බුද්ධාගම හා භෞතික විද්‍යාව

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මම කිව්ව වගේම ඔබතුමා කියන ඒවයේ ලොකු පරස් පරතාවයන් තිබෙනවා නේද? එක තැනක කියනවා කර්ම ශක්තිය (කිලෝජූල් වලින් මැනිය හැකිද?) පදාර්තයේ රැස් වෙලා තිබේලු. ඊලඟට කියනවා පදාර්තය කියන්නේ රූපස්කන්දයටලු. ඊට පහලින් කියනවා ආහ් ..නැහ් ඇත්තටම කර්ම ශක්තිය නාම, රූප දෙකේම තියෙනවාලු. මාර අවුලක වගේ ඔබතුමා ඉන්නෙ.:D:D

කරුණාකර බොරු වාද නවත්වමු. කිසියම් කෙනෙක්, අවිද්‍යාවෙන් කටයුතු කරන විට, නාම රූප ඇතිවෙනවා පටිච්චසමුප්පාදානුකූලව.

අවිද්‍යා
සංකාර
විඥ්ඥාන
නාම රූප
සලායතන
ඵස්ස
වේදනා
තන්හා
උපාදාන
භව
ජාති
ජරා
...

මෙතන නාම රූප ඇතිවන විට ඒවා ආලෝකය ආදී විද්‍යුත් චුම්භක විකිරන ලෙස පිටවෙනවා කියලා තමයි කියන්නේ. අහලා තියෙනවද පදාර්ථය හා ශක්තිය එකිනෙකක් බවට පරිවර්තනය විය හැකි බව. පදාර්ථයට පුලුවන් ආලෝකය (ශක්තිය ) බවට හැරෙන්න. ඒ වගේම ආලෝකයට පුලුවන් පදාර්ථය බවට හැරෙන්න. මේකට උදාහරණයකට ගන්න ශක්ති දායක හෝ ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ශක්ති දායක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල වල මුලු ස්කන්ධයය, ප්‍රතික්‍රීයක වල මුලු ස්කන්ධයයට වඩා අඩුයි. ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල වල මුලු ස්කන්ධයය, ප්‍රතික්‍රීයක වල මුලු ස්කන්ධයයට වඩා වැඩියි. මේකෙන් කියන්නේ ශක්ති දායක ප්‍රතික්‍රියාවකදි ප්‍රතික්‍රීයක වල මුළු ස්කන්ධයෙන් කොටසක් ශක්තිය බවට හැරුණු බවත්. ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රීයක බාහිර පරිසරයෙන් ශක්තිය උරාගෙන එහි ස්කන්ධය වැඩි කරගත් බවත්ය.

මේකට අයින්ස්ටයින් දුන් සමීකරණය: E = mc^2

මේකෙන් මම විස්තර කරන්නේ පදාර්ථය කිව්වත්, ශක්තිය කිව්වත් අවසානයේ මේ දෙක එකම දෙයක අවස්ථා විපර්යාස දෙකක් විතරයි.

හිතන්න, ජලය කිව්වත්, අයිස් කිව්වත්, හුමාලය කිව්වත් මේ ඔක්කොම එකම දෙයක්. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න.
 
Last edited:

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113

    මෙතන නාම රූප ඇතිවන විට ඒවා ආලෝකය ආදී විද්‍යුත් චුම්භක විකිරන ලෙස පිටවෙනවා කියලා තමයි කියන්නේ.

    කවුද මෙහෙම කියන්නේ. ත්‍රිපිටකයේ තියෙනවද? අටුවා වල තියෙනවද? :P

    අහලා තියෙනවද පදාර්ථය හා ශක්තිය එකිනෙකක් බවට පරිවර්තනය විය හැකි බව. පදාර්ථයට පුලුවන් ආලෝකය (ශක්තිය ) බවට හැරෙන්න. ඒ වගේම ආලෝකයට පුලුවන් පදාර්ථය බවට හැරෙන්න. මේකට උදාහරණයකට ගන්න ශක්ති දායක හෝ ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ශක්ති දායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රීයක වල මුලු ස්කන්ධයය, ප්‍රතිඵල වල මුලු ස්කන්ධයයට වඩා අඩුයි. ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රීයක වල මුලු ස්කන්ධයය, ප්‍රතිඵල වල මුලු ස්කන්ධයයට වඩා වැඩියි. මේකෙන් කියන්නේ ශක්ති දායක ප්‍රතික්‍රියාවකදි ප්‍රතික්‍රීයක වල මුළු ස්කන්ධයෙන් කොටසක් ශක්තිය බවට හැරුණු බවත්. ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රීයක බාහිර පරිසරයෙන් ශක්තිය උරාගෙන එහි ස්කන්ධය වැඩි කරගත් බවත්ය.

    මේකට අයින්ස්ටයින් දුන් සමීකරණය: E = mc^2

    මේකෙන් මම විස්තර කරන්නේ පදාර්ථය කිව්වත්, ශක්තිය කිව්වත් අවසානයේ මේ දෙක එකම දෙයක අවස්ථා විපර්යාස දෙකක් විතරයි.

    හිතන්න, ජලය කිව්වත්, අයිස් කිව්වත්, හුමාලය කිව්වත් මේ ඔක්කොම එකම දෙයක්. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න.
    :D
    ඔය ඉතින් ඕ ලෙවල් උගන්නන ඒවනේ. ඉතින් අපිට මොකද කරන්න කියන්නේ? අයින්ස්ටයින්ගේ සමීකරනේ දැක්කම අපි බය වෙන්න ඕනේද.. මොකද්ද දැන් වෙන්න ඕනේ. කර්ම ශක්තියයි මේ සමීකරනෙයි අතර සම්බන්දයක් තිබේද?
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    කවුද මෙහෙම කියන්නේ. ත්‍රිපිටකයේ තියෙනවද? අටුවා වල තියෙනවද? :P

    :D
    ඔය ඉතින් ඕ ලෙවල් උගන්නන ඒවනේ. ඉතින් අපිට මොකද කරන්න කියන්නේ? අයින්ස්ටයින්ගේ සමීකරනේ දැක්කම අපි බය වෙන්න ඕනේද.. මොකද්ද දැන් වෙන්න ඕනේ. කර්ම ශක්තියයි මේ සමීකරනෙයි අතර සම්බන්දයක් තිබේද?

    ත්‍රිපිටකයේ තියෙන්නේ රූප කියන්නේ, සතර මහා භූත හා ඒවායින් සෑදුනු දෑ වශයෙන්. මෙතන සතර මහා භූත හැදිලා තියෙන්නේ සුද්ධාශ්ටක කියලා ඉතාම කුඩා අංශු විශේෂයකින්. මේ සුද්ධශ්ටක කියන්නේ ෆෝටෝන වලට වඩා මිලියන, බිලියන ගුණයක් කුඩා අංශු විශේෂයක්. ඒ කියන්නේ ෆෝටෝනය හැදිලා තියෙන්නේ ශුද්ධාශ්ටක බිලියන ගනනක් එකතු වෙලා. සුද්ධාශ්ටකය තමයි පදාර්ථයේ කුඩාම ඒකකය (මෙය නූතන විද්‍යාවෙන් තවම සොයාගන්නට තියා හිතලවත් නෑ)
    .
    නාම කියන්නේ පෙර මතක සටහන්. පුබ්බේ නිවාසානුසති ඥානය ආදී ඥාන වලින් පෙර ආත්ම භාවයන් කියන්නේ මෙන්න මේ නාම ධර්ම කියවලා.

    මම අයින්ස්ටයින්ගේ සමීකරණය දැම්මේ පදාර්ථයට ඕනෑම වෙලාවක ශක්තිය බවටත් ශක්තියට පදාර්ථය බවටත් හැරෙන්න පුළුවන් කියලා පෙන්නන්න. ඔයා කිව්වනේ මගේ කතාව පරස්පර විරෝධී කියලා. එහෙම වෙන්නේ නැත්තේ ඒකයි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    මෙතන නාම රූප ඇතිවන විට ඒවා ආලෝකය ආදී විද්‍යුත් චුම්භක විකිරන ලෙස පිටවෙනවා කියලා තමයි කියන්නේ. අහලා තියෙනවද පදාර්ථය හා ශක්තිය එකිනෙකක් බවට පරිවර්තනය විය හැකි බව. පදාර්ථයට පුලුවන් ආලෝකය (ශක්තිය ) බවට හැරෙන්න. ඒ වගේම ආලෝකයට පුලුවන් පදාර්ථය බවට හැරෙන්න. මේකට උදාහරණයකට ගන්න ශක්ති දායක හෝ ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ශක්ති දායක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල වල මුලු ස්කන්ධයය, ප්‍රතික්‍රීයක වල මුලු ස්කන්ධයයට වඩා අඩුයි. ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල වල මුලු ස්කන්ධයය, ප්‍රතික්‍රීයක වල මුලු ස්කන්ධයයට වඩා වැඩියි. මේකෙන් කියන්නේ ශක්ති දායක ප්‍රතික්‍රියාවකදි ප්‍රතික්‍රීයක වල මුළු ස්කන්ධයෙන් කොටසක් ශක්තිය බවට හැරුණු බවත්. ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රීයක බාහිර පරිසරයෙන් ශක්තිය උරාගෙන එහි ස්කන්ධය වැඩි කරගත් බවත්ය.

    මේකට අයින්ස්ටයින් දුන් සමීකරණය: E = mc^2

    මේකෙන් මම විස්තර කරන්නේ පදාර්ථය කිව්වත්, ශක්තිය කිව්වත් අවසානයේ මේ දෙක එකම දෙයක අවස්ථා විපර්යාස දෙකක් විතරයි.

    හිතන්න, ජලය කිව්වත්, අයිස් කිව්වත්, හුමාලය කිව්වත් මේ ඔක්කොම එකම දෙයක්. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න.

    එතකොට කර්මයක් කරද්දී අපේ ඇගෙන් ශක්තියක් නිපදවල පිට කරනවද?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    එතකොට කර්මයක් කරද්දී අපේ ඇගෙන් ශක්තියක් නිපදවල පිට කරනවද?

    ඔව්. ශක්තියක් නිර්මාණය වෙලා පිට කරනවා. මේකට කියන්නේ ඕරා එක (Aura) කියලා. හැබැයි මේ ශක්තිය නිපදවෙන්නේ ශරීරයෙන් නෙවෙයි, සිතෙන්.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    "පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදී, ආලෝකෝ උදපාදී, ඥානං උදපාදී, විජ්ජා උදපාදී කියා. "

    මෙතන මේ යටින් ඉරක් ගහල තියෙන එකෙන් කියන්නේ "පෙර කිසිවෙක් සොයා නොගත්, අවබෝධ නොකල දහම් ඇසක්, ආලෝකයක්, නුවණක්, විද්‍යාවක් පහල වුනා" කියායි.

    විද්‍යාවෙන් කියන්නේ අපෙන් පරිබාහිර ලෝකයක් "ඇති" බවයි කියන නිත්‍ය සඥාවෙන් ගැනීමයි.

    බුදුන් වහන්සේගේ ධර්මය හරි විශේෂයි, ගාම්භීරයි, අසම-සමයි. ඒකේ අන්ත දෙකම අත් හරිනවා. ඇත කියන්නෙත් නෑ, නැත කියන්නෙත් නෑ. ඇයි? ඒ දෙකම දෘශ්ටි පමණයි, යතා ස්වභාවය නොවෙයි. ඇත්ත මොකක්ද?

    මං මාන්කඩවල සුදස්සන හිමියන්ගේ බණ අසා නැහැ. ඉහත ඔබතුමා කියල තියෙන දේවල් දැක්කම උන්වහන්සේගේ දේශනාවන් අහන්න හිතුනා.
    ඒ ඔබතුමා කියල තියෙන්නේ මාන්කඩවල සුදස්සන හිමියන්ගේ දේශනාවලින් අහපු ආකාරයටද නැතිනම් ත්‍රිපිටකයේ තැනකින් උපුටාගෙනද කියල කියන්න පුලුවන්ද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔව්. ශක්තියක් නිර්මාණය වෙලා පිට කරනවා. මේකට කියන්නේ ඕරා එක (Aura) කියලා. හැබැයි මේ ශක්තිය නිපදවෙන්නේ ශරීරයෙන් නෙවෙයි, සිතෙන්.

    මේවිදියට අලුතෙන් ශක්තිය නිර්මාණය වෙනව කියන්නෙ බුද්ධාගමට අනුව
    ශක්ති සංස්ථිති නියමය වැරදි නේද?
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    මේකෙන් කියන්නේ කර්ම ශක්තිය පදාර්තයේ රැස් වෙලා තියෙන ආකාරය.

    ඕකනේ ඉතින් කරන්න බැරි. අහල තියෙන දේ තේරුම් ගන්න බෑනේ.

    මම ඇහුවේ සුත්‍ර වල නම් ටික. "සබ්බං ප්‍රකම්පනං" කියල තියෙන තැන් මොනවද කියල නේ ඇහුවේ.
    එතකොට අපිටත් පුළුවන් ස්වාමින් වහන්සේ කියන දේ ගැලපෙනවද කියල බලන්න.
    අත්තනෝමත වලින් වැඩක් නැ.
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    :D:D:D තරහ ගන්න අවශ්‍යතාවයක් නැහැ පින්වත. මම අහන්නේ පදාර්තය කියන්නේ පරමාණුද, ප්‍රෝටෝන්ද, ඉලෙක්ට්‍රෝන්ද?, ක්වාර්ක්ද? මීසෝන්ද? ෆෝටෝන්ද? එහෙමත් නැත්තං තරංගද? ඒ මොකවත් නෙවේ නම් ස්ට්‍රින්ග්ස්ද?:P:P

    මචන්, උඹ ඕනවට වැඩිය හිතනවනේ.
    මේ කතා කරන්නේ O/L physics ගැන මිසක් particle physics හෝ string theory ගැන නෙවෙයි. ;)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම මේ වීඩියෝ එක බැලුවෙත් නෑ. මම නං ඇත්තටම දන්නේ නෑ මොකද්ද ඔතන වෙන්නේ කියන්න. හැබැයි එක දෙයක් කියන්නම් දැන් සිද්ද වෙන දේවල් දැක්කම...

    ධර්ම කරුණක් දැක්කොත්, ත්‍රිපිටකයේ එක කොහෙද සඳහන් වෙන්නේ කියන බුද්ධ දේශනාව තියෙන්න ඕන.

    එහෙම කරුණක් ගැන තමන්ට හාමුදුරුවෝ බණට කියන එක ගැටළුවක් නං, බුද්ධ දේශනාව ත්‍රිපිටකයෙන් හොයාගෙන පාලි සිංහල පරිවර්තනයක් එක්ක ගලපලා බලන්න. නොදන්නා පාලි වචන පාලි දන්නා හාමුදුරු නමකගෙන් හරි කාගෙන් හරි අහලා දැන ගන්න.

    වෙනත් ස්වාමින් වහන්සේලාගෙන් එම කරුණම බුද්ධ දේශනාත් අතේ තියාගෙන කරුණු විමසලා නිරවුල් කර ගන්න...

    බුද්ධ දේශනාවේ නැති, එක එක්කෙනාගේ පැහැදිලි කිරීම්, අර්ථ දැක්වීම්, මතවාද දෙවරක් හිතන්නේ නැතිව බැහැර කරලා දාන්න.
     
    Exactly.
    ධර්ම කරුණක් දැක්කොත්, ත්‍රිපිටකයේ එක කොහෙද සඳහන් වෙන්නේ කියන බුද්ධ දේශනාව තියෙන්න ඕන.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඕකනේ ඉතින් කරන්න බැරි. අහල තියෙන දේ තේරුම් ගන්න බෑනේ.

    මම ඇහුවේ සුත්‍ර වල නම් ටික. "සබ්බං ප්‍රකම්පනං" කියල තියෙන තැන් මොනවද කියල නේ ඇහුවේ.
    එතකොට අපිටත් පුළුවන් ස්වාමින් වහන්සේ කියන දේ ගැලපෙනවද කියල බලන්න.
    අත්තනෝමත වලින් වැඩක් නැ.

    සබ්බං ප්‍රකම්පනං තියෙනෙ තැන අභය හිමි ඒ වීඩියෝ එකේ කියනවා මං හිතන්නේ. මේව ඇත්තටම දැන් ගොඩක් යටපත් වෙලා ගිය දහම් කරුණු.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේවිදියට අලුතෙන් ශක්තිය නිර්මාණය වෙනව කියන්නෙ බුද්ධාගමට අනුව
    ශක්ති සංස්ථිති නියමය වැරදි නේද?

    එහෙම කියන්නත් පුළුවන්. කොහොමත් අයින්ස්ටයිගෙන් පස්සේ ස්කන්ධ සංස්තිථි නියමය නම් බිඳ වැටුනා. ඒ කියන්නේ ස්කන්ධය ශක්තිය බවට හැරිලා පද්ධතියක තියෙන මුළු ස්කන්ධ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් (ස්කන්ධය නියත නෑ). ශක්ති සංස්තිථියන් ඉතා විශාල කාලාන්තර වලදි බිඳ වැටෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැත්තං බුදුදහමට අනුව මේ සිතෙන් නිර්මාණය වන ශක්තිය එකතු වන නිසා දිගින් දිගටම විශ්වයේ මුළු ශක්තිය වැඩි වෙන්න ඕනේ.

    ඒ වගේම මං හිතන්නේ මේ Dark Energy හා Dark Matter වගේ දෙවලුත් මේ බුදුදහමේ පැහැදිලි කිරීමට අනුව විස්තර කරන්න පුළුවන් වෙයි. Dark Energy කියන්නේ තවමත් විද්‍යාවෙන් පැහැදිළි කරගන්න බැරි වුන දෙයක්. Dark Energy කියන්නේ විශ්වයේ ප්‍රසාරණයට උදව් වෙන අත්භූත ශක්ති විශේෂයක්. මේ Dark energy නැතුව විශ්වයේ ප්‍රසාරණ වේගය වැඩි වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න බෑ. Dark Matter කියන්නේ නොපෙනෙන පදාර්ථ වල ස්කන්ධ විශේෂයක්. විද්‍යාඥයන් විසින් මන්දාකිණි වල ඇති තාරකා එකට තබා ගැනීමට අවශ්‍ය ගුරුත්වාකර්ශනය ලබා දීමට ඒවායේ තිබිය යුතු මුළු ස්කන්ධය ගණනය කරාට පස්සේ තේරුණා ඒවායේ ඇත්තටම තිබෙන ස්කන්ධය මේ ගණනය කල අගයට වඩා ඉතා අඩු බව. ඒ නිසා මෙන්න මේ මන්දාකිණි වල ගුරුත්වාකර්ශණය ලබා දෙන සැඟවුණු ස්කන්ධය Dark Matter කියලා හඳුන්වා දුන්නා.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එහෙම කියන්නත් පුළුවන්. කොහොමත් අයින්ස්ටයිගෙන් පස්සේ ස්කන්ධ සංස්තිථි නියමය නම් බිඳ වැටුනා. ඒ කියන්නේ ස්කන්ධය ශක්තිය බවට හැරිලා පද්ධතියක තියෙන මුළු ස්කන්ධ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් (ස්කන්ධය නියත නෑ). ශක්ති සංස්තිථියන් ඉතා විශාල කාලාන්තර වලදි බිඳ වැටෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැත්තං බුදුදහමට අනුව මේ සිතෙන් නිර්මාණය වන ශක්තිය එකතු වන නිසා දිගින් දිගටම විශ්වයේ මුළු ශක්තිය වැඩි වෙන්න ඕනේ.

    ශක්ති සංස්ථිති නියමය කියන්නෙ භවුතික විද්‍යාව ගොඩ නැගිල තියෙන කණුවලින් එකක්. ප්‍රධාන සුත්‍ර ගොඩක්
    ඒවයෙ ඔප්පුකිරීම් රැඳිලා තියෙන්නෙ ඒක උඩ. ශක්ති සංස්ථිති නියමය වැරදි නම් K.E. = 1/2.m.v^2 ඉඳන් E = m.c^2
    වෙනකන් තියෙන සුත්‍ර ගොඩක් ඒව බොරුවෙනව. ඒ කියන්නෙ අපි විද්‍යාවෙන් බුද්ධාගම ඔප්පු කරන්න ගියාම අන්තිමට විද්‍යාවම
    බොරුයි කියල ඔප්පු වෙනව නේද?
     
