මෙන්න මෙයාට ලංකාව ගැන ලැජ්ජයිලු IMDB9.9 රේට් වෙච්ච එක ගැන. ලැජ්ජ වෙන්න ඕන ඕව ගැන නෙවෙයි මිත්‍රයා. ස්ත්‍රී දූෂණ, සේවකයන්ට පහත් විදිහට සැලකීම්, සියදිවි නසාගැනීම්, සෙක්ස් ගූග්ල් සර්ච් කරලා වගේ දේවල් වලින් වර්ල්ඩ් රෑන්ක් තියපු ඒව ගැන. රට කන දේශපාලන සුනඛයින් පත් කරලා උන් රට කද්දි බලාගෙන ඉන්න වෙලා තියන එක ගැන, අවුරැදු 10න් වැව් 10,000ක් කරවපු රජවරැ, පිරමීඩ ගානට හදපු චෛත්‍ය හදපු, අදටත් විසදගන්න බැරි සීගිරිය වගේ පුදුම දේවල් කරපු, රෝමයට ඩැමස්කස් කඩු හදලා යවපු, අරාබියටත් අශ්වයො විකණපු ජාතියක් අද ඉන්න තැන ගැන. අයි. එම්. ඩී. බී එකට සුද්දො ඇවිත් බලන්නේ නෑ කූඹියෝ කියල එකක් තියනවා යූටුබ් ගිහින් බලමු කියලා. කොටින්ම බහුතරයක් ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ. වැඩක් නැති මඟුල් වලට නෙවෙයි මචං, වැඩක් ඇති දේවල් වලට ලැජ්ජා වෙයල්ලා. දුක් වෙයල්ලා.
එතකොට හරිද හා සර්


හැබැයි අවුලක් නෑ කම්මැලි නැතුව බලන්න පුලුවන්. 





ගොළු තාත්තා