නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹට තව සෑහෙන්න ඉගෙන ගන්න තියෙනවා මිත්‍රයා.......!

    ඕක නිසා තමයි කියන්නේ එක එක්කෙනා කියන එක එක ධර්ම කරුණු වලට ගැටෙන්න එපා කියල. මොකද බුදු හාමුදුරුවෝ ඇවිත් කිව්වත් වැටහෙන්නේ තමන්ගේ නැණ පමණට විතරයි. ධර්මය එතරම් ගැඹුරුයි. හැබැයි ඒ ගැඹුර වැටහෙන්න යන්නේ විනාඩි කිහිපයක් විතරයි.

    ඔව් බුදු හාමුදුරුවෝ කියල තියෙන නිසා උඹට ඒක ඇත්ත....
    හැබැයි ඒක පරම සත්‍ය කියල ඔප්පු කරන්න උඹට බෑ....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔව් එක හරි...
    එත් අපිට එව බොරු කියලම කියන්න බෑනෙ...
    ඇත්ත වෙන්න පුලුවන් හැකියාවක් තියනවනෙ...
    බුදුන් කිව්ව සමහර දේවල් වල තාර්කික පදනම බැලුවම ඔහු කිව්ව super natural දේවල් උනත් වෙන්න පුලුවන් හැකියාවක් තියනව කියල හිතෙන්නෙ නැද්ද.?

    ප්‍රයෝගික ජීවිතෙ වැදගත් තමයි...
    නමුත් බෞද්ද දර්මයෙ කියන දේවල් 'ඇත්ත නම්' සාමාන්‍ය ජීවිතයට වඩා අපි එක ගැන සැලකිලිමත් වෙන්න ඔනෙ...
    හැබයි ඉතින් ඔප්පු කරන්නෙ නැතුව ඔව විශ්වාස කරන එක තේරුමක් නෑ කියන එක පිලිගන්නව...

    මම කියන්නෙ අපිට 'නැවත ඉපදීමක් නෑ' කියනවට වඩා දෙන්න පුලුවන් සාදාරන උත්තරෙ 'දන්නෙ නෑ' කියන එක නේද.?

    දන්නේ නෑ කියන එකට වඩා ප‍්‍රායෝගික නෑ කියන පැත්තට බර වැඩියි....
    ඒ හින්දයි මම අර විදියට කිව්වේ.... ඔයා කියන එක කතාව හරි....
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    දන්නේ නෑ කියන එකට වඩා ප‍්‍රායෝගික නෑ කියන පැත්තට බර වැඩියි....
    ඒ හින්දයි මම අර විදියට කිව්වේ.... ඔයා කියන එක කතාව හරි....

    නමුත් විඥ්ඥානයේ ස්වරූපය අධ්‍යනය කරාම තේරෙනවා නැවත ඉපදීම තියෙන්න පුළුවන් කියන එක. ඔය භෞතිකවාදී ආඅකෘතියක් ගත්තත් ඔවුන් කියන ආකාරයට, විඥ්ඥානය ඇතිවෙන්නේ මොලයේ හා ශරීරයේ ඇති විවිධ අංශූ ප්‍රතික්‍රියා වලින් නම් මෙහෙමත් හිතන්න පුළුවන්. මොලයේ ඇති අංශු ප්‍රතික්‍රියා වලින් විඥ්ඥානය ගොඩනැගේ, එසේ නම් මොලයෙන් හා ශරීරයෙන් පිටත ඇති අංශූ වලත් මේ විඥ්ඥානයේ කොටසක් පවතින්න බැරිද? මරණින් මතු මේ සියුන් විඥ්ඥානය අලුත් ශරීරයකට ගමන් කරන්න පුළුවන්.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔව් එක හරි...
    එත් අපිට එව බොරු කියලම කියන්න බෑනෙ...
    ඇත්ත වෙන්න පුලුවන් හැකියාවක් තියනවනෙ...
    බුදුන් කිව්ව සමහර දේවල් වල තාර්කික පදනම බැලුවම ඔහු කිව්ව super natural දේවල් උනත් වෙන්න පුලුවන් හැකියාවක් තියනව කියල හිතෙන්නෙ නැද්ද.?

