මේ ත්‍රේඩ් එක දැකලා රිප්ලයි නොකර ඉන්න බැරි උනා. මම හිතන විදිහට ලංකාවේ දැන් ඉන්න තරුණ පිරිසෙන් 70% විතර තමන්ගේ රැකියාව කරන්නේ කැමැත්තෙන් නෙමේ. කොහොම හරි රැකියාවක් කරලා ජීවීතේ ගෙවා ගන්න ඕන තැනට අපිව සමාජෙන් ගෙදරින් තල්ලු කරලා තියෙන නිසා.
මම මෙහෙම කතාවක් කියන්නම්. X කියලා බුවෙක් ඉන්නවා.වයස 25ක් විතර, මැද පන්තියේ පුද්ගලයෙක්, එදා වේල කන්න සල්ලි තියෙනවා.පවුලෙ ගෙයක් තියෙනවා නැත්තම් කුලියට ඉන්නේ. කැම්පස් යනවා නැත්තම් කෝස් එකක් කරලා ටයි පොල්ලක් දාගෙන වැඩට යනවා. මම කියන්නේ මේ රු 15,000 ඉදලා රු 100,000 පඩියකට වැඩට යන උන් ගැන. ගොඩක් වෙලාවට කොලබ කම්පැණි එකකට තමයි වැඩකට යන්නේ. ඔන්න දැන් තමා සීන් එක. මූ එන්නේ හීන ගොඩක් එක්ක, උදේට ගෙදරින් දෙන බත් ගෙඩිය බැදගෙන, බස් එකේ හරි කෝච්චියේ හරි මිරිකිලා පොරගේ තියෙන හීන ටික හැබෑ කරගන්න. ඔෆිස් එකට එනවා තව කොල්ලෝ, කෙල්ලෝ මූට වඩා වයසින් වැඩි හෝ අඩු. පට්ට වාහෙනේකින් හරි ඇල්ටෝ එකකින් හරි. හොද සල්ලි කාරයෙන්ගෙ ලමයි. දුක හිතෙන්නේ නැද්ද මචන් පොරට, අනිවා කලකිරීමක් ඇතිවෙනවා. වැඩ කර තැනට හැඩ ගැහෙන්න ගිහින් තමන්ගේ පඩියත් මදි වෙනවා. කිසිම ඉතුරුවක් කරගන්නත් හම්බ වෙන්නේ නැහැ. එක හීනයක්වත් හැබෑ කරගන්න හම්බ වෙන්නේ නෑ. එතනම වයසට ගිහින් ඉවර වෙනවා.ඔය කතාවේ මෙහෙම සෙට් එකක් ඉන්නවා.
මාසේ පඩිය අරගෙන.ඒක වියදම් කරලා ඊලග මාසේ පඩිය එනකන් බලන් ඉන්න උන්.

අනාගතෙ ගැන හිතලා බය වෙලා. ඕන හු**ක් වෙච්චදෙන් කියලා හෙට ගැන හිතලා පඩිය වියදම් කරලා ඉන්න උන්.

සතේට වියදම් කරලා ඉතුරු කරලා 35දී විතර ඇල්ටො එකක් අරන් කසාද බදින උන්.
නැත්තම්,
ටහුකන්ඩ කියලා ජොබ් එක අත ඇරලා තමන්ගෙම දෙයක් පටන් අරන් ගොඩ යන උන්.

නැත්තම් ජොබ් එකේම ඉදලා සයිඩ් ඉන්කම් එකක් හදා ගන්න උන්
අපිව මුල ඉදලා පුරුදු කරලා තියෙන්නේ රේස් එකක් දුවන්න. ගොඩක් උන් ඒ රේස් එකෙන් පනින්න බයයි. පනින උන් ගොඩ යනවා. මේ සිස්ටම් එක වෙනස් කරන්න අපිට බෑ. තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න. (ඉරිදට ITN එකේ යන HNB ඇත් පවුර බලන්න)
මගේ අදහස නම් ජොබ් එක කරන ගමන් තව දේකට අත ගහන්න.ඕන තරම් අවස්තා තියෙනවා.හබා යන්න. කරන්න බැරි දෙයක් නෑ මචන්. මම දැක්කා මේකේ Software Dev කෙනෙක් දාලා තිබ්බා එපා වෙනවා කට්ට, නිදහසක් නෑ, සොච්චම් පඩියක් ජීවිතේ විදින්න විදිහක් නෑ කියලා. ඒක ඇත්ත මචන්. එලකිරියෙම ඉන්නවා මචන් උබ වගේම Dev කෙනෙක් විදිහට වැඩ කරලා ජොබ් එකෙන් අයින් වෙලා ෆීලාන්සින් පටන් අරන් ගොඩ ගිය, මිනිහටම මිනිහගෙම කම්පැනි එකක් තියෙනවද කොහෙද, ලගදි Toyota Harrier එකක් ගත්තා. ආකල්පයි මචන් වෙනස් වෙන්න ඕනි.
මම කියන්නේ නැහැ කාටවත් ජොබ් එකෙන් අයින් වෙන්න කියලා. ජොබ් එකේ ඉන්න ගමන් තව ඒවා හොයාගෙන යන්න. ෆ්‍රීලාන්සින් වෙන්න පුලුවන්, තමගෙන්ගෙම වියාපාරක් වෙන්න පුලුවන් නැත්තම් වෙන ඕන මගුලක්. හැම එකෙක් ගාවම මොකක් හරි අදහසක් තියෙනවා, එකම අවුල ඒක ඌ ක්‍රියාත්මක කරන්නෙ නැති එකයි.
KingCM පට්ට සතුටුයි මචන් උබ ගැන, ඉදිරියටම පලයන්. ගොඩ යමන්. සුභ පතනවා.

ආකල්ප වෙනස් කරගන්න පට්ට අමාරු වෙන්න ඇති