The truth about the UK & Corona

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මෙම්බර් කෙනෙක් UK ගැන UK වල ඉන්න එකෙක් දාල තිබුන FB පෝස්ට් එකක් දාලා තියනවා දැක්ක. ඒ පෝස්ට් එක ලියල තියෙන්නෙ කරුණු විකුර්ති කරල. :shocked:

    http://www.elakiri.com/forum/showthread.php?t=1934650

    ඒ පෝස්ට් එක ගැන මම ලියපු රිප්ලයි එක ගොඩක් දෙනෙක්ට මගහැරෙන්න පුළුවන් හින්ද මගේ රිප්ල්ය් එක වෙනමම පොස්ට් එකක දැම්මා.

    මූ මේක හෙන අතිශයෝක්තියෙන් බොරු ට්විස්ට් කරල ලියල තියෙන්නෙ.

    සුපර්මාකට් සියල්ල විවෘතව ඇත.
    ඇරලා තියන වේලාව අඩු කරලා තියෙන්නෙ ඒ උනාට මේ කියන එකනම් අගය කරන්න පුළුවන්.

    සියලුම බස් සහ දුම්රිය සේවා සුපුරුදු පරිදි සේවයේ යොදවා ඇත.
    අමූලික බොරුවක්. ප්‍රවාහණ සේවා කටයුතු සමහර ඒවා සම්පූර්ණයෙන්ම නවත්තල තාමත් වැඩ කරන ඒවා ඉතාම සුළු ප්‍රමානයක් තමයි දුවන්නෙ.

    රැකියා වල නියුතු අය ඒ සදහා යා හැකිය.
    මුගේ ගෙදරද දන්නෙ නෑ ජොබ් තියෙන්නෙ. සියලුම ජොබ් නැවතිලා තියෙන්නෙ. ගොඩක් රජයේ කාර්යාල වගේ ඒවනම් ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් විදිහට ඉස්සර ඉඳන් හදල තිබුන නිසා ඒවා ෆන්ක්ෂන් වෙනවා. අනිත් මිනිස්සු ජොබ් වලට යන්නෙ නැතුව ගෙදර.

    පාසල් වසා ඇත. කොහොමත් Easter Holiday නිසා පාසල් වසා ඇත.
    මේකා කියන බොරු! ඊස්ටර් හොලිඩේ වලට කොච්චර කලින්ද ඉස්කෝල වැහුවේ.

    සියලුම අධ්‍යාපන කටයුතු ඔන්ලයින් හරහා අකුරට සිදුවෙයි(Google Classroom)
    නොදනී

    මම දැන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පැත්තට එන්නම්.(NHS)
    ලෝකයේ අංක එකේ සෞඛ්‍ය සේවයක් ඇති බ්‍රිතාන්‍ය පවුම් මිලියනක සැත්කමක් වුවත් එයට සත පහක් වත් ගෙවීමට අවශ්‍ය නැත. දරුවෙක් පිළිසිද ගැනීමේ සිට උපත ලබා හැඩි දැඩි ළමයෙක් වන තුරුම කිසිම විශේෂඥ වෛද්‍ය ගස්තුවක් හෝ බෙහෙත් පෙත්තේ සිට පවුම් ලක්ෂ ගණනක සැත්කම් පවා නොමිලේ සිදු කරයි.
    එක්කො මූනම් මහා ගොනෙක් නැත්නම් රජයෙන් පිනට කකා ඉන්න බෙනිෆිට් කාරයෙක්. යකෝ හැම මාසෙම පඩියෙන් නැෂනල් ඉන්ෂුරන්ස් කියල කපා ගන්නෙ NHS එක නඩත්තු කරන්න තමයි.
    මුන්ගෙ සැත්කම් පෝලිම් වල අවුරුදු ගණන් ඉන්න ඕන නිකන් කරවගන්න, ලංකාවෙ සැත්කම් පෝලිම මුන්ගෙ ඒවා විතර දිග නෑ.
    මට එක පාරක් පොඩි සීන් එකක් වෙලා වැලමිට උලුක් වෙලා වගේ (Tennis elbow) ෆිසියෝ කෙනෙකුට රිෆ්ර් කරා අපොයින්මන්ට් එක තිබුනේ මාස 3කට පස්සෙ. ඒ වෙනකොට උලුක්කුව තියෙයිද?
    විශේෂඥ වෛද්‍යවරයෙකුට රිෆිර් කරගන්න පුළුවන් උනොත් ගිහින් ටිකට් එක්ක තියෙන්නෙ. ඊට වඩා චාන්ස් එකක් තියනවා පලවෙනි තෑග්ග ඇදෙන්න.
    සල්ලි තියන කිසිම කෙනෙක් මේ NHS පෝලිම් වල ඉන්නෙ නෑ. තමන්ගේ වැඩේ ප්‍රයිවට් කරගන්නවා.

    පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලයට ඇතුලුවීම දක්වා නොමිලේම ලොව සුපිරි අධ්‍යාපනයක් ලබා ගත හැක.
    ගොඩක් ප්‍රසිද්ද වෙලා තියෙන්නෙ ප්‍රයිවට් ඉස්කෝල.

    විශ්ව විශ්වවිද්‍යාල ගාස්තු සදහා දිගු කාලීන ණය ආධාර ලබා දෙන අතර උසස් පෙල සමත් හො අසමත් සියලු දෙනාට විශ්වවිද්‍යාලයකට ඇතුලත් විය හැකි ආකාරයට අධ්‍යාපන ප්‍රතිපත්තිය සකසා ඇත.
    මම දන්න ඉතාම බුද්ධිමත් දෙමවුපියෝ පවා තමන්ගෙ දරුවන්ව විශ්වවිද්‍යාල අද්‍යාපනයට යොමු නොකරන තත්වයක් මෙහේ තියෙන්නෙ. ළමය Uni එකෙන් එලියට එන්නෙ අවුරුදු 20ක විතර ණයකාරයෙක් වෙලා. දැන් දෙමවුපියෝ තේරුම් අරන් තියනවා ඩිග්‍රී එකට වඩා වර්ක් එක්ස්පීරියන්ස් වලින් ඉදිරියට යන්න පුළුවන් කියල. අපේ ඔෆිස් වල ඕන තරම් ඉන්නවා ඩිග්‍රී තියෙන ක්ලැරිකල් ස්ටාෆ් එවුන්. ඩිග්‍රී එකට ලොකු තැනක් නෑ.

    ජල,විදුලි බිල්පත් ගෙවීම මාස 3 කට අත් හිටුවා ඇත.
    එහෙම ඔටෝමටික් අත් හිටවල නැහැ. තමන්ට ගෙවාගන යන්න බැරිනම් අදාළ ආයතනයට කතා කරලා සහනයක් විදිහට බිල් ගෙවීම පහු කරන්න හරි කොටස් වශයෙන් හරි ගෙවන්න එකඟතාවෙකට එන්න පුළුවන්.

    නිවාස ණය ඇතුලු සියලුම ණය වාරික මස් හයකට අත් හිටුවා ඇත.
    මේකත් කලින් කියපු එක වගේම තමයි. කොරෝනා හින්ද තමන්ට ණය ගෙවාගන යන්න තරම් ආදායමක් ලැබෙන්නේ නැති බව බැංකුවට දන්නල ඇප්ලිකේෂන් දෙන්න ඕන. ඒකෙන් ගොඩ ගියොත් මාස 3ක සහන කාලයක් දෙනවා (6ක් නෙමේ), ඒ නොගෙවා ඉන්න මාස 3ට ඉන්ටරස්ට් එක හැදෙනවා.

    රැකියා අහිමිවූ ස්වයං රැකියා නියුක්තිකයන්ට මාසකට ලකෂ හයකට (£2500) ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති අතර නොයෙක් සහන ජනතාව අත්විදිමින් සිටියි.
    මාසෙකට £2500 දෙනවා නෙමේ £2500ක උපරිමයක් දක්වා ඉල්ලුම් කරන්න පුළුවන්. මට මතක විදිහට පහුගිය අවුරුද්දක හරි අවුරුදු 3ක හරි එකවුන්ට්ස් පෙන්නන්න ඕන. එකෙ අවරේජ් එකට කිට්ටු ගානක් ගන්න පුළුවන් උපරිමය 2500 දක්වා. ඒ එක්කම කියල තියනවා TAX ගෙවපුව හරියට තියෙන්න ඕන කියල. ස්වයං රැකියා කරන එවුන් හරියට TAX ගෙවන්නෙම නෑ. එකෙන්ම බර ගානක් හැලෙනවා.

    ඇත්තටම බ්‍රිතාන්‍ය කඩා වැටෙයිද? කොහෙත්ම නැත.
    විදෙස් රට වල ඇති බ්‍රිතාන්‍ය සතු සංචිත පවුම් බිලියන දස දහස් ගණනකි.
    මුගේ පවුම් බිලියන් ගණන් ගැන නම් දන්නෙ නෑ. 2009 ද කොහෙද ආපු ආර්ථික අවපාතයත් එක්ක අපේ වාර්ෂික වැටුප් වර්ධක අවුරුදු ගානකට ෆ්‍රීස් කරලා තිබ්බා.

    මම දැක්ක වැරදි පෝස්ට් එකක් Share වෙනව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවය පිලිබඳව. Covid 19 ශ්‍රීලාංකික රෝගියව සිහිනැතුවුනොත් පමණක් රෝහලට රැගෙන යන බව එහි සදහන් විනි. මම එය කිසිවිටකත් පිලිගන්නේ නැත.
    මම පවුද්ගලිකව NHS Help line එකත් එක්ක පැය එක හමාරකට වඩා ලයින් එකේ ඉඳලත් ආන්සර් කරේ නැති නිසා දවස් තුනක් ෆෝන් එක තිබ්බ, 4වෙනි දවසෙ ආන්සර් කරපුවම කිවුව මට උනයි කැස්සයි තියනවා පහුගිය දවස් වල ඔෆිස් එකේ වැඩ වලට අබ්‍රෝඩ් ගියා කියල. එහෙනම් සෙල්ෆ් අයිසොලේට් වෙලා ඉන්න කියන එක විතරමයි උන් කිවුවෙ. මම කිවුව එහෙනම් මාව චෙක් කරලා දෙන්න කියල. උන් කිවුව චෙක් කරන්න නම් එක්කෝ මම වූහාන් වල ඉඳන් ඇවිල්ල තියෙන්න ඕනලු නැත්නම් දන්න කොරෝනා රෝගියෙක් එක්ක ඩිරෙක්ට් කන්ටක් එකක් තිබිල තියෙන්න ඕනලු. මම වැඩේ අත ඇරලා නිකන් හිටිය. පස්සෙ මට ගඳ සුවඳ දැනෙන්නෙ නැතුව ගියා, සතියක් විතර එහෙම ඉන්නකොට බය හිතිලා NHS එකට ආපහු කතා කරා. ඒ වෙලාවෙ මට මේක චෙක් කරගන්න ඕන හින්ද මම කිවුව මට හුස්ම ගන්නත් අමාරුයි කියල බොරු ගොඩක්. එතකොට උන් පැයකින් දෙකකින් පැරා මෙඩික් කෙනෙක් එවුව. ඌ මාව බලල ගෙස් කරා මට හැදිලා හොඳ වෙලා ඇත්තෙ කියල, මම කිවුව මාව චෙක් කරලා දෙන්න කියල. ඌ හිනා උනා උන්ගෙ ෆ්රන්ට් ලයින් ඉන්න NHS ස්ටාෆ් එකටවත් චෙක් කරගන්න විදිහක් නෑ කියල. මගේ කසින් අයිය මෙහෙ හොස්පිටල් එකක ICU කන්සල්ටන්ට් කෙනෙක්. උගේ ICU එකේ වෙන්ටිලේට්ර් එකට ගහල හිටපු එකෙක්වත් චෙක් කරන්න බැහැ කිවුව කියල ඌ යකා නටල තිබුන. මේ වගේ සීන් හින්ද තමයි මේක UK වල මෙච්චර පැතිරුනේ.

    බ්‍රිතාන්‍යයේ කිසිම වැසියෙක් සෞඛ්‍ය සේවයට කිසිම විවේචනයක් නොකරයි.
    ලංකාවෙ වගේ තමයි. ඩොකාල, නර්ස්ල අම්බානක අමාරුවෙන් වැඩ නිසා මිනිස්සු පැහැදිලා ඉන්නවා. පරිපාලනයටනම් අම්ම මුත්තා නැතුව බනිනවා.

    මම ෆේස්බුක් එකේ නෑ. ඉන්න එකෙක් පුලුවන්නම් මේක ලියපු එකාට රිප්ලයි එකක් විදිහට මේ ටික දාපන්.

    (fb)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම හොඳටම දන්න සුද්දියෙක් අාසියාවේ රටකට ගියා UK වල වියදම වැඩියි කියල ළමයව ඩිලිවරි කරන.ලංකාවෙ උන් දන්න ලබ්බ..කයිය විතරයි..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,293
    20,421
    113
    බ්‍රිතාන්‍ය bump!

    මම නම් කියන්නේ උඹලා දෙන්නම ලන්කාවට වරෙල්ල...ඇවිල්ල මෙහෙ ජීවත් වෙයන් අපිත් එක්ක...අපි ඊට පස්සේ කතා කරමු බ්‍රිතන්යේ ප්‍රශ්න :(
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බ්‍රිතාන්‍ය bump!

    මම නම් කියන්නේ උඹලා දෙන්නම ලන්කාවට වරෙල්ල...ඇවිල්ල මෙහෙ ජීවත් වෙයන් අපිත් එක්ක...අපි ඊට පස්සේ කතා කරමු බ්‍රිතන්යේ ප්‍රශ්න :(

    මම එන්න බලාගෙන ඉන්නෙ දැන් අවුරුදු ගානක ඉඳන් බන්. ඒ උනාට ප්‍රැක්ටිකල් ප්‍රශ්න තියනවා එන්න බැරි. ඒ නිසා හැම මාස හතරකට පහකට සැරයක් ලංකාවට ඇවිල්ල WFH කරනවා මාස දෙක තුනක්. මීට කලින් රට යන්න අහන ත්‍රෙඩ් වල මම කාවවත් encourage කරලා නෑ රට යන එක හොඳයි කියල.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,293
    20,421
    113
    මම එන්න බලාගෙන ඉන්නෙ දැන් අවුරුදු ගානක ඉඳන් බන්. ඒ උනාට ප්‍රැක්ටිකල් ප්‍රශ්න තියනවා එන්න බැරි. ඒ නිසා හැම මාස හතරකට පහකට සැරයක් ලංකාවට ඇවිල්ල WFH කරනවා මාස දෙක තුනක්. මීට කලින් රට යන්න අහන ත්‍රෙඩ් වල මම කාවවත් encourage කරලා නෑ රට යන එක හොඳයි කියල.

    ඔව් මචන් ඒක හරි...හැමෝම කොහෙ හරි හිර වෙලා ඉන්නේ..
    බ්‍රෝ..කොරොනා කාලේ නෙමෙයි...නොර්මල් කාලවලදි ඔහේ GP කෙනෙක් අල්ල ගන්න අමරුයි කියන්නේ ඇත්තද? ඒ කියන්නේ උබට කැමති GP කෙනෙක් ලන්ගට් යන්න බෑ...උබ register වෙලා ඉන්න කෙනේඅ ලන්නගටම යනන් ඕනි වගෙ සීන් එකක්..ඇපොයිමන්ට් එකක් ගන්න කෝල් කරල දවස් කීඉපයක් ඉන්න ඕනි වගේ එකක්...ඇතතද එවා?
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මුලින් ලියපු එකා නම් අතිශයෝක්තියෙන් තමයි ලියල තියෙන්නේ. මටත් හිතුන ටිකක් එකතු කරන්න.

    පාසල් වසා ඇත. කොහොමත් Easter Holiday නිසා පාසල් වසා ඇත.
    මේකා කියන බොරු! ඊස්ටර් හොලිඩේ වලට කොච්චර කලින්ද ඉස්කෝල වැහුවේ.
    තාමත් මම දන්නා තරමින් අත්‍යවශ්‍ය සේවා (NHS, Supermarket සහ Delivery Network , Police,....) අයගේ ළමයින්ට school open.

    සියලුම අධ්‍යාපන කටයුතු ඔන්ලයින් හරහා අකුරට සිදුවෙයි(Google Classroom)
    නොදනී
    අද්‍යාපන කටයුතු ගැන කිව්වොත් Google classroom account එකක් හදල එක හරහා යම්කිසි දුරකට ඉගැන්වීමක් වෙනවා. (online education සමහර පාසල් වල විතරයි). නිවාඩු දෙන්න කලින් තඩි homework pack එකක් එව්වා ගෙදර ඉදල කරන්න. ඊට අමතරව website කිහිපයක් එව්වා ඒවාට උදව් වෙන. ගෙදර ඉදල දෙමව්පියන්ට තමයි උගන්නන්න තියෙන්නේ. ඒවා කරලා class teacher ට send කරන්න තියෙන්නේ.

    මම දැන් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය පැත්තට එන්නම්.(NHS)
    ලෝකයේ අංක එකේ සෞඛ්‍ය සේවයක් ඇති බ්‍රිතාන්‍ය පවුම් මිලියනක සැත්කමක් වුවත් එයට සත පහක් වත් ගෙවීමට අවශ්‍ය නැත. දරුවෙක් පිළිසිද ගැනීමේ සිට උපත ලබා හැඩි දැඩි ළමයෙක් වන තුරුම කිසිම විශේෂඥ වෛද්‍ය ගස්තුවක් හෝ බෙහෙත් පෙත්තේ සිට පවුම් ලක්ෂ ගණනක සැත්කම් පවා නොමිලේ සිදු කරයි.
    එක්කො මූනම් මහා ගොනෙක් නැත්නම් රජයෙන් පිනට කකා ඉන්න බෙනිෆිට් කාරයෙක්. යකෝ හැම මාසෙම පඩියෙන් නැෂනල් ඉන්ෂුරන්ස් කියල කපා ගන්නෙ NHS එක නඩත්තු කරන්න තමයි.
    මුන්ගෙ සැත්කම් පෝලිම් වල අවුරුදු ගණන් ඉන්න ඕන නිකන් කරවගන්න, ලංකාවෙ සැත්කම් පෝලිම මුන්ගෙ ඒවා විතර දිග නෑ.
    මට එක පාරක් පොඩි සීන් එකක් වෙලා වැලමිට උලුක් වෙලා වගේ (Tennis elbow) ෆිසියෝ කෙනෙකුට රිෆ්ර් කරා අපොයින්මන්ට් එක තිබුනේ මාස 3කට පස්සෙ. ඒ වෙනකොට උලුක්කුව තියෙයිද?
    විශේෂඥ වෛද්‍යවරයෙකුට රිෆිර් කරගන්න පුළුවන් උනොත් ගිහින් ටිකට් එක්ක තියෙන්නෙ. ඊට වඩා චාන්ස් එකක් තියනවා පලවෙනි තෑග්ග ඇදෙන්න.
    සල්ලි තියන කිසිම කෙනෙක් මේ NHS පෝලිම් වල ඉන්නෙ නෑ. තමන්ගේ වැඩේ ප්‍රයිවට් කරගන්නවා.

    පහත ඒවා නම් ඉන්න පැත්තෙන් පැත්තට වෙනස් වගේ.
    Doctor සහ Hospital service නිකන් වුනාට නැෂනල් ඉන්ෂුරන්ස් කපනවට අමතරව ගන්න බෙහෙත් වලට වෙනම ගෙවන්න ඕනේ. එක බේතකට £9.15 ගානේ (සාමාන්‍ය වැඩ කරන මනුස්සයෙක්ගේ පැයක පඩියත් £8.72) පොඩි ළමයින්ට අවුරුදු 18 වෙනකන් නොමිලේ. මෙහෙ dentist තමයි ගණන්ම කට ඇරලා බලන්නම £25 වගේ ගන්නවා.
    මාවත් physio refer කරලා මට නම් සති 2 ආව. පොඩි අයට සහ wife ටත් කිහිප වරක් විශේෂඥ වෛද්‍යවරුන්ට refer කරලා තියනවා එක එක දේවල් වලට ඒවත් හැබැයි මාසයක් වගේ ඇතුලත අවා. හැබෙයි අත්‍යවශ්‍යම නැත්නම් එහෙම විශේෂඥ වෛද්‍යවරුන්ට refer කරන්නේ නෑ. මම දැනට ප්‍රදේශ දෙකක හිටිය මචෝ මේ පැති දෙකේම මම දන්නා තරමින් private places නෑ ළගපාතක. හැබෙයි UK වල private health services තියනවා.
    හැබැයි A&E ගිහිල්ල නම් පය ගණන් චාටර් කාල තියනවා. මගේ යාලුවෙක් වැටිලා වැඩ කරන තැනදී elbow එක ගාවින් කැඩිලා ambulance එක ඇවිල්ල අරන් ගියා A&E, වැටුනේ රෑ 7 විතර hospital එකේ doctor බලද්දී පාන්දර 4.

    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔව් මචන් ඒක හරි...හැමෝම කොහෙ හරි හිර වෙලා ඉන්නේ..
    බ්‍රෝ..කොරොනා කාලේ නෙමෙයි...නොර්මල් කාලවලදි ඔහේ GP කෙනෙක් අල්ල ගන්න අමරුයි කියන්නේ ඇත්තද? ඒ කියන්නේ උබට කැමති GP කෙනෙක් ලන්ගට් යන්න බෑ...උබ register වෙලා ඉන්න කෙනේඅ ලන්නගටම යනන් ඕනි වගෙ සීන් එකක්..ඇපොයිමන්ට් එකක් ගන්න කෝල් කරල දවස් කීඉපයක් ඉන්න ඕනි වගේ එකක්...ඇතතද එවා?

    සාමන්යෙන් මචං රෙජිස්ටර් වෙච්ච් GP නැතුව වෙන කෙනෙක් ලඟට යන්න ඕන වෙන්නෙ නෑ. ඒ උනාට උඹ කියනවා වගේ උගේ ලඟට යන්න අපොයින්මන්ට් එකක් ගන්න ගේමක් දෙන්න ඕන. එදිනෙදා දෙන අපොයින්මන්ට් කීපෙ ගන්න හරියටම උදේ 8ට හොමෝම කෝල් කරනවා. ලක් එක තියන එකාට හම්බෙනවා. එහෙම නැත්නම් හොස්පිටල් එම්ර්ජන්සි යන්න කියනවා. මම එක පාරක් යාලුවෙක් එක්ක ගිහින් එම්ර්ජන්සි එකේ පැය 4ක් හිටිය. ගොඩක් ලෙඩ වලට නර්ස්ලා තමයි බෙහෙත් දෙන්නෙ (ඒකෙනම් වරදක් දකින්නෙ නෑ).
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලන්කාවෙ එවුන් උන්ගේ ප්‍රස්න වලට වඩා පිට රට ප්‍රස්න ගෙන තමා වොර්‍ර වෙන්නේ .
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඔව් මචන් ඒක හරි...හැමෝම කොහෙ හරි හිර වෙලා ඉන්නේ..
    බ්‍රෝ..කොරොනා කාලේ නෙමෙයි...නොර්මල් කාලවලදි ඔහේ GP කෙනෙක් අල්ල ගන්න අමරුයි කියන්නේ ඇත්තද? ඒ කියන්නේ උබට කැමති GP කෙනෙක් ලන්ගට් යන්න බෑ...උබ register වෙලා ඉන්න කෙනේඅ ලන්නගටම යනන් ඕනි වගෙ සීන් එකක්..ඇපොයිමන්ට් එකක් ගන්න කෝල් කරල දවස් කීඉපයක් ඉන්න ඕනි වගේ එකක්...ඇතතද එවා?

    තරමක් දුරට ඇත්ත.

    හැම කෙනාම GP කෙනෙක් ගාව register වෙන්න ඕනේ. හැම GP center එකකටම අදාල ප්‍රදේශයක් තියනවා. ගොඩක් වෙලාවට තමන් ඉන්න තැන අනුව තමන්ව GP Practise 2-3ක ප්‍රදේශයට අයත් වෙන්න පුළුවන්. ඔයාට ඒ එකක register වෙන්න පුළුවන්. නැත්නම් ladbrok සහෝදරයා කිව්වා වගේ private තමයි. සාමාන්‍ය routine appoinment එකක් නම් සති 1-2 වගේ යනවා ගන්න. නැත්නම් උදේම GP practise එක open කරන වෙලාවට call කරලා ඔයාගේ අවශ්‍යතාවය කිව්වම රෝගයේ බරපතලකම අනුව එදාම appoinment දෙනවා. ලංකාවේ වගේ හෙම්බිරිස්සාවට කැස්සට නම් මලාට apoinment එකක් ගන්න අමාරුයි except සති 2කට වඩා කලින් ඉදල තියනවා කිව්වොත් ඇරෙන්න. සාමාන්‍ය උණක් උනත් කියන්නේ paracetamol බීලා දවස් දෙකක් බලන්න කියල. ලංකාවේ නම් හෙම්බිරිස්සාව කිව්ව ගමන් paracetamol , amoxilin, පිරිටෝන් & C vitamin සෙට් එකම දෙනවනේ.
    රෑකට නම් සාමාන්‍ය රෝගයකට 111 හරි හදිසි ලෙඩකට නම් 999 call කරන්න තමයි.
     
    • Like
    Reactions: NaiRobi

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    Mama inne Malaysia wala

    Mehe daily Poistive rate eka 100 ta wedi hambawena

    Mehe tiyenne Movement Order Control ekak.
    Thaman inna area eke eliyata yanna puluwan. 3km radius ekak athule.

    Supermarket Open karala tiyenne 8am to 7pm
    Athulata yanna kalin temperature eka check karanawa.
    Supermarket eka athule ekawara inna puluwan 50kata witarai (Loku supermarket nisa)
    10k eliyata awama tamai anith dahayak athulata danne..

    Restaurant godak ewa open, habai take away witarai.
    Food delivery tiyenawa.
    McD, Pizza Hut, Dominos Okkoma open, Delivery, pickup.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ලන්කාවෙ එවුන් උන්ගේ ප්‍රස්න වලට වඩා පිට රට ප්‍රස්න ගෙන තමා වොර්‍ර වෙන්නේ .

    හනේද කියන්නෙ හුත්ත. බැරි මරගාතෙ හරි හැම එකාම යන්න බලං ඉන්නෙ. ඒකයි.