    ප්‍රයෝගික ජීවිතෙ වැදගත් තමයි...
    නමුත් බෞද්ද දර්මයෙ කියන දේවල් 'ඇත්ත නම්' සාමාන්‍ය ජීවිතයට වඩා අපි එක ගැන සැලකිලිමත් වෙන්න ඔනෙ...
    හැබයි ඉතින් ඔප්පු කරන්නෙ නැතුව ඔව විශ්වාස කරන එක තේරුමක් නෑ කියන එක පිලිගන්නව...

    මම කියන්නෙ අපිට 'නැවත ඉපදීමක් නෑ' කියනවට වඩා දෙන්න පුලුවන් සාදාරන උත්තරෙ 'දන්නෙ නෑ' කියන එක නේද.?

    100%ක් ඔප්පු කරන්න බැරිනම් එක්කො අපි බුදුහාමුදුරුවෝ වගේ මහා ප්‍රඥාවන්තයෙක් කියන දේ පිළිගන්න ඕනේ. නැත්නම් අපි තමන්ගෙම නිගමනයකට බහිනවට වඩා දන්නෑ කියන එකෙත් වැදගත් කමක් තියෙනවා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බෞද්ධයෝ ඔය ඔක්කොම හරඹ කරන්නේ නිවන් දකින්නනෙ. ඒකට පාත් එකක් තියෙනවා. (ඇත්තටම 2ක්). සෝවාන්,සකුර්දාගාමී.අනාගාමී,අරහත් පල වලදී දැනෙන දෙයින් තමන්ටම ඔප්පු වෙනවා. ඔප්පු කරලා පෙන්නන්න බැහැ. හැබැයි අත්විඳින්න පුළුවන්. අත්විඳින අය ඕනේ තරම් ඉන්නවා. හැබැයි කියන්නේ නැහැ. මොකද 99.999% තේරෙන්නේ නැහැ.

    හැමෝටම තේරෙන උදාහරණයක් ගත්තොත් හරියට නිකන් සුරතාන්තය (orgasm) වගේ. ඒක ලබපු එකෙක් දැන ගන්නවා මිස වචනයෙන් විස්තර කරන්න බැහැ.

    ඔව් බුදු හාමුදුරුවෝ කියල තියෙන නිසා උඹට ඒක ඇත්ත....
    හැබැයි ඒක පරම සත්‍ය කියල ඔප්පු කරන්න උඹට බෑ....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෞද්ධයෝ ඔය ඔක්කොම හරඹ කරන්නේ නිවන් දකින්නනෙ. ඒකට පාත් එකක් තියෙනවා. (ඇත්තටම 2ක්). සෝවාන්,සකුර්දාගාමී.අනාගාමී,අරහත් පල වලදී දැනෙන දෙයින් තමන්ටම ඔප්පු වෙනවා. ඔප්පු කරලා පෙන්නන්න බැහැ. හැබැයි අත්විඳින්න පුළුවන්. අත්විඳින අය ඕනේ තරම් ඉන්නවා. හැබැයි කියන්නේ නැහැ. මොකද 99.999% තේරෙන්නේ නැහැ.

    හැමෝටම තේරෙන උදාහරණයක් ගත්තොත් හරියට නිකන් සුරතාන්තය (orgasm) වගේ. ඒක ලබපු එකෙක් දැන ගන්නවා මිස වචනයෙන් විස්තර කරන්න බැහැ.

    ඔව යම්කිසි මානසික තත්ව (විකුතිතා) වෙන්න පුලුවන්...
    ඔනවට වඩා බාවනාවේ යෙදීමෙන් එහෙම වෙන්න පුලුවන්...
    නැති දේවල් පේන්න පුලුවන්,,
    දැන් ඔයා ඔය දේවල් කියන්නෙ අත්දැකලද.? නෑනෙ..
    කවුරු හරි කියපු දෙයක් අහලනෙ..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නැවත් උපදින්නේ/ සකස්වන්නේ ඔබගෙ ආශාවන්ය. :baffled:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    1. මම මේ කියන්නේ භාවනාවේදී එක එක ඒවා පේන එක ගැන නෙමෙයි. භාවනාවේදී මොලයට යන ඔක්සිජන් අඩු උනාම ගොඩක් අයට විකාර පේනවා කොහොමත්.

    2. සෝවාන් වෙන්න ඕනේ බණක් අහල මිසක් භාවනා කරලා නෙමෙයි.

    3. මට අත්දකින්න ලැබුනත් ඔයා හිතනවද මම ඒක මෙතන කියයි කියල.? කවදාවත් නැහැ. මොකද කලින් කිව්වා වගේ 99.999% දෙනා හිතන්නේ මම පිස්සෙක් කියල.

    ඔව යම්කිසි මානසික තත්ව (විකුතිතා) වෙන්න පුලුවන්...
    ඔනවට වඩා බාවනාවේ යෙදීමෙන් එහෙම වෙන්න පුලුවන්...
    නැති දේවල් පේන්න පුලුවන්,,
    දැන් ඔයා ඔය දේවල් කියන්නෙ අත්දැකලද.? නෑනෙ..
    කවුරු හරි කියපු දෙයක් අහලනෙ..
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    බෞද්ධයෝ ඔය ඔක්කොම හරඹ කරන්නේ නිවන් දකින්නනෙ. ඒකට පාත් එකක් තියෙනවා. (ඇත්තටම 2ක්). සෝවාන්,සකුර්දාගාමී.අනාගාමී,අරහත් පල වලදී දැනෙන දෙයින් තමන්ටම ඔප්පු වෙනවා. ඔප්පු කරලා පෙන්නන්න බැහැ. හැබැයි අත්විඳින්න පුළුවන්. අත්විඳින අය ඕනේ තරම් ඉන්නවා. හැබැයි කියන්නේ නැහැ. මොකද 99.999% තේරෙන්නේ නැහැ.

    හැමෝටම තේරෙන උදාහරණයක් ගත්තොත් හරියට නිකන් සුරතාන්තය (orgasm) වගේ. ඒක ලබපු එකෙක් දැන ගන්නවා මිස වචනයෙන් විස්තර කරන්න බැහැ.

    අපට තේරෙම 50% - 55% වගේ හරි කියලා තේරුනාම, අපට නොතේරෙන ඉතිරි ටිකත් හරි කියන එක අපිටම තේරෙන්න ඕනේ.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම මෙහෙම ප්‍රශ්නයක් අසන්නම්.

    ඔබට මතක් ඇති ඔබ ඉටිපන්දමක් එලියෙන් වැඩ කරනකොට එය නිවි අවසන් වෙන්න කලින් අලුත් ඉට්පන්දමක් ඒ දැල්ලෙන්ම දල්වාගන්නවා අපෙ Stream of Conscientiousness එකටත් වෙන්නේ ඔය ටිකමයි

    දෙවැනි දැල්ල වුයේ පලමු දැල්මද? එහෙම නැතිනම් වෙනත් එකක්ද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    SahanJ123;22456632]1. මම මේ කියන්නේ භාවනාවේදී එක එක ඒවා පේන එක ගැන නෙමෙයි. භාවනාවේදී මොලයට යන ඔක්සිජන් අඩු උනාම ගොඩක් අයට විකාර පේනවා කොහොමත්.

    වෙන්න පුලුවන් එකයි බුදුන් කියන්නේ නිසි ගුරුවරයෙකු යටතේ භවනාව ප්‍රගුන කරන්න කියලා

    2. සෝවාන් වෙන්න ඕනේ බණක් අහල මිසක් භාවනා කරලා නෙමෙයි.

    මල්ලි මමත් හිතුවා එක එහෙමයි කියලා අපෙ අභය මිහිගේ බණ අහලා නමුත් ප්‍රතිවිරුද් තර්ක තියෙනවා එය එසෙ නොවේ කියලා.

    3. මට අත්දකින්න ලැබුනත් ඔයා හිතනවද මම ඒක මෙතන කියයි කියල.? කවදාවත් නැහැ. මොකද කලින් කිව්වා වගේ 99.999% දෙනා හිතන්නේ මම පිස්සෙක් කියල.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නමුත් විඥ්ඥානයේ ස්වරූපය අධ්‍යනය කරාම තේරෙනවා නැවත ඉපදීම තියෙන්න පුළුවන් කියන එක. ඔය භෞතිකවාදී ආඅකෘතියක් ගත්තත් ඔවුන් කියන ආකාරයට, විඥ්ඥානය ඇතිවෙන්නේ මොලයේ හා ශරීරයේ ඇති විවිධ අංශූ ප්‍රතික්‍රියා වලින් නම් මෙහෙමත් හිතන්න පුළුවන්. මොලයේ ඇති අංශු ප්‍රතික්‍රියා වලින් විඥ්ඥානය ගොඩනැගේ, එසේ නම් මොලයෙන් හා ශරීරයෙන් පිටත ඇති අංශූ වලත් මේ විඥ්ඥානයේ කොටසක් පවතින්න බැරිද? මරණින් මතු මේ සියුන් විඥ්ඥානය අලුත් ශරීරයකට ගමන් කරන්න පුළුවන්.

    Smart thinking
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අමතක කරන්න එපා කර්ම විශය අචින්තයි. ඇත්තටම මිලින් මමත් හිතුවා ඕය ඔක්කොම බයිලා කියලා පසුව බුදුදහම මොඩ්ඩක් අදයනය කරනකොටයි දෑනට පවතින විදාවයි අනිව බලන කල එය එසෙ විය හැකි යැයි සිතිය හැක.

    ඇත්තටම බුදුන්ට පෙරභවයන් පිලිබදව මන්ස විවෘත වුනා භාවනා වෙන්, කෙනෙකු ඉහත කියල තිබුනා අපි දන්නේ නති නිස එය අපිට අදාල නැහැ කියලා. එක පොඩ්ඩක් භායනික මතයක් අත්තටම සසර බිය කරුයි එය බලන්නේ පවතින්න නමුත් පවතින කොට දුක නිරන්තරයෙන් ඇතිවනවා අන්න එතනයි ගැටලුව. අපි එහි කොටස්කරුවෙක් වෙලා නොදැනුවත්වම.

    අපේ චිත්ත දාහරාව නැවත් සකස් වෙන විට කලින් මතකයන් කටපත් වෙනවා නමුත් එය යටිසිතෙ / ශක්තියක් ලෙස පවතිනවා හරියට ඔබ Hard Disk එකක් අලුතින් Format කරා වගේ නමුත් Recovery Software එකක් මගින් ඔබට පුලුවන් මැකිගිය දෙවල් නැවත ගන්න හරියට බුදුන්ගේ ජතිසානුස්මරණය වගේ

    මතකය එහෙම නැතින Memory Capacity ගැන කියන කොට අද බලන්න් ඔබේ Pen Drive එකේ ඇත්තටම කොහොමද දන්ත විශාල ප්‍රමානයක් ගබලා වෙන්නේ? අපි මුලින් හිතුවා ලොකු වට ඉඩක් ඔනැ වෙවි කියලා නමුත් දැන් එය කෙමින් කෙමින් කුඩා වෙනවා

    ඉතින් මමනම් හිතන්නේ බුදුන් තමයි යමක් දැනගත්තේ තාමත් ඉතා පර්ස්සමින් ඔහුගේ ඉගැන්විම් ලොකය සොයාබලනවා.

    ඇත්තටම අපිට පෙර භවයක් සිහිවිය යුතුමද එය පිලිගන්න ???? මම හිතන්නේ නැහැ මොකද ඔබ අද මේ ඉන්න කෙනාත් මැරි මැරි ඇතිවෙනවා නැතිවෙනවා ඇත්තටම භවයේ අවස්තාවන් වල ඔබ අදත් සිටිනවා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපි කොහොමද මේ බුදුන් පැවසු නැවත් සකස් විම/ පෙර සහ පසු භවය මේ මොහොතෙ දි අත්දකින්නේ?

    හොදයි ඔබ ඔබෙන් අහලා බලන්න පොඩිකාලේ හිටපු කෙනාමද අද මේ ඉන්නේ?

    නිවැරදි පිලිතුර වියයුත්තේ ඕව් සහ නැත යන්නයි.

    භෞතිකව අපි අද දන්න්වා අපෙ සෞල මැරෙනවා අලුත් එවා උපදිනවා එවගෙම තමයි පුරුදු එහෙම නැතිනම් ගති වල තත්වය කොහොමද?

    ඔබ ඉගැනගත්ත, ඔබ පුරුදුපුහුනු උන දෙවල් වල ප්‍රතිපල ඔබ අදටත් අත්විදිනවා එහෙම නෙද? ඉතින් ඔකම දමයි ඉදිරියටත් වෙන්නේ පසුවට සිදුවුනෙත්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    මේකයි
    බුද්ධාගමට අනුව අපි පොත් පත් වල තින දේවල් කියවල කියනව රහත් උනා ඒ කාලේ මේ මේ වැඩ කළා මෙහෙම වෙනව කියල
    වෙන ආගම් වල උනුත් එහෙමම උන්ගේ පොත් පත් බලල කියෝනව
    අපි උන්ගේ ඒවා බොරුයි කියල හිනා වෙනව
    උන් අපේ ඒවා බොරුයි කියල හිනා වෙනව

    බලං ගියාම ඔක්කොම පොත් පත් බලල විස්වාස කරන්නේ
    එකෙක්වත් අත්දැකලා නෑ ඇත්ත
    :lol:

    ගනනක් පොතේ තිබ්බනම් ඒක කොලේක හැදුවා, අභ්‍යාසයක් තිබ්බනම් ඒකත් පොතක හැදුවා.එන් වැඩි පොහොර මොනාටද ඇහුවොත් ගස් හැදෙන්න කියයි. මල් හැදෙන්න නම් දාන්න ඔනේ කේ වැඩි ඒව කියයි.පොතේ තිබ්බට කියනවා, කීයෙන් කීදෙනාද ප්‍රායෝගිකව අත්හදාබලන්නේ, පොතෙන් ඔබ්බට ගොස්.

    සුද්ද මයින්ඩ්ෆුල්නස් කීවාම, අපේ අයත් කියයි බුද්ධාගමේත් කියලාතියනවා කියලා.කොහෙද ඒ කොහොමද හැහුවොත් පොතේ කියයි.පොත්වල සදහන් නොකර , ගල්වල කොටන්නයැ.පොතේ වරදක් නෙවෙයි, රටේ චින්තනයේ අවුල.සුද්දගේයි අපෙයි වෙනසත් ඒකයි.පොතේ ඇත, දන්නේනැත.මේක මොකක්ද කියලා නිකමටවත් ප්‍රැක්ටිස්කරලා බලල නැත.ඒකටත් හේතුව ඒවා ප්‍රැක්ටිස් කරපු මිනිස්සු මගපෙන්වන්නටත් හොයාගැනීමට නැත( සුලු පිරිසක් නැත්තේද නොවේ).

    ඒනිසා තමුන්ගේ ලග තියනදේ මොකක්ද කියලා බැලුවනම් හරි.තියරි හිතේ තියන් මීටවඩා ප්‍රායෝගික ලෝකේට පැමින ඒවා ඇප්ලයිකලානම් හරි.

    උබ පොඩ්ඩක් බලපන්,යුටියුබ් එකේ . කඹුරාවල සිරි රේවත හාමුදුරුවන්ගේ(දැනට ස්කොට්ලන්තයේ වැඩසිටින ) ඉන්ටර්වීව් එකක් තියනවා. උනවහන්සේ මයින්ඩ්ෆුල්නස්, බුඩිස්ට් මෙඩිටේශන්-සතිපට්ටාන ගැන ඒරටවල මිනිස්සුන්ට ප්‍රායෝගිකතලයේ භාවිතාවන් පුහුනුකරන කෙනෙක්.ඒරටවල ඒවට විශාල උනන්දුවක් තිබෙන නිසා.දැනට උන්වහන්සේ ග්ලාස්කෝ යුනි එකේ මනෝවිද්‍යා අධ්‍යන අන්ශයේ කථිකාචාර්ය කෙනෙක්.
    ඒක බලපන් ඉන්ටරෙස්ටින්ග්.ඊටපස්සේ තීරණය කරපන්, අපි මොකුන්ද කියලා. :cool::cool:
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ගනනක් පොතේ තිබ්බනම් ඒක කොලේක හැදුවා, අභ්‍යාසයක් තිබ්බනම් ඒකත් පොතක හැදුවා.එන් වැඩි පොහොර මොනාටද ඇහුවොත් ගස් හැදෙන්න කියයි. මල් හැදෙන්න නම් දාන්න ඔනේ කේ වැඩි ඒව කියයි.පොතේ තිබ්බට කියනවා, කීයෙන් කීදෙනාද ප්‍රායෝගිකව අත්හදාබලන්නේ, පොතෙන් ඔබ්බට ගොස්.

    සුද්ද මයින්ඩ්ෆුල්නස් කීවාම, අපේ අයත් කියයි බුද්ධාගමේත් කියලාතියනවා කියලා.කොහෙද ඒ කොහොමද හැහුවොත් පොතේ කියයි.පොත්වල සදහන් නොකර , ගල්වල කොටන්නයැ.පොතේ වරදක් නෙවෙයි, රටේ චින්තනයේ අවුල.සුද්දගේයි අපෙයි වෙනසත් ඒකයි.පොතේ ඇත, දන්නේනැත.මේක මොකක්ද කියලා නිකමටවත් ප්‍රැක්ටිස්කරලා බලල නැත.ඒකටත් හේතුව ඒවා ප්‍රැක්ටිස් කරපු මිනිස්සු මගපෙන්වන්නටත් හොයාගැනීමට නැත( සුලු පිරිසක් නැත්තේද නොවේ).

    ඒනිසා තමුන්ගේ ලග තියනදේ මොකක්ද කියලා බැලුවනම් හරි.තියරි හිතේ තියන් මීටවඩා ප්‍රායෝගික ලෝකේට පැමින ඒවා ඇප්ලයිකලානම් හරි.

    උබ පොඩ්ඩක් බලපන්,යුටියුබ් එකේ . කඹුරාවල සිරි රේවත හාමුදුරුවන්ගේ(දැනට ස්කොට්ලන්තයේ වැඩසිටින ) ඉන්ටර්වීව් එකක් තියනවා. උනවහන්සේ මයින්ඩ්ෆුල්නස්, බුඩිස්ට් මෙඩිටේශන්-සතිපට්ටාන ගැන ඒරටවල මිනිස්සුන්ට ප්‍රායෝගිකතලයේ භාවිතාවන් පුහුනුකරන කෙනෙක්.ඒරටවල ඒවට විශාල උනන්දුවක් තිබෙන නිසා.ඔය ගැස්කෝ යුනි එකෙත් උන්වහන්සේ කෝස් එකක් කන්ඩක්ට් කරනවා කිව්ව.
    ඒක බලපන් ඉන්ටරෙස්ටින්ග්.ඊටපස්සේ තීරණය කරපන්, අපි මොකුන්ද කියලා. :cool::cool:

    මේ ධර්මයේ ප්‍රයෝගිකත්වය තේරෙන්න යමෙක් සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ බුදුදහමේ කියාදෙන සත්‍ය මොකක්ද කියන එක. නැවත ඉපදීම වගේ දේවල් විශ්වාස නොකරන කෙනෙක් වුනත් සෝවාන් වන විට ඔහුගේ ඒ දෘෂ්ටීන් බිඳී යනවා. නැවත ඉපදීමක් තියෙනවා කියන එක තමන්ටම තේරෙන්න පටන්ගන්නවා. හැබැයි ඔහුත් ඒක ඇහැට දැකලා නෑ. ඒක දකින්න නම් ඔය පුබ්බේ නිවාසානුසති ඥාන, චුතුපපාත ඥාන තියෙන්න ඕනේ.