මෙම කතාවේ ආරම්භය පනහේ දශකයටත් එහා දිවයයි. අපේ කතා නායකයා මතු වන්නේ නවසිය පනස් ගණන්වලදීය.
මේ දරුවා පියා නැති දරුවෙකි. ඔහුගේ මවට මේ දරුවා ලැබුණේ මව අවිවාහකවය. පියා කවරෙක්දැයි ගමේ මිනිස්සු දැන සිටියද ඔහු විවාහකයකු බැවින් මේ දරුවා අවජාතකයෙකු විය.
අම්මා ගෙදරදී ඔහුට කතා කළේ කළු අප්පු නමිනි. ඔහුට තිබුණේ කළුවන් කළු රුවකි. ගමේ ගෙදරකට ගිය විටද ඔහුට ලැබුණේ අඩු සැලකිලිය. මේ අවජාතක දරුවාට අනුකම්පා කළේ, සෙනෙහෙවන්ත බවක් පෑවේ ඔහුගේ සම වයස් දැරියක වූ සුද්දී පමණි.
ඔවුන් ජීවත් වූයේ කොග්ගල ඔය අසබඩය. බොහෝ පවුල් ජීවත් වූයේ කොග්ගල ඔයෙහි මාළු බෑමෙනි. අද දක්නට නැති වුවද එදා ලොකු පන්දම් දල්වා ගත් ඔරුවලින් ගොස් දැල් එළනු රෑකට කොග්ගල ඔයේ දක්නට ලැබුණු දර්ශනීය දසුනකි.
අම්මා කළුඅප්පු පාසලට භාර දෙන්නට ගියාය. හෝඩියේa පංතියේ ගුරුතුමිය ළමයාගේ නම ඇසීය. ළමයාට හොඳ නමක් දිය යුතු යෑයි කල්පනා කළ මව ලක්සිරි යෑයි කීවේය. ගුරුවරියට කේන්ති ගියේය.
"ලක්සිරි... ඒ මොකද්ද... ගෙදරට කියන නම මොකක්ද..."
"කළු අප්පු"
"ඔය තියෙන්නෙ ගැළපෙන නම"
ඉස්කෝලෙ හාමිනේ නාමලේඛනයේ සඳහන් කළේ කළුඅප්පු නමය. ඒ කාලයේ ඇතැම් ගුරුවරු ක්‍රියා කළේ ඒ විදියටය.
නමුත් කළුඅප්පු වැඩිකල් පාසලට ගියේ නැත. දුප්පත්කම, අවජාතක දරුවෙක් වීම ඔහු ඉදිරියෙන් හැම විටම පෙනී සිටියේය.
කළු අප්පුට පහසුවෙන් සේන්දු විය හැකි තැන වූයේ කොග්ගල ඔයයි. ඔරුවක් ණයට ඉල්ලාගත් කළුඅප්පු මාළු ඇල්ලීමේ රස්සාවට ගියේය.
කොග්ගල අසබඩින් තමාට ඇළුම් කළ එකම දැරිය සුද්දී ගැන කළුඅප්පු පිළිබඳ සිතින් පසුවිය. සුද්දී ද කළු අප්පුට ඇලුම් කළාය. මේ වන විට ඔවුන් යොවුන් විය ආසන්නයට පැමිණ සිටියහ.
එක් පුන් පොහෝදා රැයක කොග්ගල අසබඩ වැසියෝ බොහෝ දෙනා පන්සලට ගොස් සිටියහ. ඒ ලද අවසරයේ දී කළු අප්පුත්, සුද්දීත් ගංඔය අසබඩ විසල් කජු ගහක් යටදී මුණගැසුණහ.
ඒ රැයේ දී බොහෝ දේ සිදුවිය. සුද්දී ගැබ් ගත්තාය. කලබලය ඇරැඹුණේ එතැනිනි. මවුපියෝ සුද්දීට පහරදී පීතෘත්වය විමසූහ. පීතෘත්වය කළුඅප්පු බව අනාවරණය විය. සුද්දීගේ මවුපියෝ බැණ අඬ ගසමින් කළු අප්පුගේ මැටි ගෙයට කඩාවැදුණහ. කළුඅප්පු පිටුපස දොරින් පළාගොස් කැලයට වැදී පණ බේරා ගත්තේය.
එදින රැයෙහිම අම්මාට වැඳ සරමක් බැනියමක් පත්තර කැබැල්ලක ඔතාගෙන කළුඅප්පු කොළොම්පුරය බලා පිටත් විය. කොළඹ කුමක් දැයි නොදත් කළුඅප්පු බැසසේ මොරටුවෙනි. මොරටුවේ දෙමළ කඩයක කුස්සියේ සහාය අරක්කැමියෙකු ලෙස ජීවිතය පටන් ගත්තේය.
58 සිංහල - දෙමළ අරගලයේ දී හෝටලය අයිතිකාර ද්‍රවිඩ මිනිසා හෝටලයේ සිටි හොඳම සේවකයා වූ කළුඅප්පුට කඩය භාරදී ඉන්දියාවට ගියේය.
අලුතින් හෝටලය පටන්ගත් කළුඅප්පු හෝටලයට අලුත් නාමපුවරුවක් සවි කළේය. එහි තිබුණේ ලක්සිරි හෝටලය යනුවෙනි.
ලක්සිරි හෝටලය දියුණු වෙමින් තිබුණි. ලක්සිරි මුදලාලි විවාහයක් කර ගත්තේය. ලක්සිරි මුදලාලි විවාහ වූයේ සූද්දී සමඟ නොවේ. හෝටලයට ඉඳිආප්ප ගෙන ආ දුගී ගැහැනියගේ දියණිය සමඟය.
ලක්සිරි මුදලාලි ජීවත් වූයේ සුවිසල් මැඳුරකය. නමුත් ඔහුගේ සිතෙහි සුද්දී තැන්පත්ව තිබුණි. ඔහු රහසේ ගමට ගොස් සුද්දී මුණගැසුණේය. ඔහුට දාව උපන් පුතා පාසල් යන වයසට ළංව සිටියේය.
ලක්සිරි මුදලාලි සුද්දීත්, පුතාත් කාරයේ නංවාගෙන කොළඹ ආවේය. මොරටුවෙන් ගේදොරක් ගෙන දී සුද්දීත් පුතාත් එහි පදිංචි කොට පුතා ඉහළ පෙළේ පාසලකට දැමීය.
අවජාතක වූ හෙයින් සමාජයෙන් ලද ගැරහුම් ඔහුට මතක තිබිණි. තමන්ගේ පුතාට ඒ අවමානය වනු දකින්නට ඔහු කැමති වූයේ නැත. ඔහු සුද්දීත් පුතාත් කොළඹ ගෙන ආවේ එබැවිනි.
කළුඅප්පුගේ කතාව මෙතෙකින් අවසන් නැත. කළුඅප්පු සුද්දී සමඟත්, ලක්සිරි මුදලාලිගේ නීත්‍යනුකූල බිරිඳ සමඟත් තවමත් කරදරයක් නැතිව ජීවිත යාත්‍රාව පදවමින් සිටී.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ
divaina