සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මොන බොරින් ද බන්. පට්ට. REP ++

    ඔය සොලර් කරන company ගොඩක් තියනවනේ. එක එක ගණන් කියනවා.
    කොහොමද හොද එකක් තෝරා ගන්නේ.

    ආ තව එකක් . සොලර් system වල maintain කොහොමද? 6 month or 1 year වලින් කරන්න ඕනේ දේවල් තියේද?
    එකත් මේ thread එකේම දාන්න.
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මචන් සොල වලින් බල්බ් විතරය් නේද පාවිචි කරන්න පුළුවන් ?
    ශීතකරණ එහෙම බෑ නේද ? TV ?
    එහෙම බැලුවම පාඩු නේද ? මොකද බල්බ් වලට කොහොමත් ලොකු කරන්ට් එකක් යන්නේ නැනේ ??
    අනික දවල්ට ගෙදර කොහොමත් කට්ටිය ඇත්තෙත් නැනේ ?
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    Boru kiyanna one na machan.. Mama attatama danne na.. Namuth mama hoyala update ekak dennam..!!!

    Thanks. තව කෙනෙක් දාල තිබුනා, Deep Cycle Battery කියල. මොකක්ද ඒ මචං?
    මම නම් අදමයි ඇහුවෙ. :oo:
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    සෝලාර් සිස්ටම් ගැන මම දන්න දේ - 2

    ඇත්තටම හිතූවේ නෑ මෙච්චර රිප්ලයි එයි කියලා.. ඒක මුලින්ම කියන්න ඕනේ.. මට මේක ලියන්න හිතුවේ අද උදේ ත්රෙඩ් එකක් දැක්කා සෝලා ගැන කියලා ඒක දැකලා තමයි ලියන්න හිතුවේ.. ටිකක් විතර අවුලෙන් ලිව්වේ කට්ටිය හිතයි මම සෝලා විකුනන්න දාන මාකටින් පාරක් කියලා.. එහෙම එකක් නෑ. ඒකයි මගේ ත්රෙඩ් එකේ මම සෝලා සිස්ටම් වල ගණන් මුකුත් දැම්මේ නැත්තේ.. ඇත්තටම සතුටුයි උඹලා ඔක්කොම කියලා තිබ්බ දේවල් වලට සහ දීලා තිබ්බ රෙප් වලට.. 2010 ඉදන් අද උදේ වෙනකන් මට තිබ්බේ එක කොටුවයි. දැන් කොටු 4ක් වෙලා සිරාවට තෑන්ක්ස් මචන් උඹලා හැමෝටම..

    රයිට්... බැක් ටු ටොපික්..

    අහලා තිබ්බ දේවල් කීපයක් මුල් කරගෙන මම කථාව පටන් ගන්නම්..

    TELEGRAM අහලා තිබ්බා නෙට් මීටරින් වලදි බැටරියක් භාවිතා වෙන්නේ නැද්ද කියලා..
    නෑ මචන් එකෙදී බැටරි මුකුත් පාවිච්චි වෙන්නේ නෑ. ඒකෙන් වෙන්නේ උදේ ඉදන් සෝලා පැනල් එකෙන් එන ඩීසී කරන්ට් එක ඉන්වර්ටර් එකෙන් කන්වර්ට් කරලා ඒසී පවර් එකට ගෙදර මේන් ලයින් එක හරහා භාවිතා වෙන එක. හැබැයි මෙහෙමයි ඔයාට බැටරි ස්ටෝරේජ් එකක් දාන්න පුළුවන් බැරි නෑ. ඒක ඇඩිෂනල් කොස්ට් එකක්..

    ආහ් අනිත් එක මම සබ්ජෙක්ට් එකට අලුත් ගොඩක් අය බැටරි සම්බන්ධ පශ්ණ අහලා තිබ්බා.. මට බොරැ කියන්න ඕනේ නෑ මචන් මම 100% දන්නේ නෑ.. බැටරි ස්ටෝරේජ් එක සම්බන්ධව හුගක් දේවල්.. මම ඇවිත් මාස 4යි තාම මේ වෙනකොට 5 කිලෝවොට් සිස්ටම් 5කුයි එක 10 කිලෝවොට් සිස්ටම් එකකුයි පදනම් කරගෙන මම ඉගෙන ගත්ත දේවල් උඩ මම මේ දේවල් කියන්නේ.. මම ඒවට උත්තර අනිවා හොයාගෙන කියන්නම් මචන්..

    THE_KILLER අහලා තිබ්බා බැංකු විස්තර ගැන..

    සුර්ය බල සංග%ාමය පොජෙක්ට් එකට අනුව ලංකාවේ මේන් බැංකු කීපයක් සෝලා ලොන්ස් දෙනවා.. උදාහරණයක් විදියට,

    කොමාර්ෂල් බැංකුව 75% දක්වා දෙනවා අවුරැදු 7ක් රිපේමන්ට් එකට දීලා පොලිය 14% සහ 14.5% පොලියට. හිතන්න ටෝටල් සිස්ටම් එක කොස්ට් වෙනවානම් ලක්ෂ 10ක් උන් දෙනවා ලක්ෂ 7.5 ක්.. එතකොට මුලික ගෙවීමක් තියෙනවා රැ. ලක්ෂ 2.5 ක්.. මේකට කරන්න තව දෙයක් තියෙනවා නමුත් ඒක ගැන දැනගන්න ඔනේ කෙනෙක් පීඑම් එකක් දාන්න මම කියන්නම්..

    (සත පහක් කමාර්ෂල් එකෙන් මට දෙන්නේ නෑ.. මට.. උදාහරනයක් විදියට කිව්වේ..)

    ගුගල් කරලා බලන්න. ලංකාවේ බහුතරයක් බැංකු දැන් සෝලා ලොන් දෙනවා.. ගන්න අමාරැ නෑ..හැබැයි ඉතින් බැංකුටවන් බැංකුවට ලොන් එලිජිබිලිටි එක වෙනස් වෙනවා.. අවුරැදු 3ට කලින් ගෙවනවානම් එන් එස් බී එකෙන් 13.5% පොලියටත් දෙනවා..

    රායිට් යුරෝපියන් ඉන්වර්ටර් ටයිප්ස්


    දැනට ලොකේ අංක 1ටම වගේ ඉන්නේ එස් එම් ඒ කියන ඉන්වර්ටර් එක..පවර් එෆිෂන්සි එක සුපිරියටම හොද ගාන පට්ට වැඩි සීයීබී එවුන් දැක්ක ගමන් හෙන පුජනීයත්වයෙන් සලකන බඩුවක් තමා මේක.. ඇත්තටම බඩු හොදයි.. නමුත් හාර්මොනික් ටෙස්ට් එක ෆෙල් වෙන අවස්ථා නැතුවම නෙමේ. පට්ට අඩුයි..

    ඊලගට ඉන්නේ ෆ්රෝනියස්
    අංක 1 2 වගේම සාමාන්‍යයෙන් හොද එස්. එම්. ඒ. වගේම ගාන ටිකක් සැර අයිටම් එකක්.. මේවගේ ප%ඩක්ට් එකක් ගහලා සිස්ටම් එකක් කරන්න සාමාන්‍ය චයිනීස් ඉන්වර්ටර් එකක් දාලා ගහන ගානට තව 25% ක් විතර ඇඩ් වෙනවා..
    ඒකයි හුගක් වෙලාවට චයිනීස් ඉන්වර්ටර් එකක් දාලා ගේම ගහන්න සෝලා කරන අය හුගක් උත්සහ කරන්නේ.

    දැන් චයිනීස් එක එච්චරම අවුල්ද
    නැ මචන්.. මෙහෙම කේස් එකක් තියෙනවා පවර් කන්වර්ට් කරන එකනේ ඉන්වර්ටර් එකෙන් කරන්නේ.. එකෙදි අර පවර් කන්වර්ෂන් එකේ දි කොලිටි එකේ පොඩි වෙනසක් තියෙනවා චයිනීස් බඩුවේ.. එෆිෂන්සි එක එහෙම යුරෝපියන් එකට වඩා පැහැදිලි වෙනසක් තියෙනවා. හැබැයි ගාණත් සාපෙක්ෂවම අඩුයි

    සාමාන්‍යයෙන් චයීන්ස් 5 කිලෝ වොට් ඉන්වර්ටර් එකක් ලංකාවෙන් 150කේ වලට ගන්න පුළුවන් වන අතර එස්.එම්.5 කිලෝ වොට් එකක් 275කේ හෝ 340කේ වලට යන අවස්ථාත් නැතුවම නෙමේ. හිතන්නකෝ එතකොට එස්. එම්. ඒ. එකක් දාලා සිස්ටම් එකක් ගහද්දි යන කොස්ට් එකයි චයිනීස් එක ගහන එකෙයි වෙනස.

    චයිනීස් හොද ඉන්වර්ටර් තියෙනවද

    ඔව් ඇත්තටම ඔව් ලංකාවේ හුගක් වෙලාවට පාවිච්චි කරනවා ඔමිනික්, ඒබීබී, සෝලාර්එජ් වගේ ඉන්වර්ටර් ටයිප්ස් තියෙනවා.. ගාණත් ෂේප් එෆිෂන්සි එකත් ෂේප්.. හැබැයි අර මම කලින් කිව්වා වගේ සීයීබී එකේ රත්තරන් මහත්තයලා හාර්මොනික් ටෙස්ට් එකට ඇවිත් ටීඑච්ඩී එක වෙදර් එකේ අවුලකට හරි උඩ ගියොත් මුන් මැරෙන්න හදනවා ඉන්වර්ටර් එක අවුල් කියලා.. චයිනීස් ඒවා අවුල් අරකයි මේකයි කියලා..

    arrow__අහලා තිබ්බා මේන් ටේන් ගැන සහ හොද සෝලා කෙනෙක් තොර ගන්න එක..

    මෙහෙමයි මචන් දැනට ලංකාවේ අංක 1ට ඉන්නේ ජේලංකා කියලා කම්පැනි එකක් කිරිබත්ගොඩ. මම කලින් කියපු විදියට ලංකාවේ ගහලා තියෙන සිස්ටම් 5800 ගානන් 2800 ක් විතර තනියම ගහලා තියෙනවා උන්.. කොල් එකක් දීලා බලන්න.. ඉස්සෙල්ලා අහලා බලන්න මොනාද පාවිච්චි වෙන ඉන්වර්ටර්ස් මොනාද පාවිච්චි වෙන පැනල් කියලා..

    (නෑ නෑ මම ජේ ලංකා එකේ නෙම්.. මම වැඩ කරන්නේ කොල්ලුපිටියේ තැනක.. )

    ආපහු ඉන්නවා සෝ ඉන්ජනියරින් කියලා කට්ටියක්..

    ජේ ලංකා වලට පස්සේ ඉන්නේ මුන් තමයි. ගුගල් කරලා නිකන් වෙලා තියෙන වෙලාවට කොල් එකක් දීලා බලන්න.

    අහලා ගානත් අහල කියන්න මම කියන්නම් වැඩේ රීසනබල් ද කියලා..

    අනිත් එක මේන්ටනන්ස්


    නෑ මචන්.. එහෙම එකක් නෑ.. හැබැයි අවුරැද්දකට පාරක් හරි මාස 6කට පාරක් හරි හෝස් එකක් ගහලා වතුර ටිකක් අල්ලපුවාම ඇති. ආහ් වැදගත්ම දෙයක් තමයි පැනල් කවර් වෙන්න බෑ. ගස් වල අතු වල හෙවන එහෙම වැටෙන්න බෑ. එතකොට පවර් ජෙනරේෂන් එක අවුල් යනවා..

    idhasitha අහලා තිබ්බා භාවිතා කරන්න පුළුවන් ලයිට් විතරද කියලා..

    අනේ නෑ මචන්.. උඹ සීයීබී ලයින් එකෙන් පාවිච්චි කරන හැම මගුලම මෙකෙන් පාවිච්චි කරන්න පුළුවන්..

    මේ අපි කරපු 5 කිලෝ වොට් සිස්ටම් එකක් පොල් වත්තකට චයිනීස් ඉන්වර්ටර් එකක් දාලා නෙට් අකවුන්ටින් එකක්.

    nDudK75

    AUEfob5


    මේ තියෙන්නේ හාර්මොනික් ටෙස්ටින් එකක් මැද හාර්මොනික් මැෂින් එකක ඉන්ඩිකේෂන්ස්

    z27Q43Q



    ඔෆිස් එකේ වැඩ කරන ගමන් මේ ටික ටයිප් කරේ.. තව ඩීටේල්ස් දාන්නම් අද හවස..

    ආපහු කියන්න ඕනේ.. මම තාම මාස 4ක මේ සබ්ජෙක්ට් එකේ පොඩි එකෙක්.. වැරදි ඇති සමහරවිට.. අඩුපාඩුවක් තියෙනවා නම් සමාවෙයන්ලා..

    ජය වේවා..
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචං ... thin film technology (CAT Solar) කියන්නේ මොකක්ද? එකේ efficiency වැඩිද??
     

    Max002

    Member
    Jun 26, 2010
    253
    156
    0
    Kadawatha
    මචං ... thin film technology (CAT Solar) කියන්නේ මොකක්ද? එකේ efficiency වැඩිද??

    Attama Kalin hoyala Na.. But machan oyage comment eka dakala hoyala baluwa.. Item eka api dan karana panels walata wada Thinkness eka adui.. Etakota wahaleta loku barak enne na.. Samanyayen loku system ekak gahaddi E gahana structure eke shakthiya gana worry wenna awashya na.. Efficency eka wedi.. Shading waladi Normal panel ekata sapekshawa meke powe generation eka wedilu..!!!
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan danata ape bill eka 3000-4000k wage enawa
    AC ekak set kaloth kocchara witara bilak set weida
    re 9 idan ude 3 wage wenakan AC daala tibboth.
    etakota api meke cover karanna gannawa nam ganna one solar panel eka mokadda
     

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    Mehemane machan, Lankawe CEB eka athuluwa godak than ran wenne commiss walin/ Paga walin. Eka ekata ena kotasa anuwa thamai un weda karanne.. Un hamoma balanne unge kotasa wedi karaganna.. Ethakota wede Solar walin unath unge bokken ena deyak na aluth technology ekakata.

    Anith eka machan Lankawata SOLAR walin witarakma depend wenna amarui due to whether conditions. Lankawata Aduma masa 4k wahina kalath enawa. Etakota Sorage plant wenama run karanna one.. oya hama dekatama un weda karanna yanne one na unta danata hambawena adayam walin..

    Hitanna machan Samanyayen CEB eken current use karanawa eka tanakin units 1000k masekata.. Un SOlar Farm ekak dala generate karanawa units 2000k Dan CEB ekata Consumer gewapu units 1000 income ekath na thawa unit 1000 kata gewannath wenawa.. Eth ekkama ara kalin CEB power generation ekata gewanna wena Minis Shramayata / ehema natnam weda karana unge padiyath gewanna wenawa.. Oya hama dema effect wenawa..

    Meka unta karanna bari na.. e wagema meka awrudden 2n karannath ba.. Loku putu wala inna unge uwamanawa anuwa me hama dema depen wenawa.

    Me mata terena de..Samaharawita mama weradi athi..

    true machan, thawath rajaye ayathanayakne.