බිහිවූ_දරුවා_බල්ලන්ට
බිහිවූ දරුවා බල්ලන්ට කන්න දමා ගිය අනාගත දොස්තරවරිය
දින 12ක් වයසැති තම දරුවා මග දමා ගියැයි අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක (22) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා නියෝග කළේය.
රාත්‍රි කාලයේ බෙහෙත් ශාලාවක් අසල බිම දමා ගොස් කෲරත්වයට භාජනය කර පලා යාමේ චෝදනාව සම්බන්ධයෙන් ඇය පොලොන්නරුවේදී සැකපිට අත් අඩංගුවට ගෙන තිබිණි.
මව සහ දරුවා සම්බන්ධයෙන් ඞී එන් ඒ පරික්ෂණ වාර්තාවක් කැඳවන ලෙසට දුන් නියෝගයක් කළ ඞී.එන්.ඒ පරික්ෂණයේදී දරුවාගේ මව අදාළ සරසවි සිසුවිය බවට සියයට සියයක්ම තහවුරු වී තිබේ.
එම දරුවා දැනට නිරෝගීව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රැකවරණ ලබමින් සිටී.
දරුවා ඔතා තිබූ සුදු රෙදි කැබැල්ලේ සුනඛයෙකුගේ අත් සහ කකුල් ඇති බවට සලකුණු දක්නට තිබී ඇති අතර එම සුනඛයා දරුවාට කිසිදු හානියක් නොකර තිබීම පිලිබදව පොලිසිය විමතියට පත්වූ බව අධිකරණයේදී කියැවිණි.
දරු ප්‍රසූතියක් අපේක්ෂාවෙන් පුලියන්කුලම ප්‍රදේශයේ කුලී නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල වෛද්‍ය සිසුවියක මීට දින කිහිපයකට පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දරුවකු ප්‍රසූත කර එම දරුවාද රැගෙන යළි කුලී නිවසට පැමිණ ඇති බව අනාවරණය වී ඇත.
ඇය එම ප්‍රදේශයේ තරුණයකු සමග පේ‍්‍රම සබඳතාවක් ඇති කර ගෙන ඇති අතර පසුව ගැබිණියක බවට පත්ව ඇති බවත් ඒ බව සිය මවට පියාට හෝ පවුලේ කිසිවකුට පවසා නැති බවත් අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
ඇය දරුවකු ප්‍රසූත කළ බව දෙමවිපියන් දැනගත හොත් තමා මරා දමනු ඇතැයි බිය නිසා දරුවා මෙලෙස දමා පැන ගිය බව සැකකාර මව පොලිසියට ප්‍රකාශ කර තිබේ.
ඇය අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ අවස්ථාවේ සිය කුසින් බිහි කළ දරුවා දෙස බැලීමට පවා ඇය දැඩි අකමැත්තක් පල කළ බවද පැවසේ.
ඇය කුලියට සිටි නිවසේ කාන්තාවට පවසා ඇත්තේ තම සැමියා ජපානයේ රැකියාවක් කරන බවයි.

mamath campus giya ekek ban. ohoma kari katha kiyanna epa 