සිටම තම සීයා (චන්ද්‍රගුප්ත රජු) මෙන් යුද්ධයට දක්ෂයෙක් විය. පිය රජුගේ ඇවෑමෙන් බු.ව. 218 දී හෙවත් ක්‍රි. පූ. 273 දී අශෝක පාටලීපුත්ර නගරයේ දී අභිෂේක ලද බව සඳහන් වේ. මහාවංශ විස්තර අනුව අශෝක රජවීමට, තමා හා එක කුස උපන් තමාගේ මලණුවන් වූ තිස්ස කුමරු හැර අනිකුත් සොහොයුරන් අනූඅටදෙනා මරා දමා ඇත. නමුත් ඉන්දීය හා ඉංග්‍රීසි ඉතිහාසඥයෝ මේ මතය නො පිළිගනිති. අශෝකයන් දහතුන්වන රාජ වර්ෂයේ දී පමණ කරවූ පස්වන ලිපියේ ස`දහන් වන සොහොයුරන්ගේ අන්තඃපුර පිළිබඳ පුවත අනුව සොහොයුරන් කිහිපදෙනෙකු හෝ ජීවත්ව සිටි බව පිළිගත හැකි වෙයි. මගධයේ රජකම වැඩිමහල් සොයුරු සුසීමට හිමි විය යුතුව තිබීමත්, අශෝකයන්ගේ පදවි ප්‍රාප්තිය (අභිෂේකය) වසර හතරකින් පමණ ප්රමාදවීමත් අනුව රාජ්‍යත්වය උදෙසා සොහොයුරන් අතර අරගලයක් වූ බව පිළිගැනීමට ද සිදුවේ.
අශෝක රජුට මෙහෙසියෝ පස්දෙනෙක් සිටියහ. වේදිස බිසව, කාරුවාකි දේවි, පද්මාවතී දේවි, තිස්ස රක්ෂිතා දේවි සහ අසන්ධිමිත්රා දේවි යනු ඒ පස්දෙනායි. මෙයින් වේදිස දේවිය විවාහ කරගත්තේ අශෝකයන් රජවීමට පෙරය. (මහින්ද තෙරුන්ගේ හා සංඝමිත්තා තෙරණියගේ මෑණියන් වූයේ වේදිස දේවියයි.)
අශෝක, මගධයේ බලය හිමිකර ගැනීමෙන් පසු සීයා වූ චන්ද්‍රගුප්ත රජුගේ දිග් විජය ප්‍රතිපත්තිය දිගින් දිගටම අනුගමනය යන්නට විය. තම අධිරාජ්‍යය විශාල කිරීම ස`දහා අවශේෂ රටවල් සමග යුද්ධ කරන්නට විය. දඹදිව සෑම රාජ්‍යයක්ම ආක්‍රමණය කළ ඔහුට අවසානයේ අභියෝගයක් වූයේ කාලිංග දේශයයි. කාලිංග දේශය යටත් කරගැනීමේ සටන ඇති වූයේ රාජභිෂේකයෙන් වසර අටකට පසුවය. කාලිංගය ද යුධ ශක්තිය අතින් බලවත් රාජ්‍යයක් විය. එනිසාම කාලිංගය යටත් කරගැනීම පහසු නොවීය. දරුණු ලේ වැගිරීමකින් පසු කාලිංග දේශය යටත් කරගැනීමට අශෝක අධිරාජයා සමත් විය. ඉන් පිළිබිඹු වන්නේ අශෝක අධිරාජයා දිග් විජයෙහි සමර්ථයෙකු බවයි. මෙම සටනේ දී මියගිය, තුවාල ලත් හා සිරගත වූ පිරිස ලක්ෂ ගණනින් වූ බව කියෑවේ. මේ මිනිස් සංහාරය අශෝක රජුගේ දැඩි කලකිරීමට හේතු විය. මේ තත්වයට ඔහු අදහමින් උන් නිගණ්ඨ වාදයෙන්වත් (ජෛන ආගම) 'සැනසීමක් ලබාගත නොහැකි' බව ඔහුට වැටහිණි.
