බුද්ධාගම හා භෞතික විද්‍යාව

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0

ලෞකික සියලු විද්‍යාවන් අවිද්‍යාවම මුල්කොට ඇත්තේය.
සියලු ලෞකික විද්‍යාවන් යමක් "තිබේ, ඇත," යන නිත්‍ය සඥාවෙන් යුතු අවිද්‍යාවෙහිම ඇලී ගැලී ඇති අනාර්ය දෘෂ්ඨි වෙයි.

බුදුන් වහන්සේ ආර්‍ය පර්යේෂනය යනුවෙන දේශනා කලේ බුදු කෙනෙක් පමණක් දේශනා කරන පර්යේශන ක්‍රමයයි. සැබෑ විද්‍යාවයි. යමක් ඇත්තේය යන නිත්‍ය සඥාව ප්‍රතිශේප කරන ඒ මහා ආර්ය දර්ශනය, පටිච්චසමුප්පාදීව රූප, වේදනා, සඥා, සංකාර, විඥානය, යනාදියේ සමුදයත් නිරෝධයත් දකින්නේය.

බුදු දහමට මුවාවී "මහ බක්කන්" වෙන්නට පොරකන මෝග මහනුන් විද්‍යාවත් අවිද්‍යාවත් පටලවා "කිලෝ ජූල් වලින් කර්ම ශක්තිය මැනිය හැක" වැනි අමන, තකතීරු ප්‍රකාශ කරමින් බුදු දහම වනසනු අපට පෙනේ. මේ බුදුන් වදාල සද්ධර්ම ප්‍රතිරූපකයෝය.
 
Last edited:

pubchi

Member
Nov 5, 2009
120
7
0
මේ වීඩියෝ එකේ විනාඩි 26.50 විතර ඉඳල ස්වාමින් වහන්සේ දේශනා කරනවා "සබ්බං ප්‍රකම්පනං " කියල. එක ත්‍රිපිටකය පුරාම තියෙනවා කියලත් කියනවා. කවුරුහරි පින්වතෙක් කියනවද ඒ සූත්‍ර මොනවද කියල. මොකද මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්න ඇත්තේ වෙන අර්ථයකින් කියල. Context එක බැලුවනම් තේරුම් ගන්න තිබ්බ.
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    සිංහලෙන් හැමෝටම තේරෙන්න කියනවනම් වටිනවා :cool:
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    මේ වීඩියෝ එකේ විනාඩි 26.50 විතර ඉඳල ස්වාමින් වහන්සේ දේශනා කරනවා "සබ්බං ප්‍රකම්පනං " කියල. එක ත්‍රිපිටකය පුරාම තියෙනවා කියලත් කියනවා. කවුරුහරි පින්වතෙක් කියනවද ඒ සූත්‍ර මොනවද කියල. මොකද මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්න ඇත්තේ වෙන අර්ථයකින් කියල. Context එක බැලුවනම් තේරුම් ගන්න තිබ්බ.

    BUMP
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767

    ස්කයිලාක් තමයි මේ වගේ දෙයක් අහන්න සුදුසුම.
    මාත් හිතන්නේ ඔබ කියන එක හරි. මේ ස්වාමීන්වහන්සේ බුද්ධ වචනය වැරදියට අර්ත දක්වනවා වෙන්ඩ ඕනේ. විද්‍යාවෙන් සොයාගත්ත දෙයක් කියන්නෙ සම්මා සම්බුදුවරයෙක් පහල වෙන්න ඔනේ නැහැ නේද?

    අප මහා බුදු පියාණන් වහන්සේ දේශනා කලා

    "පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදී, ආලෝකෝ උදපාදී, ඥානං උදපාදී, විජ්ජා උදපාදී කියා. "

    මෙතන මේ යටින් ඉරක් ගහල තියෙන එකෙන් කියන්නේ "පෙර කිසිවෙක් සොයා නොගත්, අවබෝධ නොකල දහම් ඇසක්, ආලෝකයක්, නුවණක්, විද්‍යාවක් පහල වුනා" කියායි.

