ලොතරැයි බොරුවක් කරනවද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    ලොතරැයි බොරුවක් කරනවද?

    එළකිරි වැසියෙක් මේ ලගදි කියල තිබ්බ ලොතරැයි අදින එක කරන්නේ බොරුවක්, දිනුම් අදින්නේ ප්‍රින්ට් කරලා නැති අංක දාල කියල.

    එත් ඇත්තටම එහෙම කරන්න අවශ්‍යතාවයක් තියේද කියන එක ප්‍රස්නයක්.:oo::oo:
    මොකද ගොවිසෙත ගත්තොත් අංක 80ක් තියෙනවා. ඒ කියන්නේ ඒ අංක 80 මාරු කරලා

    80 x 79 x 78 x 77 = 37957920

    එක එකට වෙනස් ලොතරැයි මුද්‍රණය කැරකි. සරලවම කිවොත් අංක 4ම ගැලපිල ලක්ෂ 10ක් ඇදෙන්න තියෙන්නේ ලොතරැයි කෝටි 3.7න් එකක සම්බවිතාවක්.:rolleyes::rolleyes::rolleyes:

    සුපිරි දිනුම දෙන්නේ ඉංග්‍රීසි අකුරත් එක්ක ගලපලා, ඒ කියන්නේ 37957920 x 26 = 986905920

    ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 10න් එකයි.
    :P:P:P

    ඉතින් මෙච්චර පුළුවන්කමක් තියාගෙන දිනුම් අදින අංක මාරුකරනවා කියන්නේනම බොරුවක් වෙන්න ඕනි.:rolleyes::rolleyes:

    හැබැයි, ලොතරැයි අපහු ලොතරැයි මණ්ඩලේට ගන්නේ නෑ, විකුණන කෙනා ගාව ලොතරැයි 1000ක් ඉතුරු උනත් එක එය තියාගන්න ඕනි. එක නිසා ලොතරැයි කලින් අදිනවා කියන එක වෙන්න පුළුවන්. හැබැයි මාස, සති ගානකට කලින් නෙවෙයි. එදාම දවල්/හවස වගේ.:yes::yes::yes:

    මෙහෙම ගත්තම දිනන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මහජන සම්පතේ. එකේ ලොතරැයි ලක්ෂෙකට එකක් පළමු තෑග්ගත්, ලොතරැයි ලක්ෂ 26න් එකකට සුපිරි තෑග්ග ඇදෙන්න පුළුවන්.
    මෙන්න මේකෙදි ගොඩක් වෙලාවට එකම ඉලක්කම් ටික ප්‍රින්ට් කරන්න පුළුවන්.

    මාත් දවසට එකක් විතර ගන්නවා, අදුනොත් එහෙමයි නැත්නම් රුපියල් 20නේ කියල.:D:D:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔකේ ෆොමියුලා එකක් බන් තියෙන්නේ. ඒ කියන්නේ උන්ගේ වියදම සහා ලාබේ සෙට් වෙනකන් දිනුම යන්නේ නැ.. එක එක විදියෙන් ඒක කරන්න පුලුවන්. ඉස්සර නම් (කොම්පියුටර් නැති කාලේ ) බොලා වල බර වෙනස් කරලා දිනුම නවත්තනවා. දැන් නම් කම්පියුටර් ඇල්ගො තියනවනේ බන්. එතනින් බලන්න පුලුවන් දිනුමක් නොලැබෙන අන්ක. ඒ අන්ක වල ඉන්ග්‍රිසි අකුර අයින් කරලා පලමු තැග්ග විතරක් දෙන්න ගන්න පුලුවන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    මෙහෙම වෙන්න බැරිද ?

    මොකක් හරි එක ටිච්කෙට් එකක් තෝරලා එකේ තියන අංක ටික අයින් කරලා දිනුම් අදිනවා වෙන්න බැරිද ? මොකද ඔය අදින එක ඇතුලේ අංක 80ක් නැ නේද ?
     
    • Like
    Reactions: snm1990

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,602
    113
    මම දන්නා විදියට වෙන්නේ මෙහෙමයි මචන් , උඹ ඔය කිවුව ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 10න් එකයි නමුත් ලොතරැයි කෝටි 10ක් print කරන්නේ නෑ :no::no: මොකද ලංකාවේ හැමෝම ගත්තත් කෝටි 2යි නේ විකුනන්න වෙන්නේ :baffled::baffled: එක නිසා එක වාරයකට print කරන්නේ ලක්ෂ 10ක් වගේ ප්‍රමාණයක් එතකොට ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 100න් එකයි.

    mega power ලොතරැයියේ සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව ඊටත් වැඩියි එක නිසාතමයි 161ක් වාරයක් දිනුම් ඇදලත් තවම කාටවත් කවදාවත්ම සුපිරි තෑග්ග දිනන්න බැරිඋනේ :baffled::baffled::oo::no:
     
    Last edited:
    • Like
    Reactions: kingcapton

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඕව ඔක්කොම රජයට සල්ලි එකතු කරන්න කරන projects බන් කෝටියක් දෙකක් පිට වෙද්දී කොටි ගානක් උන් එකතු කරනවා :D :D :D
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    ඔකේ ෆොමියුලා එකක් බන් තියෙන්නේ. ඒ කියන්නේ උන්ගේ වියදම සහා ලාබේ සෙට් වෙනකන් දිනුම යන්නේ නැ.. එක එක විදියෙන් ඒක කරන්න පුලුවන්. ඉස්සර නම් (කොම්පියුටර් නැති කාලේ ) බොලා වල බර වෙනස් කරලා දිනුම නවත්තනවා. දැන් නම් කම්පියුටර් ඇල්ගො තියනවනේ බන්. එතනින් බලන්න පුලුවන් දිනුමක් නොලැබෙන අන්ක. ඒ අන්ක වල ඉන්ග්‍රිසි අකුර අයින් කරලා පලමු තැග්ග විතරක් දෙන්න ගන්න පුලුවන්.

    ලාබය එනකම් දිනුම එන්නේ නෑ කියන එකනම් හිතන්න අමාරුයි බන්... :no::no::no:
    ලොතරැයි අදාල ඉවර උනාම කියනවනේ දවසේ තෑගී වලට කොච්චර දුන්නද කියල, බලහන්කො ගොඩක් එවේ ලක්ෂ 75න පහල.

    එක ලොතරයියකින් ඒජන්ට්ලට දීල උන්ට රුපියල් 10ක් ආවත් ලොතරැයි ලක්ෂ 7.5නේ විකුණගන්න ඕනි ඒ ගැන කවර වෙන්න.
    අනිවාර්යෙන්ම, දැන්නම් මෙවෙ අංක ප්‍රින්ට් කරනවා ඇත්තේ හොද අල්ගෝ එකක් පාවිච්චි කරලා.
    තියන සේසතම වියදම් කරගෙන පස්සෙන් යන්නේ නැතුව දවසට එකක් ගත්ත කියල ලොකු වෙනසක් නැනේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    මෙහෙම වෙන්න බැරිද ?

    මොකක් හරි එක ටිච්කෙට් එකක් තෝරලා එකේ තියන අංක ටික අයින් කරලා දිනුම් අදිනවා වෙන්න බැරිද ? මොකද ඔය අදින එක ඇතුලේ අංක 80ක් නැ නේද ?

    අප්පේ, එහෙම වෙනවනම් අපේ උන් නිකන් ඉදියි, එතන ඉන්න අදීක්ෂණ මණ්ඩලේ උන්ව සාක්ෂි කාරයෝ කරලා මෙලහකට නඩු දල.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    මම දන්නා විදියට වෙන්නේ මෙහෙමයි මචන් , උඹ ඔය කිවුව ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 10න් එකයි නමුත් ලොතරැයි කෝටි 10ක් print කරන්නේ නෑ :no::no: මොකද ලංකාවේ හැමෝම ගත්තත් කෝටි 2යි නේ විකුනන්න වෙන්නේ :baffled::baffled: එක නිසා එක වාරයකට print කරන්නේ ලක්ෂ 10ක් වගේ ප්‍රමාණයක් එතකොට ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 100න් එකයි.

    mega power ලොතරැයියේ සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව ඊටත් වැඩියි එක නිසාතමයි 161ක් වාරයක් දිනුම් ඇදලත් තවම කාටවත් කවදාවත්ම සුපිරි තෑග්ග දිනන්න බැරිඋනේ :baffled::baffled::oo::no:

    අනිවා මචන්, එක තම මාත් කියන්නේ. ඔය කියන විදිහට දිනුම් අදිනකොට බෝල අහක් කරලා , කලින් ඇදල ඒ අංක අහක් කරනවා වගේ ගොන් වැඩ කරන්න ඕනි නැනේ. මේවගේ පොතේ හැටියටම ගේම ගහන්න පුළුවන් වෙනකොට.:D:D:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලාබය එනකම් දිනුම එන්නේ නෑ කියන එකනම් හිතන්න අමාරුයි බන්... :no::no::no:
    ලොතරැයි අදාල ඉවර උනාම කියනවනේ දවසේ තෑගී වලට කොච්චර දුන්නද කියල, බලහන්කො ගොඩක් එවේ ලක්ෂ 75න පහල.

    එක ලොතරයියකින් ඒජන්ට්ලට දීල උන්ට රුපියල් 10ක් ආවත් ලොතරැයි ලක්ෂ 7.5නේ විකුණගන්න ඕනි ඒ ගැන කවර වෙන්න.
    අනිවාර්යෙන්ම, දැන්නම් මෙවෙ අංක ප්‍රින්ට් කරනවා ඇත්තේ හොද අල්ගෝ එකක් පාවිච්චි කරලා.
    තියන සේසතම වියදම් කරගෙන පස්සෙන් යන්නේ නැතුව දවසට එකක් ගත්ත කියල ලොකු වෙනසක් නැනේ.
    මෙහෙමනේ බන්.. ඔවල දිනුම් ඇදුනට තැගි ගන්න එන උනුත් අපි හිතන තරම් නැ. සමහර උන් දන්නෙත් නැ දිනුම් ගැන. එක පාරක් කොඉ 12 එකා ආවෙත් නැ.. ඌට කොච්චර ඉදිරිපත් වෙන්න කිව්වත් ආවේ නැ. සමහරවිට ටිකට් එක ගත්ත එකා බලන්න නැතුව අති. එහෙම කේස් තියනවා. ලොටරි දිනුම් බොහොවෙලාවට කේල්ම් වෙන්නේ නැ. අනිත් එක ඔකේ දිනුමට වඩා සැහෙන ප්‍රමානයක ආදයමක් සෙට් උනාට පස්සේ තමා ලොකු දිනුමක් යන්නේ. මහජන සම්පතේ එහෙම ඔක බැලුවැකි. අන්ක ප්‍රමානයේ හැටියට වාර දෙකකදි හො තුනකදි අන්ක ගැලපෙන්න තියන ඉඩ වැඩි. නමුත් එහෙම වෙන්නේ නැ. අපි හිතමුකො අද ටිකක්ට් ලක්ශයක් වික්කා කියලා. උන් දන්නව ටිකට් ලක්ශෙම අන්ක. උන්ට පුලුවන් ඒ ලක්ශේ අන්ක වලට එලියේ ටිකට් එකකට දිනුම දෙන්න. හැබැයි ඒ ටිකට් එක විකුනලත් නැ. එතකොට දිනුම ඇදුනා කියල වැඩක් නැ, ක්ලේම් කරන්න එකෙක් නැ.
     
    මම දන්නා හැටියට ලොතරැයි අඩුම සතියකට 2ට කලින් දිස්ත්‍රික් ඒජන්ට් ගාවට එනවා.
    ඒ එනකොටම ඒ දෙන ලොතරැයි වලට තියෙන රුපියල් 20සේ දිනුම් වල සල්ලි අපහු දෙනවා.
    මහජන සම්පත දැන් සතියට දවස් 5ක් ද කොහේ අදිනවා බන්.
    මමනම් එකේ කරන්නේ අදෙනකම්ම අන්තිම අන්කේ එකම ගන්නවා... එලා හිටලා එකෙන් 1000ක් වගේ සෙට් වෙනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම දන්නා හැටියට ලොතරැයි අඩුම සතියකට 2ට කලින් දිස්ත්‍රික් ඒජන්ට් ගාවට එනවා.
    ඒ එනකොටම ඒ දෙන ලොතරැයි වලට තියෙන රුපියල් 20සේ දිනුම් වල සල්ලි අපහු දෙනවා.
    මහජන සම්පත දැන් සතියට දවස් 5ක් ද කොහේ අදිනවා බන්.
    මමනම් එකේ කරන්නේ අදෙනකම්ම අන්තිම අන්කේ එකම ගන්නවා... එලා හිටලා එකෙන් 1000ක් වගේ සෙට් වෙනවා.
    මට පිට පිට විස්සේ දිනුම් තිබ්බ ගොවිසෙතේ සතියක් විතර. ගන්නව 20ක් ඇදෙනවා, ඒකටාඅයේ ගන්නවා ඔහොම සතියක් විතර තිබ්බා. 20ට වඩා නම් මට් ඇදිලම නැ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ සීයා ඉපදුන කාලේ තමා ඔය ලොතරැයි සීන් එක ලංකාවට ඇවිත් තිබුනේ..
    සීයා සල්ලි හම්බු කරන්න ගත්ත දවසෙ ඉදං ම ලොතරැයි අරං තියෙනවා.
    එයා දවසකට ටිකට් 5ක් ගන්නවා .

    සීයා අවුරුදු 65න් නැති උනා...
    කවදාවත් රුපියල් 1000න් එහා දිනුමක් තිබිලා නෑ...
     
    • Like
    Reactions: snm1990

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    එළකිරි වැසියෙක් මේ ලගදි කියල තිබ්බ ලොතරැයි අදින එක කරන්නේ බොරුවක්, දිනුම් අදින්නේ ප්‍රින්ට් කරලා නැති අංක දාල කියල.

    එත් ඇත්තටම එහෙම කරන්න අවශ්‍යතාවයක් තියේද කියන එක ප්‍රස්නයක්.:oo::oo:
    මොකද ගොවිසෙත ගත්තොත් අංක 80ක් තියෙනවා. ඒ කියන්නේ ඒ අංක 80 මාරු කරලා

    80 x 79 x 78 x 77 = 37957920

    එක එකට වෙනස් ලොතරැයි මුද්‍රණය කැරකි. සරලවම කිවොත් අංක 4ම ගැලපිල ලක්ෂ 10ක් ඇදෙන්න තියෙන්නේ ලොතරැයි කෝටි 3.7න් එකක සම්බවිතාවක්.:rolleyes::rolleyes::rolleyes:

    සුපිරි දිනුම දෙන්නේ ඉංග්‍රීසි අකුරත් එක්ක ගලපලා, ඒ කියන්නේ 37957920 x 26 = 986905920

    ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 10න් එකයි.
    :P:P:P

    ඉතින් මෙච්චර පුළුවන්කමක් තියාගෙන දිනුම් අදින අංක මාරුකරනවා කියන්නේනම බොරුවක් වෙන්න ඕනි.:rolleyes::rolleyes:

    හැබැයි, ලොතරැයි අපහු ලොතරැයි මණ්ඩලේට ගන්නේ නෑ, විකුණන කෙනා ගාව ලොතරැයි 1000ක් ඉතුරු උනත් එක එය තියාගන්න ඕනි. එක නිසා ලොතරැයි කලින් අදිනවා කියන එක වෙන්න පුළුවන්. හැබැයි මාස, සති ගානකට කලින් නෙවෙයි. එදාම දවල්/හවස වගේ.:yes::yes::yes:

    මෙහෙම ගත්තම දිනන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මහජන සම්පතේ. එකේ ලොතරැයි ලක්ෂෙකට එකක් පළමු තෑග්ගත්, ලොතරැයි ලක්ෂ 26න් එකකට සුපිරි තෑග්ග ඇදෙන්න පුළුවන්.
    මෙන්න මේකෙදි ගොඩක් වෙලාවට එකම ඉලක්කම් ටික ප්‍රින්ට් කරන්න පුළුවන්.

    මාත් දවසට එකක් විතර ගන්නවා, අදුනොත් එහෙමයි නැත්නම් රුපියල් 20නේ කියල.:D:D:D

    Ething 1a ma anka tiyana tickets 10000 k print karala rata wate yawu whama ae tickets 10000 ta ma nehe. oya wage aekama wage tikets kiyak print karanna puluwan da..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    අපේ සීයා ඉපදුන කාලේ තමා ඔය ලොතරැයි සීන් එක ලංකාවට ඇවිත් තිබුනේ..
    සීයා සල්ලි හම්බු කරන්න ගත්ත දවසෙ ඉදං ම ලොතරැයි අරං තියෙනවා.
    එයා දවසකට ටිකට් 5ක් ගන්නවා .

    සීයා අවුරුදු 65න් නැති උනා...
    කවදාවත් රුපියල් 1000න් එහා දිනුමක් තිබිලා නෑ...

    මටනම් මාස දෙකකට තුනකට පාරක් 1000ක් වගේ සෙට් වෙනවා. වැඩිම ඇදිල තියෙන්නේ 10000ක්.;);)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    මට පිට පිට විස්සේ දිනුම් තිබ්බ ගොවිසෙතේ සතියක් විතර. ගන්නව 20ක් ඇදෙනවා, ඒකටාඅයේ ගන්නවා ඔහොම සතියක් විතර තිබ්බා. 20ට වඩා නම් මට් ඇදිලම නැ.

    මටනම් මාස දෙකකට තුනකට පාරක් 1000ක් වගේ සෙට් වෙනවා. වැඩිම ඇදිල තියෙන්නේ 10000ක්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    Ething 1a ma anka tiyana tickets 10000 k print karala rata wate yawu whama ae tickets 10000 ta ma nehe. oya wage aekama wage tikets kiyak print karanna puluwan da..

    සංක්යනයේ හැටියටනම් එකම අංක 4ර එන්න ලොතරැයි 10000ක් ගහන්න බෑ. ගහන්න බෑ කිවේ ගහල ලෝකෙම ඉන්න මිනුස්සුන්ටවත් විකුණගන්න බෑ...
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    matanam 20n eha adila na (wadiya ganneth na.jiwitha kaletama 10k wge ganna athi ticket wadima unoth)

    ape gewal laga uncle kenekta nm 10 lakhs aduna.miniha salli hri widihata wydm karala goda giya....wena ekeknm oya salli kala bilama iwara karanawa.eya bsns wala ehema damma salli.eke goda giya