නිවන් සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ &#35

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සතර සතිපට්ඨානය නිවැරදි ලෙස අනුගමනය කරන විට සත්තිස් බෝධි පාක්ශික ධර්මයන්ද ආයාසයකින් තොරව ඉබේම පූර්ණය වන බව් සතිපට්ටාන සූත්‍රයෙහි දක්වා ඇත.එහිදී අරිය ධ්‍යානයන්ද ඉබේ පූර්ණය වන බව දක්වා ඇත.එම නිසා සතර සතිපට්ඨානය වැඩීමේදී ධ්‍යාන වඩා නිවන් දැකීමේ අවශ්‍යතාවයක් නැත.

    සමහර අණුවන පදපරම පුද්ගලයින් හට මෙවැනි ධර්ම කරුණු ගෝචර නොවීම ඔවුන්ගේ අභාග්‍යයකි.
     
    • Like
    Reactions: Sexy Somapala

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    100% Wrong. ආර්ය දැහැන් නැතුව මොන නිවනක්වත් නෑ. මොකද ආර්ය ධ්‍යාන කියන්නේ විශ්කම්භන ලෙස කෙලෙස් ප්‍රහානය කිරීම. විශ්කම්භන ලෙස කෙලෙස් දුරු කරන්නේ නැතුව ඊලඟ පියවර ලෙස සමුච්ඡේද ලෙස ප්‍රහානය කිරීම නොවන්නක්.

    නිවන් දකින්න ධ්‍යාව වඩන්න උවමනා නෑ. ධ්‍යාන වලදී වන්නේ තාවකාලිකව කෙලෙස් ප්‍රහාරණය වෙන එක. ධ්‍යාන වලින් සදාකාලිකව කෙලෙස් ප්‍රහාරණය වන්නේ නෑ.
     
    • Like
    Reactions: sgrdk1

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    ඕනෑම කෙනෙක් රහත් හෝ ඕනෑම අනෙක් මාර්ගඵලයක් ලැබෙන මොහොතක විනීවරණ මොහොතක් තිබීම අනිවාර්යයයි. විනීවරණ මොහොතක් කියන්නේ සියළු දස සංයෝජන යටපත් වූ අවස්ථාවක්. මේකට තමයි ආර්ය චතුර්ත ධ්‍යානය කියන්නේ. ඒ කියන්නේ ඕනෑම මාර්ගඵලයක් ලැබීමට චතුර්ත ධ්‍යානය අත්‍යශ්‍යම කාරණයක්. මේක හොඳට පුහුණු කරපු ධ්‍යානයක් වීම අත්‍යවශ්‍ය නෑ ඔය අසූ මහා ශ්‍රාවකයන් වගේ ප්‍රඥාව ඉතා ඉහළ අයට. සෙසු සියල්ලන්ට සතර දැහැන් අනිවාර්යයයි. දන්නේ නැත්නම් ත්‍රිපිටකය හදාරලා බලන්න.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800

    වලස්මුල්ලෙ අභයහිමිගෙ ගිහි ගොලයෙක් වගේ,.. උන්නාන්සෙගෙ වචන සෙට් එකම කොපි පෙස්ට් කරල් තියෙන්නෙ අපූරුවට.. :lol::lol:
     
    සතිපට්ඨානය වැඩීමේදි ධ්‍යාන ලැබීමක් සිදුවන්නේ නෑ නේද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සතිපට්ඨානය වැඩීමේදි ධ්‍යාන ලැබීමක් සිදුවන්නේ නෑ නේද?

    සතර සතිපට්ඨානය වඩන විට ආර්‍ය ධ්‍යාන ඉබේ පූර්ණය වීම සිදුවෙනව.ඒ සඳහා වෙනම උත්සාහයක් දැරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සතිපට්ඨානය වැඩීමේදි ධ්‍යාන ලැබීමක් සිදුවන්නේ නෑ නේද?

    සතරසතිපට්ටානය හරියට වැඩුවොත් ධ්‍යාන වැඩෙනවා. එහෙම හරියට වඩපු නැති අය එක එක බයිලා කියයි. නමුත් හරියට වැඩුවනම් ධ්‍යාන ඉබේම වැඩෙනවා. ධ්‍යාන වැඩෙන්නේ නැත්නම් තමා හරියට සතර සතිපට්ටානය වඩලා නෑ කියලා දැනගන්න.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සතර සතිපට්ඨානය වඩන විට ආර්‍ය ධ්‍යාන ඉබේ පූර්ණය වීම සිදුවෙනව.ඒ සඳහා වෙනම උත්සාහයක් දැරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

    :yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    පෝරිසාදයා;22518199 said:
    වලස්මුල්ලෙ අභයහිමිගෙ ගිහි ගොලයෙක් වගේ,.. උන්නාන්සෙගෙ වචන සෙට් එකම කොපි පෙස්ට් කරල් තියෙන්නෙ අපූරුවට.. :lol::lol:

    ඔව් ඉතින්. :)
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    පෝරිසාදයා;22518512 said:

    වචන හරඹ දක්වන ගුරො- ගොලයො කාලෙන් කාලෙට පහල වෙනව, හැබැයි හරයක් නෑ..වචන සෙට් එක විතරයි..
    :no:

    හරයක් නැත්තේ ඇයි?
    උඩින් බැලුවම වචන සෙට් විතරක් වගේ පේයි. හැබැයි ඇත්ත ඒක නෙවෙයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    දෙබිඩි කථා:

    වලස්මුල්ලේ අභය හාමුදුරුවො උගන්වන භාවනා වලින් වෙන්නෙත් අනරිය ධ්‍යාන වැඩිල අසඥ්ඥ තල වල අතරමන් වෙලා කල්ප කාලාන්තරයකට නිවන වැහිල යන එකයි.කිසිම ධ්‍යානයක් නොලබා මගඵල ලබා නිබ්බාන තත්වයට පත් වෙන හැටි මහා සතිපට්ඨාන සූත්‍රයෙ බුදුහාමුදුරුවො ඒකායන මාර්ගය ලෙස දක්වල තියෙනව.මහා සතිපට්ඨාන සූත්‍රය හරියට තේරුම් ගත්තොත් නිවන් දකින්න ඒකම ප්‍රමානවත්.

    සතර සතිපට්ඨානය වඩන විට ආර්‍ය ධ්‍යාන ඉබේ පූර්ණය වීම සිදුවෙනව.ඒ සඳහා වෙනම උත්සාහයක් දැරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

    --

    ගෙන ඒම

    පරම අං බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1805589

    Skylark
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ධ්‍යාන කියන්නෙ ලව්කික දෙයක් ... ධ්‍යාන කියන්නෙ ඕනෙම කෙනෙකුට ගන්න පුළුවන් දෙයක් .. ඒ ධ්‍යාන සුවය තියෙන්නෙ ඒකෙ ඉන්න තාක් විතරයි, ආයිත් ධ්‍යානයෙන් අයින් උන ගමන් නැවත දුක තමයි ... ඒකෙ පම්පෝරි ගහන්න දෙයක් නෑ අනිත් එක ඕව අල්ලාගෙන හිටියොත් නිවන් පැත්ත (ලෝකෝත්තර) නෙමෙයි, මෙලොව ඉඳන් එලොව පොල් අත ගාමින් තමන්ම රැවටීමක් වෙන්නෙ (ලවුකිකයි) ... ධ්‍යාන කියන්නෙ වින්චානයේ රැවටීමක් ... අහු උනොත් කෙළවරක් නෑ සසරේ දිගටම ගමන තමයි ..

    මේකෙ title එක "නිවන් සොයා" නෙමෙයි "ධ්‍යාන සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ විය" කියල වෙනස් වුනා නම් තමයි හරි ..

    අනිත් එක තෙවන ධ්‍යානයට ගියා කියනව .. ඊට පස්සේ ඒ ගමන්ම කියනව කඳුළු කැට වැටෙනවා දැනෙනවලු ... එහෙම වෙන්න බෑ තෙවන ධ්‍යානයට ගියාම එළියේ වෙන්නෙ මොනාද කියල හිතන්න කොහොමත් බෑ දෙවෙනි ධ්‍යානයෙන්ම "විතක්ක විචාර" නැති වෙනව .. ඒ කියන්නෙ එක්කෝ මෙයා ප්‍රථම ධ්‍යානය නැත්තන් මෙයාට පොඩි හීනයක් පෙනිල වගේ මට පේන්නේ .. ගහ දන්න අයට කොළ කඩා පාල වැඩක් නැත ..
     
    Last edited:

    "එහෙම වෙන්න බෑ තෙවන ධ්‍යානයට ගියාම එළියේ වෙන්නෙ මොනාද කියල හිතන්න කොහොමත් බෑ දෙවෙනි ධ්‍යානයෙන්ම "විතක්ක විචාර" නැති වෙනව"
    විතක්ක විචාර කියන්නේ නිකන් සිතිවිලි නෙවෙයි. ඒවා ක්‍රියා සිත්. විතක්ක විචාර කියන්නේ, කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. :yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ධ්‍යාන කියන්නෙ ලව්කික දෙයක් ... ධ්‍යාන කියන්නෙ ඕනෙම කෙනෙකුට ගන්න පුළුවන් දෙයක් .. ඒ ධ්‍යාන සුවය තියෙන්නෙ ඒකෙ ඉන්න තාක් විතරයි, ආයිත් ධ්‍යානයෙන් අයින් උන ගමන් නැවත දුක තමයි ... ඒකෙ පම්පෝරි ගහන්න දෙයක් නෑ අනිත් එක ඕව අල්ලාගෙන හිටියොත් නිවන් පැත්ත (ලෝකෝත්තර) නෙමෙයි, මෙලොව ඉඳන් එලොව පොල් අත ගාමින් තමන්ම රැවටීමක් වෙන්නෙ (ලවුකිකයි) ... ධ්‍යාන කියන්නෙ වින්චානයේ රැවටීමක් ... අහු උනොත් කෙළවරක් නෑ සසරේ දිගටම ගමන තමයි ..

    මේකෙ title එක "නිවන් සොයා" නෙමෙයි "ධ්‍යාන සොයා ගිය මා හට ඒ මාර්ගය ප්‍රත්‍යක්ෂ විය" කියල වෙනස් වුනා නම් තමයි හරි ..

    :yes: අනාර්‍ය ධ්‍යාන වලින් නිවන් මාර්ගය වෙන්කොට දැකගන්න නොහැකි උනොත් අසඥ්ඥ තල වලට ගිහින් කල්ප ගානකට නිවන වසාගන්නයි සිදුවෙන්නෙ.