සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා...
වෙරලේ රළ මැන්නා...
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී
කැකුළක් සිදුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා...
සෙනෙහසකට අරුතක්...//
පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා...
සෙනෙහසකට අරුතක්...//
ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
පද රචනය : ප්‍රනීත් අබේසුන්දර
සංගීතය : මහින්ද බණ්ඩාර