2018 නව වාහන Number Plate

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    RFID-enabled license plates to identify vehicles.
    xrfid.jpg.pagespeed.ic.0jrXhvgcEE.jpg


    ඕනෑම මෝටර් රථ වාහනයක ලියාපදිංචි අංකය, චැසි අංකය පිළිබඳ තොරතුරු ලබාගත හැකි RFID චිප් එකක් ලබන වසරේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සෑම වාහනයකටම හඳුන්වා දෙන්නට නියමිතය.

    මෙම චිප් එක මෝටර් රථ අංක තහඩුවේ හා ස්‌ටිකරයේ භාවිත කෙරෙන විශේෂ ඉලෙක්‌ට්‍රොනික උපකරණයක්‌ තුළ රඳවා ඇත.

    පොලිසියට මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කීපයකට මෙම දත්ත විමසිය හැති අතර මෙමගින් ලියාපදිංචි වාහන සොරකම් කිරීම් අවම කිරීමට මෙන්ම අපරාධ විමර්ශනයේදී අතිශය වාසිදායි දත්ත ලබාගැනීමට හැකිවනු ඇත. ‍

    මෙමගින් ඇති වාසි,
    මෝටර් රථ වල නොම්බර තහඩුව හදුනා ගන්න කැමරා වලට වැස්ස, මීදුම හා දුවීලි ආදිය ඇති විට නිවැරදි කියවුමක් ලබා ගත නොහැකි වීම මෙමගින් මඟහරවා ගත හැකිය.

    වාහන සොරකම් කර ගෙන පලා යන විට ක්ෂනිකව හඳුනාගත හැකිය. ඒ කියන්නේ වාහනේ නැතිවුණා කියලා පොලිසියට පැමිණිලි කල සැනින් පොලිසියට RFID නිරීක්ෂන මධ්‍යස්ථන හරහා මෙම වාහනය ගමන් කල විස්තර සොයාගත හැකිය.

    මෙය ක්‍රියාත්මක වන ආකාරය.
    20151230233715_74149.png


    බොහෝ රටවල මෙවැනි ආරක්ෂන ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක වේ.

    ලංකාවේ ක්‍රියාත්මක කරන්නේ Passive RFID ක්‍රමය බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. නමුත් තාක්ෂණිකව මෙම ක්‍රමය අසාර්ථක බව පෙනී යයි. වෙනත් රටවල ක්‍රියාත්මක වනනේ Active RFID ක්‍රමයයි. මෙහි විද්්‍යුත් පරිපථය වසර ගණනාවක් බලය දෙන කුඩා බැටරියකින් පණ ගැන්වේ.

    Active RFID එකක් පහල දැක්වේ.
    2lxe13c.jpg


    දැනට කටුනායක අධිවේගී මාර්මෙගයේ RDA මගින් ගාස්තු අයකර ගැනීම සදහා මෙවැනි ක්‍රමයක් භාවිතා කරයි.

    මේ මගින් පුද්ගලිකත්වයට හානි සිදුවනවා යැයි කීම විහිළුවකි.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ


    කාර් එක හොරකන් කලා .ප්ලෙට් එක වෙනස් කලා.වෙන නම්බර් ප්ලෙට් එකක් දාගත්තා දිවුවා .වෑඩේ ඉවරයි.
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Wahana ussana ekata plate eka galawanna bari wena ekai prashne



    කාර් එක හොරකන් කලා .ප්ලෙට් එක වෙනස් කලා.වෙන නම්බර් ප්ලෙට් එකක් දාගත්තා දිවුවා .වෑඩේ ඉවරයි.

    Number plate එකයි, windshield sticker එකයි දෙකම වෙනස් කරන්න වෙනවා. මම හිතන්නේ windshield sticker එකේ Passive RFID එකක් තියෙන්නේ. Number Plate එකේ Active RFID එකක් ඇත්තේ.
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Number plate එකයි, windshield sticker එකයි දෙකම වෙනස් කරන්න වෙනවා. මම හිතන්නේ windshield sticker එකේ Passive RFID එකක් තියෙන්නේ. Number Plate එකේ Active RFID එකක් ඇත්තේ.

    ඔකත් අපේ ස්මාර්ට් ඩ්‍රර්යිවින්ග් ලයිසන් එක වගේ නොවෙවා කියලා පාර්තනා කරනවා..:D:D:D
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔකත් අපේ ස්මාර්ට් ඩ්‍රර්යිවින්ග් ලයිසන් එක වගේ නොවෙවා කියලා පාර්තනා කරනවා..:D:D:D

    මේක ලංකාවනේ මචන්, දැන් ඔය DMT එකේ එවුන් පිට රට ගිය වෙලාවක ඔය system එක දකින්න ඇති. ඊට පස්සේ ලංකාවටත් ඔක ගෙන්න හිතන්න ඇති. අනිත් පහසුකම් නැතුව ඕක විතරක් ආවා කියලා වැඩක් නම් වෙන එකක් නෑ.