හිතෙනවා මමත් පියෙකු වූවයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූ දවසේ
කුලුඳලේ වැදුවේ මගේ සිහිනේ
හිමි නැතත් මට වන්නට පිය උරුමේ
නොවුනත් ඇය මගේ දුවනී
අපි මැව් සිහිනේ සිටියේ ඇයයි
අපි මැවූ සිහිනයේ නිම් හිම් සොයා
අද වුනත් මා සිත්න් යනෙනා නිසා
නම නොදන්න මාගේ දුවනී
මා නොදන්න මාගේ දුවනි
අපගේ හීනේ හැඩකෙරූ කුමරි
පෙම්වතී ඇය පෙර මගේ ලෝකයේ
වෙන්ව ගියේ අපි පිනත් මදි වී ලොවේ
ඇය මවක් වී අද ගොඩනැගූ ලෝකයේ
ඇයත් ඔබවත් හදවතින් මගෙ වගේ
දුර හිඳන් හිත තුටින් මං බලා
මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසා
නම නොදන්න මාගේ දුවනී
මා නොදන්න මාගේ දුවනී
අපගෙ හීනේ හැඩකෙරූ කුමරි
හිතෙනවා මමත් පියෙකු වූවයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූ දවසේ
කුලුදුලේ වැදුවේ මගේ සිහිනේ