Romance Valley

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Romance Valley


    "මේ ඔයා කීයටද එන්නේ මාව ගන්න"

    "මම තාම ඔෆිස් එකේ , ගෙදර ගිහිං wash එකක් ගෙන එන්නම් "

    " අනේ ,.... ඔයා තාම ඔෆිස් ද අනේ ... "

    "හරි හරි මම ඉක්මනට එන්නම් කෝ "

    කොහොමාරි මම හැව්ලොක් සිටි එකට ගිහිං Andrea ට එන්න පහලට කියද්දී වෙලාව හවස තුනට විතර ඇති .

    "ඔයා හරි නරකයි ... බලන්න මම කොච්චර වෙලාවක් බලන් හිටියද කියල"

    " I'm sorry for the delay "

    " හ්ම්ම්ම් It's Okay."

    "මෙච්චර ඇදුම් මොකද්ද , පදිංචි වෙන්න වගේ "

    " ඇයි , කැමති නැද්ද ? " සිනහවක් සහිතව කෙලිලොල් තරහවක් බොරුවට මෙන් පෙන්නා Andrea කීවාය .

    "ඔයා හරි නරකයි , හැමදාම ඔහොමම තමයි "

    " හරි හරි ... දැන් මම සොරි කිව්වනේ ....... "

    මගේ ජීප් රිය තරමක වේගයෙන් හයිලෙවල් පාරේ ඉදිරියට යයි.

    කොට කලිසමකින් සහ ස්කිනි එකකින් සැරසී පැමිණි ඇගේ කකුල් දෙක වාහනයේ ඩෑෂ් බෝඩ් එක උඩට වෙන්නට තබාගෙන දුරකතනයෙන් මොනවදෝ ටයිප් කරයි.

    " හස්බන්ඩ් අහනවා ඔයා අවද කියල "

    "මම කිව්වා ආව කියල "

    "ඇයි කිව්වේ නැද්ද මම පරක්කු උනා කියල " මම පෙරලා ඇසුවෙමි .

    " මම කියන්න ඉස්සර එයා ම ඇහුව , දන්නවනේ යාළුවගේ හැටි " කියා සරදම් සිනාවක් පැ ඇය "දැන් අපි මේ කොහෙද යන්නේ ? "

    " ගිහාම බලන්නකෝ "

    දෙදෙනාම නිහඩ වූ අතර මම රථය පදවන්නට වීමි . ඇය ඇගේ ජංගම දුරකතනයෙන් මොනවදෝ කරන අතර ඇතැම් විට තනිවම සිනා සෙයි .

    මොහොතකින් ඇය මා දෙස බලා "ඇයි ඔයා මැරී කරන්නේ නැත්තේ " ඇගේ සුපුරුදු ප්‍රශ්නය නැවත ඇසුවා ය ,

    "ඔයාට මම කිව්වනේ මම කවදාවත් මැරී කරන්නේ නෑ කියල "

    "crazy" කියා ඇය නිහඩ වී මොහොතකින් නැවත ඇසුවේ , " හැමදාම ඔහොම ඉන්නද හිතන්නේ " යනුවෙනි .

    " හ්ම් , dnt know " ලෙස කියා නිහඩ වුනෙමි .

    *********************************************************************************

    රෑ අදුරත් සමග බෙරගල ට ලගා වන විට රාත්‍රී 7 ට පමණ ඇත . "වාවූ ලස්සනයි නේද" කියා ඇ ඇසුවේ මගේ ඇස් දෙස බලමිනි . "ඔව් , මේ පැත්ත ලස්සනයි"
    ඔය අතර මගේ suv රථය මහා මාර්ගයෙන් අතුරු මාර්ගයකට හරවද්දී , එහි වූ පුවරුවක වුයේ "Romance Valley" ලෙස ය .

    " oh , God ........ Romance Valley ? අපි මෙහෙටද යන්නේ ,.

    "Yes " සිනා සී පිළිතුරු දුනෙමි .

    " I know you really well " ඇය කියද්දී මම

    " is it " කියා ඇසුවෙමි .

    " Yeahhh " බර කර කියූ ඇය මග දෙපස නරබමින් සිටි බවක් මට වැටහී ගියේ ය .

    "This could be Heaven or this could be Hell" ලෙස ඇය සුප්‍රසිද්ධ හොටෙල් කැලිෆෝනියා ගීතයේ පද වැලක් මිමිනූවා ය .

    අප දෙදෙනාම වහනයෙන් බැස අදාල විලා එකට ගියේ , ඉක්මනින් විවේක ගැනීමට ය .

    රථය පැදවූ මට නැති මහන්සියක් ඇයට පෙන්නේනට තිබුන බැවින් " relax " කියා කීවෙමි .

    ඇය පිටව ගියේ ඉක්මනින් wash එකක් දාගෙන එන්නම් ය කියා ය . මොහොතකින් පැමිණ ඇය අපගේ විලාවටම ඈදා තනා ඇති ස්විමින් පූල් එකට යායුතු බව පවසා පැමිණි අතර මටද ආරාධනා නොකර විධාන කරන්නාක් මෙන් එන්න එන්න යැයි කීවාය . මමද කෙටි වෂ් එකක් ඇතුලත් වූ නාන කාමරයෙන් දමා ස්විමින් පූල් එක අසලට යන විටත් ඇය පිහින පිහිනා සිටියා ය . කොහොමත් ඇය නිවසේ උවද පැයක් දෙකක් ස්විමින් පූල් එකේ සිටින බව මම දනිමි . ස්විමින් පූල් එකේ ටිකක් වෙලා පිහිනු මට පිටුපසින් එකවරම පැමිණි Andrea මගේ උරහිසේ එල්ලුනේ මට හිතන්නටවත් මොහොතක් නොදෙමිනි . පසුව ඇය මොහොතින් මගේ උරහිසේ ඇගේ හිස තියා ..... " තැන්ක් යු " කියා මුමුණනවා ය .

    ඒ මොහොත අමුතුම හැගීමක් මා සිත ජනිත කරන්නට සමත් වූ අතර මම ඒ වගක් ඇයට නොපෙන්නුවා ය . මිදුම අප වටා සිනිදු සේලයක් මෙන් දැවටී ගිය අතර ඇය තවතවත් මට තුරුළු විය . ඇයට කිසිත් ගාණක් නැති සෙයකි . එක අතකින් ඇය විවාහක ය , අනෙක් අතට මගේ හොදම මිතුරා ගේ බිරිද ය . මගේ ද හොදම මිතුරියකි .

    *********************************************************************************

    ඇයගේ තේරීම පරිදි රෑ කෑම ගත් අප උණුසුම් පානයකට මුල්තැනක් දුන්නේ පරිසරයේ වෙනස්වීමත් සමග විය යුතු ය . සවීස් රෙඩ් වයින් වලින් ආරම්හ කර ඈ අවසානය මාගේ Chivas Regal බෝතලයෙන් කෙලවර කරා ය . එහෙත් ඇයට වැඩි පාටක් පෙනෙන්නට නැති අතර ඇය හොද සිහියෙන් සිටියාය .

    රාත්‍රී 11 පමණ වන තුරු නොයෙක් දේ කතා කර අප නිදා ගැනීමට යද්දී ඇය කුමක්දෝ දෙනෙතින් කියන වග මට වැටහිණි . අවසානයේ අප නින්දට බට අතර දුහුල් ඇදුමකින් සැරසුණු ඈ මගේ නිරුවත් ලය මත ඇගේ හිස තබා සෙමින් මුමුන්නනට වුයේ " love this sound " ලෙස ය . ඒ මගේ පපුව ගැස්සෙන රිද්මයට ඇය අසා කරා ය යන වග ය . නින්දේ දී ඇ මට තව තවත් තුරුළු වූ අතර සෙමින් මගේ දෙතොල් සිප ගන්නට විය .

    ඈත අහසේ තරු එකිනෙක පරයමින් දැල්වෙන්නට වූ අතර මිදුම ඇතැම් විට තරු වසා ගන්නට තරම් ඝන විය.

    "give me one chance ප්ලීස් ". ඇය , එසේ කියන්නට යද්දී අර කියූ තරු නැවත දිලි දිලෙන්නට විය .


    ....
    :love::love::love:



    Code:
      magelokaya01.blogspot.com
     
    Last edited by a moderator:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,383
    7,663
    113
    Kotahena
    මෙච්චරද?

    ඉතුරු බලන්න මුගේ ලබ්බේ බ්ලොග් එකටත් ගියා. බලනකොට ඔච්චර තමයි.

    අපරාදේ කාලේ කෑවා ගොන් මගුල :growl:
     

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    ඉතුරු බලන්න මුගේ ලබ්බේ බ්ලොග් එකටත් ගියා. බලනකොට ඔච්චර තමයි.

    අපරාදේ කාලේ කෑවා ගොන් මගුල :growl:

    ekane bn
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඉතුරු බලන්න මුගේ ලබ්බේ බ්ලොග් එකටත් ගියා. බලනකොට ඔච්චර තමයි.

    අපරාදේ කාලේ කෑවා ගොන් මගුල :growl:

    සමාවෙන්න, උබේ කාලේ නාස්ති කරන්නම් !
    ඔව්, මේක වැඩකට නැති කතාවක් තමයි!
    :yes: