පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ ව&#350

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,122
    7,137
    113
    Back Bay-Beacon Hill, Boston
    පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ ව&#350

    "අහුත්වා සම්භුතං හුත්වා න භවිස්සති" යනුවෙන් අප මහ බුදුරජාණන් වහන්සේ වදාල සේක. "පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වන" යන්න එහි අරුත වෙයි. ඇස ඇතුලු අනෙක් ආයතනත් රූපයත් මේ ආකාරයෙන්ම හටගෙන නිරුද්ධ වන බව විදර්ශනා කල යුතුවේ. පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමියන් මේ දුර්ලභ ධර්ම දේශනාවෙන් විස්තර කරන්නේ රූපය ඇතැයි ගැනීම, නිත්‍ය සඥාව තුල රූපය ඇතැයි සිතීම තුල, ඇති බව හෙවත් භවය ඇතිවන ආකාරයයි. රූපයේ හට ගැනීම, රූපයේ නිරුද්ධ වීම, අනිත්‍ය නොදැකීම, භවය ඇතිවීම ආදී ගැඹුරු ධර්ම කරුනු රැසක් ස්පර්ශ කරන දම් අමා බිඳුවකි මේ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767

    සාදු සාදූ! ඔබට පින් මේ විඩියෝ එක දැම්මාට. අනිත්‍ය, අනාත්ම, නිරෝධය රූපය, භවය ආදිය සියල්ල ගැන කරන ඉතාම හොඳ දේශනයක්. සුදස්සන හාමුදුවන්ගේ ගෝල ස්වාමීන් කෙනෙක් වගේ දේශනාවෙන් පෙනෙන්නේ, දුක්ඛ, අනිත්‍ය, අනාත්ම වරදවාගෙන මඩේ එරුන අයට නම් මේක තේරෙන එකක් නැහැ.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අනේ කවුරුහරි මඩේ එරුණ ex-muslim Ahmedට උදව් කරන්න.

    "අහුත්වා සම්භුතං හුත්වා න භවිස්සති" යනුවෙන් අප මහ බුදුරජාණන් වහන්සේ වදාල සේක. "පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වන" යන්න එහි අරුත වෙයි.

    තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ නැති පොල් කෙඳි හොයන ex-muslim Ahmed කියල තියෙන්නේ පට්ටපල් බොරුවක් නේ.

    "යංකිංචි සමුදය ධම්මං -සබ්බංතං නිරොධ ධම්මං"

    පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නැතිවන- යන්නයි ඇත්ත ස්වභාවය.

    එනම් අවස්තාවටයි හටගන්නේ. දකින්න පෙර තිබ්බ නොවෙයි, දැක්කට පස්සේ තියෙනවා නොවෙයි, ඒත් භවයෙන් වැහිලා නිසා නිත්‍ය සඥාවෙන් බලන නිසා අපිට නිරෝධය පේන්නේ නැහැ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    හහ් හහ් හා.. හොඳටම රිදිලා වගේ. ඔහොම වෙනවා තමන්ගේ පරමාදර්ශී ස්වාමීන් පිස්සෙක්, මෝඩයෙක් කියලා පබ්ලික් ෆෝරම් එකක සාකච්චා වන විට. මස් මාංශ අනුභවය ගැන පිස්සු දොඩවන, සඥාව මිරිඟුවක් කියා බුදුන් වහන්සේ දේශනා කල මුත් සඥාව අවශ්‍ය බව කියන, මීවනපලානේ ස්වාමීන් පසු පස යන පල් මෝඩයන් හැමට ඉතිං අනේ අනිච්චං තමා! :D:D
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ඇත්තනේ, ex-muslim Ahmedගේ පරමාදර්ශී ස්වාමීන් වෙච්ච ස්කයිලාක් පිස්සෙක්, මෝඩයෙක් කියලා පබ්ලික් ෆෝරම් එකක කොච්චර සාකච්චා වුනාද?
    අමූලික බොරු කියලා ඒවා වහගන්න වැල් වටාරම් කියවන ex-muslim Ahmed, ස්කයිලාක් වගේ අයට උත්තර දෙන්න හිතන එකත් පල් මෝඩකමක් තමයි.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    "නිත්‍ය සඥාව තුල රූපය ඇතැයි සිතීම තුල, ඇති බව හෙවත් භවය ඇතිවන ආකාරයයි. රූපයේ හට ගැනීම, රූපයේ නිරුද්ධ වීම, අනිත්‍ය නොදැකීම, භවය ඇතිවීම ආදී ගැඹුරු ධර්ම කරුනු රැසක් ස්පර්ශ කරන දම් අමා බිඳුවකි මේ.

    "භවය" නැතිනම් ආත්ම වාදයක් හෝ එකට ප්‍රතිවිරුද්ධ වාදයක් බුද්ද ව්ධර්මයේ නැහැ. අනිත්‍ය වාදය, අනාත්මය වගේ වැරැදී අදහස් හට නැගෙන්නේ ඒ නිසා.

    බුද්ද ව්ධර්මයේ මේ වගේ "භවය" කියලා දෙයක් නැහැ.

    <ඉපදීම්--- භවය 1 ---මරණය>|<ඉපදීම්--- භවය 2 ---මරණය>|<ඉපදීම්--- භවය n ---මරණය>

    බුද්ද ව්ධර්මයේ තියෙන්නේ "භව". ඒ කියන්නේ මේ වගේ දෙයක්.

    <ඉපදීම්--- භව 1 | භව 2 | භව n ---මරණය>|<ඉපදීම්--- භව n+1 | භව n+2 | බව n+3 ---මරණය>

    ඉපදීම් සහ මරණය අතර දහස් ගණන් භව හට ගන්නවා. භව සෑම මොහොතකම් හේතු පල ධර්මයට අනුව, පටිච්ඡ සම්නන්නව සකස් වෙනවා. ඒ වගේම වැය වෙලා යවනවා. එම නිසා නිත්‍ය/අනිත්‍ය වාදය ගැලපෙන්නේ නැහැ.

    උදාහරණයක් වශයෙන් ගත්තොත් විදුලි බුබුලක්. විදුලි බුබුල විදුලිය ආ මොහොතක හේතු පල ධර්මයට අනුව පත්තු වෙනවා. ඒ වගේම විදුලිය නැති වුනහම, ඒ කියන්නෙන් හේතු නැති වුනහම පත්තු වීම නතර වෙනවා.

    විදුලි බුබුලේ ආලෝකය "නිත්‍ය" හෝ "අනිත්‍ය" කියලා කියන එක ගැලපෙන්නේ නැහැනේ! අන්න ඒ වගේ දෙයක්.

    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සාදු සාදූ! ඔබට පින් මේ විඩියෝ එක දැම්මාට. අනිත්‍ය, අනාත්ම, නිරෝධය රූපය, භවය ආදිය සියල්ල ගැන කරන ඉතාම හොඳ දේශනයක්. සුදස්සන හාමුදුවන්ගේ ගෝල ස්වාමීන් කෙනෙක් වගේ දේශනාවෙන් පෙනෙන්නේ, දුක්ඛ, අනිත්‍ය, අනාත්ම වරදවාගෙන මඩේ එරුන අයට නම් මේක තේරෙන එකක් නැහැ.

    පින්වත් ex-muslim Ahmed,

    මම කුමාරකස්සප හිමිගේ දේශනාවක් දැක්වෙන ඉහත වීඩියෝව තුන් පාරක් අසා බැලුවා. එහිමියන්ගේ දේශනා විලාශය බොහෝම හොඳයි. එහිමියන්ගේ දොඩමලුබවක් පෙනෙන්න නැහැ, අඥාන බවක් පෙනෙන්න නෑ. සියුම් කරුණු අරභයා තමන් දරන අර්ථ පැහැදිලිව ඉදිරිපත් කරන්න එහිමියන් සමත් බවද පෙනෙනවා. මෙවන් භික්ෂූන් වහන්සේලා වෙත එළඹ දහම් කරුණු සාකච්ඡා කරන්න ඇත්නම් බොහෝම ප්‍රයෝජනවත්.

    කුමාරකස්සප හිමිගේ දේශනාවේ සියුම් දහම් කොටස් ගැන පැවසෙන කරුණු අඩංගුයි. සියුම්ව විමසා බලා මිස ඒ පැවසෙන අර්ථයන් නිවැරදිව ග්‍රහණය කර ගැනීමද අපහසුයි. එහිමියන් පවසන සියළුම කරුණු ගැන නොවුනත් කරුණු කිහිපයක් අරභයා එම කරුණු වල නිදොස් බව ගැන මට සැක ඇතිව තිබෙනවා. කුමාරකස්සප හිමි "දිට්ඨෙ දිට්ඨමත්තං" යන්නද ඇතුලත්ව යම් දහම් පද කිහිපයක අර්ථයන් පටලවාගෙන ඇති බවකුයි මට වැටහෙන්නේ. මට වැටහෙන අයුරින් ඒ ගැන විස්තර කිරීමට පෙර මා නොදන්නා යම් යම් අර්ථ වලට අනුව එහිමියන් පවසන දෑ නිවැරදි දැයි විමසා බැලීම වඩාත් සුදුසු යැයි හිතනවා.

    1. වීඩියෝවේ කාලය 06:07 සිට 08:16 පමණ වන තෙක් විස්තරයේ විපාක වෙදනාව, විපාක සංඥාව යන කරුණු ගැන පැවසෙනවා. එම වෙදනාව අරභයා කුමාරකස්සප හිමි ඒ සැප, දුක් හෝ උපෙක්ෂා වෙදනාව නොවේ යැයි ද පවසනවා. ඒ ගැන ත්‍රිපිටකයේ කොතැනක සඳහන්ව තිබෙනවා ඇත්ද?

    2. වීඩියෝවේ කාලය 09:02 න් පමණ ඉදිරියට ආසන්නයේ රූපය යනු චිත්තවිප්පයුත්ත ධර්මයක් යැයි පැවසෙනවා. ඒ ගැන ත්‍රිපිටකයේ කොතැනක සඳහන්ව තිබෙනවා ඇත්ද?

    මට සැබැවින්ම උවමනා කර ඇත්තේ ඒ ස්වාමීන් වහන්සේම සලකන ලද තැන් ගැන දැන ගැනීමට. ත්‍රිපිටකයේ ඔවැනි වචන ඇති තැන් අපිටම සොයාගන්න අපහසු නැහැ. එනමුත් අපි සොයා ගන්නා තැන් වල ඇති කරුණු වලට අනුරූපවම දහම් දේශනාවද සිදුව ඇතැයි කියන්න බැහැ නොවැ. උදාහරණයකට "රූපය යනු චිත්තවිප්පයුත්ත ධර්මයක්" යැයි කීමේදී දේශනාවේ එහිමියන් අදහස් කර ඇත්තේ ඇසට පෙනෙන රූපය යන අර්ථයෙන් බවයි මට හිතෙන්නේ. නමුත් "රූපය යනු චිත්තවිප්පයුත්ත ධර්මයක්" යැයි සඳහනක් ධර්මයේ ඇත්නම් එය රූපස්කන්ධය යන අර්ථයෙන් කියැවෙන කරුණක් වෙන්නත් පුළුවන්. ඔවැනි කාරණා නිසයි දේශනාවේදී කුමාරකස්සප හිමිම සලකන ලද අර්ථ වලට අදාළ ත්‍රිපිටක මූලාශ්‍ර ගැන දැන ගැනීම වටින්නේ.

    ඔබ කුමාරකස්සප හිමිගේ තවත් දේශනාවන් අසා තිබෙනවාද? සමහරක් විට එවන් දේශනාවන්හිදී ඉහත කරුණු ත්‍රිපිටකයේ ඇති තැන් ගැන පැවසී තිබෙන්න පුළුවන්.

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ewijesekara,

    ඉහත කමෙන්ටුවේ මා ex-muslim Ahmed ට ලියා ඇති දෑ ඔබත් කියවා බලන්න. ඒ ගැන ඔබටද යම් අදහස් ඇතොත් දන්වන්න.

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හහ් හහ් හා.. හොඳටම රිදිලා වගේ. ඔහොම වෙනවා තමන්ගේ පරමාදර්ශී ස්වාමීන් පිස්සෙක්, මෝඩයෙක් කියලා පබ්ලික් ෆෝරම් එකක සාකච්චා වන විට. මස් මාංශ අනුභවය ගැන පිස්සු දොඩවන, සඥාව මිරිඟුවක් කියා බුදුන් වහන්සේ දේශනා කල මුත් සඥාව අවශ්‍ය බව කියන, මීවනපලානේ ස්වාමීන් පසු පස යන පල් මෝඩයන් හැමට ඉතිං අනේ අනිච්චං තමා! :D:D

    පින්වත් ex-muslim Ahmed,

    ඉහත කමෙන්ටුවේ ඔබ "සඥාව මිරිඟුවක් කියා බුදුන් වහන්සේ දේශනා කල මුත් සඥාව අවශ්‍ය බව කියන" යැයි ලියා ඇති කරුණ ගැන සිතා බලන්න. එය එසේ ලියන ලද්දේ යම් නිවැරදි නොවන අර්ථයන් සලකා දෝයි මම සිතනවා. මීවනපලානේ හිමි යම් පටලවාගත් අර්ථයකින් සංඥාවේ අවශ්‍යතාවය ගැන මුසාවක් පවසා ඇති බව මම දැක තිබෙනවා. එසේ උවත් සංඥාව අවශ්‍ය වේ යැයි කීම වැරදි යැයි සිතීමේදීත් යම් වැරදි අර්ථයන් මතු වෙන්න පුළුවන්. කවර විටෙක සංඥාව තිබිය යුතුද, කවර විටෙක සංඥාව නොතිබිය යුතුද ආදී ලෙස විමසා බැලීම වටිනවා. ඒ ගැන වැඩි පැහැදිලි කිරීම් මතු ලිපි වල දක්වන්නම්.

    බුදුරජානන් වහන්සේ සංඥාව මිරිඟුවක් සේ දකින්න යැයි කියා ඇති කරුණේදී "සංඥාව නම් මිරිඟුවක් වැනිය, සැබැවින්ම සංඥාව යැයි යමක් නැතය" ලෙස සිතා සංඥාව නැතය යන අර්ථය ගැනීමද සුදුසු නැහැ. ඔබ එවන් ආකාරයකට සිතුවාද, නොසිතුවාද යන්න මට පැහැදිලි නැහැ. ඒ ගැන මදක් සැලකිලිමත් වන්න.

    Skylark
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පින්වත් ස්කයිලාක්,

    ඔබේ කමෙන්ට් එකට ගොඩාක් පින්.
    සඥාව ගැන අර විඩියෝවේ පෙන්වන පෙන සූත්‍රය ගැන මා මින් පෙර අසා තිබුනේ නෑ. ඒත් මම මීට පෙර කොත්මලේ කස්සප ස්වාමීන් ගේ දේශනාව අසා දැනගත් කරුනු අනුවයි ඒ කමෙන්ට් එක දැම්මේ. නමුත් මම පෙන සූත්‍රය කියවද්දී පැහැදිලි වෙනවා සඥාව හරයක් නැති දෙයක් සේ දැකිය යුතු බව. සඥාව පමණක් නොව රූපය ඇතුලු අනෙක් දේ ගැනත් එසේම බැලීමටයි බුදු රජානන් වහන්සේ උගන්වන්නේ.

    “මහණෙනි, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇත්තාවූ ආර්යශ්‍රාවක තෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි, කලකිරුණේ නො ඇලෙයි, නො ඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ. මිදුණු කල්හි “මිදුණේයයි දැනීම වෙයි, ජාතිතොමෝ ක්ෂයවූවාය, බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමකරන ලද්දේය, කළයුත්ත කරන ලද්දේය, මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකක් නැතැ”යි දැනගනී. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ශාස්තෲවූ සුගතයන් වහන්සේ මෙය වදාරා අනතුරුව මේ ගාථා වදාළසේක.

    “රූපය පෙණපිඩක් බඳුය, වේදනාව දියබුබුලක් බඳුය, සංඥාව මිරිඟුවක් බඳුය, සංස්කාරයෝ කෙසෙල් ගසක් බඳුවූහ, විඥානය මායාවක් බඳුයයි සූර්යවංශිකයනට නෑවූ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදහ.

    “යමෙක් ඒ පස්කඳ නුවණින් බලාද යම් යම් අයුරකින් සිතාද, නුවණින් නැවත නැවත විමසාද, (ඔහුට එය) හිස්ව වැටහෙයි, ශූන්‍යව වැටහෙයි.

    මෙසේ බලන විට භාවනා කිරීමට රූපය ගැන හරි හැටි දැනගන්න ඕනෑයි කීම මහා ගොන් කතාවක්. රූපය ගැන ඇත්තටම අපිට කවදාවත් එහි නියම ආකාරය දැන ගන්න බැහැ කියලායි මම සුදස්සන ස්වාමීන් ගේ දේශනාවක දැක්කෙ. රූපය අනිදස්සනයි, එනම් රූපයට නිදර්ශනයක් දීමට බැහැ. අපට පුලුවන් රූපයේ සමුදය බලන්න භාවනාවෙන්.

    මේ මහලු මෝඩ චීවරයක් පොරවා ගත් පුද්ගලයා කියනවා රූපය හරියට දැනගන්නකන් භාවනා කරන්න බැරිලු. එසේ නම් ඒ භාවනාව අනාර්ය භාවනාවක්. රූපය තිබේ කියන නිත්‍ය සඥාවේ එල්ලිලා කරන ගොන් භාවනාවක්, ඇත්තටම ඔය මීවනපලානේ ස්වාමීන්ට අනුව අනිත්‍ය යනු අන්-ඉච්ච නිසා ඉන්නේම අවුලක බව ඔබත් පිලිගන්නවා ඇති. ඉතින් කොහෙද රූපයේ සමුදය හෝ නිරොධය දකින්නේ?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    සඥාව යන වචනය සංඥාව ලෙස නිවැරදි කරගන්න. මේ ත්‍රෙඩ් එකේ මුලදීත් එය වැරදි විදිහට ලියැවී තිබෙනවා.

    මීවනපලානේ හිමි මෝඩයි. එහිමියන් කියන දෑ සහ ඒ අනුව යන තුච්ඡ පුද්ගලයින් ඔබට කියන දෑ නොවටිනා කථා සේ සලකන්න. නොවටිනා කථා ඇති පුද්ගලයින් සමඟ කථාවට යෑම අභිවෘද්ධිය පිණිස හේතු වන්නේ නැහැ. ඔවුන් යම් අයෙකුගේ ගුණ කියයි නම් එයත් හිස්, ඔවුන් යම් අයෙකුගේ අගුණ කියයි නම් එයත් හිස් ලෙස සලකන්න.

    මීවනපලානේ හිමි ඉන්නේ අවුල් ජාලාවකමයි. ඒ අවුල් ජාලාව මෙසේ යැයි කීමත් දුෂ්කර කටයුත්තක්. ඒ නිසාත්, ඉස්පිල්ලෙන් ඇලපිල්ලෙන් ධර්ම අර්ථ වෙනස් වන නිසාත් ඔබ මීවනපලානේ හිමි ගැන ඉහත ලියා ඇති සමහර දෑ වල අඩුපාඩු තිබෙන්නවාද, නැද්ද යන්න එකවර කියන්න මට අපහසුයි. ඒ නිසා ඒ ගැන පසුව හෝ ඔබම තීරණය කර ගන්න. ඔබේ පිලිතුරේ ලියැවී ඇති කරුණු වලට අනුව ඔබට යම් යම් දහම් අර්ථයන් පැහැදිලි වේ යැයි සිතන අයුරින් මම යම් කරුණු ටිකක් ලියන්නම්. ඒ ගැන සිතා බලන්න.

    ධම්මචක්කප්පවත්තන සූත්‍රයට [ http://thripitaka.org/view/bjts/sp11p2/294 ] අනුව නිර්වාණය පසක් කිරීම පිණිස පංචස්කන්ධය පිරිසිඳ දත යුතුයි. ඒ නිසා රූපය හරිහැටි දැන ගැනීම පිණිස භාවනා කළ යුතු යැයි කීවොත් එය නිවැරදියි. සුදස්සන හිමි පවසන ලද්ද එම අර්ථය අනුව පවත්නා අර්ථයක් දැයි පිරික්සා බලන්න. සූක්ෂම භාවය නිසා හුදෙක් වචන මාත්‍රයෙන් සුදස්සන හිමි පවසන ලද්ද පිරික්සා බැලීම ප්‍රමානවත් වන්නේ නැහැ. පවසා ඇති වචන, වාක්‍ය සේම අර්ථද සූක්ෂමව විමසා බලන්න උවමනායි.

    සංඥාව ගැනත් එපරිද්දෙන්ම විමසා බැලීම සුදුසුයි.

    යම් කිසිවක් ගැන සිතීමේදී සංඥා රහිතව එය කරන්න බැහැ. යමක් ගැන සිතීම සංඥා සහිතවම සිදු වෙනවා.

    යම් අයෙක් රූපය විපස්සනා කරනවා යැයි හිතමු. ඒ තැනැත්තා රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි ලෙස හිතුවත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම් කරන්නේ. ඒ තැනැත්තා රූපය හිස්ය, ශූන්‍යය ලෙස හිතුවත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම් කරන්නේ. ඒ තැනැත්තා රූපය පෙණපිඩක් මෙන් යැයි හිතුවත් ඒත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම කරන්නේ.

    තවද ඒ තැනැත්තා සංඥාව අනිත්‍යයි, දුකයි, අනාත්මයි ලෙස හිතුවත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම් කරන්නේ. ඒ තැනැත්තා සංඥාව හිස්ය, ශූන්‍යය ලෙස හිතුවත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම් කරන්නේ. ඒ තැනැත්තා සංඥාව මිරිඟුවක් මෙන් යැයි හිතුවත් ඒත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම කරන්නේ.

    සුදස්සන හිමි වේවා, කුමාරකස්සප හිමි වේවා, මම වේවා, වෙන යම් අයෙකු වේවා, කවර කෙනෙක් කීවත් ඒ කීම් සූත්‍රයෙහි නගා, විනයෙහි සසඳා මිස පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරන්න එපා. මීවනපලානේ හිමි වැනි අය පවසන දෑ පිරික්සා බලන්න නම් බොහෝ විට සුළු දැනුමක් ප්‍රමාණවත්. ඒත් සුදස්සන හිමි වැනි අය පවසන දෑ පිරික්සා බැලීම නම් බොහෝ දුෂ්කර වෙන්න පුළුවන්.

    Skylark
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    Skylark,

    ඔයා ඔහොම යන්න. මම ඔයා කරන වැඩේ කඩා කප්පල් කරන්න යන්නේ නැහැ.

    ඒ වගේ ඔයා මගේ දේවල් කඩා කප්පල් නොකරියි කියා මම සිතනවා.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Skylark,

    ඔයා ඔහොම යන්න. මම ඔයා කරන වැඩේ කඩා කප්පල් කරන්න යන්නේ නැහැ.

    ඒ වගේ ඔයා මගේ දේවල් කඩා කප්පල් නොකරියි කියා මම සිතනවා.

    පින්වත් ex-muslim Ahmed,

    බලන්න මේ තුච්ඡ පුද්ගලයා පවසා ඇති දේ. මුගේ ඒ කැමැත්ත තියෙන්නෙත් අසත්පුරුෂයන් සේ වසන්න. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ දෙවන පණ්ණාසකයේ පුග්‌ගල වග්ගයේ ඇති එකාදසම සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp12/188 ] කියවා බලන්නකෝ. මුන් ඒ සිතනා ආකාරයට කටයුතු කරන්න යොමු වන අන් අයත් අගතියේ වැටෙනවා.

    යමෙක් ඔබ කරනා දෙයක නොමනා බවක් දැක එය වළක්වයි නම් එය සත්පුරුෂ ක්‍රියාවක් සේ දකින්න, ඔබට හිත පිණිස කරන ලදැයි දකින්න, එසේම වේවා යැයි ඊට කැමති වන්න. ඉහත දක්වන ලද සූත්‍රයේ ඒ ගැනත් විස්තර පවතිනවා.

    මේ සමහර තුච්ඡ පුද්ගලයින් තමන්ගේ යහපතට හේතු වන්නේ කවර ප්‍රතිපදාවක් දැයි දන්නේ නැහැ. නොදන්න මුන් අන් අයව කෙසේ නම් හරි පාරේ යවයි ද? මුන්ගේ සිතුම් පැතුම් වලට අනුව මම ඉන්න ගියොත් එය මගේ අයහපතට හේතු වෙනවා, අන් අයගේ අයහපතට හේතු වෙනවා, දෙපැත්තේම අයහපතට හේතු වෙනවා.

    අදාළ කෙනාට කෙලින් කතා කරන්නවත් ආත්ම ශක්තියක් නැති තුච්ඡ පුද්ගලයෙක් තමයි කමල් වික්‍රමනායක/ස්කයිලාක් කියන්නේ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    මවිසින් පවසන ලද්දකට අදාළ උදාහරණයක් ඉක්මනින්ම ලැබුනා. උදාහරණත් ඇති විට දහම් අවබෝධයට තවත් පහසුයිනේ.

    මම මදක් ඉහත කමෙන්ටුවක "නොවටිනා කථා ඇති පුද්ගලයින් සමඟ කථාවට යෑම අභිවෘද්ධිය පිණිස හේතු වන්නේ නැහැ." යැයි පැවසුවානේ. සමහර තුච්ඡ පුද්ගලයින්ට එවන් දෑ ගැන මෙවන් අදහස් තිබෙනවා:

    අදාළ කෙනාට කෙලින් කතා කරන්නවත් ආත්ම ශක්තියක් නැති තුච්ඡ පුද්ගලයෙක් තමයි කමල් වික්‍රමනායක/ස්කයිලාක් කියන්නේ.

    මුං වැඩි වැඩියෙන් කථා කරන්න ආවාම මුංගේ මෝඩකමම වැඩි වැඩියෙන් විද්‍යාමාන වෙනවා.

    Skylark
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පින්වත් ex-muslim Ahmed,

    මවිසින් පවසන ලද්දකට අදාළ උදාහරණයක් ඉක්මනින්ම ලැබුනා. උදාහරණත් ඇති විට දහම් අවබෝධයට තවත් පහසුයිනේ.

    මම මදක් ඉහත කමෙන්ටුවක "නොවටිනා කථා ඇති පුද්ගලයින් සමඟ කථාවට යෑම අභිවෘද්ධිය පිණිස හේතු වන්නේ නැහැ." යැයි පැවසුවානේ. සමහර තුච්ඡ පුද්ගලයින්ට එවන් දෑ ගැන මෙවන් අදහස් තිබෙනවා:

    මුං වැඩි වැඩියෙන් කථා කරන්න ආවාම මුංගේ මෝඩකමම වැඩි වැඩියෙන් විද්‍යාමාන වෙනවා.

    Skylark

    තුච්ඡ කමල් වික්‍රමනායක/ස්කයිලාක්,

    ඔබේ පෝස්ට් වලින් නොවටිනා කතාම වැඩි වැඩියෙන් විද්‍යාමාන වුන නිසා බොහෝ පුද්ගලයින් ඔබව ගණන් නොගන්නා නාමාවලියට (ignore list) ඇතුලත් කර තිබෙනවා. අනුන්ගේ අභිවෘද්ධිය ගැන සෙවීමට ඔබ අතිශයින්ම නුසුදුසු පුද්ගලයෙක් ලෙස බොහෝ එළකිරි සාමාජිකයින් ධර්මානුකූලව මෙන්ම තර්කානුකූලවත් පෙන්වා දී තිබෙනවා. එමනිසා පළමුව තමන්ගේ මෝඩකම් දෙස සිහි නුවණින් විමසා බලා කටයුතු කරන ලෙස ඔබට යෝජනා කරනවා.

    l1gEAwx.gif
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පින්වත් ex-muslim Ahmed,

    සඥාව යන වචනය සංඥාව ලෙස නිවැරදි කරගන්න. මේ ත්‍රෙඩ් එකේ මුලදීත් එය වැරදි විදිහට ලියැවී තිබෙනවා.

    මීවනපලානේ හිමි මෝඩයි. එහිමියන් කියන දෑ සහ ඒ අනුව යන තුච්ඡ පුද්ගලයින් ඔබට කියන දෑ නොවටිනා කථා සේ සලකන්න. නොවටිනා කථා ඇති පුද්ගලයින් සමඟ කථාවට යෑම අභිවෘද්ධිය පිණිස හේතු වන්නේ නැහැ. ඔවුන් යම් අයෙකුගේ ගුණ කියයි නම් එයත් හිස්, ඔවුන් යම් අයෙකුගේ අගුණ කියයි නම් එයත් හිස් ලෙස සලකන්න.

    මීවනපලානේ හිමි ඉන්නේ අවුල් ජාලාවකමයි. ඒ අවුල් ජාලාව මෙසේ යැයි කීමත් දුෂ්කර කටයුත්තක්. ඒ නිසාත්, ඉස්පිල්ලෙන් ඇලපිල්ලෙන් ධර්ම අර්ථ වෙනස් වන නිසාත් ඔබ මීවනපලානේ හිමි ගැන ඉහත ලියා ඇති සමහර දෑ වල අඩුපාඩු තිබෙන්නවාද, නැද්ද යන්න එකවර කියන්න මට අපහසුයි. ඒ නිසා ඒ ගැන පසුව හෝ ඔබම තීරණය කර ගන්න. ඔබේ පිලිතුරේ ලියැවී ඇති කරුණු වලට අනුව ඔබට යම් යම් දහම් අර්ථයන් පැහැදිලි වේ යැයි සිතන අයුරින් මම යම් කරුණු ටිකක් ලියන්නම්. ඒ ගැන සිතා බලන්න.

    ධම්මචක්කප්පවත්තන සූත්‍රයට [ http://thripitaka.org/view/bjts/sp11p2/294 ] අනුව නිර්වාණය පසක් කිරීම පිණිස පංචස්කන්ධය පිරිසිඳ දත යුතුයි. ඒ නිසා රූපය හරිහැටි දැන ගැනීම පිණිස භාවනා කළ යුතු යැයි කීවොත් එය නිවැරදියි. සුදස්සන හිමි පවසන ලද්ද එම අර්ථය අනුව පවත්නා අර්ථයක් දැයි පිරික්සා බලන්න. සූක්ෂම භාවය නිසා හුදෙක් වචන මාත්‍රයෙන් සුදස්සන හිමි පවසන ලද්ද පිරික්සා බැලීම ප්‍රමානවත් වන්නේ නැහැ. පවසා ඇති වචන, වාක්‍ය සේම අර්ථද සූක්ෂමව විමසා බලන්න උවමනායි.

    සංඥාව ගැනත් එපරිද්දෙන්ම විමසා බැලීම සුදුසුයි.

    යම් කිසිවක් ගැන සිතීමේදී සංඥා රහිතව එය කරන්න බැහැ. යමක් ගැන සිතීම සංඥා සහිතවම සිදු වෙනවා.

    යම් අයෙක් රූපය විපස්සනා කරනවා යැයි හිතමු. ඒ තැනැත්තා රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි ලෙස හිතුවත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම් කරන්නේ. ඒ තැනැත්තා රූපය හිස්ය, ශූන්‍යය ලෙස හිතුවත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම් කරන්නේ. ඒ තැනැත්තා රූපය පෙණපිඩක් මෙන් යැයි හිතුවත් ඒත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම කරන්නේ.

    තවද ඒ තැනැත්තා සංඥාව අනිත්‍යයි, දුකයි, අනාත්මයි ලෙස හිතුවත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම් කරන්නේ. ඒ තැනැත්තා සංඥාව හිස්ය, ශූන්‍යය ලෙස හිතුවත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම් කරන්නේ. ඒ තැනැත්තා සංඥාව මිරිඟුවක් මෙන් යැයි හිතුවත් ඒත් සංඥාවෙන්මයි ඒ හඳුනාගැනීම කරන්නේ.

    සුදස්සන හිමි වේවා, කුමාරකස්සප හිමි වේවා, මම වේවා, වෙන යම් අයෙකු වේවා, කවර කෙනෙක් කීවත් ඒ කීම් සූත්‍රයෙහි නගා, විනයෙහි සසඳා මිස පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරන්න එපා. මීවනපලානේ හිමි වැනි අය පවසන දෑ පිරික්සා බලන්න නම් බොහෝ විට සුළු දැනුමක් ප්‍රමාණවත්. ඒත් සුදස්සන හිමි වැනි අය පවසන දෑ පිරික්සා බැලීම නම් බොහෝ දුෂ්කර වෙන්න පුළුවන්.

    Skylark

    පින්වත් ස්කයිලාක්,

    ඔබේ පෝස්ට් එක නිසා මගේ ඒ ප්‍රතිචාරයේ යම් වරදක් ඇති බව දැන් මට පැහැදිලියි. මීවනපලාන වැනි මෝඩ මහනුන් වැඩිපුර කියන්නේ ගොන් කතා නිසා ඇත්තක් කිව්වත් බොරුව සමඟ බැදිලා තියෙන නිසා පෙනෙන්නේ බොරුවක් වගේ.

    මෙතනදීත් මීවන්පලානේ හිමි කියන්වා පටිච්චසමුප්පාදයේ සංඥාව නැහැ කියා. එවැනි ගොන් කතා නිසා ඔහු ඇත්තක් කිව්වත් පිලිනොගන්නා තත්වයට පත් වෙනවා. බුදු දහමටත් වෙන්නේ අගෞරවයක්මයි.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    පින්වත් ස්කයිලාක්,

    ඔබේ පෝස්ට් එක නිසා මගේ ඒ ප්‍රතිචාරයේ යම් වරදක් ඇති බව දැන් මට පැහැදිලියි. මීවනපලාන වැනි මෝඩ මහනුන් වැඩිපුර කියන්නේ ගොන් කතා නිසා ඇත්තක් කිව්වත් බොරුව සමඟ බැදිලා තියෙන නිසා පෙනෙන්නේ බොරුවක් වගේ.

    මෙතනදීත් මීවන්පලානේ හිමි කියන්වා පටිච්චසමුප්පාදයේ සංඥාව නැහැ කියා. එවැනි ගොන් කතා නිසා ඔහු ඇත්තක් කිව්වත් පිලිනොගන්නා තත්වයට පත් වෙනවා. බුදු දහමටත් වෙන්නේ අගෞරවයක්මයි.

    පින්වත් ex-muslim Ahmed,

    පංචස්කන්ධයේ හිස් බවක්, ශූන්‍ය බවක් ගැන විපස්සනා කිරීමේදීත් ඒ විපස්සනාව සිදුවන්නේ නාමරූප ක්‍රියාකාරිත්වය ඇසුරෙන්මයි. විපස්සනාව නාමරූප ක්‍රියාකාරිත්වය ඇසුරෙන් සිදුවීම ගැන සලකා ඒ රූපය හෝ නාම ධර්මයන් වටිනා දෑ, නොසිස් දෑ ලෙස සැලකෙන්නේ නැහැ. තවද නාමරූප ක්‍රියාකාරිත්වය නොමැතිව එබඳු විපස්සනාවක් කරන්නත් බෑ. නාමරූප ක්‍රියාකාරිත්වය ඇසුරෙන් සිදුවන විපස්සනාවේදී ඒ ධර්මයන්ම හිස් සේ, ශූන්‍ය සේ දැකීම ඒ ධර්මයන් කෙරෙහිම කලකිරීම ඇතිකරවනවා. ඒ කලකිරීම නොඇල්ම පිණිස පවතිනවා. නොඇල්මෙන් මිදෙනවා. මිදුණු විට මිදුණේ යැයි දැනගන්නවා. එය තමයි ඔබ උපුටා දක්වන ලද බුදු වදන් වලින් කියැවෙන්නේ:

    -- උපුටා ගැනීම --

    මහණෙනි, මෙසේ දක්නාවූ ඇසූ පිරූ තැන් ඇත්තාවූ ආර්යශ්‍රාවක තෙම රූපයෙහිද කලකිරෙයි, වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි, සංස්කාරයන්හිද කලකිරෙයි, විඥානයෙහිද කලකිරෙයි, කලකිරුණේ නො ඇලෙයි, නො ඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදේ. මිදුණු කල්හි “මිදුණේයයි දැනීම වෙයි, ජාතිතොමෝ ක්ෂයවූවාය, බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමකරන ලද්දේය, කළයුත්ත කරන ලද්දේය, මේ ආත්මභාවය සඳහා කළයුතු අනිකක් නැතැ”යි දැනගනී.

    -- උපුටා ගැනීම අවසන් --

    ඔබ අතින් යම් වරදක් සිදුව ඇති බව ඔබට වැටහුනා නම් ඒ වැටහීම ඔබේ මතු අභිවෘද්ධිය පිණිස හේතු වේවි.

    මීවනපලානේ හිමි පවසන අවුල් ජාලාවේ දහම් පද කියැවුනත් එහිමියනුත් ඒවා වැරදි අර්ථයන්ගෙන් පාවිච්චි කරන අවස්ථා බොහෝ තිබෙනවා. එවන් අවස්ථාවන්හිදී මීවනපලානේ හිමිගේ කටින් බුදු වදන් පිටවුනත් කියන්න වෙන්නේ බුදු වදන් නම් නිවැරදියි, නමුත් මීවනපලානේ හිමි පැවසූ දේ නම් වැරදියි කියලා.

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සත් බුදු වරුන්ගෙන් විවරණ ලැබ යටගිය ප්‍රඥ්ඥාධික බුද්ධ සාසනයක් නැවත මතුකර ලෝක සත්වයා සසර දුකින් මුදවාලීමට පෙරුම් පිරූ සිව්පිළිසිඹියාපත් අරිහතුන් වහන්සේ නමක් දේශනා කරන ධර්මයට නිරයගාමී පදපරම කැණහිලෙකුට කෙසේනම් අභියෝග කළ හැකිවේද ?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    මවිසින් පවසන ලද්දකට අදාළ උදාහරණයක් ඉක්මනින්ම ලැබුනා. උදාහරණත් ඇති විට දහම් අවබෝධයට තවත් පහසුයිනේ.

    මම මදක් ඉහත කමෙන්ටුවක "මුං වැඩි වැඩියෙන් කථා කරන්න ආවාම මුංගේ මෝඩකමම වැඩි වැඩියෙන් විද්‍යාමාන වෙනවා." යැයි පැවසුවානේ. ඕන්න දැන් මේ උදාහරණය බලන්න:

    තුච්ඡ කමල් වික්‍රමනායක/ස්කයිලාක්,

    ඔබේ පෝස්ට් වලින් නොවටිනා කතාම වැඩි වැඩියෙන් විද්‍යාමාන වුන නිසා බොහෝ පුද්ගලයින් ඔබව ගණන් නොගන්නා නාමාවලියට (ignore list) ඇතුලත් කර තිබෙනවා. අනුන්ගේ අභිවෘද්ධිය ගැන සෙවීමට ඔබ අතිශයින්ම නුසුදුසු පුද්ගලයෙක් ලෙස බොහෝ එළකිරි සාමාජිකයින් ධර්මානුකූලව මෙන්ම තර්කානුකූලවත් පෙන්වා දී තිබෙනවා. එමනිසා පළමුව තමන්ගේ මෝඩකම් දෙස සිහි නුවණින් විමසා බලා කටයුතු කරන ලෙස ඔබට යෝජනා කරනවා.

    පෙර මම "නොවටිනා කථා ඇති පුද්ගලයින් සමඟ කථාවට යෑම අභිවෘද්ධිය පිණිස හේතු වන්නේ නැහැ." යැයි පැවසුවානේ. ඉතින් ඒ සත්පුරුෂ දහම්හි හැසිරෙන අය තුච්ඡ පුද්ගලයින්ට ධර්මානුකූලව මෙසේයි, තර්කානුකූලව මෙසේයි, මෙලෙසින් සිහි නුවණින් කටයුතු කෙරුමට යෝජනා කරමියි ආදී ලෙස උපදෙස් දෙන්න යයිද? තුච්ඡ පුරුෂයෝ අසයිද ඒ කියුම්? නොඅසන නිසාම සත්පුරුෂයෝ තුච්ඡ පුරුෂයින්ට ඔවැනි දෑ කිමට යොමු වන්නේ නෑ.

    මම ඉහත දක්වා ඇති උදාහරණයේ ඔබ දකිනවා ඇති යම් පුද්ගලයෙක් තුච්ඡ පුද්ගල ආමන්ත්‍රණයක් සහිතව ඔවැනි උපදෙස් දෙන ආකාරයක්. එහෙම නම් ඒ කියන පුද්ගලයා "නොවටිනා කථා ඇති පුද්ගලයින් සමඟ කථාවට යෑම අභිවෘද්ධිය පිණිස හේතු වන්නේ නැහැ." යන්න අනුව හැසිරෙන්නෙක් නොවෙයි. එනිසා ඒ කියන එකාගේම මෝඩකම විද්‍යාමාන වෙනවා, තුච්ඡ පුද්ගල බව විද්‍යාමාන වෙනවා.

    ඔන්න ඕකයි මම කියුවේ "මුං වැඩි වැඩියෙන් කථා කරන්න ආවාම මුංගේ මෝඩකමම වැඩි වැඩියෙන් විද්‍යාමාන වෙනවා." කියලා.

    Skylark