Mama kiyanne danna coin eka gana newei hodama coin eka gana.. I don't care what others think..![]()
btw fyi this is not the only coin I know about and I have done a research paper on cryptocurrencies.
Research paper eka dapanko

Mama kiyanne danna coin eka gana newei hodama coin eka gana.. I don't care what others think..![]()
btw fyi this is not the only coin I know about and I have done a research paper on cryptocurrencies.

me kiyana taram speed difference ekak tiynawada ripple and BTC athara?
BTC danata circulate wenne coin 16M max yanna puluwan 21M withrai But Ripple eke 100 billion wenakam coin paramane wadi wenna puluwan lu danata 38b tiynwa kiyanawa
Ripple japan ans S korean banks test karanawa kiyanawa payment system ekak hatiyata use karanna. ATh mata tiyena prashne me kiyana taram BTc chain ekata wada speed da? oya article eke chart eke penanna taram?https://www.thesun.co.uk/money/5127849/ripple-price-cryptocurrency-xrp-spiked-where-buy-how-work/
machn ripple ganwanan mona broker genda ganna oni ?

mamath subject ekata aluth. man danata ripple aran inne... cex io eken card dala ganna pluwan nisa man eken gatha. bitterex ekenth ganna puluwan ath biterex ekata card danna ba btc walin ganna one anik currency. binance eketh ehemai . man dan polonix eketh account haduwa tama trade kare cex io eken withrai.
cex io eken ganna lesi card eken salli transfer karala nam ganne. btc danata tiyenawanam ewa dila nam XPR ganne bitterex or binance eken ganna puluwan.
cex io eke buyer and seller dennagema price satha 5kin wadi namuth eka ok depatatama balance nisa![]()

Thanks machn math Ripple ganna inne umba kiyak gathada![]()

ලොස්ට් වෙන්න බය නැති අය OMG ගන්න
ලොකු දෙයක් වෙන්න හදනවා..එක්කෝ OMG නැති වෙලාම යන්න හදන්නේ![]()




මේ දවස්වල cryptocurrencies ගැන ගොඩක් දෙනෙක් කතා වෙනවා. ඉතින් මටත් හිතුණා එළකිරි එකේ මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න. හැබැයි මේක නොදැන කළොත් ගොඩක් වෙලාවට තියෙන සල්ලි ටිකත් නැති වෙන්න අවදානමක් තියෙනවා. හැබැයි හරියට අධ්‍යයනය කරලා කළොත් එකේ තියන සල්ලි දෙගුණ තෙගුණ වුනත් කරන්න පුළුවන්.
![]()
මම ඇත්තටම මේක පටන් ගත්තේ මීට මාස පහ හයකට කලින්. ඒ වෙනකොට වැඩිය මේක ගැන තිබුණෙ නැහැ එළකිරි එකේ. එක එක සයිට් වලට ගිහින් ඒවා අධ්‍යයනය කලා. උදාහරණයක් විදියට coinmarketcap කියන සයිට් එකේ අපිට බලා ගන්න පුළුවන් මොනවද අන්තිම පැය 24 ඇතුළත, අන්තිම සතිය ඇතුළත, අන්තිම පැය ඇතුළත ඉහල පහල යන altcoins කියලා. මේ තොරතුරු එක්ක අපිට පුළුවන් තීරණයකට එන්න මේ coin එක වැඩි වෙයි ද එහෙමත් නැත්නම් අඩු වෙයි ද කියලා. හරි මුලින්ම අපි බලමු මේ altcoins කියන්නේ මොනවද කියලා.
මොනවද ඇත්තටම මේ ALTcoins කියන්නේ?
Altcoins කියන්නේ alternative coins කියන එක කෙටියෙන්. ඔයාලා හැමෝම දන්නවා bitcoins තමයි මේ cryptocurrency market එකේ පියා ලෙස සලකන්නේ කියලා. ඒ ඇරුනහම Etherium, Litecoin වගේ coins නුත් මූලික coins ලෙස සලකනවා. ඉතින් මේ 3 ඇරුනහම අනෙක් සියලු ම coins, alternative coins ලෙස සලකනවා. හැබැයි මෙම alternative coins දවසක ප්‍රධාන coin එකක් වෙන්න ඉඩ කඩ තියෙනවා. Bitcoin වුනත් පටන් ගත්තේ ඩොලර් සත ගණන්. වලින් ඒ දවස්වල අපි $10ක Bitcoin අරන් තිබුණ නම් මේ වෙද්දී ඒවා වල අගය ඩොලර් පනස් දාහකටත් වැඩියි. ඉතින් දැන් කට්ටියට තේරෙනවනේ. ඉස්සරහට Bitcoin වෙන්න පුළුවන් ජාතියෙ Altcoins කිහිපයක් හරිහැටි හඳුනා ගෙන දැම්මම වෙන්කරවා ගන්න එක ඉදිරියට කරන විශාල ආයෝජනයක්!
කොහොමද මේ Altcoins වල ආයෝජනය කරන්නේ?
අපිට දිගු කාලීනව වගේම කෙටිකාලිනවත් මෙම altcoins වල ආයෝජනය කරන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්ව වගේ පොඩි ගණනකට තියෙන කොට අරන් තියාගෙන ඉඳලා අගය වැඩි වුනාට පස්සේ විකුණන එක තමයි සාමාන්‍යයෙන් දිගු කාලීන ආයෝජනයක් වෙන්නේ. මෙතන තියන ප්‍රශ්නය තමයි මේ විදිහට ආයෝජනය කරන්න coin එකක් හිතා ගන්න එක ලේසි දෙයක් නෙමෙයි මොකද ඒ සඳහා ගොඩක් market එක අධ්‍යයනය කරන්න වෙනවා. සති ගණන් මාකට් එකේ වෙනස් වීම් ගැන අවබෝධයෙන් ඉන්න වෙනවා. අනික මේ විදියට ප්‍රතිලාභ ලබන්න ලොකු කාලයක් ගත වෙනවා. Bitcoin වුනත් මේ තත්ත්වයට පත්වෙන්න අවුරුදු දහයක් පමණ ගතවුණා. ඒක ටිකක් advanced නිසා අපි ඒක ගැන වෙනමම Thread එකකින් කතා කරමු. දැන් අපි බලමු මොනවද කෙටි කාලීන ප්‍රතිලාභ ගන්න පුළුවන් ආයෝජන ක්‍රම කියලා.
සැලකිය යුතුයි! cryptocurrency වල ආයෝජනය කිරීම අධික අවදානම් සහිත ආයෝජනයකි. එම නිසා ඔබට අලාභය විඳ දරා ගැනීමට හැකිනම් පමණක් මෙය උත්සහ කරන ලෙස ඉල්ලමි.
Altcoin හුවමාරු කිරීම හෙවත් Coin Flipping
මෙහිදී අපි කරන්නේ යම්කිසි Altcoin එකක කෙටි කාලීන වර්ධනයක් දුටු විගස යම් අධ්‍යයනයක් කර එයින් යම්කිසි ප්‍රමාණයක් මිල දී ගෙන අප බලා බලාපොරොත්තු වූ අගය වැඩිවීම සිදු වූ පසු වැඩි අගය වැඩි අගයකට විකිණීමයි. මේ සඳහා Poloniex, Bittrex වැනි විශ්වාසවන්ත exchange සයිට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ගොඩක් වෙබ් සයිට් වල ප්‍රධාන currency එක විදිහට භාවිතා කරන්නේ Bitcoin. ඒ නිසා මේ සයිට් වල මුදල් තැන්පත් කරන්න කලින් Bitcoin වලට මාරුකරන්න වෙනවා. ඒ සඳහා cex.io, WeMoveCoins වැනි සයිට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. කවදාවත් අලුතෙන් එන සයිට් වලින් Bitcoin මිලදී ගන්න එපා මොකද ගොඩක් sites අපගේ credit card විස්තර හොරකම් කරනවා.
Bittrex එක්ක ආයෝජනය කරන හැටි
මුලින්ම ඔයාගේ account එකට log වෙලා wallet කියන එකට යන්න. මෙතන currency list එකක් ඔයාට බලාගන්න පුලුවන්. මේ currencies වල තමයි අපි ඉදිරියට ආයෝජනය කරන්නේ. දැන් මෙතන Bitcoin කියන තැන ඉස්සරහින් තියන + mark එක click කරන්න. එතකොට ඔයාලට Bitcoin තැන්පත් කරන්න address එකක් පෙන්නනවා. ඒ address එකට තමයි ඔයා exchange website එකකින් Bitcoin තැන්පත් කරන්න ඕනේ. මම හිතනවා ඔයාලට මේ පියවර පැහැදිලියි කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න.
![]()
ඔයාට ඕන ප්‍රමාණය තැන්පත් කළාට පස්සේ confirmations තුනකින් පස්සේ තමයි balance එක account එකේ පෙන්නන්නේ. බොහෝ වෙලාවට මේක වෙන්න යන්නේ විනාඩි දහයක් විස්සක් වගේ කාලයක්.
හරි දැන් Bitcoin ඔයාගේ account එකේ තැන්පත් කළාට පස්සේ කරන්න ඕනෙ කෙටිකාලීනව වර්ධනය වන altcoin එකක් හොයා ගන්න එක. ඒකට ඔයාට coinmarketcap වෙබ් සයිට් එක use කරන්න පුළුවන්. coinmarketcap එකට ගිහින් Trending කියන section එකේ Gainers and Losers එකට යන්න. ගිහින් browser එකේ Tabs දෙකක් open කරගෙන එකක අන්තිම පැය 24න් අනිත් එකේ අන්තිම දවස් හතෙන් coins වල වෙනස් වීම් අධ්‍යයනය කරන්න. එතකොට ඔයාලාට බලාගන්න පුළුවන් පසුගිය දවස් හතේ වගේම අන්තිම පැය 24ත් අගය වැඩිවන coins මොනවද කියලා. අපි අවධානය යොමු කරන්නට ඕන මෙන්න මේ coin ගැන, මොකද මේ coin තමයි බොහෝ දුරට ඉදිරි කෙටි කාලය තුළත් වැඩි වෙන්න ඉඩ තියෙන්නේ. පල්ලෙහා screenshot එකේ මම highlight කළා එහෙම අදුර ගත්ත coins ටිකක්.
![]()
හැබැයි මේවා වල Volume එක බැලුවහම 3ක් ඇරෙන්න අනිත් ඒවා සාපේක්ෂව ගොඩක් අඩුවෙන් තමයි බලාගන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට volume එක $100,000කට වැඩි ඒව තමයි තෝරගන්නේ. ඉතින් මෙතැන $100,000කට වඩා පැහැදිලිවම ලොකු පරතරයකින් වැඩියි Energycoin, NAVcoin සහ ZClassic. මේ නිසා අපි ඒ coins 3 ගැන තොරතුරු තවදුරටත් අධ්‍යයනය කරමු.
මේ coin වල නම උඩ click කරහම ඔයාලාට ඒ coin එකේ ඉතිහාසය ගැන වෙනම chart එකක් බලාගන්න පුළුවන්. මේ chart එක දිහා බැලුවහම අපිට කියන්න පුළුවන් අසාමාන්‍ය ව්‍යාජ වැඩිවීමක් ද නැත්නම් ස්වාභාවික වැඩි වීමක් ද කියලා. ස්වාභාවික වැඩි වීමක් නම් මම කරන්නේ මගේ Bitcoin වලින් 10% විතර මේ coin එක මිලදී ගන්න එකයි. Bittrex account එකේ Wallet එකට ගිහින් අපිට පුලුවන් අදාල altcoin එක search කරලා එකෙන් අපිට කැමති ප්‍රමාණයක් මිල දී ගන්න. එහෙම මිල දී ගත්තාට පස්සේ දවසක් දෙකක් තියලා 10%ක් වත් profit එකක් ආවම ඒක sell කරලා Bitcoin වලට convert කරන්න පුළුවන්. මෙන්න මේ විදියට ඔයාලාට පුළුවන් සුළු ප්‍රමාණයක් යොදා ගෙන ටිකෙන් ටික ඒ ප්‍රමාණය වැඩි කර ගන්න. මෙහි දී සැලකිලිමත් වෙන්න ඕනෙ දෙයක් තමයි කලබල නොවී හොඳට මාකට් එක බලලා coins ගන්න එක මොකද සමහර coins තියෙනවා ව්‍යාජ ලෙස අගය වැඩි කරලා තියෙන. ලොකුවට Invest කරන අය කරන්නේ (Big Players ලා) එම coin එකේ ලොකු ප්‍රමාණයක් එකවර මිල දී ගන්න එක. එතකොට අසාමාන්‍ය ලෙස ඒ coin එකේ අගය වැඩි වෙනවා. ඉතින් ගොඩක් අය කරන්නේ ඒ coin එක මිල දී ගන්න එක. එතකොට coin එකේ අගය තව තවත් වැඩි වෙනවා. මෙන්න මේ වෙලාවට අර invest කරපු කෙනා කරන්නේ තමන් මිල දී ගත්ත coin ප්‍රමාණය එක්වර විකිණීමයි. එතකොට ඔහුට ලොකු ලාභයක් ලැබෙනවා. හදිස්සි වෙලා හරි අධ්‍යයනයක් නොකර මිල දී ගත්ත අනිත් හැමෝම අමාරුවෙ වැටෙනවා. අන්න ඒ නිසා ක්‍රමානුකූල ව වැඩි වෙන coin එකක් තෝරා ගන්න එක ටිකක් අමාරු වැඩක්. හැබැයි පුරුදු උනාට පස්සේ ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි.
මෙන්න මේ විදිහට ඔයාලාට පුළුවන් ටිකෙන් ටික ඔයාගේ account එකේ තියෙන Bitcoin ප්‍රමාණය වැඩිකර ගන්න. කිසිම වෙලාවක Bitcoin වලින් 100%ක් ම එක coin එකක් මිලදී ගන්න යොදවන්න එපා. හැමවෙලේම coins කිහිපයකට කොටස් කරලා invest කරන්න. මම මුලින් පටන් ගත්තේ $100කින්. මාස 5කින් ඒ මුදල ඩොලර් 3500ක් බවට පත් කරන්න මට පුළුවන් වුණා. පස්සේ ඒ මුදලින් $3400ක් withdraw කරල ඉතිරි $100 ආයෙමත් ඩොලර් $600ක් කරන්න සතියකින් මට පුළුවන් වුනා. ඔයාලාට Bitcoin withdraw කරන්න XMLGold කියන site එක පාවිච්චි කරන්න පුළුවන් මොකද cex.io සයිට් එකේ withdrawal fees ගොඩක් වැඩි නිසා.
ටයිප් කරලා අතත් රිදෙනවාමම හිතනවා ඔයාලාට යම් අවබෝධයක් එන්න ඇති කියලා altcoins flipping ගැන. ඉදිරියේ දිගුකාලින ආයෝජන ක්‍රම ගැනත් Thread එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න තියනවනම් මේ Thread එකේ ම අහන්න මොකද එතකොට ඒකෙන් අනික් අයටත් උදව්වක් වෙන නිසා. එහෙනම් ජය වේවා හැමෝටම!

machan CEX.IO eken BT 0.001 gaththa....eka dan bittrex ekata yavanne kohomada??
bitterex ekey veryfy karala address ekath gaththa...eth yawanne kohomada kiyala danne naha
0.001 okkoma feeth ekka keeyak giyada ban maam aragena na onen fee wadiyi wagee nisa.
bitterex eke wallets eka click karahan machan,eke ahule thiyanawa account wrga tika,eken btc nam thyenne uba gawa eke mulama thiyanawa "+" "-" dekak,eke + deposit -withdraw + click karapuwahama adala coin eke deposit address eka hambawenawa eka cex.io ekata deela btc ganna therenne nathi monawa hari thibboth dahan machan
oka yawanna bari wei ban..machan CEX.IO eken BT 0.001 gaththa....eka dan bittrex ekata yavanne kohomada??
bitterex ekey veryfy karala address ekath gaththa...eth yawanne kohomada kiyala danne naha
transaction fee eka witharak BTC 0.001 ne 
oka yawanna bari wei ban..transaction fee eka witharak BTC 0.001 ne
![]()
mageth XAPO wallet eke BTC 0.0025 hira wela thiyenawa. ganna widiyak na. ekko USD karanna one. wena wallet ekakata yawanna ba fee eka nisa.

