ආසියාවෙන් හොඳම ඇඟට රන් පදක්කම දිනූ පුෂ්පරාජ්ට අපේ අයගෙන්ම වෙනස්කමක් - පදක්කම පිලිගන්න බෑ කියයි
දකුණේ කොරියාවේ සෝල් අගනුවර 51 වන වරට පැවති මිස්ටර් ඒෂියා කාය වර්ධන තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු වන ලූෂන් පුෂ්පරාජ්ගේ ජයග්‍රහණය නිල ජයග්‍රහණයක් නොවන බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු ඇතුළු ඉහළ නිළධාරීන් පිරිසක් පවසනවා.
කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ඇතුලු නිළධාරීන් පවසන්නේ පුෂ්පරාප් සහභාගී වී ඇත්තේ ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් සංවිධානය කර තිබූ තරඟයකට නොවන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේදී පුෂ්පරාජ් විසින් රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට සහභාගී වී ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය එරෙහිව විවේචන එල්ල කිරීම හේතුවෙන් ඔහුව ජීවිතාන්තය දක්වා තරඟ තහනමකට ලක්ව ඇතැයිද එම සම්මේලනය විසින් පවසා තිබෙනවා.
51 වන වරට පැවති මෙම තරඟාවලිය සඳහා රටවල් 26කින් ක්‍රීඩකයින් 350ක් පමණ සහභාගී වූවා. අතිශය තරගකාරී එම තරගාවලියේදී ලූෂන් පූෂ්පරාජ් කිලෝග්‍රෑම් 100 බර පන්තියේ රන් පදක්කම හා බර පන්ති 8කින් සමන්විතව පැවති සමස්ථ තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්වුණා.
2014 වසරේ කොළඹදී පැවති ආසියානු අයෝමය පුරුෂයා තේරීමේ තරඟාවලියේදීද ඔහු රන් පදක්කම දිනාගැනීමට සමත්වූ අතර 2013දී ශ්‍රී ලංකාවේ අයෝමය පුරුෂයා ලෙසින් රන් පදක්කම් දිනාගැනීමටද පුෂ්පරාජ් සමත්වුණා.
කෙසේ නමුත් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ දුර්වලතා මාධ්‍ය ඉදිරියේ පෙන්වා දී ඇති නිසා මෙම දක්ෂයාට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය මගින් ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීම ජාත්‍යන්තරයේ පිළිගත් ක්‍රිඩාවකින් ශ්‍රී ලංකාවට විශාල කිර්තීයක් ගෙන ඒමට තිබු ක්‍රිඩකයෙකු රටට අහිමි කර ගැනීමක් බව රසිකයන් පෙන්වා දෙනවා.
NETHNEWS
proud to be a sri lankan
Last edited:




