කළු_දෑත්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපේ දෑත් කළු කළේ කවුද ?



_97341778_hand.jpg


ගල් අඟුරු බලාගාරය අසල වැසියෙක් අඟුරු කුඩු නිසා කළු ගැසුණ සිය අතක් පෙන්වමින්

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් සෞඛ්‍ය සහ පාරිසරික ගැට‍ළු රැසක් මතු වී ඇති බව නොරොච්චෝල පරිසර සුරැකීමේ සංවිධානය පෙන්වා දෙයි .
මේ දිනවල පවතින වාරකන් සුළං හේතුවෙන් ගල් අඟුරු දූවිලි සුළඟට මුසු වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ශ්වසන රෝග ඇතුළු රෝග කීපයකට මුහුණ දීමට සිදු වී ඇති බව නොරොච්චෝල පරිසර සුරැකීමේ සංවිධානයේ සභාපති ඩබ්ලිව්.කැනිෂියස් පිරිස් පවසයි.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ආසන්නයේ පිහිටි 'පනීඅඩිය' රෝමානු කතෝලික දෙමළ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති මොහොමඩ් අන්වර් ප්‍රකාශයක් කරමින්, බලාගාරය නිසා සිදු වෙමින් පවතින පරිසර හානිය එම විදුහලට පැමිණෙන ඕනෑම අයෙකුට සුළු වේලාවකින් තේරුම් ගැනීමට හැකි වනු ඇතැයි සඳහන් කළේය.
"මේ බලන්න! ළමයින්ගේ අත් , කලුම කලු ගැහිලා"නියෝජ්‍ය විදුහල්පති මොහොමඩ් අන්වර් සඳහන් කළේ ළමුන්ගේ අත් පෙන්වමිනි.



_97345283_lamayi.jpg



"අපි නොරොච්චෝලේ - මෙන්න අපේ අත්"


ගල් අඟුරු කුඩු තැවරී දෙඅත් කළු ගැසුණ ළමුන්ගේ සුදු පැහැති පාසල් නිල ඇඳුම් ද කලු ගැසී ඇත. ගල් අඟුරු කුඩු හා දූවිලි හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රධාන රැකියා දෙකම අනතුරට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

"රතුපාට බීට් කලු වෙලා , කොළපාට බණ්ඩක්කා කලු ගැහිලා"
මූදට බැස්සට වැඩක් නැහැ , මුහුදේ මාළු නැහැ මූදට තහංචි දාලා තියනවා අපේ රැකියා අනතුරේ " ප්‍රදේශවාසියකු වන එස්ලන් තාසන් පවසයි. දූවිල්ලට අමතරව ගල් අඟුරු දහනය නිසා හට ගන්නා දුමාරයත් සමග මුසු වන අළු පැතිර යාමෙන් තවත් පාරිසරික ගැට‍ළු රැසක් මතු වී ඇති බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.



_97345292_balagara.jpg


නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය


නොරොච්චෝල බලාගාරය පිළිබද මුල් කාලයේ සිටම අධ්‍යනය කරන පරිසරවේදියෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙන ආකාරයට ආරම්භයේ පටන් නිසි තාක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම ඉහත කී පරිසර විනාශයට හේතුවී ඇත. "ගල් අඟුරු බලාගාර රටට ඕනෑ. නමුත් මේ බලාගාරය ඉදිවුණේ නිසි තාක්ෂණික ක්‍රමවේදයකට නෙමෙයි .මුලින්ම මේක හදන්න තීරණය වුනේ මිගමුව දුන්ගාල්පිටියේ . පසුව ජනතා විරෝධය මැද ස්ථාන කීපයකටම ගිහිල්ලා නොරෝච්චෝලේට ආවා.ප්‍රාදේශීය දේශපාලකයන් මේකට වගකියන්න ඕනැ . එදා හිටිය පුත්තලමේ දේශපාලකයන් මේක හිස් මුදුනින් පිළිගත්තා . පක්ෂ විපක්ෂ සියලු දෙනා රට රටවලට ගිහින් මේ ගැන අධ්‍යනය කලා . නමුත් නිසි තාක්ෂණික ක්‍රම වේදයකට මේ බලාගාරය ඉදි කර ගන්න බැරි වුනා.ඒ නිසා තමයි මේ සියලු පාරසරික ගැටළු ඇති වෙලා තියෙන්නේ . ඉවතලන අළු නිසි ක්‍රමවේදයකට වලලා දමන්න දැන්වත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි .තව දෙයක් තමයි, ප්‍රමතියෙන් උසස් ගල් අගුරු දැන්වත් ගෙන්වීමට ක්‍රියා කලයුතුයි"නීතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියි.


_97345286_beet.jpg


"අපේ පැත්තේ බීට් කලුපාටයි"

ප්‍රදේශයේ ආගමික නායකයෝ බලාගාරය නිසා සිදුවෙන පරිසර හානිය පිළිබඳව කණස්සල්ල පළ කරති. "අපි කියන්න ඕන සියලු තැන් වලට කියල ඉවරයි . 'සලකා බලන්නම්' කියල අපි දන්වපු ආයතන වැඩි ප්‍රමානයකින්ම දැනුම් දීල තියෙනව. නමුත් වෙච්ච් සලකා බැලිල්ලක් නැහැ .අවුරුද්දෙන් අවුරුද්ද මේ ප්‍රශ්නය වැඩි වෙනවා . අපේ ජනතාවගේ ජිවිත විනාශ වෙනවා .මේ ගල් අගුරු කුඩු මුහුදට ගිහිල්ලා ,ඒ වගේම මේකෙන් පිට කරන උණු ජලය මුහුදු ජලයට එක් කරලා මුහුදේ මත්ස්‍ය ගහනයත් අඩු වෙලා . ගල් අඟුරු කුඩු වගේම ගල් අඟුරු දහනය කරලා ඉවත ලන අළු ප්‍රදේශය පුරා පැතිරිලා ඒවා වගාබිම් වලටත් මහජන සෞඛ්‍යටත් බරපතළ ලෙස බලපාලා තියනවා" ඉලන්තඩිය මීසම් පාලක රනිල් සදරුවන් පියතුමා පවසයි. නොරොච්චෝලේ බලාගාරය ඉදි කිරීමේදී එක් වරක් වන්දි ලබා දුන් නමුත් මේ වන විට සිදු වෙමින් පවතින පාරිසරික හානිය වන්දියකට සීමා කිරීමට නොහැකි බව ප්‍රදේශවාසීන්ගේ අපේ අදහසයි. තාවකාලිකව වන්දි ලබා නොදී සිය ගැටලුව සඳහා විකල්ප විසඳුමක් ලබා දෙන ලෙස නොරොච්චෝලේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.


_97345290_vej.jpg


වගා විනාශය

පසුගිය වසර කීපය තුලම කීවා සේ මෙවරද ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා සුළං බාධකයක් ඉදිකර මේ ගැටලුවට විසදුම් ලබා දෙන බව විදුලිබල මණ්ඩලය පවසයි. බලධාරීන් විසින් එවැනි විසඳුමක් නිර්දේශ කරනු ලැබ ඇති බව විදුලි බල අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් පැතුම් පැස්කුවල් විසින් තහවුරු කරනු ලැබ ඇත.

BBC - Sinhala
 
Last edited:

Usenet

Banned
Aug 10, 2017
698
42
0

Nuclear power is a good solutions for the environmental pollution. But its not suitable for small countries like us. There are not enough resources to build a nuclear plant.

as i heard
previous regime try to do that with Pakistan support
but Indian influence caused it to stop.
is it true ?

BTW it's not a good solution for environmental pollution.
nuclear plant is far more dangerous than coal plant.
we have to accept the risk and get over it or try alternative methods like solar,wind,tidal and if possible geothermal too.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට නඩත්තුකරානම් ඔහොම වෙන් නැ..ඉස්සර ඔහොම ගැටලුවක් තිබ්බෙ නැ...කොහොමත් රනිල ඔකත් විකුනන ලයිස්තුවට දාල නිසා අවුලක් නැ...කලු කුඩු පෙන්නල විකුනගෙන කන්ඩ පුලුවන්..:yes::yes:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    _97341778_hand.jpg


    අඩෝ.. මම හිතුවෙ කුලියාපිටියෙ "වොස්සාවැගන්" එකේ වැඩකරන එකෙක්ගෙ අතක් කියල
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    හරියට නඩත්තුකරානම් ඔහොම වෙන් නැ..ඉස්සර ඔහොම ගැටලුවක් තිබ්බෙ නැ...කොහොමත් රනිල ඔකත් විකුනන ලයිස්තුවට දාල නිසා අවුලක් නැ...කලු කුඩු පෙන්නල විකුනගෙන කන්ඩ පුලුවන්..:yes::yes:
    you moron
    do you think coal ashes fall immediately after plant starts.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හරියට නඩත්තුකරානම් ඔහොම වෙන් නැ..ඉස්සර ඔහොම ගැටලුවක් තිබ්බෙ නැ...කොහොමත් රනිල ඔකත් විකුනන ලයිස්තුවට දාල නිසා අවුලක් නැ...කලු කුඩු පෙන්නල විකුනගෙන කන්ඩ පුලුවන්..:yes::yes:

    :yes::yes::yes:

    ඕවා නඩත්තු කරන්න මතක නැහැ. රාජපක්ෂට කෙලින්නෙ කොහොමද කියල හිතහිතා ඉන්නව විතරයි. සමහර විට හිතලම එහෙම නොකර ඉන්නව ඇති එතකොට මිනිස්සු අකමැතිවුනාම ශේප් එකේ විකුණල දාන්න පුලුවන්නේ.. කියන්නෙ ඉතිං නළුවෙක් නෙවෙයි මොළයක් කියල නේ.
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Nadaththu karala hariyata use krana ona ban owa. Dan anduwata sallit na maintain karana. Kauru kohoma kiuwat norochchole natnam lankawata current denna ba.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:

    ඕවා නඩත්තු කරන්න මතක නැහැ. රාජපක්ෂට කෙලින්නෙ කොහොමද කියල හිතහිතා ඉන්නව විතරයි. සමහර විට හිතලම එහෙම නොකර ඉන්නව ඇති එතකොට මිනිස්සු අකමැතිවුනාම ශේප් එකේ විකුණල දාන්න පුලුවන්නේ.. කියන්නෙ ඉතිං නළුවෙක් නෙවෙයි මොළයක් කියල නේ.

    :yes::yes: අනිව ..ඔය කාබන් යන්නෙ නැති වෙන්ඩ පෙරන්ඩ පුලුවන්..ඒව ඉස්සර ලස්සනට නඩත්තුකරා..දැන් නඩත්තු නැ...විකුනගෙන කන්ඩ ඔන නිසා වද රනිලට ඔව හදන් නැ..රටකට ගිය කල..වද රනිලගෙන් වෙනස බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට සතුටු ඇති දැන්..