කාලිංග සටනින් කම්පාවට පත්ව සිටි අශෝක රජතුමා අවුරුදු හතක් වයසැති නීග්‍රෝධ සාමණේරයන්ගෙන් බණ අසා, බුදුදහම ගැන බලවත් සේ පැහැදී බෞද්ධ උපාසකයෙකු වූ බව මහාවංශයේ ස`දහන් වේ. නීග්‍රෝධ සාමණේරයෝ 'අප්පමාදෝ අමතපදං ...' යන ගාථාවෙන් (ධම්මපදයේ අප්පමාද වග්ගයේ එන පළමු ගාථාව) දහම් දෙසූ බව කියෑවේ. මහායාන පොත්වලට අනුව අශෝක රජු බෞද්ධයෙකු වී ඇත්තේ උපගුප්ත හිමියන්ගෙන් බණ අසාය. මේ උපගුප්ත හිමි යනු, එකල ථෙරවාදී භික්ෂු කණ්ඩායමට නායකත්වය දුන් මොග්ගලීපුත්තතිස්ස තෙරුන්වහන්සේ යෑයි ඇතැමෙක් කියති.
අශෝක රජතුමා බෞද්ධයෙකු බවට පත්වීම ඔහුගේ ජීවිතයේ පමණක් නොව මුළු මහත් භාරත දේශයේම නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන්නකි. අශෝක රජු කරවූ 13 වන ගිරිලිපියේ කාලිංගය හා සිදු වූ දරුණු යුද්ධය ගැන ස`දහන් කරයි. කාලිංග යුද්ධය සිහිකරන විට තම සිතට දැඩි වේදනාවක් ඇතිවන බවත්, ඉන්පසු කිසිම කලෙක රටක් ජයගැනීමට තමාගේ කඩුව නො එසවීමට තීරණය කළ බවත්, සියලු දෙනාටම මෛත්‍රිය, අවිහිංසාව, ආත්මදමනය හා ශාන්තිය ප්‍රාර්ථනා කරන බවත්, අශෝක රජතුමා එහි ස`දහන් කරයි. ''මගෙන් ඇතිවන කිසි දරු කෙනෙක්, මුණුබුරු කෙනෙක් හෝ වෙත් ද, ඔහු තවත් අලුත් දිග්විජයක් නො පතත්වා. ඉ`දින් ඔවුනට විජයග්රහණයක් වුවමනා නම් ඉවසීමේත්, ලූහු`ඩු ද`ඩුවමෙහිත් යෙදෙත්වා. ධර්ම විජයම සැබෑ විජය ම සේ සලකත්වා'' යනුවෙන් 13 වන ගිරි ලිපියේ තවදුරටත් දැක්වේ. තව තවත් දික්විජයෙහි යෙදීමට වුවමනා ශක්තියෙන් හෙබි රාජ්‍ය බලයේ ඉහළින්ම වැජඹුණු ජයග්‍රාහී නරපතියෙකු යුද්ධය, හිංසාව හැර දමා සාමයත්, අහිංසාවත් වැළඳගත් බවට මානව ඉතිහාසයෙන් ගෙනහැර දැක්විය හැකි එකම සාධකය මෙය වන්නේය.
'අශෝක යුගය' බුදුදහමේ ඉතා දීප්තිමත්ම කාලපරිච්ඡේදයක් විය. එතුමා තරම් බුද්ධ ශාසනය වෙනුවෙන් ධනය, ශ්‍රමය කැප කළ රාජ්‍ය නායකයෙක් බෞද්ධ රටක මෙතෙක් පහළ වී නැත. බුදුදහම වැළ`ද ගැනීමෙන් පසුව බුද්ධ ශාසනයේ චිරස්ථිතියට හා පෝෂණයට අශෝක අධිරාජයා විශාල වැඩකොටසක් කර ඇති බව මහාවංශය, දීපවංශය ඇතුළු වංශකථාවන්ගෙන් මෙන්ම ඔහු විසින් පිහිටුවන ලද සෙල්ලිපි හා ටැම්ලිsපිවලින් ද තහවුරු වේ. මොග්ගලීපුත්තතිස්ස තෙරුන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති තෙවන ධර්ම සංගායනාවට අවශ්‍ය රාජානුග්‍රහය හා ආරක්ෂාව ලබාදීම අශෝක රජු බුදුදහම වෙනුවෙන් කළ විශිෂ්ටතම මෙහෙයකි. මොග්ගලීපුත්තතිස්ස තෙරුන්වහන්සේගේ උපදේශකත්වය මත විදේශ රටවල් නමයකට ධර්මදූත කණ්ඩායම් නමයක් පිටත් කර යෑවීමට අශෝක අධිරාජයා කටයුතු යෙදුවේ, මෙම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙසිනි. (ශ්‍රී ලංකාවට බුදුදහම ලැබුණේ මෙම වැඩපිළිවෙළ අනුවය) මේ හේතුවෙන් එතෙක් දඹදිව (ඉන්දියාව) මධ්‍ය දේශයට පමණක් සීමා වූ බුදුදහම ජාත්‍යන්තර ආගමක් බවට පත්විය. එපමණක් නොව මහින්ද - සංඝමිත්තා යන දරුවන් දෙදෙනා පවා සසුන් ගත කොට 'බුදුසසුනේ ඥාතිත්වය' ලබාගත්තේය.
එතුමා බෞද්ධයෙකු වූ පසුව දිනපතාම රජගෙදරින් භික්ෂුන්ට සිව්පසය සපයන ලදී. අසූහාරදහසක් ධර්මස්කන්ධය වෙනුවෙන් වෙහෙර විහාර අසූහාරදහසක් දඹදිව පුරා ම ඉදිකරන ලද බව ස`දහන් වේ. කාශ්මීරයේ අශෝකාරාම සියයක් පමණ තිබූ බව පාහියන් වාර්තාවල ස`දහන් වේ. බුදුන් උපන් තැන (ලුම්බිණිය), බුදු වූ තැන (බුද්ධගයාව), පිරිනිවන් පෑ තැන (කුසිනාරානුවර) සහ ප්‍රථම දහම් දෙසූ තැන (බරණැස) යන ස්ථානවල ශිලාලේඛන පිහිටුවා ඒවායේa පෞරාණික වටිනාකම ආරක්ෂා කළේය. එතුමා නිරතුරුවම භික්ෂූන්ගෙන් බණ ඇසීමට ද පුරුදු වී සිටියේය. රට පුරා ධර්ම දේශනා පැවැත්වීමට භික්ෂුන් වහන්සේලා යෙද වූ එතුමා උන්වහන්සේලාට සිව්පසයෙන් සංග්‍රහ කළේය. අනෙකුත් ආගම්වලට මෙන්ම අන්‍යාගමිකයන්ට ද ගරු සත්කාර කිරීමට මෙතුමා නොපැකිලි විය. ධර්ම ප්රචාරක සේවයෙහි යෙදුණ එතුමා ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළේය. ශිලාලේඛන, ධර්ම මහාමාත්‍යවරු හා ධර්මයාත්රා යන සංකල්ප මගින් දේශීය ධර්ම ප්රචාරයට පණ දුන්නේය.
