සිරාවටඑක දවසයි ලක්ෂ 15 ක් ඉවරයි. එකත් නය වෙලා ගත්තු සල්ලි.
මෝඩ සිංහල ගොබිලු. ගොඩ යන්නේ නැති එක අහන්නත් දෙයක් ද
ටීවී වල ඉන්න උන් තමා හැමදාම ඕව පෙන්නලා මිනිස්සු අවුස්සන්නේ. අපේ උන්ටත් ඉතින් ටීවී ඒකෙ පෙන්නන විදිහට ඕනේ මගුල් කන්න.kellek wath nathi un thamai oya wage pora talk denne![]()

එක දවසයි ලක්ෂ 15 ක් ඉවරයි. එකත් නය වෙලා ගත්තු සල්ලි.
මෝඩ සිංහල ගොබිලු. ගොඩ යන්නේ නැති එක අහන්නත් දෙයක් ද

මේ දිනවල මාගේ සැප දුක කෙසේදැයි අසන්නට කවුරුවත් නැත. ‘උදේට කාල ද ඉන්නේ?’ යැයි කවුරුවත් අසන්නේ නැත. වියදමට සල්ලි තියෙනවා දැයි කවුරුත් අසා නැත. සියල්ල හොඳින් දැයි අසනා කෙනෙකු නැත. ඒත් ”බඳින්නේ කවද්ද? කේක් කෑල්ලක් කන්න වෙන්නේ කවද්ද? දැන් වයසත් හරි නේද? කපල් ෆොටෝ එකක් දාන්නේ කවද්ද? පිළිවෙළක් වෙන්න අදහසක් නැද්ද? හැමදාම ඔහොම ඉඳලා බෑ නේද? මේ ගෙදර තනියම ඉන්නේ කොහොමද? වෙඩින් එක අපටත් කියනවද? දැන් එක්කෙනෙක් හොයාගෙනද ඉන්නේ? හොඳ කෙනෙක් බලන්නද?” වැනි ම`ගුල් ප්‍රශ්න අසනා පිරිස එකතු කළහොත් නුවර පෙරහරටත් වඩා දිගු වනු ඇත. ගාලූ මුවදොර පිටිය පුරවන්නට හැකි වනු ඇත. ඒ තරම් මාගේ විවාහය පිළිබඳව මටත් වඩා උනන්දු වෙන්නන් බොහෝය.
මාගේ විවාහය කෙසේ වෙතත් ලංකාවේ දැන් ම`ගුල් කෑමද විලාසිතාවකි. ණය වී හෝ ගිතෙල් කන්න යැයි කියූ චාර්වකවාදීන් මෙන් ණය වී හෝ ම`ගුල් කන්න යැයි පවසන්නට සිදු වී ඇත. නිවාස ණය, වාහන ණය, කර්මාන්ත ණය, අධ්‍යාපන ණය අතරට විවාහ ණය යනුවෙන්ද එකතු වී ඇත්තේ ද එබැවිනි. විවාහ උත්සවයක් සඳහා සාමන්‍යයෙන් වසරක පමණ කාලයක සිට සූදානම් වීම සිදු කරයි. පළමුව නැකත් බලා සුබ දිනයක් යොදා ගැනේ. ඉන්පසු යුද්ධය ආරම්භ වේ. ප්‍රථමයෙන් මනමාලිය ආහාර පාලනය කිරීමට පටන් ගනී. සමේ පැහැය වැඩිදියුණු කර ගැනීමට උනන්දු වේ. දැන් විවාහයන් සඳහා නොයෙකුත් තේමා theme ඇති බැවින් එය තීරණය කර ගත යුතුය.
ඉන්පසු මංගල ඇඳුම් සකසන්නට කෙනෙකු සොයා ගෙන එය ස්ථීර කර ගත යුතුය. හෝටලය සහ උත්සව ශාලාව වෙන්කර ගත යුතුය. මංගල රාත්‍රිය ගත කිරීමට තැනක් සොයා වෙන්කර ගත යුතුය. මනාලයාගේ යහළුවා Best man මනාලියගේ යෙහෙළිය Bridesmaid තෝරාගෙන ඔවුන්ගේ ඇඳුම් සකසා ගත යුතුය. මල් කුමරා Page boy සහ මල් කුමරිය flower girl තෝරා ගෙන ඔවුන්ගේ ඇඳුම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ආරාධිතයන්ගේ ලැයිස්තුවක් සකස් කළ යුතුය. වෘත්තීය මට්ටමේ ඡුායාරූප ශිල්පියකු සහ වීඩියෝ කීරීමට දක්ෂ අයකු තෝරා ගෙන දින වෙන් කළ යුතුය. මංගල ආරාධනා කාඞ්පත් සකසා ගත යුතුය. කේක් දැමීමට පෙට්ටි සකසාගත යුතුය. සංගීත කණ්ඩායමක්, නැටුම් කණ්ඩායමක්,DJ කරන අයකු තෝරා ගෙන දින වෙන් කළ යුතුය. අෂ්ඨක කියන පුද්ගලයකු තෝරා ගෙන දින වෙන් කර ගත යුතුය. උඩරට සම්ප්‍රදායට විවාහය සිදු කරන්නේ නම් ඒ සඳහා වෙන් වූ ඇඳුම් සහ සම්ප්‍රදායන් ඇත. මධු සමයට පිටවීම Going away සඳහා වෙනම ඇඳුම් ද දෙවැනි ගමන සඳහා වෙනම ඇඳුම් ද තෝරා මිලදී ගත යුතුය. ස්වර්ණාභරණ නිමවා හෝ මිලදී ගත යුතුය. තේමාවට සරිලන ආකාරයෙන් මල් සකසන්නකු තෝරා ගත යුතුය. මනාල යුවළගේ නර්තනය පුහුණු කිරීමට පළපුරුදු අයකු සොයා ගත යුතුය. මෙම චාරිත්‍ර විවාහවන්නන්ගේ ආගම අනුව වෙනස් වීමට පුළුවන.
ඉන් පසු ආරම්භ වන්නේ ඉඟි පළ කිරීමයි. ජෝඩුව විවාහ වීමට ආසන්න බව ලොවට හඬගා කියන්නේ pree shoot එක මගින්ය. මෙය ලාංකේය විවාහ සංස්කෘතියට මෑතකදී එක්වූ අංගයකි. විවිධ වර්ණ නානාප්‍රකාර ඇඳුම් ඇඟලා ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඞ් එකේ, ගාලූ කොටුවේ, නිදහස් චතුරස්‍රය අවට, දියත උයනේ, කුඹුරක, පන්සලක, පැරණි ගොඩනැගිල්ලක, රේල් පාරක, දිය ඇල්ලක වැනි තැනකට ගොස් ඇඹරිලා, නැවිලා, වඩාගෙන, මුහුණෙන් මුහුණ සිපගෙන ඉන්න ජායාරූප සමාජ ජාලාවලට එකතු කරල ජෝඩුව ‘ලව් කරේ මෙහෙමයි ඒක හරියට සුරංගනා කතාවක් වගේ නේද?’ කියලා ලෝකෙට පෙන්නන එක තමයි අලූත්ම ක්‍රමේ. හැබෑ ජීවිතේ මරාගන්න ජෝඩුත් pree shoot එකේ ලස්සනට ඉන්නවා දැක්කහම ඕන කෙනෙක්ට බඳින්න හිතෙනවා.
ඉන්පසු ඇත්තේ ආරාධනා ලැබුණ ඇත්තන්ගේ කොටසයි. ‘අපටත් වෙඩින් එක කිව්වනේ, ඇඳන් යන්න එකකුත් නැ.. තව ගාණකට කෙළවෙනවා.. අනේ මන්දා මෙහෙම ගියොත් තව රස්සාවක් කරන්න වෙයි… ලොකුවට ගන්න නිසා ණයවෙලා වෙන්න ඇති.. නැත්තම් උන්ට කොහෙද ඔච්චර සල්ලියක්, මුන්ගේ සෝබන වැඩ.ඉන්පසු ඇත්තේ දුෂ්කර ක්‍රියා කිරීමයි. මනාලිය පාන්දර දෙකේ සිට ලෑස්ති වීමට පටන් ගනී. සියල්ල සූදානම් වූ පසු ඡුායාරූප ශිල්පියා විසින් මනාල යුවළ රූකඩ මෙන් හසුරුවනු ලබයි. උඩ බලන, ඈත බලන, කල්පනා කරන, බුදුන් වඳින, හිනා වෙන, සිපගන්න, පොඩි එවුන් මෙන් උඩ පනින පින්තූර ගනු ලබයි.
විවාහයට ආරාධනා ලැබූ පිරිසේ කාන්තාවන් නැරඹීම විනෝදජනකය. ඔවුන්ගේ මුහුණු අතිශය සුදුයි. අත් පා වෙන පාටකි. හෙට්ටිවීදියේ ඇති රත්තරන්වලටත් වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් සතුව ඇත. ඇවිදින විට නැගෙන ශබ්දය නවම් පෙරහැරේ ඇතා සිහිගන්වයි. ටික වෙලාවක් ගිය පසු ඇහි පිහාටුවල ගැල් වූ මස්කාරා මුහුණ දිගේ බේරීමට පටන් ගනී. තොල් සායම් නිකටේ සහ දත්වල ඇත. ඉන්පසු අඩුපාඩු කීමේ වාරයයි.මනාලිගේ සාරිය කොටයි, කවුද දන්නේ නෑ ඇන්දුවේ. කොල්ල වයසක පාටයි, බොකේ එක ඇදයි. නෑදෑයෝ ගොඬේ පාටයි. කෑමවලට ලූණු නෑ…
පිරිමි මීට දෙවැනි නැත. දුන් මුදල කවර් කිරීමට බොයි. මාස තුනකින් කෑම කා නොමැති ලෙස පිඟාන් පුරවති. වීදුරුව ඔළුවේ තබාගෙන නටන්නට යති. ඇෙඟ් වැදුණ විට ඇද වැටෙති. ඇහැට කනට පේන කාන්තාවන් සමග බලෙන් නැටීමට යයි. විවාහ උත්සවයකදී මෙවැනි බහුරූ කෝලම් රාශියක් දැක ගත හැකිය.මට දැනෙනා ලෙස නූතන විවාහයන් තනිකරම රඟපෑමකි. ජීවිතයට දැක නැති පිරිසකට කන්න බොන්න දෙන්න කරන උත්සාහයකි. සමාජයේ ඉහළින් වැජඹෙන බව පෙන්වීමට කරන උත්සාහයකි. කෙසේ වුවත් නූතන විවාහයන් නිසා මනාල යුවළට සිදුවන යහපතක් හෝ ආශීර්වාදයක් නැත.නමුත් එමගින් රටේ බිහිවී ඇති රැකියා අවස්ථා ගණනද අඩු තක්සේරුවකට ලක් කළ නොහැකිය.