“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
“කුඹියෝ” ටීවී සිරිස්

“කුඹියෝ” ටීවී සිරිස් - සීසන් 1

කුඹියා කියන්නේ පොඩි සතෙක්. ඒත් ඌගේ වැඩ පොඩි නැහැ. “කුඹියෝ” ප්‍රධාන චරිතයත් ඒ වගේ. අහිංසක චරිතයක් වගේ පෙනුනත්.... සමාජයේ වැඩි කැපී පෙනීමක් නැති චරිතයක් වුනත් එල්ල කරන්න පුළුවන් බලපෑම ප්‍රබලයි.

කුඹියෝ කතාව ගොඩනැගෙන්නේ අපරාධකාර මොළකාරයෙක් ඒ කියන්නේ Criminal master minder කෙනෙක් වටා. මුදලට අපරාධ කරන එකයි ඔහුගේ රැකියාව. හැබැයි ඔහු ලේ හැලෙන අපරාධ සිදු කරන්නේ නැහැ. උදාහරණයක් විදියට එක්තරා දේශපාලකයෙක්ට අවශ්‍ය වෙනවා ඔහුගේ ජිවිතයට අනවශ්‍ය බලපෑම් එල්ල කරන මාධ්‍යවේදියෙක් නිහඬ කරන්න, ඒත් ඔහුට හිරිහැර නොකර. ඒ වගේ අවස්ථා උපක්‍රමිකව විසඳා දීමයි අපේ ප්‍රධාන චරිතයේ රැකියාව. මේ ඇවිල්ලා තනිකරම මොළෙන් කරන ගේම් එකක්. ඔහු වටා තමයි “කුඹියෝ” ගොඩ නැගෙන්නේ. ජෙහාන් කියන ඒ චරිතයට පණ පොවන්නේ රංගන ශිල්පී තුමිඳු දොඩන්තැන්න.

“පායනා කාලේදී රෑ දවල් මහන්සි වී” කවියේ අග ඉදන් මුලට තියෙන්නේ මේ ගේම්කාරයාගේ ජිවිතේ.

රංගන දායකත්වය :
තුමිඳු දොඩන්තැන්න, කලණ ජයනාත්, යුරේනි නොෂිකා තමයි ප්‍රධාන භූමිකා තුන. ඊට අමතරව ඇන්ඩෘ පුල්ලේ, සේනක ඇන්තනි,පරාක්‍රම ජයසිංහ,ඩබ්.ජයසිරි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, ජගත් මනුවර්ණ, විශ්වජිත් ගුණසේකර, රම්‍යා වනිගසේකර, නෙතලි නානායක්කාර, මොරින් චාරුණි,උදාර අබේසුන්දර, තුසිත් ලක්නාත්,බුද්ධික ජයරත්න, බන්දුල සූරියබණ්ඩාර, නිශාන්ත ප්‍රියදර්ශන

කුඹියෝ
පිටපත් රචනය ලක්මාල් ධර්මරත්න/දමිත චන්ද්‍රසිරි
කැමරා අධ්‍යක්ෂණය මැක්ලේන් ඇඩම්ස්
සංස්කාරක දමිත චන්ද්‍රසිරි
සංගීත අධ්‍යක්ෂ අචල සොලමන්, තිස්ස සුරේන්ද්‍ර
දෘශ්‍ය ප්‍රයෝග නසාෆි මොහොමඩ්

mirror art / saravita

සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකේම රාත්‍රී 8 ට ස්වාධින රුපවාහිනියේ

17884202_411613365862999_1944398964143454133_n.jpg


2017-08-22-ent-141.jpg


















 
Last edited:

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
patta kathawa ban. jehan pattata ragapanawa. priyantha mahaulpatha maru dial eka. sehenna kalekata apu hodama drama ekak wei. lankawe inna hodama actors lath innawa. jackson karayath inna thibbe. :)
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197
    113
    මෙතක් කතාව සුපිරියි
    එත් පස්සේ පස්සේ හිට් වැඩිවෙනකොට කතාව බඩවැල වගේ අදියිද දන්නේ නෑ
     

    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    එල story එකක් බං. ඊයෙ office එකේ ඉන්න ගමන් 1st episode එක නිකමට බැලුව. අන්තිමට දන්නෙම නැතුව 6ම බලල ඉවර කරා. පට්ට!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙතක් කතාව සුපිරියි
    එත් පස්සේ පස්සේ හිට් වැඩිවෙනකොට කතාව බඩවැල වගේ අදියිද දන්නේ නෑ


    ඕක එච්චර දිග නෑ

    පත්තර බිස්නස් එක කෙලවෙනවා බස් කාරයෝ එක්ක වලියක් දාන් බස් සංගමේ ගේම ඇදලා

    ඊට පස්සේ මුන් කෝටිපතියෙක්ගේ ජගුවර් එකක් සීස් කරන්න ප්ලෑනක් ගහලා දෙනවා ලීසින් කාරයන්ට සුද්දෙකුයි සුද්දියෙකුයි දාලා

    ඒකෙන් පස්සේ ජේවීපී එකෙන් එනවා මුන්ගෙන් උපදෙස් ගන්න ලොකු ලොකු ගේම් වලට. අන්තිමට මූ ඒවගේ ලොකු ගේම් වලට කන්සල්ට් කරන එකෙක් වෙනවා

    එතනින් කතාව ඉවරයි


    ඕක පරන කතාවක් මම කලින් බැලුවා
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මරුසිරා;22234472 said:
    බොහොම ආලේකින් නයිටිඑන් එකේ යන එකක් බලන්න ගත්තේ ඕක නිසාමයි :lol:
    ;);)

    set ekama beluwa eka digatama patta kathawak wage danenawa. meka eka digata adin nathiwa lassanata iwara karoth maru.

    සීසන් 01 කොටස් 56-57 වගේ තියෙන්නේ

    patta kathawa ban. jehan pattata ragapanawa. priyantha mahaulpatha maru dial eka. sehenna kalekata apu hodama drama ekak wei. lankawe inna hodama actors lath innawa. jackson karayath inna thibbe. :)

    තුමිඳු කියන්නේ රංගනය විෂයක් ලෙස විධිමත්ව හැදෑරු තවමත් අධ්‍යන කටයුතු වල නිරතවෙලා ඉන්න අත් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම විශ්ව විද්‍යාල කථීකාචාර්යවරයෙක්

    Original ITN Channel eka HD videos thiyeddi me ube kotuwaka thiyena redda balanna pissuda oi..

    මම පහුගිය කොටස් ටික දැම්මේ කට්ටියට කතාව ගැන අදහසක් ගන්න මට ඇති චැනල් නැහැ උඹ නොකියා කියන්නේ මගේ චැනල් එකක් ප්‍රමෝට් කරන්න හදනවා කියලද ? :lol::lol::lol:

    එල story එකක් බං. ඊයෙ office එකේ ඉන්න ගමන් 1st episode එක නිකමට බැලුව. අන්තිමට දන්නෙම නැතුව 6ම බලල ඉවර කරා. පට්ට!

    රත්තරං;22235023 said:
    ඕක එච්චර දිග නෑ

    පත්තර බිස්නස් එක කෙලවෙනවා බස් කාරයෝ එක්ක වලියක් දාන් බස් සංගමේ ගේම ඇදලා

    ඊට පස්සේ මුන් කෝටිපතියෙක්ගේ ජගුවර් එකක් සීස් කරන්න ප්ලෑනක් ගහලා දෙනවා ලීසින් කාරයන්ට සුද්දෙකුයි සුද්දියෙකුයි දාලා

    ඒකෙන් පස්සේ ජේවීපී එකෙන් එනවා මුන්ගෙන් උපදෙස් ගන්න ලොකු ලොකු ගේම් වලට. අන්තිමට මූ ඒවගේ ලොකු ගේම් වලට කන්සල්ට් කරන එකෙක් වෙනවා

    එතනින් කතාව ඉවරයි


    ඕක පරන කතාවක් මම කලින් බැලුවා

    :shocked::shocked: කලින් ටිවි එකේ ගියාද බං
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    මම හිතන්නේ කලින් කොටස් 5 පිටපතක් ලියුවා කියන්නේ 2013 කරපු ෂුට් එක වෙන්න ඕනා. දැන් ටිවි එකේ යන සීරිස් 01 කොටස් 56-57 තියෙනවා කියනවා. ඒ කියන්නේ මේ DVDRip දිගුවක් තමයි දැන් විකාශනය වෙන්නේ :):)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    කියෙව්වම බලන්න ආස හිතුනා. ඇක්ටින් හොඳද?
    ලෝකාන්තරයෝ කතාවත් හොඳයි කියලා යාළුවෙක් කිව්වා. කතාවෙ කොටස් කීපයක් බැලුවා හොඳ තියරියකට යනවා හැබැයි ඇක්ටින් හරි නෑ බන්. ලංකාවේ අළුත් නළු නිලියන්ගෙ ඇක්ටින් හරි නෑ බන්