A/L රිසල්ට්

Jun 23, 2016
1,044
136
0
Maharagama
යම්කිසි දෙයක් නැති වූ පසු ඇති වන ශෝකය පහව යන හැටි ගැන අපූරු මොඩලයක් පවතී.
කූබ්ලර් සහ රොස් (Kubler & Ross) විසින් එය යෝජනා කරන ලදී.

පළමු අවධිය වන්නේ ප්රතික්ෂේපයයි (Denial).
අදාල විපත සිදු නොවූවා සේ පුද්ගලයන් හැසිරෙන්නේ මේ කාලයේය.

දිගටම අදාල හැසිරීම දැක්විය නොහැකි බව වටහා ගන්නා විට, කේන්ති ගැනීමේ (anger) දෙවෙනි අවධියට ඔවුන් පත්වේ. මෙහිදී "ඇයි මටම මෙහෙම වුණේ", "මේක නවත්තන්න වෙන විදියක් නැත්ද?" මෙන්ම කේන්තිය වෙනත් කෙනෙක් වෙත යොමු කිරීම (projection) දැකිය හැකිය.

තුන්වෙනුව එන්නේ හෙට්ටු කිරීමේ (Bargaining) අවධියයි. මෙහිදී ශෝකය මගහරවා ගැනීමට කල හැකිව තිබූ දේ ගැන සිතීමෙන් යම් සහනයක් ලැබෙන අතර එමගින් ශෝකවීමේ කාලයද අඩු වී යයි.


සිව්වනුව එළඹෙන්නේ අවපීඩන (Depression) කාලයයි. මෙහිදී සත්යය වටහා ගන්නා අතර, එමගින් මානසික මට්ටම පහතට ඇද වැටෙයි.

පස්වැනුව පිළිගැනීමේ අවධිය (acceptance) ඇති වන අතර, අවපීඩනයෙන් මිදී, පශ්චාත්-විපත්තිකාලයට අනුව හැඩ ගැසීම සිදුවේ.

මම තකහනියක්ම මේ මොඩලය හෙන හැර පෑවේ උසස් පෙළින් පසුව අපේ රටේ බොහෝ දෙනෙක්ට සිදුවන කාරණාවක් විස්තර කිරීමටයි.
උසස් පෙළ අසමත් වූ බොහෝ දෙනා මේ අවධි පහ පසු කර සාමාන්ය තත්වයට පත් වූවත් ඉතා සුළු පිරිසක්, දෙවැනි අවධියේම සිර වී සිටිනු පසුගිය දින කීපයේ කොමෙන්ටු වලින් දකින්නට ලැබිණි.
මොවුන් තම කෝපය පිට කරගන්නේ විභාගයට දොස් පැවරීමෙනි!

උසස් පෙළ විද්යාත්මක නොවේ යයි එකෙකු කියයි.
එහිදී කොපි කරන බව තවෙකෙක් කියයි.
උසස් පෙළ උසස් ලකුණු ගත් අයට කොමන් සෙන්ස් නැතැයි තවත් එකෙක් කියයි.

මේ සියල්ලම දෙවැනි, කේන්ති ගැනීමේ අවධියේ සදහටම සිරවූවන්ගේ අඳෝනාවන් බව මඳක් විමසීමේදී පෙනී යයි.
උසස් පෙළ වෙනුවට MCAT වැනි විභාගයක් තිබුණත් මේ තත්වය වෙනසක් නොවන ඇත.

ඇත්තෙන්ම ප්රශ්ණය ඇත්තේ විභාගයේ නොවේ. තම්න්ගේ බැරිකම පිළිගැනීමට ඇති නොහැකියාවේය. MCAT නොව, සුර ලොවින් ගෙනා විභාගයක් තිබුණත් මේ වැඩ බැරි දාසලා ගේ කණිපින්දම් නතර වන්නේ නැත.

විභාගයට බැණීමට පෙර අවශ්ය වන්නේ තමා අසමත් වූයේ ඇයිද යන්න ස්වයං විවේචනයක් කර ගැනීමයි.

(A/L පාස්වීමට මහා බුද්ධියක් අවශ්ය නොවන බවත්, A/L ඉහළින් පාස්වෙන සියළුම දෙනා මහා බුද්ධිමතුන්වත් නොවන බවත් දන්නා කරුණක්. ඔවුනට විෂයය දැනුම තිබීම වෙනම කාරණාවක්. නමුත් කට පාඩම් කර හෝ විෂයය තේරුම්ගෙන හෝ කිසියම්ම ක්රමයකට ඉහළින් පාස් වන තැනැත්තා දක්ෂයෙක්. ඔවුන් අදක්ෂයින් හෝ මෝඩයින් බවට කිසිවෙක්ට චෝදනා කරන්නට බැහැ.)


~Facebook උපුටාගැනීමක්~
 
Last edited:
  • Like
Reactions: ruchira55