සුන්නත් කිරීම තහනම් කරන්න - මුස්ලිම් කතුන&#353

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සුන්නත් කිරීම තහනම් කරන්න - මුස්ලිම් කතුන&#353

    ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද(06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බව වාර්තා වෙයි.

    ඔවුන්ගේ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටින ඔවුන් මේ පිළිබඳව අමාත්‍යවරිය මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    රටේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් විසින් භාවිතා කරන ලද මෙම සම්ප්‍රදායට එරෙහිව මතයක් ගොඩ නඟමින් මෙම සංවිධාන ගත පිරිස රැස්වීමක්ද කැඳවා ඇති බව වාර්තා වෙයි.

    වර්තමානය වන විට මේ සම්බන්ධයෙන් උණුසුම් විවාදයක් ඇති වී ඇති බවත්, “කට්නා“ යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රියාවලිය පිළිබඳව අද දිනයේ සාකච්ඡා කිරීමට සූදානම් බවත් සඳහන්ය.

    මෙම පිරිස පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාව හානිදායක අකුසලයක් බවයි.

    එමෙන්ම සමහර කාන්තාවන් පවසන්නේ මෙය ඔවුන්ට ආපසු හැරවිය නොහැකි හානියක් බවයි.

    ඔවුන්ගේ සංගමයේ නීතිඥ එර්මිසා ටෙගල් පෙන්වා දෙන්නේ මෙම කම්පනයෙන් ගැහැණු ළමයින් බේරා ගැනීම සහ අනාගත පරම්පරාවන්ගේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට සඳහා මෙම පෙළ ගැසීම ඉදිරියට රැගෙන යන බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ස්ත්‍රී ලිංගාශ්‍රිත විකෘතියක් (FGM) ලෙස “කට්නා“ චාරිත්‍ර වර්ගීකරණය කරයි.

    එහෙත් “කට්නා“ ගේ ආධාරකරුවන් එය FGM ලෙස වර්ගීකරනය නොකළ යුතුයැයි කියනු ලබන අතර, වඩාත් ආක්‍රමණශීලී කැපුම් චාරිත්‍රන් සමඟ මෙය බැඳී පවතී.

    මෙම චාරිත්‍රය කුරානයෙහි සඳහන් කර නැති නමුත් එය ශ්‍රී ලංකාව තුළ ඇතැම් ප්‍රජා කණ්ඩායම් විසින් ආගමික වගකීමක් ලෙස සලකනු ලැබේ.

    ඒ අතර ඩාවුඩි බෝහ්රා සහ සමහර මුස්ලිම් සහ මැලේ මුස්ලිම් ජාතිකයින්ද මෙම ක්‍රියාවට නංවනු ලබයි.

    ශ්‍රී ලාංකික බලධාරීන් වෙත ඉදිරිපත් කළ වාර්තාවක දී “කට්නා“ දිගුකාලීන කායික හා මානසික ආබාධ හේතුවෙන් කාන්තාවන් වැඩි වශයෙන් මේ නිසා මානසික පීඩනයකට ලක්ව ඇති බවද සඳහන්ය.

    දිවයින 3,000 ක් වූ ඩෝයුඩි බෝහ්රා ප්‍රජාව නියෝජනය ජමිලා හුසේන් මේ පිළිබඳව අදහස් දැක්වීමට ප්‍රතික්ෂේප කර ඇති අතර ඇය මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ “කට්නා“ "කිට්ටු ඍජු මැදිහත්වීමක්" පමණක් බවත්, එය ශාරීරික හෝ මානසික හානියක් ඇති බව පෙන්වීමට සායනික සාක්ෂි නොමැති බවත්ය.

    කෙසේ වෙතත්, සමහර කාන්තාවන් පරීක්ෂාවට ලක් කළ ගර්භණී විශේෂඥයෙකු වන හිමානි මොල්ලිගොඩ, පවසන්නේ කාන්තාවන්ගේ එය ඉතා මෘදු ස්වභාවයකින් සිදු කළද ඒ මඟින් පවා කම්පනයට පත් විය හැකි බවයි.

    එමෙන්ම මෙම ක්‍රියාවලිය ළමුන් බිහිකිරීමේදී දරුවා මෙන්ම මවද දැඩි අපහසුතාවයකට ලක් වෙන බවත්, පසුකාලීනව ලේ ගැලීම, ආසාදන සහ මුත්‍රා කිරීමට ගැටළුද ඇතුළත් විය හැකි බව ඇය පෙන්වා දී තිබේ.

    මෙම ගැටළුව කොතරම් සංවේදී දැයි පිළිබිඹු කිරීමට මෙන්ම ඔවුන්ගේ බිය ගැන පෙන්වීමටත් අද දිනයේ රැස්වීමට සහභාගී නොවීමට කාන්තාවන් තීරණය කර තිබේ.

    රටේ ළමා ආරක්ෂක ඒජන්සියෙහි ප්‍රධානී, මාරිනි ද ලිවේරා මෙම රැස්වීම සාදරයෙන් පිළිගත් අතර මෙම ප්‍රශ්නය පිළිබඳ ජාතික විවාදයකට ආරාධනා කර තිබේ.

    ටෙගල් පවසන පරිදි දැනට පවතින නීති යටතේ වත්මන් නීතිරීතිවලට අනුව මෙම ක්‍රියාවට නංවන පිරිසට නීති විරෝධීව මෙය හැසිරවිය හැකි බවයි.

    නමුත් ඇය පවසා සිටියේ නීතිය ක්‍රියාත්මක කිරීම දුෂ්කර වී ඇති අතර, ආගමික හා සංස්කෘතික පරිචයන් ලෙස දැකිය හැකි නිලධාරීන්ට මැදිහත්වීමට මැලිකමක් දැක්වීම එයට හේතු වී ඇති බවයි.

    ඉන්දියාවේ ඩෝයුඩී බෝහ්රා ප්‍රජාවගෙන් කාන්තාවන් පිරිසක් මෙම ක්‍රියාව තහනම් කිරීමට ඔවුන්ගේ ආණ්ඩුවට බලකර තිබේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි ලොව පුරා ගැහැණු සහ ගැහැනු ළමුන් මිලියන 200 ක් පමණ FGM වලට මුහුණ දී ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් අප්‍රිකානු රටවල වෙසෙති

    http://sinhala.adaderana.lk/news/81115/%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8-%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1---%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
     
    • Like
    Reactions: SCBmedia

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    15.gif

    දෙයි හාන්දුරුවනේ.....
    මොකද්ද ඕකෙදි කරන්නෙ කාන්තාවන්ට කපල දාන්න දේවල් තියනවද..?
    මේකෙදි මොකද්ද කරන්නෙ යෝනිතොල් කපා ඉවත්කරනවද...?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මේ ගේනුන්ට කෂ පාර තමා දෙන්න ඕනේ.. අපිලගේ නබියත් කොන කෙපල හිටියනම් මේ ගේනුන්ට බෙරි මොකදා.. :angry: