අපි අපේ නොවන දේවල් ගොඩක් එකතුකරලා මේ ලොකෙන් යන්න පුදුම ට්‍රයි එකක් දෙන්නේ,
හැබැයි මෙහෙමත් හිතෙනවා.අපි ඉපදුනේ රහත් වෙන්නද කියලා. මම නම් දකින්නේ හැම මනුස්සයෙක්ම ජීවිතයේ හැම අදියරක්ම අත්විදින්න ඔනා.![]()
පෙර අරන් තියෙන උදාහරනය රිචඩ්ස් බ්‍රැන්සන් කියන්නේ Saturate ලෙවල් එකට ආපු කෙනෙක්. ඔය ලෙවල් එකට මිනිහෙක් එනව කියන්නේ එගොල්ලන්ට ඇත්තටම මේ ලොකේ භෞතික සම්පත් වලින් වැඩක් නැහැ. එතනින් එහා ගිය ජීවිතයක් තමා හොයන්නේ.
හැබැයි අපේ කම්මැලිකමට කෙලින්ම අපි එතනයි කියන්නේ මෝඩ කම ..
මෙක කෙලින්ම මෙතනට අදාල නැහැ. එත් රිචඩ් බ්‍රැන්සන්ව අදාල කරගත්තු නිසා මේක දාන්නම්. මිනිස්සුන්ට එක් එක් අවදියේදී උවමනා වෙන දේවල්
![]()
උඹ කියන දේ ඇත්තක් තියෙනවා. ඒත් මචන් අපි ඔය කතා කරන Saturate ලෙවල් එක මෙන්න මේකයි කියලා නියතයක් නෙමෙයිනේ, නේද? ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. Saturate ලෙවල් තමන්ගේ සෑහීමට පත්වෙන ස්තානයත් එක්ක තීරණය වෙන තැනක්. අපි ගත්තොත් අපේ අවට ඉන්නවා යාන්තම් තමුන්ගේ මූලික අවශ්‍යා සපුරා ගත්තු අය ගම්වල, ඒත් ඒ එය තරගෙන් මිදිලා Saturate ලෙවල් එක එහෙමත් නැත්නම් තෘප්තිමත් තලයට ඇවිත් ඉන්නේ. ලෝකයත් එක්ක ගැටෙන්න දෙයක් නැහැ. ඒ අයට අවශ්‍ය 3 වේල කාලා බීලා පිනක් දහමක් කරන් මැරෙනකන් ජීවත් වෙන්න. අනිත් මිනිස්සු කරන වැඩ කරන්න යන්නේ නැහැ. ජීවිතේට බරක් එකතු කරගන්න කැමති නැහැ. සරලයි.
අපි ගමු බිල් ගේට්ස්. ලෝකයේම ඉන්න ධනවත්ම පුද්ගලයන් 3 - 4 දෙනාගෙන් කෙනෙක්. මෙයා මොනවද ජීවිතයේ විදලා නැති භෞතික සැප සම්පත්. ඒත් සෑහීමකට පත් වෙලාද ඉන්නේ, නෑනේ. තවම නොනිමි තරගයක යෙදිලා ඉන්නේ තමන්ගේ තැන රැක ගැනීම වෙනුවෙන්. එහෙනම් එයාගේ Saturate ලෙවල් එක කොතැනද? නමුත් රිචඩ්ස් බ්‍රැන්සන් බිල් ගේට්ස් තරන් සල්ලි කාරයෙක් නෙමෙයි. ඒත් ඔහු ඔහුගේ තෘප්තිමත් මට්ටම ලගා කරන් ඉන්නවා.
Saturate ලෙවල් එකට එන්න ගොඩක් භෞතික සැප සම්පත් විදින්න තියෙන්න ඕන නෑ. බඩට කන්න නැතිව ඒ මට්ටමට එන්න බැහැ තමයි. නමුත් මහා ලොකුවට සල්ලිය බාගේ ඕන නැහැ. Saturate ලෙවල් එක තමන්ගේ හිතින් හදාගන්නා ඒ වගේම පුද්ගලයා හිතන පතන විදිහ අනුව තීරණය වන තැනක්.
අනික රිචඩ් බ්‍රැන්සන් ඔය තත්ත්වයට පත් උනේ තමන්ට ලබා ගන්න පුලුවන් සියල්ල ලබාගත් නිසා නෙමෙයි. ඉදිරියේ තමන්ට ලබා ගන්න පුලුවන් කියලා පේන්න තියෙන දේවල් වල හරයක් නැහැ කියලා අවබෝධ කරගෙන එයින් ඉවත් වූ නිසයි.
Last edited:
,
