Elakiri Pulsar Club එකෙන් අපි ගිය ට්‍රිප් එක

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Elakiri Pulsar Club එකෙන් අපි ගිය ට්‍රිප් එක

    ජයග්‍රාහී Elakiri Pulsar Club දෙවෙනි ට්‍රිප් එක;);)

    පිංතූර ටික දාන්න ටිකක් කල් ගියාට සොරි වෙන්න ඕන බොලාට. වෙලාවක් හම්බවෙන්නත් එපැයි.:eek:
    මේක වෙනමම ත්‍රෙඩ් එකක් දැම්මේ පිංතූර ටිකක් වැඩියි නිසයි. දාලාත් බෑ නොදත් බෑ. ගෘප් එකේ දැම්මොත් ලෝඩ් වෙන්න බර වෙලාවක් යන නිසයි මෙහෙම දැම්මේ හොදේ..;);)

    කොහොම හරි මාස දෙක තුනකට උඩදි ඉදන් කතා උනා අපි මේ ගැන වෙනම Watssapp Group එකකුත් හදාගෙන..ලංකාවේ එක එක තැන් යෝජනා උනා යං කියලා.:cool: එත් එන්න කැමති කට්ටිය ඉන්න තැන් / කාළගුණය / වෙලාව , ඔය වගේ දේවල් බලලා සමහර දේවල් සීමා කරගන්න උනා අපිට..;)
    මුලින්ම දවස් දෙකක් යමු කියලා තමා යෝජනා උනේ. ඒත් අන්තිමේදි ට්‍රිප් එක එක දවසකට දාගත්තා.
    යන්න නම් මුලින් හිතාගෙන හිටියේ රිවස්ටන්... රිවස්ටන් ඉතිම් පට්ටයි සුපිරියි සීතලයි :lol::lol:
    ඒත් මේ මාසේ හම්බානෙකට වහිනවා ඒ පැත්තේ. අනික යන්න තියෙන පාරත් එච්චරම හොද පාරකුත් නෙවෙයි. වැස්සෙ ගියොත් ගමන වර්චස් නිසා රිවස්ටන් කැන්සල්..:shocked::shocked:

    ඊළගට අෂාන් පුතා යෝජනා කලා නුවර පැත්තෙ තියෙන ගඩලාදෙණිය / ලංකාතිලක විහාරය / ඇම්බැක්කෙ දේවාලය / කොත්මලේ මහවැලි සෑය / කොත්මලේ ඩෑම් එක බලන්න යමු කියලා..:)
    කට්ටියම අවුලක් නෑ. රිවස්ටන් වලට වඩා රවුට් එක ලගයි, වැස්ස අවුලක් නෑ, පාර හොදයි, වන් ඩේ නිසා ඔක්කොම කවර් කරගන්න පුලුවන් දවසෙන්...;);)

    කලිනුත් කිව්වනේ ට්‍රිප යන්න වෙනමම Watssapp Group එකකුත් හදා ගත්තා කියලා. Group එකේ හිටියා Members ලා 15 ක්. ඔක්කොම ට්‍රිප යන්න කැමති අයි. ඒත් අන්තිමේදී ට්‍රිප ගියේ 4 දෙනයි..:lol::lol::lol: අවුලක් නෑ 4 ක් කියන්නෙත් හොදටම ඇති නම බේර ලන්නවත්:shocked:
    ට්‍රිප ගියේ මමයි / Ashanj / King Cobra (කොබා:lol:) / Shaminda
    පල්සර් ගෟප් එකේ නම බේර ගන්න පල්සර් බයික් 03 ක් තිබුනා. 150 දෙක මගෙයි අෂාන් අයියගෙයි, 200එක කොබාගේ, Volty ය ශමියගේ..;);)

    ඔන්න කොහොම හරි පෝය දවස අවා. ඒ කියන්නේ 2017.11.03 වෙනිදා. කලින් කතා කර ගත්ත විදියට කොබයි ශමින්දයයි කොළඔ ඉදන් යක්කලට අවා. මමත් යක්කලට ඇවිත් ශමින්දලත් එක්ක සෙට් වෙලා නුවර පාරේ යන්න පිටත් උනා පිළිමතලාවට වෙනකල්. අෂාන් අයියා එනවායි කිව්වේ පිළිමතලාවටයි.

    නුවර පාරෙ අතරමග,

    4vh67qndue9puzczg.jpg


    6xahkmyzt6eznluzg.jpg


    සෑහෙන්න දුරක් ඉස්සරහට ආවා. කඩුගන්නාව කිට්ටු වෙලා ටිකක් නැවැත්තුවා. එක දිගට ඉදන් ඇවිත් ෆුකට ටයඩ් නිසා :lol::lol::lol:

    ck7n5nctv57137izg.jpg


    av6s3bkobc7vy3xzg.jpg


    Photo කෑලි ටිකක් ගහගෙන ආයේ යන්න පිටත් උනා.

    කඩුගන්නාවෙදි හම්බවෙන ජාතික දුම්රිය කෟතුකාගාරය තමයි මේ. අනවසරයෙන් ජායාරූප ගැනීම සපුරා තහනම් කියලා බෝඩ් කෑල්ලක් ගහලා තිබ්බා. ඒක නිසා එතනත් Photo කෑලි දෙක තුනක් ගත්තා :lol::lol:
    x2ww0a1dbt5fho1zg.jpg


    පිළිමතලාවෙදී අෂාන් අයියා කිව්ව තැනටම ඇවිත් හිටියා වෙලාවටම. අෂාන් අයියත් එක්ක ඔන්න යන්න පිටත් උනා.ඊට ඉස්සෙල්ලා කවුරුත් උදේට කාලා හිටියෙ නෑ. උදේ පාන්දර මොන කෑමද බොලව්..;) ඒක නිසා ගමන යන්න කලින් ලග තිබ්බ අෂාන් අයියා දන්න කඩේකට ඇල්ලුවා.

    2lwro5rdnstqcdszg.jpg


    කාලා ඉවර කොරලා ගමන යන්න පිටත් උනා. පළවෙනි තැන තමයි ගඩලාදෙණිය විහාරය. පිළිමතලාව පාරෙම තමයි තියෙන්නේ.

    බබාලව පාක් කලා පන්සල ඉස්සරහයින්:lol::lol:
    00qdxzjiwvmvmv8zg.jpg


    ගඩලාදෙණිය විහාරය ක්‍රි.ව 14 සියවස වෙනකම් පැරණියි. මේ පන්සල පළමුවන ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදි හතරවන බුවනෙකභාහු රජ (ක්‍රි.ව. 1341-1351) විසින් ඉදි කරපු විහාරයක්

    b648q81fltidfvuzg.jpg


    ලොකු සෙල්ලිපියකුත් තියෙනවා පන්සලට යන අතරමග

    8de26b6xob8cvwyzg.jpg


    ඇතුලට ගියාම පැරණි විශාල බුදු ගෙයක් බලන්න පුලුවන්...

    g4gh6g6ikkoi0vkzg.jpg


    පන්සල පිහිටලා තියෙන්නේ විශාල කලුගල් පද්ධතියක් උඩයි..

    5mcv53hriivoftozg.jpg


    c4bujsv98yog5c1zg.jpg


    අපි පෝය දවසෙනේ ගියේ. එදා ටිකක් සෙනග වැඩියි. සිල් ගන්න ආව අයයි වදින්න ආව අයයි. ඒත් එච්චරටම මිනිස්සු නෑ පන්සලේ උදේ නිසා. මං හිතන්නේ එදා පොය දවසේ තමයි මේ පන්සලේ කටින උත්වය. මේ ආච්චිලා සල්ලි එල්ලන්නේ ගහේ..

    f4a5dyrmrc4xwwlzg.jpg


    6xz5yi4fc7d9axizg.jpg


    ගඩලාදෙණිය බලලා ඉවර වෙලා ඊලගට අපි ගියේ ලංකාතිලක විහාරයට. මේකට නම් ටිකක් ඇතුලට හැරි හැරි යන්න ඕන. දැන් නම් පාර මතකත් නෑ. තියෙන්නේ උඩුනුවර දවුලගල කියන තැනෙයි..
    මේ පන්සලත් ක්‍රි.ව. 14වන සියවස වෙනකල් සහා හතරවන බුවනෙකභාහු රජ (ක්‍රි.ව. 1341-1351) විසින් හදපු පන්සලක්..

    ලංකාතිලක ඉතිහාසය ගැන විකිපිඩියා පහළින් යන්න
    https://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B6%9A_%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA

    මේ තියෙන්නේ Photo කෑලි ටිකක් ;)

    dd8ut2w8vkaaya3zg.jpg


    8423967zaz5b1o4zg.jpg


    bm3hs137iomhvtvzg.jpg


    මේ පන්සලට ඈතින් හන්තානේ කන්දත් පේනවා මාර ලස්සනට. හන්තානෙට පායන සද ලස්සනයිද කියලා බලන්න බැරි උනා :lol::lol::lol:

    qvx2fe8h0qgvofyzg.jpg


    මේ පන්සලේ විශාල බුදුගෙයක් තියෙනවා. බුදුගෙයි විශේෂත්වක් තියෙනවා. ඇතෙකුට උනත් දන නමස්කාර කරන්න බුදුගෙය ඇතුලට ඇතුල් වෙන්න පුලුවන් විදියට තමයි මේක හදලා තියෙන්නේ

    මේ තියෙන්නේ විශාල ද්වාරය
    lb1y8klbguto6bkzg.jpg



    මේ තියෙන්නේ ඒ කාලේ මේ දිවාරයට දාපු අගුලු
    59abc8d97wzdgl7zg.jpg

    fscgxqczdw396qlzg.jpg


    පන්සල වටේ ඔය ටිකත් බලලා එන ගමන් දැක්කේ මේක. කඩවල් වල විකුනන්න තියෙනවා පට්ට පරන බඩු.ගනන් නම් අහන්න ගියෙ නෑ.

    id1w0tvn5cnc2wxzg.jpg


    අපේ දඩුමොණරු ටික:lol::lol:
    dr86lscpjk8ocz1zg.jpg


    ඊලගට ඔන්න යන්න පටන් ගත්තා ඊලග තැනට. ඒ තමයි ඇම්බැක්කේ දේවාලය...තියෙන්නේ පිළිමතලාව පාරෙම තමයි..දවුලගල පහු කරලා බූවැලිකඩ ටවුන් එක ලගින් හැරිලයි යන්න ඕන..

    ඇම්බැක්කේ දේවාලයත් ගම්පළ රාජධානි සමයේදී ඒ කියන්‍නේ 14 වන ශතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රමබාහු රඡු (ක්‍රි.ව 1360-1374) විසින් තමයි හදලා තීන්නේ.

    ඇම්බැක්කේ දේවාලය ගැන දැන ගන්න පහලින් යන්න
    https://si.wikipedia.org/wiki/%E0%B6%87%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A_%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA

    මොණරු ටික පාක් කොලා. කොහොමද ශමින්ද කොලුවගේ යානය :shocked::shocked:

    clgxkrw3k7osxjrzg.jpg


    ඇතුලටත් ගියා. බලන්න දේවල් නම් ගොඩයි සිංහලු :yes::yes:

    fv7v3wu13k3r4cfzg.jpg


    කැටයම් නම් සෑහෙන්න තියෙනවා බලන්න. එකින් එකට වෙනස්.
    fv5fh2ubcxgazwvzg.jpg


    bbco85hp8cejrruzg.jpg


    2yhbifk58px3b3vzg.jpg


    වහලේ තව විශේෂත්වයක් තියෙනවා. ඕය පේන පරාල ඔක්කොම එකතු වෙලා තියෙන්නේ තනි ඇනයකින්.:shocked::shocked:
    c8lyf3bckvm56e2zg.jpg


    ඔන්න ඒකත් ඉවර කරලා අපි ඊලගට ගියේ කොත්මලේ මහවැලි මහා සෑය බලන්න. මේකට ඉතින් ගම්පොළින් කොත්මලේ පාරට හැරිලයි යන්න ඕන. පාරවල් නම් කිසිම අවුලක් නෑ සුපිරි...

    මහවැලි සෑය හදලා තියෙන්නේ කොත්මලේ ඩෑම් එක හදද්දී ඒකට යට වෙච්ච පූජා ස්ථාන සිහිපත් කරන්නයි. 2016දී හිටං තමයි ව්වෟත කලේ:lol::lol:

    ro8a0tzzmfi18nszg.jpg


    h7kk4kebf0uf6w2zg.jpg


    ng6z8i5jiphw3j6zg.jpg


    මේ ‍චෙත්‍ය ඇතුලට යන්න පුලුවන්. ඇතුලේ මාර සීතලක් තියෙන්නේ :cool:
    5sgnqyka0i3f750zg.jpg


    චෙත්‍ය ඇතුලේ ටිකක් වෙලා අපි ඉදගෙන කයිවාරු ගගහා හිටියා. පට්ටු සනීපයි ඇතුලේ. එදා පෝය නිසා සිල් ගන්න ආව අයත් හිටියා බරටම.

    ඊගලට පිටත් උනා අපි කොත්මලේ ඩෑම් එක බලන්න යන්න. ඩෑම් එක බලන්න යන්න ටිකට් ගන්න ඕන. ටිකට් කවුන්ටර් එක තියෙන්නේ 500m උඩහා. ටිකට් එකක් රු.30යි.
    ඩෑම් එක බලන්න ඉස්සෙල්ලා පොඩි කොතුකාගාරයක් තියෙනවා බලන්න. ඒකේ කොත්මලේ ඩෑම් එකේ ආකෘතිය එහෙම හදලා තියෙනවා බලන්න. ඒ හරියේ මරු ලොකේෂන් හිටං තියෙනවා Photo ගන්න. ගත්තා ඇති වෙන්න.:lol::lol::lol:

    lm0t79tv1eo04etzg.jpg


    448qxlq5vpu3p1uzg.jpg


    zso28q92574m2c2zg.jpg


    p9tmcv4f5mgmv4xzg.jpg


    2u150v22if1wxwczg.jpg


    27dwm12o7whw2pwzg.jpg


    g3h6ab2q1b7o1sczg.jpg


    d93uo47n5g778cazg.jpg


    smb7482bg2t3a9xzg.jpg


    ඊලගට ආපහු එන්න අවා කොත්මලේ ඩෑම් එක බලන්න. එන පාරේ අතරමග දඩුමොණරු ටික Photo ගන්න හිතුනා.:lol:

    cfbe3bjnehp1io5zg.jpg


    h2jhyq9c2qcyi30zg.jpg


    23fd1gh094x36z5zg.jpg



    ඊටපස්සේ අන්තිමට ඩෑම් එකට අවා. අපි එනකොට නම් දොරවල් එකක් වත් ඇරලා තිබ්බේ නෑ. :(:(

    tycj46e3d9jfp8dzg.jpg


    4goq1bgh0t9nxtvzg.jpg


    2yyhz30mdgi917ezg.jpg


    re5vfd6kzn4gvavzg.jpg


    knq5ms4uo8vmwojzg.jpg


    4bcwcekcdgdd7hgzg.jpg


    ඈතට මහවැලි සෑය පේනවා. පට්ට ලස්සනයි
    99usns0ri93gfwrzg.jpg


    ඩෑම් එක උඩ පතාරියන් ට්‍රක් එකකුත් නවත්තලා තිබ්බා.. පට්ට බාන්ඩේ:lol::lol:
    776yj2cgdh9ff5fzg.jpg


    776yj2cgdh9ff5fzg.jpg


    ඔන්න ඉතිම් දැන් අපේ ගමන අහවරයි. ප්ලෑන් කරන් හිටිය තැන් වල ඕක්කොගෙම ගියා. කන ටයිම් එකත් පහු වෙලා නිසා කට්ටිය ගියා දවල්ට කන්න.

    b9hqliiq3kjdosfzg.jpg


    කාලා ඉවර වෙනවත් එක්කම පත වැස්සක් අවා.
    8end0suc1b4h445zg.jpg


    z077j4zqt3swlyczg.jpg


    වැස්ස පායනකල් පච හල හල හිටියා කඩේ ඇතුලේ. හැන්දෑවට තේ එකත් බීලම ආපහු ගෙවල් බලා යන්න ලෑස්ති උනා වැස්ස පෑව්ව නිසා. එතකොට වෙලාව 5ත් පහුයි. කට්ටිය දෙය්යනේ කියලා පිළිමතලාවට වෙකල් අවා පොදේ තෙමි තෙමි. අෂාන් අයියා පිළිමතලාවෙන් නැවතිලා කට්ටියට ටටා බායි කිව්වා.
    අපි සෙට් එකත් ෂේප් එකේ කරදරයක් නැතුව ගෙවල් බලා ආවා..;);)

    අන්තිමේ කියන්න තියෙන්නේ එළකිරියේ හිටපු පට්ටම යාඑවෝ ටිකක් අදුරගන්න හම්බඋනා. අෂාන් අයියා සුපිරිම ගතිගුණ තියෙන කෙනෙක්. කිරියේ චැට් කොර කොර ඉන්නවට වඩා මෙහෙම සෙට් වෙච්ච එක ලොකු දෙයක්.
    එතකොට කොබා කොලුවා / ශමින්ද කොලුවා සුපිරිම පට්ටම හිතහොද යාඑවෝ.. මෙහෙම සෙට් එකද්ද කිරියෙ ඉන්නෙ කියලා හිතා ගන්නත් බෑ..
    එතකොට මේ මම........:lol::lol::lol:.. එක්කෝ ඕන නෑ...:lol::lol::lol:

    පට්ටම ෆන් එකක් ගත්තා දවසේ ට්‍ර්ප් එක උනත්. කිසිම අවුලක් උනේ නෑ. කාළගුණේ උනත් හොදට තිබුනා උදේ වරුව වැස්සේ නෑ.
    ආයෙත් ළගදිම Bajaj Pulsar Club තුන්වෙනි ට්‍රිපට සෙට් වෙනකල් ඉවසිල්ලකුත් නෑ..;);)
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    d93uo47n5g778cazg.jpg



    හැම ෆොටෝ එකකම කට්ටිය හිනාවෙලාමයි ඉන්නේ නේහ් :lol::lol:

    මුන් මෙහෙම කිවුවට එකම පුවුලේ අයියලා මල්ලිලා ටිකක්ද කොහෙද එකම ෆේස් කට් එක හැමෝටම තියෙන්නේ:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ... අපරාදෙ මට මිස් උනා.. මම එන්න හිටියෙ. හැබැයි මට හරියටම ඔක්කොම සෙට් වුනේ නැහැ.. ෂමින්ද මට එන්න කිව්වා.. යනව කිව්ව (මීට කලින් දැකල සෙට් වෙච්ච දන්න කියනම එකෙක්ට කෝල් කරාම පොර යැවෙන්නෙ නැහැ කිව්වා. ඊට පස්සෙ ඉතින් ටිකක් එන්න ටිං ටිං උනා.. මටනන් අපරාදෙ කොත්මලේ ඩෑම් එක මිස් වෙච්ච එක. අනිත් ඒවානන් ගිහින් තියේ.. ඊළග පාර යමන් අනිවා එනවා.. හැබැයි මම එන්නේ ගෙදර උන්දැත් එක්ක. ඒක නිසා උඹලත් අදාල අයවලුන් එක්ක වරෙන්...
    එල ආහ්...
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එල එල

    මේ පල්සර් ක්ලබ් එක අස්සේ මේ මොකෙක්ද මේ ඉන්නේ :lol::lol::lol::lol:


    clgxkrw3k7osxjrzg.jpg

    ඕක ශමින්ද කොලුවගෙ යාත්‍රාව බං. කෙල්ලෝ එහෙම බලනවා වැඩියි බියික් එක දිහා. අරූ දිහා නම් බලන්නේ නෑ..:lol::lol::lol::lol:

    d93uo47n5g778cazg.jpg



    හැම ෆොටෝ එකකම කට්ටිය හිනාවෙලාමයි ඉන්නේ නේහ් :lol::lol:

    නැතුව නැතුව එකා වගේ ලස්සනට ඉන්න එපැයි :lol::lol:



     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එල මචන් පට්ට ලස්සනයි පොටෝ ටික.. ආයේ එකක් යමු.

    තැන්කූ බං. අනිවා යමු මචං එනපාර

    පට්ට පට්ට :)

    තැන්කූ තැන්කූ:love:


    මුන් මෙහෙම කිවුවට එකම පුවුලේ අයියලා මල්ලිලා ටිකක්ද කොහෙද එකම ෆේස් කට් එක හැමෝටම තියෙන්නේ:yes::yes:

    :lol::lol::lol::lol::lol:

    math giya wage trip eka

    ලබන සැරේ යමං බට්ටෝ



    :love::love:

     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    අඩෝ... අපරාදෙ මට මිස් උනා.. මම එන්න හිටියෙ. හැබැයි මට හරියටම ඔක්කොම සෙට් වුනේ නැහැ.. ෂමින්ද මට එන්න කිව්වා.. යනව කිව්ව (මීට කලින් දැකල සෙට් වෙච්ච දන්න කියනම එකෙක්ට කෝල් කරාම පොර යැවෙන්නෙ නැහැ කිව්වා. ඊට පස්සෙ ඉතින් ටිකක් එන්න ටිං ටිං උනා.. මටනන් අපරාදෙ කොත්මලේ ඩෑම් එක මිස් වෙච්ච එක. අනිත් ඒවානන් ගිහින් තියේ.. ඊළග පාර යමන් අනිවා එනවා.. හැබැයි මම එන්නේ ගෙදර උන්දැත් එක්ක. ඒක නිසා උඹලත් අදාල අයවලුන් එක්ක වරෙන්...
    එල ආහ්...

    අවුලක් නෑ බං. කොහොම හරි එන්නනෙ ඕනේ. කල්පනා කරන්න දෙයක් නෑ. ඊළග එක යං :yes::yes:


    ඔය Photo වල නිල් පාට ෂර්ට් එකක් ඇදගෙන ඉන්න බතලයා තමයි කොබා:lol::lol: