බිස්නස් එකක් කරන්න ...... ද යන්නනෙ?

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    බිස්නස් එකක් කරන්න ...... ද යන්නනෙ?

    ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම

    ලියාපදිංචි කල යුත්තේ ඇයි


    1. [*]රටෙි නීතිය අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු නිසා
      [*]ලේබල් වලට ලියාපදිංචි අංකයක් යෙදීමට අවශ්‍ය නිසා
      [*]ව්‍යාපාරයට රක්ෂණ ලබාගැනීමටත් අවශ්‍ය වේ
      [*]ව්‍යාපාරය නමින් ඉඩම් ගොඩනැගිලි වාහන මිලදීගැනීමට අවශ්‍ය වේ
      [*]බැංකු ණයක් ලබාගැනීමටත් අනිවාර්යයෙන් ලියාපදිංචිය අවශ්‍ය වේ
      [*]වාණිජ මණAඩල ආදියේ සාමාජිකත්වය ලබාගැනීමට ලියාපදිංචිය අවශ්‍ය ව
      [*]විවිධ ආධාර ව්‍යාපෘති වලින් ආධාර ලබාගැනීමටත් ලියාපදිංචිය අවශ්‍ය වේ
      [*]ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇතිවන යම් යම් ගැටලූ විසදාගැනීමට යාමේදීත් ලියාපදිංචිය අවශ්‍ය වේ
      [*]ලියාපදිංචි වූ ව්‍යාපාර ගැන පාරිභෝගිකයා විශ්වාසයක් තබයි


    ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම නිසා ආදායම් බදු ගෙවීමට සිදුවේද
    ඇත්තෙන්ම නැත අවුරුද්දකට ව්‍යාපාරයේ ශුද්ධ ලාභය ලක්ෂ 5 කට වඩා වැඩිනම් පමණක් ආදායම් බදු ගෙවීමට සිදුවේ ලියාපදිචි වූ පසු ආදායම් බදු දෙපාර්ථමේන්තුවෙන් පෝර්මයක් එවන අතර එය නිවැරදිව පුරවා යැවිය යුතුවේ ශුද්ධ ලාභය ලක්ෂ 5 කට වඩා අඩුනම් ගෙවිය යුතු නැත

    ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට මුදල් වැය වේද?
    ඉතා සුලු මුදලක් වැයවේ නමුත් එයින් ලැඛෙන ප්‍රතිලාභ වඩා විශාල වේ

    ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ කෙසේද

    මෙි සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර ලියාපදිංචි අංශයට යන්න එහිදී ඔබගෙන් ව්‍යාපාරය තනිද හවුල්ද යන්න විමසනු ඇත තනි නම් වෙනම පෝර්මයක් ද හවුල් නම් වෙනම පෝර්මයක් ද ලැඛෙනු ඇත මෙම පෝර්මයට සුලූ මුදලක් සමහර ආයතන අය කරයි මෙම පෝර්මය නිවැරදිව පුරවා ආපසු භාර දෙන්න එයින් එකක් ප්‍රාදේශීය සභාවටත් එකක් ග්‍රාමසේවක මහතාටත් යවනු ලබයි
    දැන් ඔබ ප්‍රාදේශීය සභාවට ගොස් එහි ආදායම් නිලධාරියා හමුවී වාර්ෂීක බලපත්‍රය ලබගෙන්න
    ග්‍රාමසේවක මහතා විසින් ව්‍යාපාරයට පැමිණ තොරතුරු විමසන අතර ඔහුට නිවැරදි තොරතුරු ලබාදෙන්න මින් පසුව ප්‍රාදේශීයලේකම් කාර්යාලය විසින් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය එවන අතර එය රාමුකර ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශණය කලයුතු වේ


    ව්‍යාපාර ලියාපදිංචිකිරීමේ පෝර්මය පිරවීමට උපදෙස්ග
    පෝර්මයේ එක් එක් අංකයටතේ ඇති තොරතුරු පිරවීමට උපදෙස් මෙහි අංත පිලිවලට දැක්වේ
    1. මෙහි ව්‍යාපාරය වෙනුවෙන් ඔබ සකස්කරගත් නම සටහහන් කරන්න
    2. ව්‍යාපාරය කුමන වර්ගයේ ද යන්න සදහන් කරන්න
    ඔබගේ ව්‍යාපාරයේ නිෂ්පාදන කාණ්ඩයමම නියෝජනය වන ලෙස සටහන් කරන්න
    උදා:- යෝගටි නිෂ්පාදනය කරනවානම් - කිරි නිෂ්පාදන ලෙස සටහන් කරන්න මෙි අනුව
    මෙම වර්ගයේ වෙනත් නිෂ්පාදන වුවත් කල හැකිය’ නැතිනමි එහි යොදා ඇති නිෂ්පාදනය
    පමණක් සිදුකල යුතුයි කෙසේ වුවද නිෂ්පාදන/සේවා ගණනක් එකට ඉදිරිපත් කිරීම වැරදිය’
    උදා : ඇගලුමි, ඛෙිකරි ගැරේජ්
    3. ව්‍යාපාරය කිරීමට බලාපොරොත්තුවන ස්ථානයේ ලිපිනය ලියන්න
    4. මෙම පෝර්මයේ පහත යොදන දිනට පසු දිනයක් හෝ දින 14 ක් තුල දිනයක් යොදන්න
    5. ව්‍යාපාරයට වෙනත් නමක් තිබේනමි එවා සදහන් කරන්න
    6. ඔබගේ සමිපූර්ණ නම ලියන්න (අයිතිකරුගේ)
    7. අයිතිකරුට වෙනත් නමක් තිබේ නමි ලියන්න නැතිනමි අවශ්‍ය නොවේ
    8. ශ්‍රී ලාංකික යනුවෙන් ලියන්න
    9. බොහෝවිට අදාල නොවේ
    10. අයිතිකරු පදිංචි ලිපිනය ලියන්න
    11. අයිතිකරුට වෙනත් ව්‍යාපාරයන් තිඛෙිනම් එය සදහන් කරන්න
    12. ඉල්ලුම් පත්‍රය පුරවන දිනය යොදන්න
    13. අත්සන අවශ්‍ය තැන අත්සන යොදන්න

    බැලුවාට ස්තුතියි - විට කඩයක් දැම්මත් කමක් නෑ ලියා පදංචි කරපල්ල රෙප් දුන්නාට වරදින්නේ නැත
     
    Last edited:

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    760
    93
    13
    Sri lanka
    telegram.org
    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියා පදිංචි නොකර කලොත් මොනවද වෙන්නේ (නීතිමය ගැටලු)?
    අනිත් පුශ්නේ මුල අවුරුද්දේ ලියා පදිංචි කරල ඊළග අවුරුද්දේ අලුත් කරනේ නැතුව අවුරුදු දෙකකට විතර පස්සේ ආයෙ මුල් ලියාපදිංචියම අලුත් කරන්න පුලුවන් ද ? නැත්නමි අලුතෙන්ම ලියා පදිංවි කරන්න ඹීනිද ?
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    mama dan shop eka dala masa 3k withara ban...

    tama register une naa..

    wenna ona dan nam... awulak yaida??

    අවුලක් වෙන්නෙ ආරම්භ කරපු දිනය දාද්දි සති 2ක් ඇතුලෙ දිනයක් නොවුනොත්. මම දන්න තරමට ආරම්භ කරපු දවසෙ ඉඳල ඇප්ලිකේෂන් එක දාන දවස වෙනකම් එක දිනයකට රු25 ගානේ දඩයක් වදිනව.( වැරදී නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න) ඒ හින්ද ආරම්භ කරන ලද දිනය පහුගිය සති දෙකක් ඇතුලෙ දවසක් දාල දෙන්න. එතකොට අවුලක් නෑ.:)
     

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    තනි පුද්ගල ව්‍යාපාරයක් ලියා පදිංචි නොකර කලොත් මොනවද වෙන්නේ (නීතිමය ගැටලු)?
    අනිත් පුශ්නේ මුල අවුරුද්දේ ලියා පදිංචි කරල ඊළග අවුරුද්දේ අලුත් කරනේ නැතුව අවුරුදු දෙකකට විතර පස්සේ ආයෙ මුල් ලියාපදිංචියම අලුත් කරන්න පුලුවන් ද ? නැත්නමි අලුතෙන්ම ලියා පදිංවි කරන්න ඹීනිද ?

    1. නීතියට හිස නැමිය යුතුයි නෙ. මේක අනිවාර්ය කාරණයක් අපි නොකලට. ලියාපදිංචිය නොකර ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නෙ ඔබගේ සම්පූර්ණ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවනම් පමණයි. උදා සද්දවිද්ද පලග පතිරණ රාජපක්ස රන්ජන් රාමනායක ස්ටෝස් වගේ.
    නැතිනම් ව්‍යාපාර නාම ආඥාපණත යටතේ ලියාපදිංචි කලයුතුයි. නැතිනම් රජය තීරණය මත වසා දැමීම හො/ හා දඩ පැනවීම කලහැකියි. දඩය බොහොවිට ලියාපදිංචි නොකර සිටි කාලසීමාව දිනකට රු 25 බැගින් මුලු කාලයට අයකරයි. තවද ඔබේ ව්‍යාපාරයට අනන්‍යතාවයක් ඉදිරිපත් තල නොහැක. මේ ලියාපදිංචිය ව්‍යාපාරයේ උප්පැන්න සහතිකයයි. උදා ඔබේ ව්‍යාපාරය මෛත්‍රී වහපාලන ස්ටොස් ලෙස නම් කර ඇතැයි සිතමු. මටද එම නමින්ම ඔබේ ප්‍රෙද්ශයේම එවැනිම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන්. හැබැයි ඔබට එයට විරුද්ධ වීමට නෛතික බලයක් නැත. දරුවා ඔබේ කියා ඔප්පුකරන්නට උප්පැන්න සහතිකේ නම නැත.

    2. ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ව්‍යාපාරයේ මුලු ජීවිත කාලයටම එක වතාවයි ලියාපදිංචි කරන්නෙ. මේක වාරෂිකව අලුත් කිරීමක් නැත. හරියට උප්පැන්න සහතිකේ ලමයා ඉපදුනාම ලියනව වගේ.

    3. ව්‍යාපාරය කෙටි කාලයකට නැවැත්තුව කියල ලියාපදිංචියට අවුලක් නැත. හරිනම් ව්‍යාපාරය නවත්වාදමන අවස්ථාවේ ප්‍රා ලේ කාරයාලයට දැනුම් දෙන්න ඕන. නෑ කියල ලොකු කේස් එකක් නෑ. ආයෙ පටන්ගද්දි ඒ ලියා පදිංචියෙන්ම කරගෙන යන්න පුලුවන් අලුත් කිරීමක් කියල දෙයක් නැත.
     
    Last edited: