2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ අහලා තියෙනවද දීපිකා ප්‍රියදර්ශනී ගායනා කරන "රන් සමනලයෙක් ඇයගේ මුහුනේ පැණි බොන්නට ඇවිදින්" කියන ගීතය.අහලා නැත්නම් අහලා බලහන්.
    අහල නෑ නෙ බන් ඇහුවෙත් අදමයි :oo:

    රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින්
    කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ
    ඇයගේ ගීයෙන්
    මත් වූ කොවුලන්
    ඈ ළඟටම ඇවිදින්
    කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ

    මොණරෙක් නැති වුන සිකිපිල් සොයමින් ඇයගේ වරළ සිඹී
    ඒ මොණරා හට තතු පහදන්නේ මොන විදිහට අපී
    නා ගස නාදළු නරඹයි ඇයගේ තොල්පෙති වෙතට එබී
    අනේ අහිංසක නාගස ඇය හට රැවටී තිබෙන හැටී

    විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි
    දෑතින් සිය ළැම මඬල වසාගෙන විලියෙන් ඇය ඇඹරෙයි
    කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි
    මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි

    රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින්
    කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ
    ඇයගේ ගීයෙන්
    මත් වූ කොවුලන්
    ඈ ළඟටම ඇවිදින්
    කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