'ධර්ම මහාමාත්‍යවරු' නම් වූයේ බුදුදහම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබූ රාජ්‍ය නිලධාරීන් පිරිසකි. එම ධර්ම මහාමාත්‍යවරු, තමාගේ නියෝජිතයන් ලෙස නම් කොට තම විජිතයේ යටත් පාලකයන් හෙවත් ප්‍රාන්ත රජවරුන් වෙත යවා එම ප්‍රදේශ තුළ ද බුද්ධ ධර්මය පිළිබ`ද ජනතා උනන්දුවක් ඇති කරලීමට කටයුතු යෙදීය. සොලී, ප`ඩි, කේරල ආදී ප්‍රදේශවලට පවා ධර්මදූතයන් යවා එම ප්‍රදේශ තුළ ද ධර්ම ප්රචාරක සේවය ආරම්භ කිරීමට එතුමා කටයුතු කළේය.
මීට ප්‍රථම සිටි රජවරු මෙන්ම අශෝක රජතුමා ද මුලදී තම විනෝදය, විවේකය ස`දහා විහාරයාත්ර අනුගමනය කළේය. විහාරයාත්රා යනුවෙන් අදහස් කරන ලද්දේ රජතුමා මහජනයා පිරිවරා මුවදඩයමේ යාමයි. නමුත් ඔහු බෞද්ධයෙකු වූ පසු විහාරයාත්රා යාම සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී. ඒ වෙනුවට එතුමා ධර්මයාත්රා පැවැත්වීය. ධර්මයාත්රා මගින් කරන ලද්දේ මහජනතාව රැස්වන තැන්හි 'දිව්‍යවිමාන', 'දිව්‍ය ඇත්තු', 'ගිනිගුලි' ආදිය ප්‍රදර්ශනය කිරීමයි. එමගින් පින් පව් පිළිබ`දව මහජනතාව වෙත හැඟීමක් ඇති කොට ඔවුන් සුචරිතයෙහි යෙදවීම එතුමාගේ බලාපොරොත්තුව විය. උගත්කමින් තොර සාමාන්‍ය ජනතාව බුදුදහම කෙරෙහි පහදවා ගැනීම සදහා මේ ක්‍රමය උපකාරී වූ බව පෙනේ. එසේම ධර්මයාත්රා මගින් තැනින් තැන ධර්ම දේශනා හා පිරිත් සඡ්ධායනා පැවැත්වීම ද සිදුකොට ඇත.
බෞද්ධයෙකු වශයෙන් බුදුදහමේ අන්තර්ගත සදාචාර සම්පන්න කරුණු කෙරෙහි අවධානය යොමු කළ එතුමා, ඒ අනුව තම ජීවිතය සකසාගැනීමට උත්සාහවත් විය. බුදුදහමේ දැක්වෙන දසරාජ ධර්මය අනුව තම පාලන කටයුතු පවත්වාගෙන ගිය එතුමා එමගින් ජනතා සුබසිද්ධිය උදෙසා විශාල මෙහෙයක් ඉටු කළේය. රටවැසියා තම දරුවන් ලෙස සැලකූ එතුමා ('සවේ මනුජා පජා මම'- සියලූ රටවැසියෝ මාගේ දරුවෝය) සියලූ දෙනාම සුවපත් කිරීම තමාගේ කාර්යය ලෙස සැලකීය. එතුමා රටවැසියා වෙත නිරතුරුව ම කරුණාව, මෛත්‍රිය සහ සමානාත්මතාව පළ කළේය. මිනිසුන් සදාචාර සම්පන්න කරලීම සදහාත් ඔවුන්ගේ බුද්ධිය දියුණු කරලීම සදහාත් එතුමා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළේය. රාජධානිය පුරා සෙල්ලිපි, ටැම්ලිපි, ගිරිලිපි ආදිය පිහිටුවා බුදුදහමේ එන වැදගත් උපදෙස් ජනතාවගේ සිත් තුළට කාවැද්දීමට උත්සාහ ගත්තේය. සෙල්ලිපිවල අවශ්‍ය අවවාද අනුශාසනා කොටවා ඒවා මහජනයාට ප්‍රදර්ශනය වන සේ ප්‍රසිද්ධ ස්ථානවල තැබීය.