    මේ ස්වාමීන් වහන්සේ කියන විදියට බුදුහාමුදුරුවන් කෙනෙකුට පමණක් අවබෝධ කල හැකි ඒ ඥානය , විද්‍යාව, නීල්ස් බෝර්, මැක්ස් ප්ලෑන්ක්, De broglie, හයිසන්බර්ග්, Einstein වගේ අයටත් තේරුන එකක්. ඒ ගොල්ල සෝවාන් වෙලා හිටියද කියලත් හිතෙනවා නේද?
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84

    බුදුහාමුදුරුවෝ එහෙම කිවුවේ නිවනට අදාල දේවල් පමණයි. උදාහරණ ලෙස ඒකාලේ පස්වග තවුසන්, අසිත තවුසා ආදී අය ලෞකික ධ්‍යාන ලබා සිටියා. අසිත තවුසා, අලාර කාලාම අදීන් අරූප ධ්‍යාන ලබා අරූප බ්‍රහ්ම ලෝක වලට පවා ගියා. මෙතන පැහැදිලි කරන්නේ විද්‍යාව බුදුදහමට වඩා උසස් කියන එක නෙවෙයි. බුදුදහම විද්‍යාවෙන් වැරදියි කියලා පෙන්වා දෙන්න බැරි බව.
    අනික මිනිහෙක්ට අවබෝධ කල නොහැකි විදියේ දහමක් කියලා වැඩක් නෑනේ කාටවත් ඒක තේරුම් ගන්න බැරි නිසා. බුදුහාමුදුරුවෝ ඒකාලේ බණ කිවුවේ ඒකාලයේදි ඉන්දියාවේ තිබූ විද්‍යාවට සාපේක්ෂව. උදාහරණයක් ලෙස පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින් විස්තර කරන විද්‍යාවක් ඒ වන විටත් ඉන්දියාවේ තිබ්බා. හින්දු ග්‍රන්ථ වල පවා මෙවැනි විද්‍යාවන් විස්තර වෙනවා. ඒකාලේ මිනිස්සු කර්මය කියලා දෙයක් තියෙනවා කියලා දැනං හිටියා. බුදුහාමුදුරුවෝ කලේ මේවට අලුත් අර්ථයක් දෙන එක (නිවනට හේතු වන පරිදි).
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේ වීඩියෝ එකේ විනාඩි 26.50 විතර ඉඳල ස්වාමින් වහන්සේ දේශනා කරනවා "සබ්බං ප්‍රකම්පනං " කියල. එක ත්‍රිපිටකය පුරාම තියෙනවා කියලත් කියනවා. කවුරුහරි පින්වතෙක් කියනවද ඒ සූත්‍ර මොනවද කියල. මොකද මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්න ඇත්තේ වෙන අර්ථයකින් කියල. Context එක බැලුවනම් තේරුම් ගන්න තිබ්බ.

    මේකෙන් කියන්නේ කර්ම ශක්තිය පදාර්තයේ රැස් වෙලා තියෙන ආකාරය.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    සිංහලෙන් හැමෝටම තේරෙන්න කියනවනම් වටිනවා :cool:

    මට තේරෙන විදියට පැහැදිලි කරන්නම්.

    මේ හාවඩ්බයෝ කියන්නේ, යමක් තිබේ කියන නිත්‍ය සඥාව තුලයි විද්‍යාව ගොඩ නගා තියෙන්නේ කියන එකයි. ලෝකය බඹයක් පමණ වූ සරීරය තුල පනවන්නයි අප මහා බුදු පියාණන් දේශනා කලේ. විද්‍යාවෙන් කියන්නේ අපෙන් පරිබාහිර ලෝකයක් "ඇති" බවයි කියන නිත්‍ය සඥාවෙන් ගැනීමයි.

    ඔබතුමා දන්නවා ඇති "ලෝක විදූ" නම් බුදු ගුණය ගැන. එයින් කියන්නේ සියලු ලෝක ගැන දන්නා නමුත් ඒ සියල්ලෙන් මිදුන කියන විශේෂ ලක්ෂණය. එනම් රහතුන් වහන්සේලා "ලෝකයට අයත්" අය නොවේ, "ලෝකයෙන් මිදුන" එනම්, ලෝකෝත්තර ගණයට වැටෙන විශේෂ පිරිසක්.

    බුදුන් වහන්සේගේ ධර්මය හරි විශේෂයි, ගාම්භීරයි, අසම-සමයි. ඒකේ අන්ත දෙකම අත් හරිනවා. ඇත කියන්නෙත් නෑ, නැත කියන්නෙත් නෑ. ඇයි? ඒ දෙකම දෘශ්ටි පමණයි, යතා ස්වභාවය නොවෙයි. ඇත්ත මොකක්ද?

    "යංකිංචි සමුදය ධම්මං -සබ්බංතං නිරොධ ධම්මං"

    පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නැතිවන- යන්නයි ඇත්ත ස්වභාවය.

    එනම් අවස්තාවටයි හටගන්නේ. දකින්න පෙර තිබ්බ නොවෙයි, දැක්කට පස්සේ තියෙනවා නොවෙයි, ඒත් භවයෙන් වැහිලා නිසා නිත්‍ය සඥාවෙන් බලන නිසා අපිට නිරෝධය පේන්නේ නැහැ.

    ඔබට ඔබේ "තේ කෝප්පය හිස් කරලා" සිත සමාධිමත් කරගෙන මේ ධර්ම දේශනය අහන්න පුලුවන් නම් තවත් තේරයි, මම මේ කියන කාරනාව.

    බුදු සරණයි!.
     
    මේ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. ඇත, නැත අන්තය කියන්නේ ලෝකයක් ඇත හෝ නැත කියන එක නොවෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ පටිච්චසමුප්පන්නව ලෝකය හට ගන්නවා කියලයි. ඒ කියන්නේ බොහෝ හේතූන්ගේ එකතු වීමක ඵලයක් ලෙස ලෝකය හට ගන්නා බවත්, එම හේතූන්ගේ නිරෝධයෙන් එම ලෝකයේ හටගැනීම නවතින බවත්. ඇත, නැත අන්ත ඇති වන්නේ මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තේරුම් නොගැනීම නිසා.

    මෙතන වැදගත්ම කාරණය වෙන්නේ බාහිර ලෝකයක් තියෙනවාද නැත්ද යන්න නෙවෙයි. බුදුදහමේ සාකච්ඡා කරන්නේ බාහිර ලෝකය (පංචස්කන්ධය) අවිද්‍යාවෙන් උපාදාන කරලා ඇතිකරගන්නා පංච උපාදානස්කන්ධ ලෝකය ගැනයි. මෙහෙම උපාදානයේ ප්‍රතිඵලයක් ලෙස පටිච්චසමුප්පන්නව නාම රූප (පංචස්කන්ධ ) නිර්මාණය වෙනවා. බාහිර ලෝකය නිර්මාණය වන්නේ මේ අකාරයට කලින් කර්මයෙන් ගොඩනැගුනු පංචස්කන්ධය නැවත උපාදානය කරගැනීමෙනුයි. මේකයි බුද්ධ වචනය. සාමාන්‍ය විද්‍යාවන්ට මේ විදියට බාහිර ලෝකය ඇතිවෙන්නේ සිතේ ඇතිවන රාග, ද්වේශ හා මෝහ නිසා කියලා තේරුම් ගැනීමට පුළුවන් වෙලා නෑ. නූතන විද්‍යාවෙන් විස්තර කරන්නේ, මේ විදියට රාග, ද්වේශ, මෝහ වලින් නිර්මාණය වූ ලෝකය තුල නැවත විපරිණාමය වන ආකාරය ගැන විතරයි. මූලික හේතුව වන්නේ තණ්හාව කියලා දන්නේ නෑ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මේකෙන් කියන්නේ කර්ම ශක්තිය පදාර්තයේ රැස් වෙලා තියෙන ආකාරය.

    පදාර්තය කියන්නේ මොකක්ද පින්වත?

    කරුනාකරලා යමෙක් සමඟ සාකච්චා කරන විට සමව සලකන්න. ලොකු අකුරු වලින් දැම්ම කියා ඔබ හරි වෙන්නේ නැහැ. ඇත්තෙන්ම ඒකෙන් පෙන්නේ ඔබ කියන දේ ගැන ඔබට විශ්වාසයක් නැති නිසා ඒ අඩුව වහගන්න අකුරු ලොකුවට දාලා "කෑ ගහනවා" කියායි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    පදාර්තය කියන්නේ මොකක්ද පින්වත?

    කරුනාකරලා යමෙක් සමඟ සාකච්චා කරන විට සමව සලකන්න. ලොකු අකුරු වලින් දැම්ම කියා ඔබ හරි වෙන්නේ නැහැ. ඇත්තෙන්ම ඒකෙන් පෙන්නේ ඔබ කියන දේ ගැන ඔබට විශ්වාසයක් නැති නිසා ඒ අඩුව වහගන්න අකුරු ලොකුවට දාලා "කෑ ගහනවා" කියායි.

