හ්ම් ඔය ඉන්නෙ බෝලෙ වගේ....
උබ කොල්ලට පට්ට ආදරෙයි කියල තේරෙනව... කවදාවත් අත්‍යාවශ්‍ය නැති පොඩි පොඩි දඟ වැඩ වලට කොල්ලට ගහන්ඩ බනින්ඩ එපා... (හිතුවක්කාර වෙන්න දෙන්නත් එපා.. පොඩ්ඩක් බැන්නත් ආපහු උබම යාලු කර ගෙන කලින් බැනපු දේ ආදරෙන් කියල දීපන්

)
කවදාවත් මිනිස්සු ඉස්සරහ ලමයව අපහසුතාවයට ලැජ්ජාවට පත් කරන්න එපා.. ( කොල්ල ගෙදරදි කරන වැඩ ගැන කියල වගේ ).. ඒක කොල්ලගෙ පෞරුෂයට හොද නෑ...
වැරැද්දකදි ඇරෙන්න හැම වෙලාවෙම ලමයගෙ පැත්ත ගනින්......
හොදට උගන්නපන්.. තාත්ත උනා කියල හැමතිස්සෙම බුම්මගෙන කෑගහගෙන ඉන්න එපා... ලමයගෙ ඕන ප්‍රශ්නයක් උබ එක්ක කතා කරන්න පුලුවන් විදිහට පොඩ්ඩගෙ හිතේ විශ්වාසයක් ඇති කරපන්....
මිනිස්සුන්ට ආදරේ කරන්නෙ කොහොමද කියන එක වචන වලින් නෙවෙයි... කරලම පෙන්නපන්....
මචං කොල්ලෙක් උනාම හොදට ඇඟපත තියන එකෙක් වෙන්න ඕනි... ඔය වයසට ඉන්න විදිහ එල.... හොද සමබල කෑම කන්න දීපන්... අනිවා දවසට බිත්තරයක් මස් මාලු ටිකක් වත් දීපන අවුරුදු 17-18 වත වෙනකන් ( අසනීපයක් එහෙම නැත්නම් ).....
කොල්ලෙක්නෙ... ෆිට් එකේ හිටපන්....
