🪐 Podi story ekak matak wuna mitto!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඔන්න මට ත් Podi story එකක් මතක් වුණා (මටත් වලතර දෙයියන්ගේ හාල් කැවිලද දන්නෑ :P) අර මගේ යාළුවෙක්ගේ මැරෙණ දවස කියපු සිද්ධිය වෙලා මාස හතරකට පහකට පස්සේ තමයි මේ සීන් එක වුණේ. (පරණ සිද්ධිය නොදන්නා අයට ඔන්න ඒ link එකත් මෙතනම දාන්නම්.)

    🪐 මැරෙන දවස කලින් කිවහැකි ද?

    අපේ ගම් පළාතේ අක්කා කෙනෙකුට විවාහ යෝජනාවක් ඇවිත් එයාලගේ ගෙදර අය පොරොන්දම් බලවලා තිබුණා. 85% ක්ම සීහෙන නිසා විවාහය කරමු කියලා දෙපාර්ශවයේ කට්ටිය මඟුල තීන්දු කරගත්තා. ඒ අක්කගේ තාත්තා අපේ තාත්තගේ හොඳ යාළුවෙක් නිසා ඉඳ හිට අපේ ගෙදර එනවා ඒ දවස්වල. ඒ කාලේ වෙනකොට මම ජ්‍යෝතිෂ්‍යය ගැන දන්නවා කියලා හතර දිග්බාගේ පැතිරිලා තිබ්බේ. ඉතින් ඒ uncle අපේ තාත්තට කියලා එයාගේ දුවගෙයි මනමාලයගෙයි කේන්දර දෙක මට කියලා බලවා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. අපේ තාත්තා ඒකට එච්චර සතුටු වුණේ නෑ. ඒත් යාළුවා නිසා බලවා ගනින් කියලා තියෙනවා. ඉතින් දවසක් ඒ uncle මට කේන්දර දෙක දීලා පොරොන්දම් පරික්ෂා කරන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා. මමත් පුළුවන් කියලා කේන්දර දෙකේ පොරොන්දම් බැලුවා. 20 න් 17 ක්ම ගැළපෙනවා. ඒ වුණත් මගේ හිතට මහා අමුත්තක් දැනෙනවා වගේ. ඒ නිසා කේන්දර දෙකේ ග්‍රහ බල වෙන වෙනම පරික්ෂා කරලා බැලුවා. එතකොට මට තේරුණා මේ මඟුල වැඩි කලක් පවතින එකක් නෙමෙයි කියලා. දැන් මට මේක අර මනුස්සයාට කියාගන්න විදිහකුත් නෑ. ඇයි ඉතින් වැඩේ තීන්දු කරලත් ඉවරනේ. කළින් පොරොන්දම් බලපු කෙනාත් ප්‍රදේශයේ හොඳ ප්‍රසිද්ධියක් තිබුණු විශ්‍රාමික විදුහල්පති වරයෙක්. ඒ මනුස්සයා කියලා තිබ්බේ පොරොන්දම් හොඳටම ගැළපෙන නිසා කිසිම ගැටළුවක් නෑ විවාහය ශුභයි කියලා. මම මේ A/L කරලා results එනකම් ගෙදරට වෙලා හිටපු පොඩි කොල්ලෙක් නේ. මම ඉතින් දහ අතේ කල්පනා කරලා අන්තිමට ඕන මඟුලක් වෙයන් කියලා හිතාගෙන මිනිහගේ හිතත් නොරිදවා සිද්ධිය ව්‍යංගයෙන් කියලාදානවා කියලා හිතාගත්තා. ඒ වෙලාවේ එයා අපේ තාත්තා එක්ක කතාවක් දාගෙන හිටියේ. මම කිවුවේ මෙහෙමයි,
    "මාමේ, මේ කේන්දර දෙකේ පොරොන්දම් නම් හොඳටම ගැළපෙනවා. ඒත් ඉතිං පොරොන්දම් කියන්නේ හැම දේම නෙමෙයිනේ නේද!"
    කියලා කේන්දර දෙක එයාගේ අතේ තියලා තාත්තා දිහාත් හොර බැල්මක් දාලා හෙමීට එතනින් මාරු වුණා.
    uncle ගියායින් පස්සේ මම තාත්තට විස්තරේ කිවුවා. පුතා ඒක කියපු විදිය හොඳයි කියලා තාත්තා මට පොඩි ඇගයීමකුත් දුන්නා.
    අන්තිමට විවාහය නම් සිද්ධවුණා. ඒත් විවාහ වෙලා මාස තුන හතරකින් විතර ඒ අක්කගේ මහත්තයා Dubai ගියා job එකකට. ගියා ගියාමයි අදටත් පොර missing :shocked:

    sudar.JPG

    අවුරුදු කීපයකට පස්සේ ඒ අක්කා දෙවෙනි විවාහයක් කරගෙන දැන් ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙවෙනි විවාහයේ පොරොන්දම් බැලුවේ මම :cool: ඒ වෙද්දී මම UK වල හිටියේ. කොහොම හරි මටම කියලා බලවා ගන්න ඕන කියලා කේන්දර copies post එකේම එවලා තිබ්බා.
    --
    පොරොන්දම් පරික්ෂාව කියන්නේ පරික්ෂාව කරන ජ්‍යෝතිර්වේදියාට ලොකු අභියෝගයක්. බැඳපු උන් දෙන්නා මොකක් හරි පිස්සුවක් කෙළගෙන කසාදෙ බිඳ ගත්තත් පොරොන්දම් බලපු මිනිහා ඉවරයි. ඒ නිසා මේක බරපතළ වැඩක්. දැනට ලියාගෙන යන නැකැත් ගැන විස්තර සම්පුර්ණ කළාට පස්සේ පොරොන්දම් බැලීම ගැන ලිපි කීපයක් ලියන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ කාලයත් එක්ක කරගන්න පුළුවන් වෙයිද කියලා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    Thama owa wiswasa karana minissu lankawe innakam ithin me wage ratawal walata goda emak na
    ඕවා විශ්වාස කරන නිසා ද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ? :confused:
     
    • Like
    Reactions: DHE and NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,647
    5,973
    113
    @ගෙදර

    View attachment 200026
    අවුරුදු කීපයකට පස්සේ ඒ අක්කා දෙවෙනි විවාහයක් කරගෙන දැන් ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙවෙනි විවාහයේ පොරොන්දම් බැලුවේ මම :cool: ඒ වෙද්දී මම UK වල හිටියේ. කොහොම හරි මටම කියලා බලවා ගන්න ඕන කියලා කේන්දර copies post එකේම එවලා තිබ්බා.
    --
    පොරොන්දම් පරික්ෂාව කියන්නේ පරික්ෂාව කරන ජ්‍යෝතිර්වේදියාට ලොකු අභියෝගයක්. බැඳපු උන් දෙන්නා මොකක් හරි පිස්සුවක් කෙළගෙන කසාදෙ බිඳ ගත්තත් පොරොන්දම් බලපු මිනිහා ඉවරයි. ඒ නිසා මේක බරපතළ වැඩක්. දැනට ලියාගෙන යන නැකැත් ගැන විස්තර සම්පුර්ණ කළාට පස්සේ පොරොන්දම් බැලීම ගැන ලිපි කීපයක් ලියන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ කාලයත් එක්ක කරගන්න පුළුවන් වෙයිද කියලා.
    මටත් කියන්න දෙයක් තියෙනවා මේ වගේ දෙයක් සම්බන්ධව අද වුන අනතුරක් සම්බන්ධයෙන්...
    කිව්වොත් කට්ටිය ටිපර් පාර්ක් කරනවා ඒ නිසා නොකියා ඉන්නම් :(
     
    • Like
    Reactions: Tz4400 and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මටත් කියන්න දෙයක් තියෙනවා මේ වගේ දෙයක් සම්බන්ධව අද වුන අනතුරක් සම්බන්ධයෙන්...
    කිව්වොත් කට්ටිය ටිපර් පාර්ක් කරනවා ඒ නිසා නොකියා ඉන්නම් :(
    මොකක්ද සීන් එක? කියන්න අපිටත් දැනගන්න
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,647
    5,973
    113
    @ගෙදර
    මොකක්ද සීන් එක? කියන්න අපිටත් දැනගන්න
    Machan daruwakge kendarya nisa piyata maraka apala athi wenna pluwnda?
    9 weni kotuwa ne piya gana kiyanne.
    ada ara accident eka nisa mta nikamata hithuna deyak :(
     
    Last edited:
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    Machan daruwakge kendarya nisa piyata maraka apala athi wenna pluwnda?
    9 weni kotuwa ne piya gana kiyanne.
    ada ara accident eka nisa mta nikamata hithuna deyak :(
    ගොඩක් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මම ඉගෙනගත්ත ජ්‍යොතිශ්‍ය ට අනුව නම් දරුවෙකුගේ කෙන්දරෙන් දෙමව්පියන්ට මාරක අපල ඇතිවෙන්නේ නැහැ. ඔතනදි වෙන්නේ දෙමව්පියන්ට තියෙන මාරක දරුවන්ගේ කේන්දර වලින් පෙන්නුම් කරන එක විතරයි
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,647
    5,973
    113
    @ගෙදර
    ගොඩක් වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මම ඉගෙනගත්ත ජ්‍යොතිශ්‍ය ට අනුව නම් දරුවෙකුගේ කෙන්දරෙන් දෙමව්පියන්ට මාරක අපල ඇතිවෙන්නේ නැහැ. ඔතනදි වෙන්නේ දෙමව්පියන්ට තියෙන මාරක දරුවන්ගේ කේන්දර වලින් පෙන්නුම් කරන එක විතරයි
    මම දන්න කෙනෙක්ට මේ වගේ දෙයක් වුනා...එතකොට ඒ ගෙවල් වල මිනිස්සු දරුවගේ කේන්දර බලලා මූසල කමට එහෙම වුනා කියලා (ලමයාගේ අම්මා ඇරෙන්න) පොඩි කාලේ ඉදන් වෙනස්කම් කලා...ඉස්සර ගම් වල අයගේ හැටි දන්නවනේ...ඒ නොදරුවා ඇත්තටම පලි නැහැනේ.ඉතිං ඒකයි මම මෙහෙම ඇහුවේ.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මම දන්න කෙනෙක්ට මේ වගේ දෙයක් වුනා...එතකොට ඒ ගෙවල් වල මිනිස්සු දරුවගේ කේන්දර බලලා මූසල කමට එහෙම වුනා කියලා (ලමයාගේ අම්මා ඇරෙන්න) පොඩි කාලේ ඉදන් වෙනස්කම් කලා...ඉස්සර ගම් වල අයගේ හැටි දන්නවනේ...ඒ නොදරුවා ඇත්තටම පලි නැහැනේ.ඉතිං ඒකයි මම මෙහෙම ඇහුවේ.
    පව්. අහිංසක ළමයි මොනවා කරන්නද? ගොඩක් අයට ජෝතිෂ්‍ය ගැන හරි අවබෝධයක් නෑ කියන එක තමයි පෙන්න තියෙන්නේ
     
    • Sad
    Reactions: LZP1992