කාන්තාවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූ අශෝක රජතුමා ඔවුන් ගැන සොයාබැලීම සඳහා ස්ත්‍රී මාත්‍ය නමින් නිලධාරීන් කොටසක් පත් කළේය. එමගින් කාන්තා අවශ්‍යතා ඉටුකරදීමට එතුමා සමත්විය. ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක තමා මුණගැසීමේ අයිතිය ජනතාවට ලබාදුනි. මිනිසුන්ගේ නිරෝගී බව ප්‍රාර්ථනය කළ රජු ඔවුන් සඳහා ආරෝග්‍යශාලා සේවය ආරම්භ කළේය. මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට ද ප්‍රතිකාර කිරීම සදහා අරෝග්යශාලා පිsහිට වූ ප්‍රථම නරපතියා වූයේ අශෝක අධිරාජයාය. මහමග ගමන් ගන්නවුන්ගේ විඩාව සංසඳවීම සඳහා පාර දෙපැත්තේ ගස්වැල් සිටුවීම, පිංතාලි තැබීම, බෙහෙත් වතු ඇතිකිරීම, උයන් ඇති කිරීම ආදිය එතුමා විසින් කරන ලදී.
සියලු සත්වයන් කෙරෙහි අවිහිංසාව පැතිරූ එතුමා ජලජ, තලජ සතුන් මැරීම තහනම් කළේය. රජ ගෙදර මස් අනුභව කිරීම පවා ක්‍රමයෙන් නතර කළේය. අලූත උපන් වසුපැටියන් ඇති දෙනුන්ගෙන් කිරිගැනීම තහනම් කළේය.
අශෝක රජතුමා තම රාජ්‍ය පාලනය සදහා තෝරාගත් මෙම ධර්ම මාර්ගයට අන්තර්ගත වූයේ සදාචාර ජීවිතයකට අවශ්‍ය වූ කරුණු පමණි. බුදුදහමේ ඉගැන්වෙන ගැඹුරු ධර්ම කාරණා වූ නිර්වාණය, පුනර්භවය හෝ කර්මය ගැනවත් හින්දු ආගමේ එන බ්‍රහ්මන් ආත්මන් ගැනවත් අශෝක ධර්මයේ සඳහන් නොවේ. එය එක එල්ලේ ම ගිහි උපාසක ධර්මයකි. රටවැසියා සදාචාර ප්රතිපත්තිවලින් පුරවා ඔවුන්ගේ වාදභේද තුනීකොට ආර්ථික සුරක්ෂිතතාව ඇතිකොට ඔවුන් රැක බලා ගැනීම සදහා අවශ්‍ය වූ ධර්ම කොටස් කෙරෙහි අශෝකගේ අවධානය යොමු වූ බව පෙනේ. අශෝක ධර්මය කෙරෙහි බොහෝ සේ බලපා ඇත්තේ බුදුදහමේ ඉගැන්වෙන සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ඝපඡ්ජ සූත්‍රය, මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ධම්මපදය වැනි ආචාර විද්‍යාත්මක ධර්මයන්ය. ඒවා බොහෝ සේ ගිහි ජීවිතයට අදාළ කරුණු කාරණා වේ.
අශෝක රජු ජනප්රවාදයෙහිත්, සාහිත්‍යයෙහිත්, ශිලා ලේඛනවලත් නම් කිහිපයකින් හඳුන්වා ඇති බව පෙනෙයි. මස්ති ස්ථම්භයේ හා සාහිත්‍යයේ වෙනත් තැන්වලත් අශෝක නමින් හ`දුන්වා ඇත. බොහෝ සෙල්ලිපිවල එතුමා හඳුන්වා ඇත්තේ 'දේවානම්පිය පියදස්සි' යනුවෙනි. 'දේවානම්පිය' යනු එකල රජවරුන් භාවිත කළ ගරු නාමයක් විය හැකිය. (අශෝක රජුට සමගාමීව ලංකාවේ පාලකයා වූ තිස්ස රජු ද මේ නම භාවිත කළේ අශෝක රජු වෙනුවෙන් දෙවෙනි වර අභිෂේක ලැබූ පසුවය. එතැන් පටන් එතුමා, 'දේවානම්පිය තිස්ස් නමින් හැ`දින්විණි.) රාජ්‍යත්වයට පත්වීමට සොහොයුරන් අනූඅට දෙනෙකු ඝාතනය කළ නිසා 'චණ්ඩාශෝක' නමින් ද බුදුදහම වැළ`ද ගත් නිසා 'ධර්මාශෝක' නමින් ද ප්‍රකට විය.
මෞර්ය යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය හා කැටයම් ශිල්පය ද ඉතා දියුණු තත්ත්වයක පැවති බවට නිදසුන් වන නෂ්ටාවශේෂ සොයාගෙන ඇත. ඊට සාංචි ස්තූප හා ආරාම හොද නිදසුනකි. එසේම අශෝක ශිලා ස්තම්භ එකල විසූ ශිල්පීන්ගේ දක්ෂතා විදහාපායි. අඩි හතළික් පමණ උස් වූ මේ කුලුනු මනාව ඔප් නංවා ඇත. එසේම සිංහ, ඇත්, ගව ආදී සත්ව රූපවලින් කුලුනු හිස් අලංකාර කර ඇත. මේ කුලුනු අතරින් සාරානාත් කුලුනු ඉතා අලංකාර බව විචාරක පිළිගැනීමයි. වර්තමානයේ ඉන්දීය රාජ්‍ය ලාංඡනය බවට පත්ව ඇත්තේ ද සාරානාත් කුලුනු හිසයි.
අශෝක අධිරාජ්‍යාගේ ධර්ම විජය ප්‍රතිපත්තිය, අධිරාජ්‍යයේ පිරිහීමට බලපෑ බව පෙනේ. රාජ්‍ය ආදායම් සියල්ලම පාහේ, ආගමික කටයුතු වෙනුවෙන් වැය කෙරිණි. යුධ මානසිකත්වය තම දරුවන් වෙතින් මෙන්ම මහජනතාවගෙන් ද ඉවත් කළ එතුමා අහිංසා සිතුවිලි රට පුරා ව්‍යාප්ත කර හැරියේය. චතුරංගනී සේනාව නිසි අයුරින් නඩත්තු නොකිරීම නිසා ආරක්ෂක තත්වය බිද වැටෙමින් තිබුණි. මුළුමහත් රාජ්‍යයම රදා පැවතුණේ අශෝක මුල දී ගොඩනගාගත් ස්වකීය ප්‍රතිරූපය හා පෞරුෂය මතය. එතුමාගෙන් පසුව රාජ්‍ය ගෙනයාමට තරම් සුදුසු ප්‍රබල පෞරුෂයකින් හෙබි පුත්‍රයෙකු නොසිටීම මෞර්ය අධිරාජ්‍යයේ පරිහානිය වේගවත් කළේය. ක්‍රි. පූ. 232 දී අශෝක අධිරාජ්‍යයාගේ අභාවයෙන් පසු ප්‍රාදේශීය නායකයන් නිදහස් පාලන තන්ත්ර පිහිටුවා ගත් බව ද පෙනේ. කෙසේ වුවද බුදුරජාණන්වහන්සේගේ ධර්මය ලොව පුරා ව්‍යාප්ත කිරීමෙන් අශෝක අධිරාජ්‍යයා ලැබූ ආධ්‍යාත්මික ජය දිග් විජයටත් වඩා ශ්‍රේෂ්ඨ වෙයි.
ආර්. ඒ. නයනානන්ද මහතා විසින් දිවයින පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය කාලීනව වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.