A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක්

The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43
    A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක්

    A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක්


    වෙනසක් කරමුද කියලා thread එකක් දැම්මම කට්ටියට සෑහෙන්න ප්‍රශ්න තිබුණා. එක එක විකාර. ඒකට අවුලක් නැහැ. කොල්ලොනේ. හැබැයි මම මේ කතා කරන්න යන මාතෘකාව දැක්කම ඇතැම් අයගේ ඒ තිබුණ බලාපොරොත්තු, කුතුහලය එක ක්ෂණයකින් නැතිවෙලා යයි. සමහරෙක්ට අළුත් හීනයක් හිතේ මැවෙන්න පටන් ගනියි. සමහරෙක් මට බනියි. ඒ කොහොම උනත් කමක් නැහැ මම කතාව කියන්නම්. කතාවක්ම නෙවෙයි මම සෑහෙන කාලයක් තිස්සේ හිතේ හන්ගන් හිටපු දෙයක් ගැන තමා මම කියන්න යන්නේ. මේ දේ මම විතරක් නෙවෙයි තව බොහෝ දෙනා කියා ගන්න බැරුව හිතේ හංගගෙන ඇති. ඒ හැමෝම වෙනුවෙන් මම කතා කරන්නම්. අනිත් යටත් පුළුවන් වචනයකින් හරි ඒසඳහා සහයෝගය දෙන්න/සුභ පතන්න. හරි වැඩි කතා ඕනේ නැහැ. වැඩේට බහිමු.

    Thread එකේ title එක දකිනකොටම කෙනෙක්ට අදහසක් එන්න පුළුවන් මම මේ කතාකරන්න යන දේ ගැන. තවත් කෙන්කෙට මොකුත්ම නොහිතෙන්න පුළුවන්. කමක් නැහැ. එකට කිසිම ප්‍රශ්නයක් නැහැ.

    "A new beginning for Sinhala cinema - සිංහල සිනමාවට නව ආරම්භයක්" ඇත්තටම මේ මොකක් ගැනද මම මේ කියන්න යන්නේ. ඔව් මම කියන්න යන්නේ මේ යල්පැන ගිය සිංහල සිනමාවට නව ජීවයක් දෙමුද? කියන දේගැන ගැනයි. කෙනෙක්ට හිතෙයි මම පිස්සෙක් කියල. කෙනෙක් හිතයි මූට ලෙඩක්ද කොහෙද කියලා දෙනදෙයක් කාලා බීලා වැඩක් පලක් කරගෙන ඉන්නේ නැතුව පිස්සු මනස්ගාත කියවනවා කියලා. ඔව් එහෙම තමා මේ වගේ දෙයක් ගැන කතා කරන්න ගියාම ගොඩ දෙනෙක් හිතන්නේ. මමත් දන්නවා මේක ලේසි දෙයක් නොවෙන වග. එත් ඇයි අපිට පොඩි හරි උත්සහයක් ඒ වෙනුවෙන් කරන්න බැරි. මොකද මම දැක්කා මීට කලින් Elakiri එකේ කෙනෙක් මේ ගැන සැහෙන්න කතාබහක් ඇති කරන්න උත්සහයක් ගන්නවා. මාත් ඒ thread වල actively participate උනා. මොකද පොඩි කාලේ ඉඳන් මට ඒ ගැන කැක්කුමක් උණක් තිබුන නිසා. ඒ හැමදේම කලේ මගේ original account එකෙන්. ඒ ගැන නම් මගෙන් අහන්න එපා.

    මෙහෙමයි හැමෝම දන්නවනේ අපේ සිංහල චිත්‍රපටි ගත්තම ඒවගේ quality එක ගැන. මම කියන්නේ නැහැ නිෂ්පාදනය වෙන හැම චිත්‍රපටයක්ම හොඳ නැහැ කියලා. අති විශිෂ්ඨ නිර්මාණත් අපේ සිංහල සිනමාව ඇතුළත නිර්මාණය වෙනවා. ඒ ගැන තර්කයක් නැහැ. එත් බොහොමයක් නිර්මාණ fail වෙනවා කියල දුකෙන් උනත් කියන්න ඕන දෙයක්. ඒක හැමෝම දන්නා කාරණයක්. මම දැකලා තියෙන බොහොමයක් චිත්‍රපට එක්කෝ හින්දි චිත්‍රපටයක copy එකක්. නැත්නම් දමිළ චිත්‍රපටයක copy එකක්. copy කලත් කමක් නැහැ එකේ තියෙන quality එක රැක ගෙන හොඳ නිර්මාණයක් විදිහට එලියට දාන්න පුලුවන්නම්. නමුත් එහෙම නිර්මාණය වෙන්නේ 100 කට එකක් වගේ තමා. අනිත් ඒවා බොහොමයක් අසාර්ථක වෙනවා.

    අනික අපේ රටේ නිර්මාණ එලියට එන්නේ මිනිස්සුන්ගේ ඇස්දෙක පිනවන්න විතරයි. මිනිස්සුන්ගේ හිතට වදින්න යමක් එලියට දෙන නිර්මාණ බොහෝම අඩුයි. නමුත් Hollywood, Bollywood නිර්මාණ සංස්කෘතීන් දෙක මේ ඉලක්කයට ඇවිල්ලා තියෙනවා. අලුතින් නිර්මාණය වෙන බොහෝමයක් චිත්‍රපට වලින් ඔවුන් ඉලක්ක කරන්නේ මිනිස්සුන්ගේ හදවත. ඒ මගින් ඉතාමත් සංවෙදී නිර්මාණ බිහිකරන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. අපේ සිනමා නිර්මාණද මේ ඉලක්කයට යායුතුයි.

    අනික bollywood/kollywood කලවම් වෙච්ච කිසිම වැඩකට නැති සිනමා සංස්කෘතියක් මේ වන විට අපේ රටේ පැතිරීගෙන යනවා. ඒ දේ අපි වෙනස් කලයුතුයි. කැති මන්නපොලු අරන් කෙල්ලෙක් වෙනුවෙන් කොල්ලෝ ගහගන්න සිනමා සංස්කෘතිය වෙනස් කල යුතුයි. මම ඒකෙන් කියන්නේ නැහැ අපේ රටේ හොඳ නිර්මාණ බිහි වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තමා bollywood / kollywood දෙකේමත් හොඳ නිර්මාණ බිහි වෙනවා. මම නැහැ කියන්නේ නැහැ. එත් කාටවත් හිතෙන්නේ නැද්ද Hollywood වලින් අපේ නිර්මාණ වලට යමක් එකතු කරගන්න. අලුත් විදිහට හිතලා අළුත් තාක්ෂණය එකතු කරලා හරවත් ලස්සන නිර්මාණයක් කරන්න. අපේ රටේ නිර්මාණ වලට බනින්නේ නැතුව පිට රටවල නිර්මාණ වලට හුලලන්නේ නැතුව අපිට අළුත් විදිහේ නිර්මාණයක් කරන්න බැරි ඇයි. අපිට තාක්ෂනය නැතුවද? අපිට අවශ්‍ය සම්පත් නැතුවද? අපිට මොනවද නැත්තේ? පිලිගන්නවා අනිත් රටවලට තරම් අපිට මහා ලොකු තාක්ෂණයක් නැතුව ඇති. සම්පත් නැතුව ඇති. එත් තියෙන දෙයින් උපරිම ප්‍රයෝජනක් අරන් ඇයි අපිට් බැරි වෙනස් දෙයක් කරන්න? අපිට උවමනාවක් නැති කම නේද?

    මොකද හිතන්නේ? වෙනසක් කරමුද?

    අලුත් විදිහට හිතමු. වෙනස් දෙයක් කරමු.

    ඊළඟ thread එකෙන් ඉක්මනින් එන්නම්. එතකන් මම මේ කියපු දේ ගැන අදහස් දක්වන්න පුළුවන්. ඒ වගේම හොඳට හිතන්න පුළුවන්. මෙතන කියන්න බැරිනම් PM හරි කරන්න.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකෙන්ම වෙනසක් කරමු
    ඔය රඟපාන උන් ඔක්කොමන්වම එලවල අපි රඟපාමු
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙන්ම වෙනසක් කරමු
    ඔය රඟපාන උන් ඔක්කොමන්වම එලවල අපි රඟපාමු
    හෝටලේක සීන් එකක තේ එකේ වහන මැස්සෙක්ගෙ චරිතයක් වගේ උඹට හොඳයි :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හෝටලේක සීන් එකක තේ එකේ වහන මැස්සෙක්ගෙ චරිතයක් වගේ උඹට හොඳයි :yes:

    අලියෙක් ගහක හේත්තුවෙද්දී කටුස්සෙක් චප්ප වෙන සීන් එකකට උබව හොදයි :love::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලියෙක් ගහක හේත්තුවෙද්දී කටුස්සෙක් චප්ප වෙන සීන් එකකට උබව හොදයි :love::love:
    නෑ මැස්සෙක් අල්ලන් කන කටුස්සෙක්ගේ චරිතේ මන් කරන්නන් :yes: උඹ මැස්ස වෙයන් :love:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    ලංකාවේ ජීවන ක්‍රමය කාර්ය බහුල නිසා,කොච්චර හොද නිර්මාණයක් අවත් බලන්න යන්න වෙලාවක් නැහැ.පිටරටවල මිනිස්සුන්ගෙ ලයිෆ් ස්ටයිල් එක විදිහට ලංකාවත් හැඩ ගැහුන දාට මිනිස්සුන්ට වේලාව තියෙයි ජීවිතෙ රස විදින්න.දැන් මිනිස්සු දවස ගැට ගහගෙන මාසේ රෝල් කරන්න දගලනවා මිසක් ජිවිතේ රස විදින්න දන්නෙ නැහැ.හැමෝම මානසික ආතතියෙන් මිරිකිලා ඉන්නෙ.සුද්දා සෙනසුරාදා , ඉරිදා කියලා විකෙන්ඩ් එකක් හැඩුවේ රෙස්ට් කරන්න.අපි ඒ දවස් දෙකෙත් වැඩ.

    ඉස්සෙල්ලම මේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න ක්‍රමයක් හොයගන්න වෙනවා.
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ලංකාවේ ජීවන ක්‍රමය කාර්ය බහුල නිසා,කොච්චර හොද නිර්මාණයක් අවත් බලන්න යන්න වෙලාවක් නැහැ.පිටරටවල මිනිස්සුන්ගෙ ලයිෆ් ස්ටයිල් එක විදිහට ලංකාවත් හැඩ ගැහුන දාට මිනිස්සුන්ට වේලාව තියෙයි ජීවිතෙ රස විදින්න.දැන් මිනිස්සු දවස ගැට ගහගෙන මාසේ රෝල් කරන්න දගලනවා මිසක් ජිවිතේ රස විදින්න දන්නෙ නැහැ.හැමෝම මානසික ආතතියෙන් මිරිකිලා ඉන්නෙ.සුද්දා සෙනසුරාදා , ඉරිදා කියලා විකෙන්ඩ් එකක් හැඩුවේ රෙස්ට් කරන්න.අපි ඒ දවස් දෙකෙත් වැඩ.

    ඉස්සෙල්ලම මේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න ක්‍රමයක් හොයගන්න වෙනවා.


    :(:(:(
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ලංකාවේ ජීවන ක්‍රමය කාර්ය බහුල නිසා,කොච්චර හොද නිර්මාණයක් අවත් බලන්න යන්න වෙලාවක් නැහැ.පිටරටවල මිනිස්සුන්ගෙ ලයිෆ් ස්ටයිල් එක විදිහට ලංකාවත් හැඩ ගැහුන දාට මිනිස්සුන්ට වේලාව තියෙයි ජීවිතෙ රස විදින්න.දැන් මිනිස්සු දවස ගැට ගහගෙන මාසේ රෝල් කරන්න දගලනවා මිසක් ජිවිතේ රස විදින්න දන්නෙ නැහැ.හැමෝම මානසික ආතතියෙන් මිරිකිලා ඉන්නෙ.සුද්දා සෙනසුරාදා , ඉරිදා කියලා විකෙන්ඩ් එකක් හැඩුවේ රෙස්ට් කරන්න.අපි ඒ දවස් දෙකෙත් වැඩ.

    ඉස්සෙල්ලම මේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න ක්‍රමයක් හොයගන්න වෙනවා.

    ඒක නම් ඇත්ත සහෝ. මේ ජීවන ක්‍රමය නම් සැහෙන දුරට වෙනස් විය යුතුයි. ඒත් ම්නිස්සු බලන්නේ නැහැ කියන එකට නම් මම එකඟ වෙන්නේ නැහැ. හොඳ නිර්මාණ එලියට එනවනම් මිනිස්සු ඒවා හොයාගෙන යයි බලන්න. ප්‍රශ්නය තියෙන්නේ අපේ රටේ නිර්මාණය වෙන නිර්මාණ වල අර්ථවත් බව ඉතාමත් පහල මට්ටමක තියෙන්නේ. මිනිස්සුනේගේ හදවතට දැනෙන නිර්මාණ තියෙන්නේ අතලොස්සයි. 100ට එකක් වගේ තම ඒවගේ නිර්මාණ එලියට එන්නෙත්. අන්න එතනත් වෙනස් වෙන්න ඕනේ. සිනමාව විතරක් නෙවෙයි ටෙලිනාට්‍යයේ ඉඳලා ඒ වෙනස ඇතිවිය යුතුයි.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,141
    2,385
    113
    black and white කාලේ හොද films තියෙනවා බන් දැන් ඒවාට වඩා...
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    black and white කාලේ හොද films තියෙනවා බන් දැන් ඒවාට වඩා...

    ඒක ඇත්ත බන්. ඒක තමා මම මුල ඉඳන්ම කියන්න උත්සහ කලේ. මම තාම කියල ඉවර නැහැ. ඉස්සරහට දාන thread එක්ක සහ මේ thread එකත් එක්ක දිගටම ඉන්න. Thanks. ඔයාගේ අදහසට 100%ක් එකඟයි.
     

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    එල මචෝ. අනිවා sup එක දෙනවා. වෙනසක් කරමු. මාත් කාලයක් ඔය ගැන Elakiri යේ කතා කලා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒවගේම සැහෙන්න බැනුම් අහන්නත් උනා. එක අවුලක් නැහැ. ඒක මේ සමාජයේ හැටි. කෙනෙක් වැඩක් කරන්න යනකොට පිටිපස්සේ ඉඳන් කකුලෙන් අදින්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. හරිනම් කරන්න ඕනේ ඒ මනුස්සයට වචනයකින් හරි උදවු කරන එක. කරන දෙය සාර්ථක හෝ අසාර්ථක වෙන්න පුළුවන්. සමහරක් මිනිස්සු වැඩේට බහින්න කලින් අහන්නේ තමන්ට ලැබෙන කොටස මොකක්ද කියන එක. අනේ මන්දා.අපේ රටේ මිනිස්සු හිතන විදිහේ ඉඳන් වෙනසක් කරන්න ඕනේ බන්. ඒක වෙනම කතාවක්. කොහොම උනත් අවුලක් නැහැ බන්. ඔය වැඩේදී මම උඹත් එක්ක ඉන්නවා. උඹ ඔය හිතන විදිහට මම කැමති. ok අපි වෙනසක් කරමු. ඕන දෙයක් ඕන වෙලාවක මම කියන්න. මම මට පුළුවන් උපරිමයෙන් උදවු කරන්නම්.
     

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    තව දෙයක් කියන්න ඕනේ බන්. මගේ හිතෙත් ඔය ගැන අදහස් කීපයක්ම තියෙනවා. මම PM එකක් දාන්නම් පොඩ්ඩක් inbox එක check කරන්න.