භාෂාවක්

thomian

Well-known member
  • May 20, 2011
    12,374
    17,392
    113
    අද වෙනකොට බොහෝ දෙනෙක් තමන්ගේ භාෂාවට අමතරව වෙනත් භාෂාවක් ඉගෙන ගැනිමට උනන්දුවක් දක්වනවා. අපේ රටේ නම් බොහෝ දෙනෙක් ඉගෙන ගන්නේ ඉංග්‍රීසි භාෂාව. තවත් සමහර අය ජපන් , කොරියන් , චීන වැනි භාෂා ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වනවා. උසස් අධ්‍යාපන කටයුතු, රැකියා කටයුතු සහ වෙනත් අවශ්‍යතා සදහා බොහෝ දෙනෙක් මෙසේ විවිධ වූ භාෂාවන් ඉගෙන ගැනීමට පෙළඹෙනවා. තවත් සමහරුන් විනෝදය සදහාත් විදේශීය භාෂාවන් ඉගෙන ගන්නවා.

    bonjour.jpg



    කොහොම නමුත් බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ සදහා වෙලාවක් වෙන්කරගෙන වෙනම පාඨමාලාවක් හැදෑරීමට කාලය සහ මුදල් වෙන්කර ගැනීමට අපහසු වීම. ඒ සදහා නියම විසදුමක් තමයි මේ කියන්න යන්නේ. අද වනවිට ස්මාර්ට් ජංගම දුරකතනයක් සෑම කෙනෙක් ලගම වගේ තියෙනවා. තමන් ලග තියෙන මේ දුරකතනය මගින් මේ වැඩේ කරගන්න පුලුවන්නම් ඒක් ගොඩක් වටිනා වැඩක්. ඒ සදහා දැනට තියෙන නියම Mobile app එකක් තමයි මේ පහල තියෙන්නෙ. මේකේ නම තමයි Dualingo. මේකේ තියෙන ප්‍රදානම වාසිය තමයි මෙය නොමිලේම භාවිත කිරීමට පුළුවන්. ඊට අමතරව මේ app එක ගොඩක් ම user friendly mobile app එකක්.:yes::cool:


    375px-Duolingo_logo_with_owl.svg.png



    දැනට තියෙන ගොඩක් Traditional language learning app වල තියෙන ප්‍රශ්න තමයි සමහර ඒවා මුදල් අයකරනවා. ගොඩක් ඒවා ටිකක් කරගෙන යද්දී හරිම boring. එත් Dualingo එහෙම නෑ මේකේ Writing / Speaking / Listening / Vocabulary වගේ මේ හැම දේකටම වෙන වෙනම activities තියෙන නිසා. ඇත්තටම මේක learning app එකකට වඩා Mobile game එකක් වගේ. හරියට කරගෙන ගියොත් ඇබ්බැහි වෙනවා . එහෙම උනා කියලා පාඩුවක් වෙන්නෙත් නෑ.






    මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අපි මේකේ ඉගෙන ගන්න දේවල් වලින් lingot කියන Dualingo virtual currency එක උපයන්න පුළුවන් එහෙම උපයන lingot වලින් අපිට Dualingo store එකට ගිහින් අපි ඉගෙන ගන්න දේවල් වලට අවශ්‍ය අමතර දේවල් මිලදී ගන්න පුළුවන්. මුලින්ම app එක install කරලා open කරද්දීම අපිට අපි දවසට කොචර කාලයක් මේක කරන්න කැමතිද කියලා daily goal එකක් සෙට් කරන්න පලුවන්. ඊට පස්සේ එකට අනුව අපේ වැඩ කරගෙන යන්න තමයි තියෙන්නෙ.






    මම දැනට මේක මාස එකහමාරක වගේ කාලයක් භාවිතා කරනවා German භාෂාව ඉගෙන ගන්න. මේ තාක් අත්දැකීම් අනුව නම් මේක තමා මම දැනට දැකපු හොදම language app එක. එහෙනම් කට්ටිය app stores වලට ගිහින් වැඩේ පටාන් ගන්න. හොද නරක අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න.



    Note - මම දැනට යුස් කරන්නේ Nokia 3 එකක්. එකේ නම් මේක හොදටම වැඩ. එත් ලගදී දවසක Samsung Galaxy s3 එකක මේක install කරන්න ගියාට වැඩේ හරිගියේ නැ. install වෙනවා ඒත් profile එක create කරන්න බෑ. try කරලා බලල හරි ගියොත් අපිටත් කියන්න


    ඊළගට මොකද කරන්නේ ?

    දැන් මේකෙන් වැඩේ පටන් අරගෙන කට්ටිය තමන් කැමති භාෂාව ඉගෙන ගන්නවා කියමුකෝ. එහෙම ඉගෙන ගන්න භාෂාවක් අපිට හරියටම වදින්න නම් ඒක භාවිතා කරන්න වෙනවා. එත් මේක අපේ සෙට් එකේ ඉන්න එවුන් එක්ක කරන්න අමාරුයි නේ. එකට අපි ඒ භාෂාව දන්නා කෙනෙක් හොයා ගන්න ඕන. ඔව් :P ඔව් :P ඒ කියන්නේ සුදු නංගි කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි තමයි :eek::lol::lol:(උඹල ලොවෙත් කොල්ලෝ එක්ක language practice කරන්නේ නැනේ :P:lol::lol:). මෙහෙමයි කරන්න තියෙන්නේ මම මේ පහල දීල තියෙන site දෙකට ගිහින් හරියට register වෙලා හොද language partner කෙනෙක් හොයා ගන්න. ඕන තරම් අය ඉන්නවා මේකේ. ලෝකේ විවිද රටවල් වලින්. හරි එහෙනම් ගිහින් වැදගත් විදියට කතා බහ කරලා වැඩේ ගොඩ දාගන්න.:yes::cool:


    Note - හැබැයි පුතේ මේකට ගිහින් අනාත සින්හලයෙක් වගේ වැඩේ
    චාටර් කරන්න එපා. වැදගත් විදියට කතා බහ කරලා වැඩේ කරපන්. ගියපු ගමන් sex talk දාලා ලංකාවේ එකෙක් "hi " කියපු ගමන් block කරන තැනට වැඩේ කරන්න එපා. :sorry::lol: මොකද මේකේ ඉන්න ගොඩක් කෙල්ලෝ Indian උන් එක්ක චැට් කරන්නේ නෑ. මොකද කියලා හේතුව අහපු ගමන් උන් කියන්නේ Indian එවුන් එන්නෙම Nude ෆොටෝ sex චැට් වලටමලු ගොඩක් එවුන්.


    මේකේ ගොඩක් හොද අය ඉන්නවා ෆිට් උනොත් මරු. තෑගී පවා එවලා තියෙනවා :cool::yes:. මගේ යාලුවෙක්ට මේකෙන් සෙට් උන කෙල්ලක් ලංකාවට ආවා දැනට ටික දවසකට කලින්. එකී ගිය සතියේ තමා ආපහු ගියේ. හරි එහෙනම් වැඩේ කරගෙන යන්න. ජය වේවා. :):)

    11.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Moral of the story

    මේකේ ගොඩක් හොද අය ඉන්නවා ෆිට් උනොත් මරු. තෑගී පවා එවලා තියෙනවා . මගේ යාලුවෙක්ට මේකෙන් සෙට් උන කෙල්ලක් ලංකාවට ආවා දැනට ටික දවසකට කලින්. එකී ගිය සතියේ තමා ආපහු ගියේ. හරි එහෙනම් වැඩේ කරගෙන යන්න. ජය වේවා.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Dualingo මගුලෙන් ඉංග්‍රීසි ඉගන ගන්න බෑ බං.... ඒක උට්ටේ ඇප් එකක්... ඉංග්‍රීසි ඉඟන ගන්න වෙන භාශාවක් දැනගන්න වෙනවා...:sorry:

    ඒත් සිංහල නෑ..:lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,374
    17,392
    113
    Dualingo මගුලෙන් ඉංග්‍රීසි ඉගන ගන්න බෑ බං.... ඒක උට්ටේ ඇප් එකක්... ඉංග්‍රීසි ඉඟන ගන්න වෙන භාශාවක් දැනගන්න වෙනවා...:sorry:

    ඒත් සිංහල නෑ..:lol:

    sinhala nam na ban.. :lol::lol:

    me app eken witarak language eka igena ganna ba ban ithin.. wena resources use karana gaman meka karapan
     
    Last edited: