යළි හමුවෙමු...
පෙති පුරා සුවඳ විහිදුණු අනන්තයේ යළි හමුවෙමු
මල් පුරා බඹරු පියඹන ඒ ලොවේ යළි හමුවෙමු
බිඳුණු සිත් සතන් සුවකළ ඒ ආදරයෙන් යළි හමුවෙමු
මේ බවේ බැරි නම් ඉතින් අපි මතු බවේ වත් අපේ වෙමු
කතර සරුකළ දිය උපත අපි වෙමු
ගිරිදුර්ග මැදින් ගලනා සිසිල දිය අපි වෙමු
මහ මුහුද පෙම් බඳින ශීත ඉම ඔබ ඉනූ
සැඩ සයුරු රළින් පෙරලී වෙරළට සමුදෙමු
නිමක් නොමැති අහසේ කොනට ම පියඹමු
මහ පොළොවේ ඉඩ නැති නම් වළාවක අපි ඉමු
සැඩ වැස්සට නොතෙමී පිහාටුවක් ඉහළමු
මේ ආත්මයේ බැරි නම් මරණින් මතු හමුවෙමු
පෙති පුරා සුවඳ විහිදුණු අනන්තයේ යළි හමුවෙමු
මල් පුරා බඹරු පියඹන ඒ ලොවේ යළි හමුවෙමු
බිඳුණු සිත් සතන් සුවකළ ඒ ආදරයෙන් යළි හමුවෙමු
මේ බවේ බැරි නම් ඉතින් අපි මතු බවේ වත් අපේ වෙමු
ගැයුම: නිරෝෂා විරාජිනී
පබැඳුම: ශලනි තාරකා
මියැසිය: කේෂාන් පෙරේරා