ඇයි මේ මිනිස්සු ලමයි හදන්නේ ??

ඇයි මේ මිනිස්සු ලමයි හදන්නේ ??

යාලුවා – ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?
මම – ඇයි උඹ ළමයි හදන්නෙ?
යාලුවා – කවද හරි වයසට ගියාම උඹව බලාගන්නෙ කවුද?
මම – උඹ හිතනවද ඒක ළමයෙක් මේ ලෝකෙට බිහි කරන්න හොඳ හේතුවක් කියල?
යාලුවා – ඇයි ඒක හොඳ හේතුවක් නෙමේද?
මම – හොඳ නරක කෙසේවෙතත් ඒක ආත්මාර්ථකාමී හේතුවක්. උඹ කරන්නෙ ආයෝජනයක්
යාලුවා – එක අතකට ඔව්. ආයෝජනයක් තමා
මම – ආත්මාර්ථයෙන් කරන ආයෝජනයක්. උඹ උඹේ ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන් ජීවිතයක් නිර්මාණය කරනවා. ඒක සදාචාරාත්මකද? දරුවෙක් කියන්නෙ රිටයර්මන්ට් ප්ලෑන් එකකටද?
යාලුවා – උඹට කවද හරි හිතෙයි ළමයෙක් හැදුවනම් හොඳයි කියල. උඹ පසුතැවෙයි
මම – මට එහෙම හිතෙන එකක් නෑ. ඒත් බැරි වෙලාවත් එහෙම හිතුනොත් දරුවෙක් අරගෙන හදාගන්න පුළුවන්නෙ. උඹට කවද හරි හිතුනොත් උඹ ළමයෙක් හදපු එක අපරාදෙ කියල. ජීවිත කාලයක් පුරා හදපු දරුවා ගැන උඹ පසුතැවුනොත්? උඹ එදාට මොකද කරන්නෙ?
යාලුවා - උඹට පොඩි එකෙක් හිනා වෙනව දකිද්දි ආස හිතෙන්නැද්ද? උඹේම කියල පොඩි එකෙක් හුරතල් කරන්න ආසාවක් ඇත්තෙම නැද්ද බං?
මම - උඹට පණ තියෙන බෝනික්කෙක් එක්ක සෙල්ලම් කරන්න ආසයි කියල මේ ජීවිතය කියන සටනට අරගල කරන්න තවත් ජීවිතයක් නිර්මාණය කරන එක සාධාරණයි කියල උඹ හිතනවද? ජීවිතය කියන්නෙ කට්ටක් බං. අපි දෙන්නම බලහං. මොන කට්ටක් කනවද කියල. ඇයි මේ දුක තවත් කෙනෙක්ට දෙන්නෙ?
යාලුවා - යකෝ, උඹේ පරම්පරාව ගෙනියන්නේ කවුද? උඹේ ගෑණි කැමතිද ළමයි නොහදා ඉන්න? අම්මලා තාත්තලා පව් නැද්ද?
මම - මට මගේ පරම්පරාව ගෙනියන්න කිසිම උවමනාවක් නෑ. මොකක්ද බං ඔය මහලොකු පරම්පරාව කියන්නෙ? අම්මලා තාත්තලාගේ ආසාව නිසාම මම මගේ ජීවිතේ තීරණ ගන්නෙ නෑ. මම ඒ අයට ඇහුම්කන් දෙනව. ඒ අය කියන හරි දේවල් අහනවා. හැබැයි ඒ අයගේ අදහස් හරි කියල ඒ අය පැහැදිළිව තහවුරු කරන වෙලාවල් වලදි විතරයි. හැමවෙලේම ඒ අය ගහන පදයට නටන්න මම පඹයෙක් නෙමේනෙ බං. කෙල්ල ගැන උඹ ඇහැව්වා නේද? මෙහෙමයි, උඹට වගේ නෙමේ මම කෙල්ලට මේ ගැන ඒ ටූ එසෙඩ් කියල තියෙන්නෙ. මෙච්චර සරල කාරණාවක්වත් තේරුම්ගන්න බැරි නම් ඒ කෙල්ල එක්ක මට මැරෙනකල් කොහෙත්ම එකට ජීවත් වෙන්න බෑ.
යාලුවා - ඒ කියන්නෙ කෙල්ල කැමතියි ළමයි නොහදා ඉන්න.
මම - ඔව්. දැන් එයා ඉන්නෙ මම කැමති වුනත් එයා කවදාවත් ළමයි හදන්න කැමති වෙන්නෙ නෑ කියන තැන.
යාලුවා - තොටම හරියන ගෑණි