    එක්ස් මුස්ලිම් මොඩය, පදාර්ථය කියන්නේ matter හෙවත් පංචස්කන්ධයේ රූපස්කන්ධයටයි. මෙහෙම කිව්වට තෙරෙනවද?

    කර්ම ශක්තිය ඇත්තටම නාම රූප දෙකේම රැස්වෙලා තියෙනවා. මේකෙ නාම කියන්නේ මතක සටහන් (Information) කියලා සරලව කියන්න පුළුවන්. නාම කියන්නේ වේදනා ස්කන්ධය, සඤ්ඤා ස්කන්ධය, සංකාර ස්කන්ධය හා විඥ්ඥාන ස්කන්ධයයි.
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    එක්ස් මුස්ලිම් මොඩය, පදාර්ථය කියන්නේ matter හෙවත් පංචස්කන්ධයේ රූපස්කන්ධයටයි. මෙහෙම කිව්වට තෙරෙනවද?

    :D:D:D තරහ ගන්න අවශ්‍යතාවයක් නැහැ පින්වත. මම අහන්නේ පදාර්තය කියන්නේ පරමාණුද, ප්‍රෝටෝන්ද, ඉලෙක්ට්‍රෝන්ද?, ක්වාර්ක්ද? මීසෝන්ද? ෆෝටෝන්ද? එහෙමත් නැත්තං තරංගද? ඒ මොකවත් නෙවේ නම් ස්ට්‍රින්ග්ස්ද?:P:P
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    :D:D:D තරහ ගන්න අවශ්‍යතාවයක් නැහැ පින්වත. මම අහන්නේ පදාර්තය කියන්නේ පරමාණුද, ප්‍රෝටෝන්ද, ඉලෙක්ට්‍රෝන්ද?, ක්වාර්ක්ද? මීසෝන්ද? ෆෝටෝන්ද? එහෙමත් නැත්තං තරංගද? ඒ මොකවත් නෙවේ නම් ස්ට්‍රින්ග්ස්ද?:P:P

    ඇත්තටම මෙහි පදාරිථය කියන්නේ ඔය ඔක්කොම තමයි. බුදුදහමේ රූප කියන්නේ විද්‍යාවේ සඳහන් වන ඔය පරමාණු, ඉලෙcට්‍රෝන ඇතුළු සියලුම පදාර්ථයත්, ෆෝටෝන වලින් සැදුනු ශක්තියත් යන මේ දෙකම. නමුත් කිසිම නූතන විද්‍යාවකින් සොයා නොගත් ඉතා සියුම් මට්ටමේ පදාර්ථ හා ශක්තියත් මේකට ඇතුලත්. දෙවියන් හා බ්‍රහ්මයින් හැදිලා තියෙන්නේ මේවගේ ඉතා සියුම් පදාර්ථ හා ශක්තිය එකතු වෙලා. මේවා ඉතා සියුම් නිසා තමයි අපේ මේ මස් ඇසට මේව පෙනෙන්නේ නැත්තේ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මේකෙන් කියන්නේ කර්ම ශක්තිය පදාර්තයේ රැස් වෙලා තියෙන ආකාරය.

    එක්ස් මුස්ලිම් මොඩය, පදාර්ථය කියන්නේ matter හෙවත් පංචස්කන්ධයේ රූපස්කන්ධයටයි. මෙහෙම කිව්වට තෙරෙනවද?

    කර්ම ශක්තිය ඇත්තටම නාම රූප දෙකේම රැස්වෙලා තියෙනවා. මේකෙ නාම කියන්නේ මතක සටහන් (Information) කියලා සරලව කියන්න පුළුවන්. නාම කියන්නේ වේදනා ස්කන්ධය, සඤ්ඤා ස්කන්ධය, සංකාර ස්කන්ධය හා විඥ්ඥාන ස්කන්ධයයි.

    මම කිව්ව වගේම ඔබතුමා කියන ඒවයේ ලොකු පරස් පරතාවයන් තිබෙනවා නේද? එක තැනක කියනවා කර්ම ශක්තිය (කිලෝජූල් වලින් මැනිය හැකිද?) පදාර්තයේ රැස් වෙලා තිබේලු. ඊලඟට කියනවා පදාර්තය කියන්නේ රූපස්කන්දයටලු. ඊට පහලින් කියනවා ආහ් ..නැහ් ඇත්තටම කර්ම ශක්තිය නාම, රූප දෙකේම තියෙනවාලු. මාර අවුලක වගේ ඔබතුමා ඉන්නෙ.:D:D