ඔබතුමා කියල තියෙන්නෙ අකුරු නොදන්න එ් කිව්වේ මේ ත්‍රෙඩ් එක කියවන්න බැරි දනට පිනට ලැදි කෙනෙක් ගැන. මං හිතන්නෙ රාජිත විජේරත්න අපායෙන් මුදවන්න හදන්නේ මේ ත්‍රෙඩ් එක කියවන කෙනා මිසක් අකුරු බැරි කෙනා නෙවෙයි.
මොකද ඔබතුමා වගේ කෙනෙක් මේ ත්‍රෙඩ් එක කියෙවුවට පස්සේ හිතින් තීරණය කරනවානේ මීවනපලානේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ කියල තියෙන්නෙ අැත්තක්ද බොරුවක්ද කියලා. කෙටි ජීවිත කාලයක් තුල එකතු කරගත්තු සීමිත දැනුමක් තියෙන අපි කරුණු හොයන්නේ නැතිව, අපි ගැන අනුකම්පාවෙන් අැත්ත කියන උත්තමයෙක් බොරුකාරයෙක් කියල නිගමනය කළොත් අන්න එ්ක අපායගාමී අකුසලයක් වෙනවා.
අකුරු බැරි දනට පිනට ලැදි කෙනා දිව්‍ය ලෝකෙ යයිද කියන එක එයාගෙ කන් අැසීම සහ අැහෙනවනම් එ් අහපු දේ නුවණින් විමසා බලන හැටි අනුවත් තීරණය වෙයි.
එයා ඇත්තද බොරුද කියන්නේ කියල කොහොමද ඔයා දන්නේ ? මොන පදනමෙන්ද කියන්නේ ? එකයි මමත් කතා කරේ ... බුදුහාමුදුරුවෝ ඉපදුන තැන නොදන්නා කම අපායගාමී අකුසලයක් කියල මෙයා කියනවා මම තර්ක කරනවා එක එහෙම වෙන්න බැහැ කියල ... ඒ වගේම මම හිතනවා නිර්වාණය කියන අග්‍ර ඵලය ලබා ගන්න උනත් බුදුහාමුදුරුවොන්ගේ උස මහත අම්මා තාත්තා ඉපදුන තැන නිදාගත්ත තැන ස්නානය කල තැන මංගල්ලය ගත්ත තැන වගේ දේවල් වලින් ඇති වැඩක් නැහැ කියල ..එහෙම අවශ්‍ය වෙනවා කියල ඔයාල කියනවනම් මම කැමතියි කරුණු සහිතව මේක විස්තර කරගන්න , එහෙම නැතුව මම පිළිගන්නේ නැහැ ඔය කව්රුත් "සත්‍ය දුටු උතුමෝ " කියල ..ලෝකේ ඕනි තරම් එක එක තියරි කාරයෝ ඉන්නවා ඔය කස්පිරිසි තියරිකාරයෝ කොච්චර කතා කියනවද ? මාර ශාක්ෂි පෙන්වන්නේ ..උදාහරණයක් විදිහට හොදම එකක් ගමු ..සද ගමන බොරු කිව්වා .කොඩිය වැනෙන්නේ කොහොමද හෙවනැලි වල වෙනස් කම් කිව්වා තරු නැහැ කිව්වා මෙච්චරකාලෙකට හදට ගියපු මිනිහෙක් නැහැ කිව්වා ගොඩක් කතා කිව්වා , එත් අන්තිමට හොයල බලද්දී තේරෙනවා ඇත්ත (ඔයත් සද ගමන විස්වාස කරන්නේ නැත්තම් මම ඒ ගැනත් තොරතුරු දෙන්නම්) ඒ වගේම 9/11 inside job ,සුනාමිය කියන්නේ නිව්ක්ලියර් ටෙස්ට් එකක් කිව්වා , ඒඩ්ස් හැදුවේ මිනිස්සු කිව්වා , ඔබාමා එලියන් කෙනෙක් කිව්වා තව කොච්චරක්නම් තියරි තියනවද .. කන්ස්පිරිසි තියරි කාරයෝ වගේම තවත් ලෝකේ එක එක තියරි කාරයෝ ඉන්නවා ෆ්ලැට් අර්ත් තියරි කියන්නෙත් ඒ වගේ ..එක පාර ලෝකේ පැතලියි කියපු ගමන් හිනා ගියාට පොඩ්ඩක් තියරි එක මොන වගේද කියල හොයල බලන්න ..සැහෙන්න ගැලපෙන්න ගොඩ නගනවා එක උනත් . එතකොට හිටපු එල් ටි ටි ඊ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් කියනවා විජය එන්න කලින් උතුර නැගෙනහිර කියන්නේ දෙමල මිනිස්සුන්ගේ නිජබිම් කියල ඒ තිර්යරිත් ගොඩනගනවා ලස්සනට , ඒ වගේම නලින්ද සිල්වාට තියනවා සිංහලයින් කවුද කියන එක ගැන වෙනම තියරියක් , තව කියනවනම් කියන්න පුළුවන් කන්ස්පිරිසි තියරි වල උනුත් තවව හැටහුටහමාරක් ... දැන් මේ තියරි ඔක්කොම ඇත්ත වෙනවද ? බුදුහාමුදුරුවෝ ඉපදුනේ මෙහෙ කියන එකත් ඒ වගේ තමයි ..කෙනෙක් අලුත් තියරියක් අරන් ආව පලියට හිස්මුදුන් දී පිළිගන්න සිරිතක් අපේ නැහැ ... ඔයාට මේක ඇත්ත වගේ පෙනුනට ඇත්තටම මේක බුදුදහම විකුර්ති කරන්න සංවිධානාත්මකව ගොඩනගපු තියරියක්නම් ඔයා මොකද කියන්නේ ?
Last edited:


දැනගෙන හිටියේ නැත්තන් අපායේ යන්න වෙන සීන් එකක් තියෙන්නේ