මම කිව්ව වගේම ඔබතුමා කියන ඒවයේ ලොකු පරස් පරතාවයන් තිබෙනවා නේද? එක තැනක කියනවා කර්ම ශක්තිය (කිලෝජූල් වලින් මැනිය හැකිද?) පදාර්තයේ රැස් වෙලා තිබේලු. ඊලඟට කියනවා පදාර්තය කියන්නේ රූපස්කන්දයටලු. ඊට පහලින් කියනවා ආහ් ..නැහ් ඇත්තටම කර්ම ශක්තිය නාම, රූප දෙකේම තියෙනවාලු. මාර අවුලක වගේ ඔබතුමා ඉන්නෙ.![]()
කරුණාකර බොරු වාද නවත්වමු. කිසියම් කෙනෙක්, අවිද්‍යාවෙන් කටයුතු කරන විට, නාම රූප ඇතිවෙනවා පටිච්චසමුප්පාදානුකූලව.
අවිද්‍යා
සංකාර
විඥ්ඥාන
නාම රූප
සලායතන
ඵස්ස
වේදනා
තන්හා
උපාදාන
භව
ජාති
ජරා
...
මෙතන නාම රූප ඇතිවන විට ඒවා ආලෝකය ආදී විද්‍යුත් චුම්භක විකිරන ලෙස පිටවෙනවා කියලා තමයි කියන්නේ. අහලා තියෙනවද පදාර්ථය හා ශක්තිය එකිනෙකක් බවට පරිවර්තනය විය හැකි බව. පදාර්ථයට පුලුවන් ආලෝකය (ශක්තිය ) බවට හැරෙන්න. ඒ වගේම ආලෝකයට පුලුවන් පදාර්ථය බවට හැරෙන්න. මේකට උදාහරණයකට ගන්න ශක්ති දායක හෝ ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ශක්ති දායක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල වල මුලු ස්කන්ධයය, ප්‍රතික්‍රීයක වල මුලු ස්කන්ධයයට වඩා අඩුයි. ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල වල මුලු ස්කන්ධයය, ප්‍රතික්‍රීයක වල මුලු ස්කන්ධයයට වඩා වැඩියි. මේකෙන් කියන්නේ ශක්ති දායක ප්‍රතික්‍රියාවකදි ප්‍රතික්‍රීයක වල මුළු ස්කන්ධයෙන් කොටසක් ශක්තිය බවට හැරුණු බවත්. ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රීයක බාහිර පරිසරයෙන් ශක්තිය උරාගෙන එහි ස්කන්ධය වැඩි කරගත් බවත්ය.
මේකට අයින්ස්ටයින් දුන් සමීකරණය: E = mc^2
මේකෙන් මම විස්තර කරන්නේ පදාර්ථය කිව්වත්, ශක්තිය කිව්වත් අවසානයේ මේ දෙක එකම දෙයක අවස්ථා විපර්යාස දෙකක් විතරයි.
හිතන්න, ජලය කිව්වත්, අයිස් කිව්වත්, හුමාලය කිව්වත් මේ ඔක්කොම එකම දෙයක්. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න.
Last edited:


