pyramid epa kiyanne ai?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මොකක්ද මේ පිරමීඩ ජාවාරමක් කියන්නේ?

    අද මුදල් ඉපයීමට ලෙහෙසිම ක්‍රමයක් ලෙස මවාපාන නමුත් අපිට මුදල් ඉපයීමට ඉතා අමාරු, අපගේ හුදු වාසිය වෙනුවෙන් අහින්සක මිනිසුන් දහස් ගණනක් අමාරුවේ දැමීමට සිදුවන, අවසානයේ තමන්ට හිමි සියල්ලම අහිමි වී හිරබත් කෑමටද සිදුවන ව්‍යාපාරයක් තමයි මේ පිරමීඩ ව්‍යාපාර. මේවා එක් අයකුගෙන් පටන්ගෙන පහලට පිරමීඩයක් ලෙස විවිධ මට්ටම් වලට පුද්ගල පුරුක් අමුනා ගෙන ඔවුන්ගෙන් සම්භන්ධක ගාස්තු හෝ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට සැලැස්වීම මගින් හෝ මුදල් එකතු කරන ආයතන ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔබේ හොදම මිතුරා හෝ ලඟ හිතවතෙක් තමයි ඔබව මුලින්ම මේ කරදරේ පටලවන්නේ. මොකද එම තැනැත්තා මුලින්ම මේ බොරුවට අහුවෙලා ඉන්නේ.

    මේ පිරමීඩ ක්‍රියාත්මක වන්නේ ආයෝජන හෝ ව්‍යාපාර යෝජනා ක්‍රම ලෙස. මෙහිදී ප්‍රතිලාභ ලබන ක්‍රම දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට,

    1. මෙම යෝජනා ක්‍රමයේ සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත
    මෙහිදී කරන්නේ මම සම්භන්ධ වූවානම් මම තව දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු මේකට සම්භන්ධ කිරීම හා ඉන්පසු මා සම්භන්ධ කල අය තවත් සාමාජිකයන් සම්භන්ධ කිරීමයි.
    2. යෝජනා ක්‍රමයේ අරමුදල් ප්‍රමාණය එනම් සම්භන්ධ වන පුද්ගලයින් ගෙවන මුදල් ප්‍රමාණය වැඩිවීම මත හෝ බොහෝ දුරට තීරණය වන්නා වූ ක්‍රමයක් මත.
    මෙම ව්‍යාපාර එකක්වත් රජයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලද ව්‍යාපාර නොවේ. ඒවා නීතිවිරෝධී වංචා ව්‍යාපාර.

    කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ?

    මේ ව්‍යාපාර විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මක වෙනවා. සමාජ සේවා ආයතන ලෙස, භාණ්ඩ හා සේවා අලෙවි කරන ආයතන ලෙස හෝ කෙලින්ම මුදල් ආයෝජනය කරන ව්‍යාපාර ලෙස පෙනී සිටිනවා. කෙසේ ක්‍රියාත්මක වුවත් මේවා සියල්ල නීති විරෝධී ව්‍යාපාර. ඒ නිසා මේවාට සම්භන්ධවන අපිත් නීති විරෝධී ක්‍රියාවකට සම්භන්ධ වෙනවා.

    මොනවද මේ ආයතන?

    ලංකාව තුල මෙම පිරමීඩ ක්‍රම ගොඩාක් ක්‍රියාත්මක වුනා. සමහරක් පිරමීඩ ව්‍යාපාර මේ වන විටත් නීතියේ රැහැනට හසුවී හමාරයි. නමුත් මේ වන විට තිබෙන නීති වලින් කපටි ලෙස රිoගා යමින් මෙම ජාවාරමේ නිරත වන ප්‍රධානම ආයතනය තමයි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් (Global Life Style). මේ ආයතනයට සාමාජිකයින් බදවාගන්න ආකාරය පිලිබඳව කෙටි විස්තරයක් බලමු. මේ සාමාජිකයින් මුලින්ම මේ ආයතනයට මූලිකව මුදලක් ලබාදී භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගන්න ඕනි (Rs. 10,000 ක් වටිනා භාණ්ඩයකට Rs. 60,000 කට අධික මුදලක් ගෙවමීන්). මේ භාණ්ඩ හෝ සේවා ලබාගන්න පුද්ගලයා එම භාණ්ඩ හෝ සේවා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට විකිනීම මගින් තමා වැය කල මුදල ඉපයීමට උත්සාහ ගන්නවා. මේ හරහා බොහෝ පිරිසක් මේ භාණ්ඩ හෝ සේවා මිලදී ගන්න පොලඹවා ගැනීම මත පිරමීඩාකාර ක්‍රමය ගොඩනගාගන්නවා.

    තමාගෙන් වැයවූ මුදල උපයාගැනීම සදහා බොරු සුරංගනා ලෝකවල් මවාපාමීන් තමන්ගේ හොදම යාලුවාව විතරක් නෙමෙයි තමන්ගේ දෙමාපියන්ව නෑදෑයින්ව උනත් මෙම පිරමීඩයේ පුරුක් පිරවීම සදහා ඔබ විසින් ඉතා පහත් ආකාරයෙන් භාවිතා කරනවා. නමුත් මාස කිහිපයක් ගත වූවාම තමයි ඔබට අවබෝධ වන්නේ තමන්ගේ මුදලුත්, ශ්‍රමයත්, කාලයත් හිතවතුනුත් මෙම පිරමීඩ ජාවරම මගින් තමන්ට අහිමි කරලා අවසානයි කියලා. නමුත් ඒ වන විට ඔබ ප්‍රමාද වැඩියි.

    මේ ආයතන මුලින්ම කරන්නේ මෙවන් පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු කරගෙන වැඩමුලු සහ දේශන පැවැත්වීමයි. මේ දැනුවත් කිරීමේ දේශන හරහා අපිට කිසිම අවශ්‍යතාවයක් නැති කිසි වැදගැම්මකට නැති භාණ්ඩයක් තමයි විකුණන්නේ. ඒකත් වෙළඳපලේ මිලට වඩා වැඩි මිලක තමයි විකුණන්නේ. මේ විදිහට භාණ්ඩ විකිණීමේ දාමයේ අවසානය කුමක්ද? ඔබ දන්නවාද? මේ විදිහට පහලට සාමාජිකයෝ බදවාගැනීම කරගෙන යනවිට අපේ ලංකාවේ ජනගහනය වන කෝටි දෙක ස්තර නැත්නම් තට්ටු පනහක් (50) විතර යද්දි ඉවර වෙනවා.

    මොළ සේදීම නොහොත් Brain Wash කිරීම

    මෙම ආයතනයේ මූලිකම වෙළෙද උපක්‍රමය තමයි සාමාජිකයින්ගේ මොළ සේදීම නොහොත් Brain Wash කිරීම. මේ සදහා විවිධ වැඩමුලු පවත්වමින් විශාල මුදලක් මෙම ආයතනය වැය කරනවා. එක් දින වැඩමුලු මෙන්ම දින කිහිපයක වැඩමුලුද මොවුන් විසින් පවත්වනවා. එම වැඩමුලු වලින් කරනුයේ ප්‍රභාකරන් විසින් මරාගෙන මැරීම සදහා කොටි සාමාජිකයින්ගේ මොළ සේදුවාට සමාන වැඩකි. මෙම වැඩමුලුවලින් එලියට පැමිණෙන්නේ මුදල් ඉපයීම වෙනුවෙන් එනම් පිරමීඩයේ තම පුරුක් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ඕනෑම ආකාරයේ පහත් ක්‍රියාවක් කිරීමට පෙලඹෙන පුද්ගලයෙකි.

    බොරු කීම සහ සුරංගනා ලෝක මවා පෙන්වීම

    මෙම Global Life Style ආයතනයේ වැඩමුලුවලට සහභාගී වූ අයගේ ප්‍රධානම ලක්ෂණයක් තමයි අතේ අහු වන බොරු කීම සහ සුරංගනා ලෝක මවා පෙන්වීම. ඔවුන් විසින් ඉතාමත්ම පහත් අන්දමින් තමාගේ ලගම යාලුවන්ව, නෑදෑයින්ව මෙන්ම හිතවතුන්ව විව්ධ බොරු කතා කියමින් සුරංගනා ලෝක වල අතරමන් කරවනවා. ඔවුන් ප්‍රකාශ කරනුයේ මුදල් ඉපයිය හැකි හොදම පහසුම ක්‍රමය මෙය බවයි. එමෙන්ම ඔවුන් පවසන්නේ අපිට මාස කිහිපයක් මෙම ජාවාරමේ යෙදීමෙන් Ferrari Cars මිලදී ගත හැකි බවයි. එමෙන්ම Ferrari Car එකක් මිලදී ගැනීමේදී ආයතනය මගින් 50% ක මුදලක් ලබාදෙන බවයි. ඉතින් මුදලට ගිජු මිනිසුන් පහසුවෙන්ම මෙම ආයතනයේ ගොදුරක් බවට පත් වනවා. ආයතනයට නව සාමාජිකයින් බදවා ගැනීම සදහා ගමන් කිරීමට ඉන්ධන දහනය අඩු CT 100 මෝටර් බයිසිකයක් මිලදී ගන්න යැයි කියන මොවුන් පිරමීඩයේ ඉහල සාමාජිකයින් විසින් Ferrari වැනි මෝථර් රථ මිලදී ගන්නා බවට සාමාජිකයින් තුල විශ්වාසයක් ඇතිකරවා මෙම ජාවාරම පිළිබදව විශාල ඇල්මක් සහ පිස්සුවක් ඇති කරවනවා. මෙම උදාහරණයෙන් ඔබට තේරුම් ගන්න පුලුවන් මෙම ආයතනය මතුපිටින් පෙන්වන දෙය නෙමේ සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන්නේ කියලා. මෙම ආයතනයේ සාමාජිකයින් බොරුවෙන් ජීවත් වන පිරිසකි.

    ආදායම් ලබන්නේ කවුද?

    මේ ආයතන ලංකාවේ ආයතන නෙවේ. මේවා පිටරට මහාපරිමාන ව්‍යාපාරිකයින්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔබ ගෙවන මුදලින් ප්‍රතිලාභ ලබන්නේ මේ ජාලයේ ඉහලම ඉන්න පිරිස පමනයි. ඔබට ලැබෙන්නේ මුලාව පමණයි.
    මේ නීති විරොධී ව්‍යාපාරවල නිරත වීම් නිසා දඩුවම් ලබන පිරිස් ගැන ඔබ අහලා ඇති. සක්විති රණ්සිංහ, ගෝල්ඩන් කී වැනි ආයතන වල පුද්ගලයින් මෙවැනි නීති විරොධී ව්‍යාපාරවල යෙදී මේ වන විට නීතියෙන් වරදකරුවන් වී සිටින අයයි.

    අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි විදෙශ් රවවල හොරුන්ගේ අතට යවන්න එපා

    මෙම Global Life Style ආයතනය පවත්වාගෙන යනුයේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි දෙමළ ජාතිකයෙකි. ඔබ විසින් මෙම පිරමීඩයට සම්බන්ධ කරගන්නා සෑම පුද්ගලයෙකුම භාණ්ඩය මිලදී ගැනීම වෙනුවෙන් වියදම් කරන මුදලෙන් යම් කොටසක් මෙම පුද්ගලයාට ලැබෙනවා.

    මෙම ආයතනය දැනට පවතින නීති වලින් රිoගලා තමයි මේ ජාවාරම කරන්නේ

    අප රටේ පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කිරීමත් ඒවාට කුමන ආකාරයකින් හෝ සම්බන්ධවීමත් 100% ක්ම නීති විරෝධී බව ඔබ හොදින් මතක තබා ගත යුතුයි. නමුත් Global Life Style ආයතනය මෙම නීති වල තිබෙන හිඩැස් වලින් රිoගලා තමයි දැනට මෙම ජාවාරමේ යෙදෙන්නේ. ඔවුන් පිරමීඩය ක්‍රියාත්මක කිරීමට පහළ ස්ථර වල සිටින සාමාජිකයින්ව දේශන මගින් පොළඹවන නමුත් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයේ කිසිවෙකු තමන් සාමාජිකයින් බදවා ගැනීමට උපදෙස් දෙන බව පිළිගන්නේ නැහැ.
    එමෙන්ම එම ආයතනය (Global Life Style) විසින් කිසිම වටිනාකමක් නොමැති භාණ්ඩ හා සේවාවන් කිහිපයක් තමන්ගේ මෙම පිරමීඩ ජාවාරම නීතියේ රැහැනින් පලා යෑම සදහා මෙවලමක් වශයෙන් භාවිතා කරනවා. වෙළෙදෙපොලේ Rs. 10,000 ක් පමණ වටිනාකමකින් යුතු භාණ්ඩ මෙම ආයතනය විසින් තම සාමාජිකයින්ට විකුණනුයේ Rs. 60,000 කටත් වැඩි මුදලකටයි. ඉතින් ඔබම සිතා බලන්න ඔවුන් විසින් මෙම භාණ්ඩ විකිණීම භාවිත කරනුයේ නීතියේ රැහැනින් මිදීමට මෙවලමක් වශයෙන් පමණයි. ඇත්ත වශයෙන්ම ඔවුන් කරනුයේ මුදල් ලබාගෙන ඔබව පිරමීඩ ජාවාරමට සම්බන්ධ කර ගැනීමයි.
    නමුත් භාණ්ඩයක් ලබානොදී ඔබගෙන් මුදල් පමණක් අය කර සාමාජිකත්වය ලබාදීම පිරමීඩ ජාවාරමක් බව තහවුරු වී එම ආයතනයත් එහි සාමාජිකයිනුත් පහසුවෙන්ම නීතියේ රැහැනට පත්වන නිසා මෙම ආයතනය සිදු කරනුයේ කිසිදු මූල්‍යමය වටිනාකමක් නොමැති භාණ්ඩයක් ඔබට නාමමාත්‍රිකව ලබාදී මෙම පිරමීඩ උගුලට ඔබව හසු කරගෙන නීතියෙන්ද පැන යාමයි. බුදිධිමත් ඔබට මෙය තේරුම් ගැනීම එතරම් අපහසු වෙන එකක් නැහැ කියලයි අප විශ්වාස කරනුයේ.
    ඔබ දැන දැනත් වෙළෙදපොලේ Rs. 10,000 ක් වටිනා භාණ්ඩයක් Rs. 60,000 කට ඔවුන්ගෙන් මිළදී ගන්නවා කියන්නේ ඔබ Rs. 50,000 ක් ගෙවා ඔවුන්ගේ සාමාජිකත්වය ලබාගෙන පිරමීඩ ජාවාරමට සම්බන්ධ වූවා කියන එක නේද? මෙතනදි ඔබ මිලදී ගන්නා භාණ්ඩය වැදගත් වනුයේ නීතියෙන් ගැලවීම සදහා පමණයි නේද? ඉතින් ඇයි ඔබ ඔබවම රවටා ගන්නේ?

    ඉස්සරහට අලුත් නීති එනවා……….

    දැනට මෙම ආයතනය භාණ්ඩ විකිණීම මුවාවෙන් කරගෙන යනු ලබන මෙම ජාවරම නීතියේ රැහැනට හසු නොවුනත් ඉදිරි මාස කිහිපයේදී මහ බැංකුව විසින් අලුත් නීති කිහිපයක්ම ගෙන එනු ලබනවා. එවිට මෙම ආයතනයට නීතියේ රැහැනින් පලා යාමට හැකි වන්නේ නැහැ. මෙම නීති නිසි ලෙස ක්‍රියාත්මක වන විට මෙම පිරමීඩ ජාවාරමට සම්බන්ධවූ ඔබ සියලුම දෙනාට තරා තිරම නොබලා දඩුවම් විදීමට සිදුවනවා. එම නිසා ඔබ දැනටමත් මෙම ජාවාරමට හසු වූ අයෙක් නම් ලගම තිබෙන පොලිසියට පැමිණිලි කරන්න. යම් පුදගලයෙක් ඔබව මෙම ජාවාරමට සම්බන්ධ කර ගැනීමට පොලබවනවානම් ඔබට ඒ මොහොතේම පැමිණිල්ලක් යොමු කරන්නට පුලුවන්. ඔබ රවටලා අපේ මුදල් පිටරට පටවන මෙවන් ව්‍යාපාර පිලිබඳව මහ බැංකුව වැනි රජයේ ආයතන දැනුවත් කරන්න. මේ තියෙන්නේ මහ බැංකුවේ දුරකතන අංක, 0112477100, 0112477105.

    ඔබ බුද්ධිමත් වන්න. මෙවන් වංචාවන්ට අසුවී මුලාවේ වැටෙන්න එපා.

    ඔබගේ යාලුවන්ව හිතවතුන්ව මෙම පිරමීඩ ජාවාරමෙන් මුදවා ගන්න ඔබත් අප සමගින් පෙරට එන්න.


    https://www.facebook.com/antipyramidsrilanka/posts/1580395108915940
     
    • Like
    Reactions: upulpdn

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Uba 2009 elkiriyta awith thiyenne e kiyanne e daws wala idan net enawa
    Piramid gana kohewath dakalama nadda
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Scam ekak nisa ban salli generate wena widihak naha ne
    commission awlak naha ,pyramid widihata commission share wena eka awlak naha afaik
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාරාවෝ රජවරුන්ට අගෞරවයක් වෙන නිසා ? :oo: ක්ලියෝපැට්‍රට එහෙම ? :eek: මමී කියන්නත් එපා කියනවනෙ ටීවි එකේ වැඩසටහන් වල එහෙම :D
    bump
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    GlobalL2_600px_16_01_21.jpg

    පිරමිඩ් කියන්නෙ රජයෙන් තහනම් කරපූ නීති විරෝදී ජාවාරමක්...පත්තර පිටු පිරෙන්න මහබැංකුවෙන් ඇඩ් දාල තියෙනව උබ දැකලම නැද්ද...?දැන දැන අමාරුවේ වැටෙන්නෙ මොකටද...?මතකනෙ සක්විති...අපේ උන් වැඩි තන්හාවට ගිහින් කෙලව ගත්ත...
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    පිරමීඩ් එපා කියන්නෙ මේකයි.

    1. ඕකෙ මුලම ඉන්න එකා ගොඩක් වෙලාවට ලංකාවෙ එකෙක් නෙවෙයි. ලංකාවෙ ලොකුම එකා කියල කියයාගන්න පොරක් ඉන්නවා තමයි. ඒත් ඌත් වෙන රටක එකෙක්ගෙ යටින් ඉන්න එකෙක්. (ඔය බුරාගෙන එන එක පිරමීඩ කාරයෙක්වත් දන්නෙ නෑ ඒක. මොකද ලංකාවෙ සමාගමක් විදියට ලියාපදිංචි කලාට පස්සෙ උගේ නමින් තමයි වැඩේ දුවන්නෙ.)

    2. ලංකාවෙ එකෙක් ඕකට අහු උනාම කොහොම හරි අනිත් උන්වත් ඇදල දාන්නනේ බලන්නෙ. හොඳම යාලුවන්ගෙන් තමයි පටන් ගන්නෙ. අනිත් එක දේශන තියලා, කෑම්ප් ගහලා ආතල් දීලා මොලේ හේදුවට පස්සෙ උෟවත් දන්නෙ නෑ ඌ කරන්නෙ මොකද්ද කියලා. නොදන්න ලබ්බවල් වෙනුවෙන් පුක ඉරාගෙන පෙනී හිටිනවා. දෙකයි පනහක් හොයාගන්න. කොහොමහරි එකතුවෙන income එකෙන් 50%කට වඩා පිටරටවල ඉන්න උඩින් එවුන්ට යනවා. ලංකාවෙ සල්ලි ටික නිකරුනේ පිටරටවල් වලට යන එක කොච්චර අපරාධයක්ද? (මම නම් කියන්නෙ ඔය යෝජනාව ගේන එකා උඹේ යාලුවෙක් නම් ඌ සිරා යාලුවෙක් නෙවෙයි. ඌ සල්ලි වලට ඕනෙම බලුවැඩක් කරන එකෙක්)

    3. ඔය ඕනෙම පිරමීඩෙකින් ගන්න කිසිම බඩුවකින් කිසිම ලාබයක් නෑ. පාඩුවක් මිස. සමහර බ්‍රෑන්ඩඩ් අයිටම්ස් හොරට ගහලත් වොරන්ටි එක්ක දෙන තැන් තියනවා. සමහර අහලවත් නැති අයිටමස් තියනවා. දෙකයි පනහට අරන් ගිණි ගානකට විකුණන්න බැරිනම් පිරමිඩ් එකක් නඩත්තු කරන්න බෑ.

    4. ඔය පිරමීඩ කඩවල්වල හැම ලබ්බක්ම තියනවා කිව්වට ගිහින් බලපල්ලකෝ මොනවද තියෙන්නෙ කියල. ඕකෙ තියෙන්නෙ අර වගේ දෙකයි පනහට නිශ්පාදනය කරලා ගිණි ගනන් වලට විකුණන් පුලුවන් බඩු ටික විතරයි. ඒක වහගන්න සීනි, හාල් පොල් වගේ ඒවයි, තව නමගියපු බ්‍රෑන්ඩ් දෙක තුනකුයි තියනවා

    4. ආදායම් බෙදෙනකොට උඩ ඉන්න අයට තමයි ඉස්සෙල්ලම බෙදන්නෙ. යට අයට එන්නෙ ඉතුරු උනොත් විතරයි. ඒක තමන්ටම බලාගන්න පුලුවන් ඔකට බැඳිල ටිකදවසක් යද්දි සතියෙන් සතිය ආපු ඉන්කම් එක සති දෙකෙන් දෙකට එන්න පටන් ගන්නවා. ඊට පස්සෙ මාසෙන් මාසෙට එන්න පටන් ගන්නවා. ඒකෙ තේරුම තමයි යට ඉන්න උන්ට කෙලවෙන්න ඊතා ආසන්නයි කියන එක.

    4. ඔය සේල්ස් ඒජන්ඩ් අනං මනං පට්ටම් තිබ්බට අන්තිමට කරන්න වෙන්නෙ කට්ටිය බඳව ගන්න එක තමයි. එහෙම කලේ නැත්නම් කීයටවත් ඉන්කම් එකක් එන්නෙ නෑ. ඒ බඳවගන්න වැඩේ හැමෝටම කරන්න බැහැනෙ. යාලුවො, අසල්වැසියො, නෑදෑයො අමාරුවෙ දාන්න බැරි උන් ඒක දිගටම ඇදගෙන යන්නෙ නෑ. එතනින් නවත්තනවා. එතකොට ඌට වෙන්නෙ පාඩුවක් විතරයි.

    5. අපේ රටේ ජනගහනේ එක්ක පිරමීඩ් කෙරුවාව දිගටම කරන්න බෑ. නිකමට පිරමීඩ් එකක් හදල බලපන්කො කොච්චර මිනිස්සු ගානක් යටට එනවද කියල. ඔලුවක් තියන ඕනෙම එකෙකුට තේරෙනවා ලෙවල් ගානක් ගියාට පස්සෙ යටම ඉන්න ලොකුම සෙට් එකට තවදුරටත් ඒක ඇදගෙන යන්න බෑ කියල.

    6. අනිත් එක මචන්ලා ටිකක් බලපන් ඔය මහලෙකු ඒජන්ට්ල එකෙක්ටවත් ලොරියක් තියනවද කියල බඩු ට්‍රාන්ස්පෝට් කරන්න? යකෝ බඩු විකුණනවනම් ලොරියක් තියෙන්න එපායෙ. මුන්ට තියෙන්නෙ කාර් විතරනෙ. ඔලුවක් තියන උන් තේරුම් ගනිල්ලා. අධ්‍යාපන සුදුසුකම් නැත්නම් ඒවා හදාගෙන සමාජෙ පිලිගත්තු රස්සාවක් කරපල්ලා. නිකන් පිරමීඩකාරයා කියල චාටර් වෙන්නෙ නැතුව

    7. පිරමීඩකාරයො මේක දැකල බුරාගෙන එන්න එපා පීස්.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    පාරාවෝ රජවරුන්ට අගෞරවයක් වෙන නිසා ? :oo: ක්ලියෝපැට්‍රට එහෙම ? :eek: මමී කියන්නත් එපා කියනවනෙ ටීවි එකේ වැඩසටහන් වල එහෙම :D
    bump

    thank you fren hugak danuwath una :):)