තත්පර 51 ක් ago
කුඩා ව්‍යාපාරවල නිරත පුද්ගලයන්ට සහන.
ව්‍යාපාරික කුසලතා දියුණු කිරීම සඳහා ආධාර.
ආනයන අපනයන සංවර්ධන බැංකුව ඉදිකිරීමට රැපියල් මිලියන 10000ක්.
සුළු ව්‍යාපාරිකයන් වෙනුවෙන් ව්‍යාපාරික යෝජනාවේ සක්‍යතාව සැලකිල්ලට ගෙන ඔවුන්ට ණය ලබාගැනිමට අවස්ථාව
ආනයන අපනයන සංවර්ධන බැංකුවක්.
අවධානම් දරන ව්‍යාපාරිකයන්ද රැකබලා ගැනීමේ වැඩපිළිවලක්.
සුළු ව්‍යාපාරිකයන් අැතුළු සියලුම ව්‍යාපාරිකයන් සඳහා පහසුකම් වර්ධනය වේ.
මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හා සැකසීම සඳහා විශේෂිත මධ්‍යස්ථානයක්.
වැවක් සහිත ගමක් වැඩසටහන තව දුරටත්.
වෙල්ලමංතර නව ධීවර වරායක්.
ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට අඩි 55ට වැඩි බහුදින ධීවර යාත්‍රා වෙනුවෙන් වැය වන මිලෙන අඩක් රජය දරයි.
බහුදින යාත්‍රා වල පසු අස්වනු තාක්ෂණය වැඩි වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උසස් වේ.
කාලගුණ දත්ත මහජනතාවට නොමිලයේ.
කාලගුණ දර්ශන මත පදනම් වූ රක්ෂණ යෝජනා ක්‍රමයක්.
භෝගවර්ග 6ක් සඳහා අක්කරයකට රුපියල් 40000ක මුදලක්.
දායකත්ව රක්ෂණය සඳහා රුපියල් මිලියන 3000ක්
වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීම.
කුඩා හා මධ්‍යම වැව්වල රොන් මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක්
විද්‍යා තාක්ෂණ හා නවොත්පාදන සම්බන්ධතා ලේකම් කාර්යාලයට රුපියල් මිලියන 25ක් වෙන්කරනවා. (Virtual Blue-Green institute)
රුපියල් මිලියන 1000ක වියදමින් මීගමුව, රැකව, පුත්තලම, නන්දිකඩාල් ඇතුළත් කලපු 10 සංවර්ධනය වේ.
ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණයක් ගොඩනැගීම.
ජංගම දුරකතන කුළුණු ඉදිකිරීම අ ෙෙධර්යමත් කිරිමට නව බද්දක්.
දෙහිවල කූඩු කළ සතුන් විවෘත කූඩු සංකල්පයට පරිවර්තනය වේ.
පින්නවල අලි අනාථාගාරය ප්‍රතිසංවිධානය වේ.
සෑම ප්‍රාදේශීය සභා බල ප්රදේශකයම ඇවිදීමේ පහසුකම් සහිත ශරීර සුවතා මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 1500ක්. ( 'Greening of Sri Lanka Program' )
ආරුවක්කාලු කසළ මධ්‍යස්ථානය රුපියල් මිලියන 3000ක් .
පොලිතීන් කිලෝවක් නිශ්පාදනයට රුපියල් 10ක නිශ්පාදන බද්දක්.
යතුරු පැදි, මොටර් රථ හා බස් රථ සඳහා කාබන් බද්දක්.
සූර්ය බලයෙන් ක්‍රියාත්මක කෙරෙන Charging station පිහිටු වීමට පෞද්ගලික අංශය දිරිමත් කිරීමට යෝජනා.
එන්ජින් ධාරිතාව මත පදනම් වූ බදු සූත්‍රයක් හඳුන්වා දෙන බවත් ඩීසල් මගින් ධාවනය කෙරෙන ත්‍රිරෝද රථවල ආනයනික බදු රු. 50000කින් වැඩි කරන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.
2040 වසර වන විට ඛනිජ තෙල්වලින් තොරව වාහන භාවිතයට යොමු වන බවත් විදුලියෙන් ධාවනය කෙරෙන වාහනවල බදු රු. ලක්ෂ 10කින් අඩු කරන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.
අයවැය හිගය දළ දේශීය නිශ්පාදිතයෙන් 4.5%ක මට්මකට පවත්වා ගැනිමට අපේක්ෂා කරන බවත් මේ වසරේදී ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් අපි ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වන බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.
මෙම අයවැය තිරසාර සංවර්ධන මූලධර්මය මත පදනම්ව සකස්කර තිබෙන බවත් 'නිල හරිත අයවැය' මෙවර අයවැයේ තේමාව බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.
සමස්ත අයවැය පරතරය 2020 වන වට දළ දේශීය නිශ්පාදිතයෙන් 3.5% ට අඩුවෙනු ඇති බවත් 2020 දී ආර්ථික වර්ධනය 6% ක මට්ටමකටත් මෙන්ම විදේශීය සංචිතය වර්ධනය කර ගැනීමටත් කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා පවසයි.
රාජ්‍ය ආදයම දළ දේශීය නිශ්පාදනයෙන් සියයට 14 ට වර්ධනය කිරීමට වත්මන් රජයට හැකිවු බවත් රාජ්‍ය ආදායම දළ දේශිය නිෂ්පාදනයෙන් 20% දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යවරයා පවසයි.
ප්‍රධාන ආර්ථික ගැටළුව සීඝ්රයෙන් පහළ ගිය රාජ්‍ය ආදායම සහ රාජ්‍ය ණය බර බවත් වත්මන් රජය නවෝදපාදනය සහ සමානාත්මතාව තුලින් ආර්ථිකය ගොඩනැගු බවත් මුදල් අමාත්‍යවරයා පවසයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හිටපු මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පැසසුමට ලක් කලේ ය.
අයවැය 2018 (විසර්ජන පනත් කෙටුම්පත 2018) මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ය.