මම - මචන්, ළමයි හදන එකේ සදාචාරාත්මක අවුලක් තියෙනවා. ඒක වෙනම දිගට කතා කරන්න ඕන මාතෘකාවක්. ඒ වගේම ප්‍රායෝගික අවුලකුත් තියෙනවා. යකෝ ළමයෙක් හදනවා කියන්නේ උඹට උඹව නැතුව යනවා කියන එකට. උඹේ මුළු ජීවිතය විතරක් නෙමේ උඹේ මුළු පැවැත්මම ඒ ළමයා වෙනුවෙන් කැප කරන්න වෙනවා අඩුම ගානේ අවුරුදු පහලවක් විස්සක්වත් යනකල්. උඹේ ස්වාධීනත්වය නැතුව යනවා, උඹට උඹ ආස දේ කරන්න තියා හිතන්නවත් වෙලාවක් නැතුව යනවා. හම්බ කරන සල්ලි වලින් බාගෙකටත් වඩා ළමයා වෙනුවෙන් වියදන් කරන්න වෙනවා. හරියටම බැලුවොත් ළමයෙක් හදනවා කියන්නේ අවුරුදු විසි පහක් විතර මාස් පතා පනස්දාහක් හැටදාහක් ගෙවන්න වෙන ලෝන් එකක් ගන්නව වගේ වැඩක්. වියදම ගැන විතරයි ඒ, ළමයාගේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම එන්නේ උඹට. උඹට සැනසිල්ලේ කෑම ටික කන්නවත් බැරුව යනවා. ළමයා ගැනමනේ ඔලුවේ තියෙන්නෙ, මූ කොහෙ යයිද කොහෙ වැටෙයිද කොහෙ ඇණ ගනියිද කියල. කැමති අය කැමැත්තෙන් ඒ කට්ට කයි. මට අවුලක් නෑ. ඒත් ඔය වගේ අමු කට්ටක් බලෙන් ඇඟේ දාගන්න මට පිස්සු නෑ බං. මට මගේ නිදහස ඕන. මට මගේ සැනසිල්ල ඕන. ජීවිතේ උවමනාවෙන්ම තවත් සංකීර්ණ කරගන්නෙ මගුලකටද? මේ තියෙන ප්‍රශ්න මදිවටයැ.
යාලුවා - ඉතින් බං ඕවා කලාම කවද හරි ඒවයේ ප්‍රතිපල තියෙනවනෙ.
මම - මොනවද ප්‍රතිපල? හැමෝම තමා දරුවො වෙනුවෙන් මේ කට්ට කන නිසා දරුවන්ගෙන් අම්බානට දේවල් බලාපොරොත්තු වෙනවා. දරුවාගේ ඉගෙනීම, විවාහය වගේ ජීවිතයේ වැදගත්ම දේවල් විතරක් නෙමේ දරුවාගේ හැසිරීමේ ඉඳල ආකල්ප දක්වාම තමන් කැමති විදියට දරුවා හැදෙයි වැඩකරයි කියලයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර කට්ටක් කාලා හදන එකාවත් තමන්ගේ පදයට නටන හිතන්න බැරි පඹයෙක් කරන එකද මේකෙන් ලැබෙන ප්‍රතිපලේ? මොන මගුලක්ද? මොන දෙමාපියාද තමන්ගේ දරුවා හදන්නේ මනුෂ්‍යය සංහතියට යහපත් මනුස්සයෙක් බිහි කරන අරමුණින්? හැමෝම ළමයි හදන්නේ තමන්ගේ පුද්ගලික උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න. තමන්ට ළඟා කරන්න බැරි වුන ජීවන ඉලක්ක දරුවා ලවා ළඟා කරගෙන ඒ මානසික ආතල් එක ගන්න. දරුවාට ඒවා කරගන්න බැරි වුනාම දෙමව්පියෝ හැසිරෙන විදිය පොඩ්ඩක් සමාජයට බැහැල බලහන්. මේක මහ විකාරයක්. පටලැවිලි ගොඩක්. මම මේ නාඩගමේ කොටස්කාරයෙක් වෙන්න කීයටවත් කැමති නෑ.
යාලුවා - උඹට තේරෙන්නෑ දෙමාපියන් දරුවන්ට තියෙන ආදරයේ වටිනාකම ගැන. ඒක කොයි තරම් උතුම් දෙයක්ද කියල උඹට තේරෙන්නෑ බං
මම - මචන්, ඔය උතුම්ය කියල කියන දේවල් තියෙනව නේද? අන්න ඒවලින් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන. මේ ලෝකයේ සර්වසම්පූර්ණ පරමාදර්ශී උතුම් මගුල් මුකුත්ම නෑ බං. හැමදේම අඩුපාඩු වලින් කුජීත බවින් පිරුන දේවල්.
 
  • Like
Reactions: shammif2
යාලුවා - මොකක්ද දැන් උඹ කියන්නෙ?
මම - උඹ කියන්නෙ දරුවො ගැන දෙමාපියන්ගේ තියෙන හැඟීම තර්කයටවත් බුද්ධියටවත් අහුවෙන්නැති පාලනය කරන්න බැරි බිඳලා දාන්නත් බැරි තරමේ ශක්තිමත් හැඟීමක් කියලනෙ. මොකකින් හරි මිනිස්සුන්ව හැඟීම් වලට ඔයතරම්ම වහල්ලු කරනවා නම් එතන ඇති පොයෙටික් මගුලක් නෑ බං. ඒ බැඳීමම හානිකර පට්ට ඇඩික්ෂන් එකක්. ඔය වගේ බුද්ධියතට අහුනොවන හැඟීම් වලටම වහල් වෙන බැඳීමක් නිර්මාණය කරගෙන ඒකට ඇඩික්ට් වෙයිද මොළයක් තියෙන මනුස්සයෙක්? ඔය කියන විදියට ඕක කුඩු ඇබ්බැහියටත් වඩා අන්තයිනෙ. මට කුඩුත් එපා ඔය වගේ ගොං බැඳීමුත් එපා.
යාලුවා - උඹේ ප්‍රශ්නය මොකක්ද දන්නවද? උඹ හිතනවා වැඩියි.
මම - උඹ දන්නවද උඹේ ප්‍රශ්නය මොකක්ද කියල? උඹ හිතන්නෙම නෑ.
යාලුවා – ඒ නැතත් අපි වර්ගයා බෝ කරන්න ඕන. ලෝකය පවත්වාගෙන යන්න ඕන
මම – ඇයි වර්ගයා බෝ කරන්නෙ? ඇයි ළමයි හදන්නෙ?
යාලුවා – ළමයි හදන්නෙ ඉතින් වර්ගයා බෝකරන්න
මම – ඒක හරි. මම අහන්නෙ ඇයි වර්ගයා බෝ කරන්න ඕන?
යාලුවා – ඉතින් වර්ගයා බෝ කරන්න නිසා…
මම - ඉතින් ඒක තමා බොල මම අහන්නේ අහවල් මගුලකටද වර්ගයා බෝ කරන්නෙ??
යාලුවා - හරි හරි උඹ ළමයි නොහදා හිටහං එහෙනම්. මං කියපුව ගැන හිතල බලහංකො පොඩ්ඩක්.
මම - හා. හැබැයි මීට කලින් අහපු නැති මුකුත් නම් උඹ කිව්වෙ නෑ. හැමෝම කියන කතා ටික තමා ඔය. මම කිව්ව ඒව ගැනත් හිතල බලහන් කැමති නම්. වෙන වෙලාවක මේ ගැන හිමීට වැඩිදුර කතා කරමු.
යාලුවා - හ්ම්..
මම - එල
issuwe
srikanthsanjaya.wordpress.com
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තිත්ත ඇත්ත :yes:

    ඒත් ගෙදර මිනිස්සුයි වටේ පිටේ උනුයි එක්ක බෑ බන් කරන්න. කොච්චර උනත් මේකේ ජිවත් වෙන්න එපැයි අපි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තිත්ත ඇත්ත :yes:

    ඒත් ගෙදර මිනිස්සුයි වටේ පිටේ උනුයි එක්ක බෑ බන් කරන්න. කොච්චර උනත් මේකේ ජිවත් වෙන්න එපැයි අපි.

    ඕවා සුරන්ගනා කතා...
    මොකක් හරි අවුලක් තියෙන නිසා තමා දරුවෙක් හදන්නේ නැත්තේ...
    දරුවෙක් නොහදා ඉන්න තාක් මොනා ටෙස්ට් කලත් වැඩක් නෑ මැෂිම පුස්ද කියලා දැනගන්න බෑ... ටෙස්ට් කරන තත්ව වැඩක් නෑ. ප්‍රැක්ටිකල් බැරිද දන්නේ නැනේ... :P

    මේකෙ ඉන්න ජනනයට විරුද්ධ උන්ට ගොඩාක් රිදෙයි :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඕවා සුරන්ගනා කතා...
    මොකක් හරි අවුලක් තියෙන නිසා තමා දරුවෙක් හදන්නේ නැත්තේ...
    දරුවෙක් නොහදා ඉන්න තාක් මොනා ටෙස්ට් කලත් වැඩක් නෑ මැෂිම පුස්ද කියලා දැනගන්න බෑ... ටෙස්ට් කරන තත්ව වැඩක් නෑ. ප්‍රැක්ටිකල් බැරිද දන්නේ නැනේ... :P

    මේකෙ ඉන්න ජනනයට විරුද්ධ උන්ට ගොඩාක් රිදෙයි :lol::lol::lol:
    බැඳලා ළමයි නැති අයට ළමයි නැත්තේ නං වෙන වෙන කාරනා හින්දා තමා :P ඔන්න තනිකඩ එකෙක් නං කිවත් කමක් නෑ.

    හැබැයි මේ කියන කතාව ඇත්ත. සල්ලි තියෙන එකෙක්ට නං ගානක් නෑ සාමාන්‍ය මිනිස්සු මහා බොරු වැඩක් කරන්නේ ළමයි හදාගෙන.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බැඳලා ළමයි නැති අයට ළමයි නැත්තේ නං වෙන වෙන කාරනා හින්දා තමා :P ඔන්න තනිකඩ එකෙක් නං කිවත් කමක් නෑ.

    හැබැයි මේ කියන කතාව ඇත්ත. සල්ලි තියෙන එකෙක්ට නං ගානක් නෑ සාමාන්‍ය මිනිස්සු මහා බොරු වැඩක් කරන්නේ ළමයි හදාගෙන.

    තනිකඩකම තියෙනවානෙ ඕන කෙනෙකුට බඳිනකම්...
    හැබැයි කාවුරුහරි දරුවො හදන්න බයේ නොබැඳ ඉන්නවනම් හරි, දරුවො හදන්න අකමැති හේතු ඔය කියන ඒවා නම්, ඌ දරුවො නොහදන එකම හොඳයි...
    දුර්වලයෝ වඳවෙලා යන ශක්තිවන්තයෝ සහ අනුගතවන්නෝ රැඳී සිටින පරිණාමයක්නේ තියෙන්නේ..:yes:
     
    manpissek

    Well-known member
  • Apr 29, 2017
    160
    4
    48
    colombo

    ඕවා සුරන්ගනා කතා...
    මොකක් හරි අවුලක් තියෙන නිසා තමා දරුවෙක් හදන්නේ නැත්තේ...
    දරුවෙක් නොහදා ඉන්න තාක් මොනා ටෙස්ට් කලත් වැඩක් නෑ මැෂිම පුස්ද කියලා දැනගන්න බෑ... ටෙස්ට් කරන තත්ව වැඩක් නෑ. ප්‍රැක්ටිකල් බැරිද දන්නේ නැනේ... :P

    මේකෙ ඉන්න ජනනයට විරුද්ධ උන්ට ගොඩාක් රිදෙයි :lol::lol::lol:

    ;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    ඕවා සුරන්ගනා කතා...
    මොකක් හරි අවුලක් තියෙන නිසා තමා දරුවෙක් හදන්නේ නැත්තේ...
    දරුවෙක් නොහදා ඉන්න තාක් මොනා ටෙස්ට් කලත් වැඩක් නෑ මැෂිම පුස්ද කියලා දැනගන්න බෑ... ටෙස්ට් කරන තත්ව වැඩක් නෑ. ප්‍රැක්ටිකල් බැරිද දන්නේ නැනේ... :P

    මේකෙ ඉන්න ජනනයට විරුද්ධ උන්ට ගොඩාක් රිදෙයි :lol::lol::lol:

    ganita ho minihata ho dennatama lamai ona nathinam wata pite inna wesige puthalata puka da ban.

    sinhalunge theory thamai owa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Depends on the philosophical level we look at it...
    When u go to the deepest level every concept seems to collapse on themselves..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,442
    36,371
    113
    මැදමහනුවර
    යාලුවා - ඒ කියන්නෙ කෙල්ල කැමතියි ළමයි නොහදා ඉන්න.
    මම - ඔව්. දැන් එයා ඉන්නෙ මම කැමති වුනත් එයා කවදාවත් ළමයි හදන්න කැමති වෙන්නෙ නෑ කියන තැන.

    එතකොට ඒක බැඳීමක් නෙවෙයි?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ganita ho minihata ho dennatama lamai ona nathinam wata pite inna wesige puthalata puka da ban.

    sinhalunge theory thamai owa

    oya wesiyo wate tyagena inna paulata adalama neane wate ewunge kata. un daruwo nohada indapuden. :yes::baffled:

    wate pite eun kiyana katha walata ridawaganna eka parinamawaden neweyi samaja widyawen thama analyse karanna wenne :lol::lol::lol:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    දැන් මේ දරුවො හදන එක නොකළ යුතුයි කියන අයට හෙට එන්න කිවුවොත් සරුබව නැති කරන සැත්කමක් කරන්න කී දෙනෙක් නම් ඒවි ද!
    ජීවිතේ දුකයි කියල අපි මනසට කා වද්දදගෙන ඉන්න එක තමයි අවුල.
    මොවුන්ගෙ ඊලඟ තර්කය තමයි,ජීවිතය එපා නම් සියදිවි නසා ගත්තට කමක් නෑ කියන එක.
    බුදු විය හැක්කෙ මිනිසුන්ට ම පමණයි..
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මමත් මෙන්න මේ ටික තමා කියන්නේ.. ඔන්න ඔය ප්‍රශ්න ටික ඇහුවම හුගක් උන්ට කට උත්තර නැතුව යනවා.. නොකිය කිව්වට එක්කෝ රැල්ලට, එහා ගෙදර එකට ඉන්න නිසා.. අම්මල තාත්තලා අහන නිසා, එහෙම නැත්තම් තමන් ගේ සරු භාවය සමාජයට කෑ ගසා කීම සඳහා ළමයි යොදා ගන්නවා..

    99.99 % ක් ම කරන්නේ අනාගත ආයෝජනයක්.. වයසට ගියාම බලාගන්න... ගෙදර දේපල ටික අරන් යන්න..බ්ලා බ්ලා.. ඔය ඔක්කොම ප්‍රශ්න වලට අන්තිම උත්තරේ.. බලහන්කො උම්බටත් හිට්ටාම කියල....

    ඔන්න ඕකම තමයි හේතුව... දෙන්නම දන්නේ නැතුව හිටිනවා... හුඟක් ඒවා හීනෙකින්වත් හිතන්නේ නැති වෙලාවට..

    ඇත්තම කිව්වොත් අපි හුඟක් අය ජොලියට ගහල කරුමෙට හිටපු එවුන්... ඕක අපහාසයක් නෙවේ ... හිතල බැලුවොත්.. අපි මේ ලෝකේ ඉන්නේ කරුමෙකට තමා...

    අපිට කවුරුවත් වර්ගයා බෝ කරන්න කියල කියල නැ. සත්තුන්ට එක පාලනය කරගන්න බෑ. හැබැයි මිනිස්සුන්ට පුළුවන් .... මිනිස්සු හිතන්නේ නැති එක තමයි ප්‍රශ්නේ...

    දැන් කවුරුහරි දෙන්නෙක් අපි ළමයි හදන්නම ඕනේ කියල අහවල් කාර්යයේ යෙදෙනවානම් කරගෙන යන්න.. ඔයාලමනේ එකේ ඵලයේ රස විඳින්නේ...
     
    අනේ මට දරුවෝ එපා කියලා අදාළ වැඩේට ෆුල් සේෆ්ටි ප්‍රොසීජර් එක්ක එන්ටර් වෙලත් එන්න ඉන්න එකා එනවා. එන්නැති එකා කොච්චර ට්‍රයි කලත් එන්නේ නෑ.
    පඳුරු අස්සේ රිංගුවත් සැප ඇඳ උඩ හිටියත් එන එකා එනවා. නැති එකාට කොහොමත් නෑ....

    අනේ මට එපා කියලා ඕකට ඉබ්බ දාගෙන ඉන්න හිතාගෙන ඉන්නවනම් ඒත් හොඳා..
    ලෝකේ හැටි.. දුර්වලයා වඳ කිරීම
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    අනේ මට දරුවෝ එපා කියලා අදාළ වැඩේට ෆුල් සේෆ්ටි ප්‍රොසීජර් එක්ක එන්ටර් වෙලත් එන්න ඉන්න එකා එනවා. එන්නැති එකා කොච්චර ට්‍රයි කලත් එන්නේ නෑ.
    පඳුරු අස්සේ රිංගුවත් සැප ඇඳ උඩ හිටියත් එන එකා එනවා. නැති එකාට කොහොමත් නෑ....

    අනේ මට එපා කියලා ඕකට ඉබ්බ දාගෙන ඉන්න හිතාගෙන ඉන්නවනම් ඒත් හොඳා..
    ලෝකේ හැටි.. දුර්වලයා වඳ කිරීම

    මේක නන් සිරාවටම ඇත්ත...