මීරා බ්‍රයන් ගැන ප්‍රේමයෙන් පස වන බව හැගෙන්නේ මට පමණ ද?
පොතේ නම් බ්‍රයන් තමයි ඉස්සෙල්ලම මීරා ගැන හිතන්න පටන් ගන්නේ.
මීරාගේ චරිතයත් TV Series එකේ "හරි හැටි නිරූපණය නොවූ චරිත" කාණ්ඩයට ඇතුලත්. මට හිතෙන විදිහට බැරිස්ටන් ට අමතරව පොතේ චරිත වලින් ඉහළම සංයමයක් තියන චරිතය තමයි මීරා.
TV Series එකේ මීරා චරිතය හඳුන්වා දෙන්නේ Osha ගේ බෙල්ලට හෙල්ලක් තියන සීන් එකකින්. පොතේ මීරා ප්‍රචණ්ඩකාරී හැසිරීමක් නැති වැඩිහිටියන්ට ගරු කරන අවු 14ක කෙල්ලෙක්. නොදන්න ගෑණු කෙනෙකුගේ බෙල්ලට හෙල්ලක් තියන එක ඇගෙන් බලාපොරොත්තු වෙන්න බැරි හැසිරීමක්. පොතේ මීරා හා Osha අතර හොඳ සම්බන්ධයක් තියනවා.
ඇගේ චරිතයේ උසස්ම ලක්ෂණය තමයි ඇය තමන්ගේ සහෝදරයා, බ්‍රයන් සහ හෝඩෝර් ව තනිවම බලා ගනිමින් අති දුෂ්කර ගමනක් යන ආකාරය. මේක TV Series එකේ හරියට පෙන්නන්නේ නෑ. ඒකට කරන්න දේකුත් නෑ. TV Series එකේ පෙන්නන්න වෙන්නේ රූපරාමු පමණයි. අපිට පෙන්නනවා හතර දෙනා එක තැනක ඉන්නව--ඊට පස්සෙ තව තැනක ඉන්නව. එතන ඉඳන් මෙතනට ආපු හැටි හිතා ගන්න වෙනවා.
නමුත් මේ ඉන්නේ ළමයි තුන් දෙනෙක් හා මන්ද බුද්ධික කෙනෙක්. මේ හතර දෙනාම ජීවිතේට තමන්ගේ ගෙවල් වලින් ඈත ගිහින් නෑ. යන්නේ හිමේ. මේ හතර දෙනාගෙන් කන්න හොයන්න පුළුවන් මීරාට පමණයි. වැඩියන් වෙහෙසෙන්නේ හැමවිටම ඇයයි. ඇගේ උත්සහයෙන් තමයි හතර දෙනාම ජීවත් වෙන්නේ. සමහර විට දවසටම කිසිම කෑමක් නෑ. සමහර විට එකම දඩයමක් හරියනවා. ඒකත් හතරට බෙදල තමයි කන්න වෙන්නේ. මේ හැම දෙයක්ම දරාගෙන කිසිම වෙනසක් නැතුව ඉන්නේ මීරා පමණයි. පොත කියවනකොට නම් මේ හැම දෙයක්ම හදවතටම දැනෙනවා.
මේ ටික ලිව්වේ මේ කතාවට හා චරිත වලට ආදරය කරන අයට පොත් ටික කොහොම හරි කියවන්න කියන පණිවිඩය දෙන්න. කියවන්න බැරිනම් Audio books තියනවා. මට පොත් කියවන්න වෙලාවක් නැති නිසා පාවිච්චි කලේ Audio books.
machan





මං නං ආසම චරිතයක් කයිබර්න්
අපරාදෙ ලෝකෙ ලොකුම පුස්තකාලෙ අහක යනව