චව් චව්

signshop

Well-known member
  • May 30, 2011
    12,138
    8,776
    113
    Dubai
    ලෙඩ දුක් රැසකට ගුණ දෙන “චව් චව්”

    chow-chow.jpg


    ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග රැසක් මැඩලීම සඳහා උපකාරී වෙයි.
    ගමේ ‍පොළොස් ගෙඩිය, පැ‍පොල් ගෙඩිය, කෙසෙල්මුවය, කැකිරි ගෙඩිය, අලු කෙසෙල්, තුඹ කරවිල, පලා කොළ මිටිය ආදි ආහාර වර්ග කීපයක් පමණක් ඉතිරි කරමින් මේ ජානගත ආහාර හා කෘත්‍රිම වස වසංගතය රට පුරා පැතිර ගොස් ඇති අවධියක තවත් මහඟු ඔසු ගුණ පිරි ආහාරයක් පිළිබඳව තොරතුරු මෙවර විමසා බලමු. මේ වැඩි මිලක් වැය නොකර ලබා ගත හැකි ‘චව් චව්’ පිළිබඳවයි.

    “චව් චව්” ආහාරයට ගත හැකි ක්‍රම
    * මැල්ලුම
    * ඇඹුල
    * කිරට
    * මිරිසට
    * කොස් ඇට සමග
    * පරිප්පු සමග

    හොඳම ගුණදායක එළවළුවක්

    සංතෘප්ත මේදය නැති 94%ක්ම ජලය අඩංගු “චව් චව්” ග්රෑම් 100ක අඩංගු ශක්තිය කිලෝ කැලරි 16කි. ‍පෝෂණවේදීන්ට
    අනුව “සිරුරේ බර වැඩිවීම පාලනයටත් කොලෙස්ටරෝල් අඩු කිරීමටත් හොඳම එළවළුවකි චව් චව්” රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමටත් හදවත සුවපත්ව තබා ගැනීමටත් ‍පොටෑසියම් බහුල ආහාර පානවලින් මනා සහයක් ලැබේ. “චව් චව්” ග්‍රෑම් 100ක ‍පොටෑසියම් මිලිග්‍රෑම් 155ක් අඩංගු වන බැවින් රුධිර පීඩනය සමනය කර හදවත සුරැකීමට ඉන් ලබාගත හැකි ඔසු ගුණය අසීමිතය. ඉන්දුනීසියානු සාම්ප්‍රදායික වෙදකමට අනුව දෙහි යුෂ මිශ්‍ර කළ “චව් චව්” යුෂ අඬු කෝප්ප දෙකක් බැගින් දිනපතා උදේ සවස දෙසතියක් බොන්නට දීමෙන් රුධිර පීඩනය මනාව පාලනය වේ. තන්තුවලින් පරිපූර්ණ ආහාරයක් වන “චව් චව්” ගෙඩියක ආහාරමය තන්තු ග්‍රෑම් 3, 4ක් පමණ අන්තර්ගතවේ. මෙම ප්‍රමාණය මිනිස් සිරුරකට දිනකට අවශ්‍ය තන්තු ප්‍රමාණය මෙන් 14%කි. මේ අනුව ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයටත්, බඩවැල්වල හටගන්නා
    පිළිකා අවදානමෙන් මිදිමටත්, මළ බද්ධය හා අර්ශස් රෝග මැඩ පැවැත්වීමටත් “චව් චව්” තරම් අගනා ආහාරයක් නොමැති බව ආසියානු රටවල පාරම්පරික වෙදැදුරන්ගේ මතයයි.

    අස්ථිවල නිරෝගී බවටත් කදිමයි

    “චව් චව්” ආහාරයට ගැනීමෙන් අස්ථිවල නිරෝගී බවද සුරැකේ. ඊට බලපාන්නේ “චව් චව්”වල කැල්සියම්, මැග්නීසියම් හා විටමින් බහුලව අන්තර්ගත වීමයි. මේ නිසාම දේශීය කැඩුම් බිඳුම් වෙදැදුරන් අස්ථි බිඳීම්වලදී “අස්ථි මෙලෙක් කර මනා ලෙස පෑහීමට “චව් චව් ඇට” ඖෂධ සඳහා යොදාගනී.

    විටමින් වර්ග බහුලයි
    “චව් චව්”වල තයමින් (විටමින් E1), රයිබෝප්ලෙවින් (විටමින් E2), නියැසින් (විටමින් E3), පැන්ටොතෙනික් අම්ලය (විටමින් E5), පිරිටොක්සින් (විටමින් E6) ආදී බි කාණ්ඩයේ විටමින් ‍පෝෂණ බහුලව අඩංගුය. ඊට අමතරව විටමින් C, විටමින් E හා විටමින් K වලින් “චව් චව්” ‍පොහොසත්ය.

    “චව් චව්” කොළ තම්බා පානය කිරීමෙන් ලැබෙන ගුණ “චව් චව් හා පත්‍රවලින් සාදන කසාය හෝ පානය චව් චව් වැ‍ලේ කොළ තම්බා “තේ” වෙනුවට පානය කළ හැක. ඒ තුළින් සිරුරට ලැබෙන මහඟු ගුණ මෙසේය.
    * අධික රුධිර පීඩනය පාලනය වීම.
    * වකුගඩු ගල් දියවීම.
    * අධික රුධිර පීඩනයට හා හෘදයාබාධවලට කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ්, රුධිර නාලවල කැල්සියම් බැඳීමෙන් සිදුවන රුධිර නාල ඝන වීමේ රෝග තත්ත්වය මනාව පාලනයවේ.

    ගැබිනි මව්වරුන්ටත් ඉතා ගුණදායකයි

    “චව් චව්” ග්‍රෑම් 100කින් ගැබිනි මවකගේ ෙදෙනික ෆෝ‍ලේට් අවශ්‍යතාවෙන් 25%ක් ලැබෙයි. මේ අනුව ගැබිනි මව්වරුන්ට වෙළෙඳපළේ ඇති ෆෝ‍ලේට් අඩංගු අමතර රසායන ද්‍රව්‍යයන්ගෙන්ද සරු කොට ඇති ප්‍රියමනාප ඇසුරුම්වලින් එන කෘත්‍රිම ඖෂධ වර්ග වෙනුවට “චව් චව්” සතියකට තුන් හතර වතාවක් ආහාරයට ගැනීම මොනතරම් යහපත්ද ?

    පිළිකා අවදානම වළක්වන්නටත් වයසට යාම පාලනය කරන්නටත් කදිමයි

    “චව් චව්” ආහාරයට ගැනීමෙන් හා එහි පත්‍ර තේ මෙන් තම්බා බිමෙන් “පිළිකා මැඩලන ශක්තියත්, වයසට යාම පාලනය කරන ශක්තියත්” ලැබේ. ඊට බලපාන ශාක රසායනිකයක් වන Asapigenin luteolin වැනි ෆ්ලෙවර්නොයිඩ් හා ‍පොලි ෆිනේලික ප්‍රතිඔක්සිකාරකයන් “චව් චව්” වල යහමින් අඩංගුය.

    “චව් චව්” ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු අය

    හන්දිගත රූමැටික (Rheumatoid Arthritis) රෝගීන්ට “චව් චව්” ‍පොටෑසියම් අධික ආහාරයක් බැවින් ආහාරයට ගැනීම සුදුසු නොවේ.


    Source: Lakbima

    මේ චව් චව් ගැන ඉස්සර මට මතකයි අපේ ආච්චි අපිට කියලා තියෙනවා. සතියකට දෙතුන් පාරක් මේ වගේ එලවළු කෑවොත් ගොඩක් ලෙඩ වලින් බේරෙන්න පුළුවන් කියලා. දැන් පරම්පරාවේ මිනිස්සු මේ වගේ දේවල් කන්නේ නෑ චව් චව් පොෂ් නොවෙන නිසා. මිනිස්සු පොෂ් වෙන්න KFC, Pizza Hut වගේ අනම් මනම් රෙද්දවල් කාලා ලෙඩ ගොඩවල් ඇගට බලෙන් දා ගන්නවා. පුළුවන්නම් සතියකට දෙතුන් පාරක් මෙන්න මේ වගේ දේවල් කෑමට එකතු කර ගන්න බලපල්ලා. සතියේ පොලට ගියා නම් මේ වගේ එලවළු හොයා ගන්න එක අමාරු වෙන්නේ නෑ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,776
    113
    Dubai
    අදමයි ඇහුවේ .. මේකේ එනගලිෂ් නම දන්නවද ?

    55_1375434130.jpeg

    හප්පටසිරි උඹ මේ චව් චව් ගැන දන්නේ නැද්ද? කොහෙද බන් උඹ ඉන්නේ? :shocked:

    Chayote

    chayote_20160208_360_630.jpg



    ඔක්කෝටම සැලකුවා++
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    හප්පටසිරි උඹ මේ චව් චව් ගැන දන්නේ නැද්ද? කොහෙද බන් උඹ ඉන්නේ? :shocked:

    Chayote



    ඔක්කෝටම සැලකුවා++

    :no: .. food city ඇති නේ ..බලන්න ඕනේ ..කාලා නැ ..