අද ලෝක පියවරුන්ගේ දිනය. දෙමව්පියන්ට නොසලකය කෘත ගුණ නොදන්නා ලෝකයට තවත් වැදගත් දිනයක් වුනාට ශ්‍රී ලාංකිකයන්ට මේක එහෙම දිනයක් නෙමෙයි. බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙන ශ්‍රී ලාංකිකයාට හැම දිනයක් ම පියවරුවන්ගේ දිනයක්. කොහොමවුනත් මේ ගැන සමාජ මාධ්‍යයෙ දකින්න ලැබුණ නොයෙක් පෝස්ට් දැක්කම බුදුහාමුදුරුවෝ දේශනා කළ සූත්‍රයක් මතක් වුනා. ඒකයි මේ සටහන් කරන්නෙ.
ත්‍රිපිටකයේ තියෙනවා පිය ජාතික සූත්‍රය කියලා හරි ලස්සන් සූත්‍රයක්. එක්තරා සිද්ධියක් වටා තමයි මේ සූත්‍රය තියෙන්නේ.
මේ සූත්‍රයට අදාළ කාලයේ බුදුහාමුදුරුවෝ වැඩ සිටින්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ. ඉතින් එක්තරා මනුස්සයෙක්ගේ එකම පුතා මිය යනවා. මේ තාත්තා පුතාට හරිම ආදරෙයි. පුතාගේ මරණය තාත්තට තදින් ම දැනෙනවා. එයා සොහොනටත් ගිහිල්ල අඬලා කරලා කිසිම වැඩක් කර කියා ගන්න බැරි වුන පාර ජේතවනාරාමයට යනවා බුදුහාමුදුරුවෝ හම්බවෙන්න. බුදුහාමුදුරුවෝ මේ ගෘහපතියාව දැකලා අහනවා මොකද නිකන් කරදරයෙන් වගේ කියලා. ඉතින් එයා උත්තර දෙනවා, මොනා අහනවද එහෙම නොවුනොත් තමා පුදුමෙ මන් ආදරේ කරපු එකම පුතා මැරුණා. දැන් මට කන්න බොන්නත් හිතෙන්නෙ නෑ කිසිම වැඩක් කරගන්න හිතෙන්නෙ නෑ කියලා. ඉතින් මේ ගෘහපතියාට බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරනවා.
“ගෘහපතිය, ඒ එසේමය. ගෘහපතිය, ශෝකය වැළපීම දුකය, දොම්නසය, බලවත් වෙහෙසය, යන මොහු පිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදින්නාහුය.”
මේක ගෘහපතියා පිළිගන්නෙ නෑ. එයා කියන්නේ ප්‍රිය දෙයින් දුක ඇතිවෙන්නෙ නෑ, ප්‍රිය දෙයින් හට ගන්නෙ සතුට කියලා. ඒ කියලා එයා යනවා යන්න. මේ යන ගෘහපතියා සූදු කෙළින තැනකට යනවා. එතැනි ඉන්න මිනිස්සු එක්ක කතා කරද්දි මේ කතාව කිව්වම ඒ මිනිස්සුත් කියනවා ඒක ඇත්තය, ප්‍රිය දේවල් වලින් දුක ඇති වෙනවා කියන්නෙ කොහොමද ප්‍රිය දේවලින් ඇති වෙන්නෙ සතුටනෙ කියලා.
ඉතින් අන්තිමේ මේ කතාව කොසොල් රජතුමාටත් එනවා. රජු මොකද කරන්නේ මල්ලිකාව කැඳවලා මේ කතාව කියලා අහනවා බුදුහාමුදුරුවෝ කිව්ව කතාව හරිද කියලා. මල්ලිකා කියනවා බුදුහාමුදුරුවෝ කිව්ව කතාව හරි කියලා. ඕක කිව්වම රජුට කේන්ති යනවා. එයා ඒ ගැන කියන්නෙ මෙහෙම.
“මේ මල්ලිකාව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් යමක් කියයි නම් ‘මහරජතුමනි, ඉදින් ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දක්නම් ඒ එසේම වෙයි’ කියමින් ඒ එසේම පිළිගනියි.
“යම්සේ ගුරුවරයෙක් ගොලයාට යමක් කියයි නම් ‘ආචාර්යයන් වහන්ස, එය එසේයයි’ ගොලයා පිළිගනියි.
“එමෙන් මල්ලිකාවෙනි, නුඹද එලෙසම ශ්‍රමණ ගෞතම තෙමේ යමක් කියයි නම් ‘ඉදින් මහරජ’ ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළේ නම් ඒ එසේම වන්නේය’. කියා පිළිගන්නෙහිය. මල්ලිකාවෙනි, මෙතනින් ඉවත්ව යවයි කීය.
මල්ලිකා කරන්නේ සේවකයෙක් කැඳවලා බුදුහාමුදුරුවො මුණගැහිලා මේ සිද්ධියෙ විස්තර දැන ගෙන එන්න කියලා පිටත් කරලා යවන එක. ඒ වගේම කියනවා ප්‍රිය දෙයින් දුක ඇති වෙනවා කියලා කියනවා නම් ඒකට හේතුත් අහන් එන්න කියලා. ඒ සේවකයා ගිහින් බුදුහාමුදුරුවො මුණ ගැහිලා ආපු කාරණේ කියනවා. බුදුහාමුදුරුවෝ ඒ නගරේ සිද්ධ වෙච්චි දේවල් එක්ක ප්‍රිය දෙයින් දුක හට ගන්නවා කියන කාරණයට හේතු අර සේවකයාට කියලා දෙනවා. සේවකයා ඒක අහගෙන ඇවිත් මල්ලිකාවට කියලා දෙනවා. ඉන් පස්සෙ මල්ලිකා ගිහින් රජු මුණ ගැහෙනවා. ඒ ගියාට පස්සෙ රජුත් මල්ලිකා දේවියත් අතරෙ මෙහෙම සංවාදයක් යනවා.
ඉක්බිති මල්ලිකාදේවී, පසෙනදී කොසොල් රජතෙම යම් තැනකද, එහි පැමිණ පසෙනදී කොසොල් රජහට මෙසේ කීය. “මහරජ, ඔබ කුමකැයි සිතන්නෙහිද? ඔබට වජිරී කුමාරිකාව ප්‍රියදැයි” ඇසී.
“මල්ලිකාවෙනි, එසේය. වජිරී කුමාරිකාව මට ප්‍රියයයි” කීය. “මහරජ තුමනි, ඒ ඔබ කුමකැයි සිතන්නෙහිද? වජිරී කුමරියගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ ඔබට ශෝකය, පරිදෙවය, දුකය, දොම්නස්ස යන මේවා උපදින්නාහුදැයි” ඇසී.
“මල්ලිකාවෙනි, වජිරී කුමරියගෙ මරණයෙන් හෝ පලායාමෙන් මාගේ ජීවිතය පවා වෙනස්වන්නේය. කෙසේ නම් සොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, යන මොහු නූපදින්නාහුදැයි” (ඇසී).
“මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, ඒ අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සොකපරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය. ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සඳහා වදාරණ ලදී.
“මහරජාණෙනි, කුමක් සිතන්නෙහිද? ඔබට වාසභඛත්තියාව ප්‍රියදැයි” (ඇසී). මල්ලිකාවෙනි, එසේය වාසභඛත්තියා මට ප්‍රියයි කීය.
“මහරජුනි, ඒ කුමක් සිතන්නෙහිද? වාසභඛත්තියාවගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ ඔබට සොක පරිදෙව දුක්ඛ දොමනස්ස යන මොහු උපදින්නාහුදැයි” (ඇසී)
“මල්ලිකාවෙනි, වාසභඛත්තියාවගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස්වෙයි. සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු කෙසේ නම් නූපදින්නාහුද?”
“මහරජතුමනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත් වූ ඒ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස යන මොහු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි, මේ සඳහා වදාරණ ලදී.
“මහරජතුමනි! ඔබ කුමක් සිතන්නෙහිද? විඩුඩභ සේනාපතිතෙම ඔබට ප්‍රියවේද?” “මල්ලිකාවෙනි, එසේය විඩුඩභ සෙනාපති මට ප්‍රියයි” කීය. “මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද? විඩුඩභ සෙන්පතිගේ මරණයෙන් හෝ පලා යාමෙන් හෝ ශොක පරිදෙව දුක්ඛ දොමනස්ස යන මේවා ඔබට උපදින්නාහුද?”
“මල්ලිකාවෙනි, විඩුඩභ සේනාපතිගේ මරණයෙන් හෝ පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. ශොක පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු කෙසේ නම් නූපදින්නාහුද?
“සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් සොක, පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදිනාහුයයි මේ සඳහා වදරණ ලදී.
“මහරජතුමනි, ඒ කුමක් සිතන්නෙහිද? ඔබට මා ප්‍රියද?” “මල්ලිකාවෙනි, එසේය. මට නුඹ ප්‍රියවෙහිය.” “මහරජතුමනි, ඒ කුමකැයි සිතන්නෙහිද? මාගේ මරණයෙන් පලායාමෙන් හෝ ඔබට ශෝකය, පරිදෙවය, දුක්ඛය දොමනස්සය යන මොව්හු උපදින්නාහුද?” “මල්ලිකාවෙනි, නුඹගේ මරණයෙන් පලායාමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. සොක පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු මට කිමනූපදින්නාහුද?”
“මහරජතුමනි, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ විසින් සොක පරිදෙව දුක්ඛ දොමනස්ස උපායාස, යන මොව්හු ප්‍රිය දෙයින් හටගන්නාහුය, ප්‍රිය දෙයින් උපදනාහුයයි මේ සඳහා වදාරණ ලදී.”
“මහරජතුමනි, ඒ කුමකැයි, සිතන්නෙහිද? කසී, කොසොල් දෙරට ඔබට ප්‍රියවේද?” “මල්ලිකාවෙනි, එසේය කසී කොසොල් දෙරට මට ප්‍රියයයි” කීය.
“මල්ලිකාවෙනි! කසී කොසොල් දෙරටෙහි ආනුභාවයෙන් කසී කොසොල් දෙරටෙහිවූ කාසික චන්දනා නම්වූ සඳුන් භාවිතා කරමු. මල්ගඳ විලවුන් දරමුයි” කීය.
“මහරජතුමනි, ඒ කුමක් සිතන්නෙහිද? කසී, කොසොල් දෙරට අත්හැරීමෙන් හෝ සතුරන්ට අත්වීමෙන් ඔබට ශොක, පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු උපදින්නාහුද?”
“මල්ලිකාවෙනි, කසී, කොසොල් දෙරට අත්හැරීමෙන් හෝ සතුරන්ට අත්වීමෙන් හෝ මාගේ ජීවිතය පවා වෙනස් වෙයි. ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස යන මොව්හු කිම නූපදින්නාහුද?”
“මහරජතුමනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ ඒ අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් ශොක පරිදෙව, දුක්ඛ දොමනස්ස යන මොව්හු ප්‍රිය දෙයින් හට ගන්නාහුය, ප්‍රිය දෙයින් උපන්නාහුයයි මේ සඳහා වදාරණ ලදැයි” කීය.
ඉතින් මේක තේරුම් ගන්න අපහසු නෑ. කොසොල් රජතුමාට වැටහෙනවා. එතුමාට තේරෙනවා ප්‍රිය දේ නිසා දුක ඇති වෙන වග. එතුමා බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්න පැත්තට හැරිලා වන්දනා කරනවා.
ඕකයි සරලව කිව්වොත් පිය ජාතික සූත්‍රයෙ කතාව. ඉතින් මේ කතාව මෙහෙම කිව්වෙ ඇයි? දෙමව්පියන්ට දරුවොත් දරුවන්ට දෙමව්පියොත් හරි ආදරෙයි. අද මේ ඒකනේ එක එක දේවල් තාත්තා ගැන ෂෙයාර් කරන්නෙ හරි සතුටින්. මේ ආදරයත් එක්ක පෙන්වන්නෙ ඒ ඒ අයට ඒ ඒ අය ප්‍රියයි කියන එක. දරුවාට තාත්තා ප්‍රියයි. දරුවාට අම්මා ප්‍රියයි. අම්මට තාත්තට දරුවා ප්‍රියයි. සැමියාට බිරිඳ ප්‍රියයි. බිරිඳට සැමියා ප්‍රියයි. මේ වගේ. දේපල වලට කියලා වෙනසකුත් නෑ. මගේ දේ මට ප්‍රියයි. ඒ වගේ. හිතන්න මේ ප්‍රිය දේ මොනවා හෝ හේතුවක් නිසා අපිට නැති වෙනවා. හරියට මේ සූත්‍රයෙ ගෘහපතියාගේ පුතා මිය ගියා වගේ. ඔයා අඬනවා. ඔයාට දුක හිතෙනවා. හිතලා බලන්න. එහෙම වෙලා නැද්ද කියලා. සමහරු තමුන්ගේ සුරතල් සතා මිය ගියාම නැත්නම් පැනලා ගියාම අඬනවා. සමහරු තමුන්ගේ බෝනික්කා නැත්නම් සෙල්ලම් කාර් එක කැඩුවම අඬනවා. එහෙම නැද්ද. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවො මේ පිය ජාතික සූත්රයෙදි දේශනා කරන්නේ ප්‍රිය දේ නිසා දුක ඇති වෙනවා කියලා.
අද වගේ දවසක් මුල් කරගෙන නොයෙක් දේවල් කරලා සතුටු වෙන අය මේ ගැන දැන්ම හිතේ තියාගත්තම ඒ දවසට දුක් වෙන්න ඕනා නෑ. ඒ වගේම අද වගේ දවසක අනිත් අයගෙ තාත්තලා ඉද්දි තමුන්ගේ තාත්තාලා නැති අයටත් ඒ දේවල් දිහා බලලා දුක් වෙන්න අවශ්‍යතාවක් මතු වෙන්නෙ නෑ. ඒ ගැන හිතලයි මේක දැම්මෙ.

බුදු දහම කියන්නෙ දුක නැති කරන ධර්මයක් මිසක් දුක් ඇති කරන ධර්මයක් නොවෙයි.