    ඔව් ඉතින් K.E. = 1/2.m.v^2 කියන සමීකරණය දැනටමත් බිඳවැටිලා තියෙන්නේ සාපේක්ෂතාවාදයට අනුව. සාපේක්ෂතාවාදය අනුව යම් වස්තුවක් තියෙන නිර්දේශ රාමුව අනුව එහි ස්කන්ධය වෙනස් වෙනවා. ඒ නිසා ඒ සමීකරණයට ස්කන්ධය විචල්‍යක් විදියටෙ ගන්න වෙනවා වස්තුව තිබෙන ස්ථානය අනුව.

    මේ සමීකරණ ආසන්න වශයෙන් හරි. උදාහරණයක් ලෙස වාහනයක චලිතය විස්තර කිරීමට මේ සමීකරණ ප්‍රමාණවත්. නමුත් අභ්‍යවකාශ යානයක චලිතය මේවයින් විස්තර කරන්න බෑ.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔව් ඉතින් K.E. = 1/2.m.v^2 කියන සමීකරණය දැනටමත් බිඳවැටිලා තියෙන්නේ සාපේක්ෂතාවාදයට අනුව. සාපේක්ෂතාවාදය අනුව යම් වස්තුවක් තියෙන නිර්දේශ රාමුව අනුව එහි ස්කන්ධය වෙනස් වෙනවා. ඒ නිසා ඒ සමීකරණයට ස්කන්ධය විචල්‍යක් විදියටෙ ගන්න වෙනවා වස්තුව තිබෙන ස්ථානය අනුව.

    මේ සමීකරණ ආසන්න වශයෙන් හරි. උදාහරණයක් ලෙස වාහනයක චලිතය විස්තර කිරීමට මේ සමීකරණ ප්‍රමාණවත්. නමුත් අභ්‍යවකාශ යානයක චලිතය මේවයින් විස්තර කරන්න බෑ.

    සමුද්දේශ රාමුවට සාපේක්ෂව වස්තුවක චාලක ශක්තිය වෙනස් උනාට සමීකරණය වැරදි කියන්න පුලුවන්ද? අපි පොලවෙ පුටුවක වාඩිවෙලා ඉන්නකොට
    පොළවෙ ඉන්න කෙනෙක්ට පේන්නෙ චාලක ශක්තිය 0 වගේ. ඒත් අබ්යවකාශේ ඉඳන් බැලුවොත් එයාට චාලක ශක්තියක් තියෙනව වගේ පෙන්ව. ඒක
    අපිට ඔය සුත්‍රයෙන් හොයාගන්න පුළුවන් නේද හරියටම. ශක්ති සංස්ථිතිය වැරදුනොත් පද්දතියක චා.ශ = වි.ශ.වගේ උපකල්පන ඔක්කොම බොරුවෙනව.
    සදාචලිත යන්ත්‍රයක් උනත් හදන්න පුළුවන් වෙනව නේද මේ විදියට බැලුවොත්.
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    සබ්බං ප්‍රකම්පනං තියෙනෙ තැන අභය හිමි ඒ වීඩියෝ එකේ කියනවා මං හිතන්නේ. මේව ඇත්තටම දැන් ගොඩක් යටපත් වෙලා ගිය දහම් කරුණු.

    ඒ කියන්නේ ඔයාගෙන් මේක අහල වැඩක් නෑ. මොකද වීඩියෝ එක හරියට බලල නෙවෙයිනේ කතා කරන්නෙ.
    හරියට බැලුවනම් ඔයා "මං හිතන්නේ" කියල කියන්නේ නෑනේ.

    අපි මේක වීඩියෝ එක දාපු Madyastha ගෙන්ම අහමු.

    මේ වීඩියෝ එකේ විනාඩි 26.50 විතර ඉඳල ස්වාමින් වහන්සේ දේශනා කරනවා "සබ්බං ප්‍රකම්පනං " කියල. එක ත්‍රිපිටකය පුරාම තියෙනවා කියලත් කියනවා. මට කියනවද ඒ සූත්‍ර මොනවද කියල. මොකද මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්න ඇත්තේ වෙන අර්ථයකින් කියල. Context එක බැලුවනම් තේරුම් ගන්න තිබ්බ.

    බොහොම පිං.