උදවු යාලු

leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    අපි බොහෝදෙනා හොදින්ම අහලා තියෙන කාරණයක් තමයි ලේ නෑයන් අතර විවාහයන් සිදුකරන්න හොඳ නැහැ කියන එක.එත් අපි බොහෝ දෙනා එහෙම කිව්වට මේ කතාව තුලගැබ් වෙලා තියෙන් ජාන විද්‍යාත්මක පසුබිම ගැන දන්නේ නැහැ?

    මිනිසුන් තුල ප්‍රවේණීක ලක්ෂන සම්ප්‍රේෂණය වන අයුරැ......
    මිනිස් සෛල තුල ප්‍රවේණීක ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන DNA ලෙස හදුන්වනු ලබන විශේෂ අණූ වර්ගයක් පවතිනවා.මේ DNA අණූ මිනිස් සෛල තුල වර්ණදේහ විදියට සකස් වෙලා තමයි පවතින්නේ.මිනිස් සෛල තුල සාමාන්‍යයෙන් වර්ණදේහ 46 ක් නැත්නම් වර්ණදේහ යුගල 23 ක් දකින්නට ලැබෙනවා.මිනිස් කළලයක් සකස් වෙනකොට මාතෘ ජන්මාණූ වලින් එක් වර්ණදේහ කට්ටලයක් සහ පිතෘ ජන්මාණූ වලින් තවත් වර්ණදේහ ක්ට්ටලයක් දුහිතෘ සෛලවලට ලැබිම මඟින් තමයි මේ වර්ණදේහ යුගල23 සකස් වෙන්නේ.ඉතින් මේ මාතෘ සහ පිතෘ සම්භවය සහිත වර්ණදේහ යුගලවලට සමජාත වර්ණදේහ කියලත් කියනවා.
    මේ වර්ණදේහ යුගල වලින් මුල් වර්ණදේහ යුගල 22 සාමාන්‍යය දේහ ලක්ෂන පාලනය කිරිමට වැදගත් වන අතර 23 යුගලය ස්ත්‍රි පුරැෂ ලක්ෂණ පාලනය කරන්න වැදගත් වෙනවා.

    මේ වර්ණදේහ වල දේහයේ විශේෂීත ලක්ෂන පාලනය කිරිමට අවශ්‍යය වන ප්‍රෝටින නිපදවිම සදහා අවශ්‍ය්‍ය කරන කේතය එහෙමත් නැත්නම් සැලැස්ම අන්තර්ගතවන කොටස් තියෙනවා .ඉතින් මේ වගේ ප්‍රදේශ වලට තමයි අපි ජාන (genes) කියලා කියන්නේ.සාමාන්‍යයෙන් මිනිස් සෛලයක පවතින වර්ණදේහවල එකිනෙකට වෙනස් ජාන 50,000-100,000 ත් අතර ප්‍රමාණයක් පවතිනවා.කිසියම් ජානයක් සදහා පිටපත් 2ක් වර්ණදේහ යුගලය තුල අන්තර්ගත වෙනවා.
    DNA පිළිබඳ වැඩිදුර දැනගන්න...

    දේහයේ සියලුම ජානයන් ප්‍රකෘති ජානයන් ද?
    මිනිස් දේහය තුල අන්තර්ගත ජානයන්ගෙන් සියළුම ජානයන් ප්‍රකෘති තත්වයේ පවතින එවා නොවන අතර ඉන් කිහිපයක් (6-8) විකෘති නැත්නම් දෝෂ සහිතයි.නමුත් මේ විකෘති ජානයන්ගෙන් බොහෝමයක් ප්‍රකාශ නොවන තත්වයේ එහෙමත් නැත්නම් නීලින තත්වයේ පවතින එවා.එම නිසා එ ජානයන්ට අනුරැප ලක්ෂණයන් බාහිරයට දකින්ට ලැබෙන්නේ නැහැ.
    එ වගේම ජාන යුගලයෙන් ප්‍රකෘති තත්වයේ පවතින ජානය මඟින් මේ විකෘති තත්වයේ පවතින ජානයේ ලක්ෂණ යටපත්විම සිදු වෙනවා.
    වැදගත්ම කරැණ තමයි විකෘති ලක්ෂණය බාහිරයට ප්‍රකාශ වෙන්න නම් වර්ණදේහ යුගලය තුලම විකෘති ජාන පැවතිය යුතු විමයි.

    ලේ නෑයන් විවාහවිමෙන් විකෘති ජානයන්ගේ ලක්ෂණ ප්‍රකාශ වෙයි...
    ලේ නෑයන්(නෑනා-මස්සිනා) එනම් පවුල්වල කිට්ටුම පුද්ගලයන් අතර සිදුවන විවාහ වලදි මව් සහ පිය පාර්ශවය යන දෙපාර්ශයටම තුලම එකම ආකාරයක විකෘති ජාන පැවතිම නිසා උපදින දරැවන්ගේ වර්ණදේහ යුගලය තුලම විකෘති ජානය අන්තර්ගත වේ.එමනිසා විකෘති ජානයට අනුරැප ලක්ෂණය පිටතට ප්‍රකාශ වේ.

    එමෙන්ම ලේ සම්බන්ධයක් නොමැති පුද්ගලයන් තුලද විකෘති ජානයන් දක්නට ලැබුණද එකම ආකාරයේ විකෘති ජාන යුගලයක් ජනිතයින්ට හිමිවිමේ සම්භාවිතාවය(3-4%) ඉතා අඩුය.

    ලේ නෑයන් අතර විවාහයන් සිදුවිමෙන් උපදින දරැවන්ට අත්විය හැකි ඉරණම කෙබඳුද?
    ලේ නෑයන් අතර විවාහයන් සිදුවිම මඟින් උපදින දරැවන් තුල අන්ධභාවය,බිහිරිබව,මානසික වික්ෂිප්තභාවය වැනි සංකුලතාවයන් දැකිය හැකිය.එමෙන්ම මළ දරැ උපත් සිදුවිම,ගබ්සාවිම වැනි තත්වයන්ද බහුලව දැකිය හැකිය.
    වැඩිහිටිවියට පත් වු දරැවන් තුල දියවැඩියාව,රැධීරය සම්බන්ධ රෝග තත්වයන්,ලියුකේමියා වැනි පිළිකා තත්වයන් ඇතිවිම සදහාද හේතුවන බවද සොයාගෙන තිබේ.
    විශේෂයෙන් තැලසිමියාව වැනි රැධීරය සම්බන්ධ රෝග තත්වයන් ඇතිවිම සදහා පවතින අවධානම සැලකිය යුතු ලෙස වැඩිවේ.

    https://thathu.com/2015/02/24/ලේ-නෑයන්-අතර-සම්බන්ධයක්-බ/
    http://albiologysinhala.blogspot.com/2014/07/consanguineous-marriages.html
    http://hirutv.lk/blog/news/1060/ලේ-නෑයින්-අතර-සිදුවන-විවාහ-වලින්-ඉපදෙන-දරුවන්ට-දේ-මෙන්න

    ela bro thanxss hariyata pahadili karata
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    නෑනා-මස්සිනානේ. ඉස්සර කාලේ ඔහොම කසාදම තමා තිබුනේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බැන්දට අවුලක් නෑ මිනිහො ලමයි හදන එකයි අවුල් :yes: තාත්තගෙ අක්කගෙ දුව නෙමේ උඹට ඕන්නං තාත්තවත් බඳින්න තිබ්බ කොහෙද නීති වෙනස් කලානෙ :baffled: :( බැඳල ලමෙක්ව අරං හදාගනිං වැඩේ ඉවරයි :yes: නැත්තං ශුක්‍රාණු බැංකුවකිං වෙන කාගෙ හරි ශුක්‍රාණු අරගෙන ලමෙක් හදාගනිං :yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    බැන්දට අවුලක් නෑ මිනිහො ලමයි හදන එකයි අවුල් :yes: තාත්තගෙ අක්කගෙ දුව නෙමේ උඹට ඕන්නං තාත්තවත් බඳින්න තිබ්බ කොහෙද නීති වෙනස් කලානෙ :baffled: :( බැඳල ලමෙක්ව අරං හදාගනිං වැඩේ ඉවරයි :yes: නැත්තං ශුක්‍රාණු බැංකුවකිං වෙන කාගෙ හරි ශුක්‍රාණු අරගෙන ලමෙක් හදාගනිං :yes:

    :eek:appo ponnaya!!:growl:
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    උබට ඕක බදින්න හොද නැ ...ඒ නිසා උබ වෙන එකක් හොයාගෙන මට ඕක සෙට් කරහන් :P

    ආාා . ආස ඇති. එයා හරි ලස්සනයි බං. මට එහෙම බඳින්න අදහසක් තිබ්බේ නැහැ එයාව. ගෙදරින් මගුල් හොයන නිසා බැලුවේ දන්න කියන හොද ලමයෙක් ය ඒ නිසා කියලා.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අපි බොහෝදෙනා හොදින්ම අහලා තියෙන කාරණයක් තමයි ලේ නෑයන් අතර විවාහයන් සිදුකරන්න හොඳ නැහැ කියන එක.එත් අපි බොහෝ දෙනා එහෙම කිව්වට මේ කතාව තුලගැබ් වෙලා තියෙන් ජාන විද්‍යාත්මක පසුබිම ගැන දන්නේ නැහැ?

    මිනිසුන් තුල ප්‍රවේණීක ලක්ෂන සම්ප්‍රේෂණය වන අයුරැ......
    මිනිස් සෛල තුල ප්‍රවේණීක ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන DNA ලෙස හදුන්වනු ලබන විශේෂ අණූ වර්ගයක් පවතිනවා.මේ DNA අණූ මිනිස් සෛල තුල වර්ණදේහ විදියට සකස් වෙලා තමයි පවතින්නේ.මිනිස් සෛල තුල සාමාන්‍යයෙන් වර්ණදේහ 46 ක් නැත්නම් වර්ණදේහ යුගල 23 ක් දකින්නට ලැබෙනවා.මිනිස් කළලයක් සකස් වෙනකොට මාතෘ ජන්මාණූ වලින් එක් වර්ණදේහ කට්ටලයක් සහ පිතෘ ජන්මාණූ වලින් තවත් වර්ණදේහ ක්ට්ටලයක් දුහිතෘ සෛලවලට ලැබිම මඟින් තමයි මේ වර්ණදේහ යුගල23 සකස් වෙන්නේ.ඉතින් මේ මාතෘ සහ පිතෘ සම්භවය සහිත වර්ණදේහ යුගලවලට සමජාත වර්ණදේහ කියලත් කියනවා.
    මේ වර්ණදේහ යුගල වලින් මුල් වර්ණදේහ යුගල 22 සාමාන්‍යය දේහ ලක්ෂන පාලනය කිරිමට වැදගත් වන අතර 23 යුගලය ස්ත්‍රි පුරැෂ ලක්ෂණ පාලනය කරන්න වැදගත් වෙනවා.

    මේ වර්ණදේහ වල දේහයේ විශේෂීත ලක්ෂන පාලනය කිරිමට අවශ්‍යය වන ප්‍රෝටින නිපදවිම සදහා අවශ්‍ය්‍ය කරන කේතය එහෙමත් නැත්නම් සැලැස්ම අන්තර්ගතවන කොටස් තියෙනවා .ඉතින් මේ වගේ ප්‍රදේශ වලට තමයි අපි ජාන (genes) කියලා කියන්නේ.සාමාන්‍යයෙන් මිනිස් සෛලයක පවතින වර්ණදේහවල එකිනෙකට වෙනස් ජාන 50,000-100,000 ත් අතර ප්‍රමාණයක් පවතිනවා.කිසියම් ජානයක් සදහා පිටපත් 2ක් වර්ණදේහ යුගලය තුල අන්තර්ගත වෙනවා.
    DNA පිළිබඳ වැඩිදුර දැනගන්න...

    දේහයේ සියලුම ජානයන් ප්‍රකෘති ජානයන් ද?
    මිනිස් දේහය තුල අන්තර්ගත ජානයන්ගෙන් සියළුම ජානයන් ප්‍රකෘති තත්වයේ පවතින එවා නොවන අතර ඉන් කිහිපයක් (6-8) විකෘති නැත්නම් දෝෂ සහිතයි.නමුත් මේ විකෘති ජානයන්ගෙන් බොහෝමයක් ප්‍රකාශ නොවන තත්වයේ එහෙමත් නැත්නම් නීලින තත්වයේ පවතින එවා.එම නිසා එ ජානයන්ට අනුරැප ලක්ෂණයන් බාහිරයට දකින්ට ලැබෙන්නේ නැහැ.
    එ වගේම ජාන යුගලයෙන් ප්‍රකෘති තත්වයේ පවතින ජානය මඟින් මේ විකෘති තත්වයේ පවතින ජානයේ ලක්ෂණ යටපත්විම සිදු වෙනවා.
    වැදගත්ම කරැණ තමයි විකෘති ලක්ෂණය බාහිරයට ප්‍රකාශ වෙන්න නම් වර්ණදේහ යුගලය තුලම විකෘති ජාන පැවතිය යුතු විමයි.

    ලේ නෑයන් විවාහවිමෙන් විකෘති ජානයන්ගේ ලක්ෂණ ප්‍රකාශ වෙයි...
    ලේ නෑයන්(නෑනා-මස්සිනා) එනම් පවුල්වල කිට්ටුම පුද්ගලයන් අතර සිදුවන විවාහ වලදි මව් සහ පිය පාර්ශවය යන දෙපාර්ශයටම තුලම එකම ආකාරයක විකෘති ජාන පැවතිම නිසා උපදින දරැවන්ගේ වර්ණදේහ යුගලය තුලම විකෘති ජානය අන්තර්ගත වේ.එමනිසා විකෘති ජානයට අනුරැප ලක්ෂණය පිටතට ප්‍රකාශ වේ.

    එමෙන්ම ලේ සම්බන්ධයක් නොමැති පුද්ගලයන් තුලද විකෘති ජානයන් දක්නට ලැබුණද එකම ආකාරයේ විකෘති ජාන යුගලයක් ජනිතයින්ට හිමිවිමේ සම්භාවිතාවය(3-4%) ඉතා අඩුය.

    ලේ නෑයන් අතර විවාහයන් සිදුවිමෙන් උපදින දරැවන්ට අත්විය හැකි ඉරණම කෙබඳුද?
    ලේ නෑයන් අතර විවාහයන් සිදුවිම මඟින් උපදින දරැවන් තුල අන්ධභාවය,බිහිරිබව,මානසික වික්ෂිප්තභාවය වැනි සංකුලතාවයන් දැකිය හැකිය.එමෙන්ම මළ දරැ උපත් සිදුවිම,ගබ්සාවිම වැනි තත්වයන්ද බහුලව දැකිය හැකිය.
    වැඩිහිටිවියට පත් වු දරැවන් තුල දියවැඩියාව,රැධීරය සම්බන්ධ රෝග තත්වයන්,ලියුකේමියා වැනි පිළිකා තත්වයන් ඇතිවිම සදහාද හේතුවන බවද සොයාගෙන තිබේ.
    විශේෂයෙන් තැලසිමියාව වැනි රැධීරය සම්බන්ධ රෝග තත්වයන් ඇතිවිම සදහා පවතින අවධානම සැලකිය යුතු ලෙස වැඩිවේ.

    https://thathu.com/2015/02/24/ලේ-නෑයන්-අතර-සම්බන්ධයක්-බ/
    http://albiologysinhala.blogspot.com/2014/07/consanguineous-marriages.html
    http://hirutv.lk/blog/news/1060/ලේ-නෑයින්-අතර-සිදුවන-විවාහ-වලින්-ඉපදෙන-දරුවන්ට-දේ-මෙන්න

    ස්තූතියි මචං මේ දැනුවත් කිරීමට. ළමයි ගැන හිතන්න ඕන.